හීනවලින් කියවෙන තේරුම

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    මචං අපෙ අත්තම්මා නැතිවෙලා අදට හරියටම මාසයයි. උදේ පාන්දර තමයි නැති උනේ. අද හරියටම ඒ වෙලාවට වගේ අපෙ නංගි හීනෙන් දැකලා තියනවා සුදු ඔසරිය ඇදගෙන නංගි නිදාගෙන ඉන්න කාමරේට ඇවිත් නංගිව ඇහැරවන් සාලෙට එක්කන් යනවා ඊටපස්සෙ නංගිට ඇහැරිලා...මේ හීනෙ තේරුම මොකක්ද?
     
    • Like
    Reactions: Cenon

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මචං හිත කියන්නේ මායාකාරයෙක්. ගොඩක් වෙලාවට යටිහිතේ අපේ තියන දේවල්ම තමයි සිහින වලදී අපට පෙන්නන්නේ.
    සමහරු කියන්නේ මියගිය කෙනා එනවා කියල, මම ඒ කතාව ගැන කියන්න යන්නේ නැහැ, මොකද එක ඒ විදියයි කියලම ඔප්පු කරන්න මට බැරි නිසා.
    හැබැයි යටි හිත කාලයක් පුරුදු කිරීමෙන් හොඳ දේවල් කරන්න පුළුවන්. ඔය හීනයත් සාමාන්‍ය දෙයක් කියන එකයි මගේ හැඟීම.
    නමුත් මියගිය ඥාතීන්ට, රණවිරුවන්ට සහ හැම කෙනෙකුටම නිතර පිං අනුමෝදන් කරන්න. මේකෙන් හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. මේක පිටිපස්සේ බුදු දහම අනුවත් ලොකු ප්‍රයෝගික තත්වයක් තියනවා, ඒ මයිත්‍රීය පැතිරීමෙන් ලබන සතුට සහ කෘතඥතාව.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    මේකේ ඉන්න දියුණු ජීවින් කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන් එත්... :dull:
    නංගිගෙන් අහපන් සාලේ කොතැනට වගේද එක්කන් ගියේ කියලා. සුදු ඔසරියක් ඇදගෙන හිටිය නම් බොහෝදුරට අත්තම්මා හොද තැනක ඇති. එයාට පින් ටිකක් මදි ඇති. නංගිට ඕක අමතක වෙන්න පුළුවන් ඉක්මනටම, විස්තර අහන්න. සාලේ පුරාවට හාමුදුරුවෝ වඩම්මල දානයක් දෙන්න. පිරිකරක් තියන්න මේසයක් හරිගස්සන්න අත්තම්ම නැවතුනා කියන තැන.
    ඕක කරනකම් නංගිට පරිස්සමෙන් ඉන්න කියන්න (අත්තම්මගෙන් නම් නෙමෙයි, කෝකටත් කියල කිව්වේ )
    :cool:
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපි දවල්ට හිතන දේවල් කරන දේවල් ඉගෙනගන්න දේවල් රාත්‍රියේ මොළයෙන් ප්‍රොසෙස් කරනවා ස්ටෝ කරනවා,

    අපි නිදාගත්තා ට මොළය නිදි නැහැ. ඉතින් දවල් කල්පනා කරන දේවල් හිතට වද දෙන දේවල් රෑට හීන වගේ පෙනෙනවා.

    දවල්ට පේන හීන විවිඩ් මොකද? දවල්ට අවට පරිසරය ගොඩක් සක්‍රීයයි, ශබ්ද ආලෝකය තියෙනවා, මේවාත් හීනවලට එකතු වෙලා රාත්‍රියේ පෙනෙන හීන වලට වඩා විවිඩ් හීන පෙනෙනවා.