හීන්බෝවිටියා --> Fatty Liver ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    images

    ලගදී චෙක්කරා , ආයෙත් fatty Liver හා blood cholesterol වැඩි (නමුත් බෙහෙත් ගන්න තරම් නෑ). හීන්බෝවිටියායුෂ බිලා ඇත්තටම මේ තත්වය අඩුකරත්තු අය ඉන්නවද ? මෙයට අමතරව මට Sugar, pressure ප්‍රශ්න නෑ (කවදාවත් තිබිලා නෑ). දවසක් හැර දවසක් වගේ හීන්බෝවිටියා යුෂ ටික දවසක් බීවොත් මේක හරියාවිද ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113



    310154287_638266771220568_8281368492158601592_n.jpg



    අක්මාවට ගුණ දෙන හීන් බෝවිටියා
    🌿

    🍀
    ලංකාවට ආවේණික ශාකයක් වූ හීන්බෝවිටියා පඳුරක් ලෙස වැඩෙන බහුවාර්ෂික ශාකයකි.
    🍀
    මෙහි අතු දුඹුරු පැහැයක් ගනු ලබන අතර මැද බූවා සහිත පත්‍ර හා පෙති පහකින් යුක්ත ළා දම් පැහැති මල් හටගනී.
    🍀
    එමෙන්ම ලාදම් පැහැති ගෙඩි පලතුරක් ලෙස ආහාරයට එකතු කර ගත හැකි සේම එහි බීජ හා අතු මගින් මෙම ශාකය රෝපණය කර ගත හැකිවේ.
    බෝවිටියා ප්‍රභේද තුනකින් යුක්ත වේ .
    එනම් ,
    ⚡️
    හීං බෝවිටියා
    ⚡️
    මහ බෝවිටියා
    ⚡️
    එළ බෝවිටියා
    යනුවෙනි.
    🍀
    Melastomataceae උද්භිද කුලයට අයත් වන හීන් බෝවිටියා ශාකයේ කොළ, දඩු මගින් කැඳ, මැල්ලුම් , ව්‍යංජනය සකස් කර ආහාරයට එකතු කරගත හැකිය.
    🍃
    හීන් බෝවිටියා ශාකයේ ඖෂධීය ගුණ
    👍
    කොලෙස්ට්‍රෝල් පාලනය කිරීමට
    🍃

    👍
    අක්මා රෝග සමනයට
    👍
    අර්ශස් රෝග සමනයට
    👍
    පිළිකා මර්දනයට
    👍
    ප්‍රතිශක්තිකරණය
    👍
    දියවැඩියා රෝගයට
    👍
    පාචනයට
    👍
    සෙංගමාලයට
    👍
    ශරීරය සිසිල් කිරීමට
    ආදී නොයෙක් රෝගී තත්ත්වයන් වලදී හීන් බෝවිටියා ශාකය ආයුර්වේද වෛද්‍ය නිර්දේශ මත ඖෂධයක් ලෙස භාවිතා කරයි.
    🍃
    හීං බෝවිටියා කැඳ සකස් කරන ආකාරය
    🍵
    🌿

    👉
    හීං බෝවිටියා කොළ මිටක් හෝ දෙමිටක්
    👉
    පොල් කිරි කෝප්ප 1/2
    👉
    වතුර කෝප්ප 1
    👉
    සුදුලූණු ගෙඩි 1
    👉
    බී ළුණු ගෙඩි 1
    👉
    කැකුළු සහල් මිටක්
    ⚡️
    හොඳින් සෝදා පිරිසුදු කරගත් හීං බෝවිටියා කොළ මිටක් ගෙන වතුර කෝප්ප එකක් මිශ්‍රකර හොඳින් කොටා යුෂ වෙන්කර ගන්න.
    ⚡️
    කැකුළු හාල් ලිප තබා සාමාන්‍ය බතක් ලෙස පිස ගන්න.
    ⚡️
    පසුව ඊට පොල් කිරි, සුදු ලූනු, බී ලූණු එකතුකර මදක් තැම්බෙන්නට හැර හීං බෝවිටියා කොළ යුෂ එකතුකර පදමට ලුණුද එකතු කර හොඳින් කකරා විනාඩි පහක් පමණ තබා ලිපෙන් බා මදක් නිවුනු පසු පානය කරන්න.
    ⚡️
    මෙහි රසයට අකමැති නම් වෙනත් පලා වර්ග එකතුකර රසය වෙනස් වන පරිදි සකස් කර ගත හැකිය.
    ——————-
    අදවන විට සොයාගෙන තිබෙන එළ බෝවිටියා හීං බෝවිටියා ශාකයේම ඇලි ශාකයකි.
    මෙය හීං බෝවිටියා වලට වඩා ඉහළ ගුණයන්ගෙන් අනූන වන බවද සොයාගෙන තිබේ.
    එහි හටගන්නා මල් සුදු පැහැති වන අතර ඔබටත් එළ බෝවිටියා දැකගත හැකි වුවහොත් එය රැකගැනීම පිණිස කටයුතු කරන්න.
    මීට අමතරව හීං බෝවිටියා තේ පානයක් ලෙස මෙන්ම ව්‍යංජනයක් ලෙස ද ආහාරයට එකතු කර ගත හැකිය.
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    @Walter White මොනවද හොද?????????
    පිටි, සිනි අඩුකරා
    දවසට එක පැයක් ඇවිද්දා දාඩිය දාගෙන
    පුලුවන්නම් පැයක් සයික්ලින් කරා

    එච්චරයි.. හීන් බෝවිටියා, කරපින්චා කැද මරු..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    අපි පොඩි කාලේ හීන්බෝවිටියා කාපු නිසා පැටි ලිවර් කියන ලෙඩ අපිට බයයි.
    මාධ්‍ය මර්ධනයට සහය දෙන්නේ ඇයි
     
    • Like
    Reactions: NRTG

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    පිටවක්කා හොදයි කියනවා.
    ඒ ඕකමද ?
    නෑ වෙන වැල් වර්ගයක්

    Owa test karanna ghin kindy lept karaganna epa ban. Workout karanna. awidinna. kaden kanawa nam nathara karanna. Fish oil ganna.
    මෙන්න මේකත් හිතන්න ඕනේ , ඒ වගේම මිනිස්සු දන්නේ නැති දෙයක්. මිනිස්සු හිතන්නේ ගස්වැල් වල කොළ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති දෙයක් කියලා. නමුත් ඔය ගොඩක් සිංහල බෙහෙත් වර්ග kidney වලට බලපෑම් කරනවා. නමුත් මේක පොල්කිරි දාලා සතියට දෙවරක් වගේ බීවට ප්‍රශ්නයක් නැතිවෙන්න ඕනේ නේද
    ------ Post added on Jan 5, 2025 at 8:09 PM
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,485
    1,076
    113
    srilanka
    හීන්බෝවිටියා කැඳ හදල බොන්න දින 14 ක් යකිනාරං කැඳත් හොදයි
    නිදිමරන්න එපා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,877
    9,640
    113
    නෑ වෙන වැල් වර්ගයක්


    මෙන්න මේකත් හිතන්න ඕනේ , ඒ වගේම මිනිස්සු දන්නේ නැති දෙයක්. මිනිස්සු හිතන්නේ ගස්වැල් වල කොළ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති දෙයක් කියලා. නමුත් ඔය ගොඩක් සිංහල බෙහෙත් වර්ග kidney වලට බලපෑම් කරනවා. නමුත් මේක පොල්කිරි දාලා සතියට දෙවරක් වගේ බීවට ප්‍රශ්නයක් නැතිවෙන්න ඕනේ නේද
    ------ Post added on Jan 5, 2025 at 8:09 PM

    උඹ වෙරි වෙන්න ඕන ජරාවක් ගහන ඵකෙක්නම් හීන් බෝවිටියා බීලා අන්තිමට කවදාහරි kidney අවුල් ගියොත් ඒ හීන් බෝවිටියා නිසා කියලා හිතෙයි..