හීන ගේන ආදරේ..

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි

    **උපුටාගැනීමකි..

    ඔහු - මං ඔයාට ආදරෙයි. :love::love:

    ඇය - මං දන්නවා. ;)

    ඔහු- විහිලු නෙවේ. :dull:

    ඇය - දන්නවා මැට්ටෝ. උත්තරේ මොකක් උනත් අපි හැමදාටම හොඳම යාලුවො. එකඟඳ ?

    ඔහු- ඒ කිව්වෙ බෑ කියලනෙ නේද ? :no:

    ඇය - නැහැ. මගේ කොන්දේසි තියෙනවා. 😇

    ඔහු - කියන්න බලන්න.

    ඇය - වෙඩිමක් ගන්න බෑ. නැකැත් හොයන්න බෑ. ගෙදරට සංඝරත්නය වඩම්මලා දානයක් දීලා , මාව ඔයාගෙ කරගන්නෝනෙ. දානෙ ගෙදර මත්පැන් නැහැ.

    මුලින් දුවක් ඕන. ඊ ගාවට පුතෙක්. දරුවො දෙන්නයි. ඊට වඩා බැහැ. දුවයි පුතයි නොලැබුණොත් තුන්වෙනියෙක් අරං හදාගන්න ඕනෙ.

    ඊළඟට වැඩ කරන තැන හිත් අමනාපකම් ගෙදර ගේන්න බෑ. වැඩ කරන තැන ගැහැණු අය එක්ක එළියට යන්න , කතා කරන්න තහංචි නෑ. වැරදි හැඟීමක් ඇති උනොත් 'මං ඔයාට හුඟක් ආදරෙයි' කියල විතරක් මතක තියාගන්න.

    මට අම්මා තාත්තා බලන්න යන්න ඕනෙ. ඔයාම තමයි එක්කං යන්නෝනෙ. එයාල මහගෙදර දාලා එන්න කැමති උන දවසක අපි එයාලව බලා ගන්නෝනෙ. අපිට අම්මල දෙන්නයි තාත්තල දෙන්නයි.

    යාලුවො එක්ක කොහේ හරි යන්න හිතුනොත් මට අවසර පත පත ඉන්න බෑ. පිරිමියෙක් එක්ක තනියම යන්න උනොත් , මං ආදරේ ඔයාට විතරයි කියල ඔයා මතක් කරගන්න.

    අතීතෙ ඉවරයි. ඒත් මගේ අතීතෙ කියන්නම් ඔයාට. ඔයාගෙ අතීතෙ මට දැනගන්න උවමනා නෑ. ඒත් කාටහරිම කියන්න ඕනෙ නම් ඒකට තමා මම ඉන්නෙ.

    වැරදි වෙන බිරිඳක් වෙන්න පුලුවන් මං. ඒ වරද දුකක් නම් ඒ වරද කියන්නෝනෙ හොඳම යාලුවට. ඔව් ඒත් මං. මටත් එහෙමයි. රහස් නෑ. අපි අපිව හදාගමු.

    නෑදෑයො යාලුවො ඉන්නවා කියල බෑ කොතනට උනත් එකට යන ගමනක් නම් මං ළඟින් ඉන්නෝනෙ. කම්මුලට හාදු ඕනෙ කවුරු හිටියත්. අපේ පුංචි පුංචි ආදර හාදු තුරුලු කර ගැනීම් දරුවන්ට අලුත් දෙයක් වෙන්න බැහැ.

    කෙනෙකුට තරහ ගිය වෙලාවට අනික් කෙනා ඉවසන්න ඕනෙ. බැහැම නම් ටිකක් තනියම ඉන්න දෙන්නෝනෙ. ඒත් බොහොම පුංචි වෙලාවක්. අත උස්සන්න බැහැ මට. ගුටිකන්න හයිය නෑ ඔයාගෙන්. වරද කාගෙ උනත් ආදරෙන් කියල දෙන්න ඕනෙ හෙමීට.

    පුලුවන් වෙලාවට ගෙදර වැඩට උදව් වෙන්නෝනෙ. අඩුම තරමේ ළඟින් වත් ඉන්න ඕනෙ.

    තමංගෙ කෝප්ප පිඟාන රෙදි පුලුවන් වෙලාවට තමන්ම හෝද ගන්නෝනෙ.

    බත් කොහේදි උනත් මගේ අතින් කන්න මට ඕනෙ නෑ. මට කවන්නෝනෙ. මාත් එහෙමයි.

    මට හැමදාම සෙක්ස් ඕනෙ. මහන්සි දවසක් කියල බැහැ. දෙන්නම සූදානම් වෙලාවක් වෙන්නත් ඕනෙ. හදිස්සියෙ වෙන්නත් බැහැ. ආදරෙන් වෙන්නත් ඕනෙ. මොන මොනවටද ආස කියල මගෙන් අහන්නෝනෙ. ලැජ්ජ හිතෙයි කියන්න නොඇහුවොත්.

    පීරියඩ් දවස් වලට මාව නාවල ඇඳුම් අන්දන්න ඕනෙ. කොණ්ඩෙ ගොතන්නෝනෙ. ඉඹින්නෝනෙ.

    දරුවො ලොකුයි කියල බෑ. මගේ උකුලෙ ඔයාගෙ ඔලුව තියන් කතා කර කර ඉන්නෝනෙ.

    දරුවො අලුත් ලෝක හොයන් යද්දී , මැදහත්ව ඉවසන්න ඕනෙ. උන්ට නිදහස දෙන්නෝනෙ. ඒත් නිතරම අපේ ආදරේ තියේ කියල පෙන්වන්නෝනෙ.

    වයසට ගියාම හීතල මට උණුහුම ඕනෙ. ආදරෙයි කියන්නෝනෙ ගොඩාක්.

    මුලින් කවුරු මැරුණත් අනිත් කෙනා හිතින් වැටෙන්න බෑ. ඉතිරි කාලේ සැනසීමෙන් ඉන්න ඕනෙ.

    එකඟද මගේ කොන්දේසි වලට ??

    තවත් එක හීනයක් පමණි..

     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    793
    329
    83
    Lankawe
    " වෙඩිමක් ගන්න බෑ " හීනෙන්වත් ගෑනු මේකනම් කියන්නෙ නෑ

    කියන ගෑණු ඉන්නවා බන්. හරි අඩුයි ,ඒ වගේම උන් හරි වෙනස් . සමහර විට මේක ඇත්තටම ඒවගේ කෙල්ලෙක්ගෙ හීනයක් වෙන්න පුලුවන් .අත්දැකීමෙන් කියන්නේ :D