හුඹහ ළඟ බහිනවා

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    හුඹහ ළඟ බහිනවා

    ප්‍රයිවට් බස් ආවට පස්සේ බස් ධාවනය මෙලෝ රහක් නෑ. බස් එක හැම තැනම නතර කරනවා. හැබැයි හෝල්ට් එකේ හැර පාර අයිනේ කවුරු හරි හිටියොත් බස් එක බ්රේක් පාරක් ගහලා දාගන්නමයි ට්‍රයි එක. කවුරු හරි අත උස්සල කණක් කැහුවත් බස් එක නතර කරනවා. හැබැයි පස්සෙන් තව බස් එකක් එනවා නම් මරා ගෙන මැරෙන වේගෙන් තමයි බස් එක එළවන්නේ.

    දැන් ඔය ඉස්සර වගේ බහින්න බෙල් ගහන්නෙත් නෑ.

    ඩ්‍රයිවර් උන්නැහේ ඔය ගහ යට දාල යන්න. ඩ්‍රයිවර් මහත්තයෝ ඔය තේ කඩේ ළඟ පොඩ්ඩක් ස්ලෝ කරන්න. මේ අයිසේ ඔය තැපැල් කණුව ළඟ මං දාල යනවද?

    මේ ඇහුනැයි ඔය බෝක්කුව ළඟ පොඩ්ඩක් මාව බස්සනව ද” ආදි වශයෙන් තමයි මිනිස්සු බහින්නේ.

    “එක දවසක් එක මනුස්සයෙක් “මේ ඩ්‍රැයිවර් මහත්තයෝ ඔය ඉස්සරහ හුඹහ ළඟ මාව දාල යන්න කෝ” කීවා.
    :rolleyes::rolleyes::rolleyes:
    ඩ්‍රයිවර් ස්ලෝ කළා, මිනිහ හුඹහ ළඟ බැස්සා.

    ඩ්‍රයිවර් පස්ස හැරිලා කොන්දොස්තර ගෙන් මෙන්න මෙහෙම ඇහුවාලු.

    “ඕයි ඒ බැහැලා ගියේ නයෙක් ද”
    :D:D:D
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :lol::lol::lol::lol:
    උඹ කොහෙන්ද මේව හොයාගන්නේ

    මට තාම හිනාගිහින් ඉවර නෑ

    +rep
     
    • Like
    Reactions: vidura99