හුළඟට උඩ යන ගවුම
ලංකාවේ සංස්කෘතිය කියන්නේ හරි පුදුම දෙයක්. හුළඟට උඩ යන ගවුමටත් කැළඹී විනාශ වන තරම් අඩමානයට තමයි ඒක හැදිලා තියෙන්නේ. ඒක ඇතුලේ තීරණාත්මක සාධය වෙන්නේ කාන්තාව. සංකෘතියේ විනාශයට කාන්තාව දායක වෙන ආකාරය පිලිබඳ සමාජා ජාලාවල හඬා වැටෙන බොහෝ දෙනෙක් සිටිනවා. ඔවුන් තමයි කාන්තාව හා ඇගේ ගවුමේ දිග ප්‍රමාණය මත සංකෘතියේ විනාශය තීරණය කරන්නේ .
සමාජ ජාලා විද්වතුන්ට අනුව “කොට ගවුම” කියන්නේ ලංකාවේ සංකෘතියේ හැරවූම ලක්ෂයක්. ගවුමේ දිග මත සංකෘතිය රඳා පවතින අතර එය කොට වන තරමට සංස්කෘතියේ පරිහානිය ද වැඩි වෙනවා. පන්සල් වලට වඩා බර ඉදිවෙද්දී, තාත්තා අතින් දියණිය දූෂණය වෙද්දී, ගුරුවරයා ශිෂ්‍යාව සමඟ නිදිවදිද්දී , පියාට දාව දියණියට දරුවන් ලැබෙද්දී, අවුරුදු 12 වෙද්දී ගැණු ළමයි අම්මල වෙද්දී, ඉපදුන ගමන් දරුවන් කුණු ගොඩට විසිවෙද්දී, වයසක දෙමවිපියන් පාරට දාල යද්දී, සංස්කෘතිය කෙල්ලෙක්ගෙ ගවුමේ කොට දැක්කම බොහෝ දෙනාට මතක් වෙනවා.
පහුගිය දවසක සිදු වූ රිය අනතුරක් වාර්තා කරපු මව්බිම පුවත්පත රිය පැදවූ වෛද්‍යවරියගේ ගවුමේ දිග ප්‍රමාණය, ඇය යට ඇඳුම් ඇඳන් නොසිටීම ගැනත්, ඇගේ කොටා ඇති පච්ච ගැනත් වාර්තා කර තිබුණේ රිය අනතුර සිදු වීමට බලපෑ හේතු ලෙස පෙනන අකාරයටයි. එම වෛද්‍යවරිය බිමතින් රිය පදවා සිදු කල අනතුරට අදාළ දඩුවම් ලැබිය යුතුය. නමුත් අනෙක් කරුණු?? මෙම රිය අනතුර පිරිමි වෛද්‍යවරයෙකු අතින් සිදු උනා නම් ඔහුගේ ඇඳුමේ දිග පළල, යට ඇඳුම් ඇඳ නොසිටියාද, පච්ච ගසා තිබෙනවාද යන්න පිලිබඳ කිසිවෙකුත් කලබල වන්නේ නැත. සංස්කෘතිය වැනසෙන්නේ ද නැත.
අපේ අවුරුදු 2500ක මෙව්වා එකේ තවත් කණගාටුදායක සිදුවීමක් තමයි පිදුරංහල සිද්ධිය. අවවාද කර නිදහස් කල හැකිව තිබු සිද්ධියක් තරුණයක් තිදෙනෙකුගේ අනාගතය හා කරන සෙල්ලමක් බවට පත් වුයේ සංස්කෘතිය රැක ගැනීමට කැගැසූ බොහෝ දෙනෙකු නිසය. මේ රටේ කැගසිය යුතු බොහෝ ප්‍රශන තිබියදී දඟකාර කොල්ලන් තිදෙනෙකුගේ පස්චාත් භාග නිසා සිදු වූ සංස්කෘතික හානිය ගැන රටම කැළඹුණි. කොටි ගණනින් සිදුවන හොරකම්, මහා දවාලේ සිදුවන ස්ත්‍රී දුෂණ, නිධන් කොල්ලකෑම්, ආදි සංස්කෘතිය පමණක් නොව රටම විනාශ වන ප්‍රශ්න වලට පොලිසිය ඉබි ගමනින් කටයුතු කරද්දී පස්චාත් භාග ගැන සොයන්නට පොලිසිය ක්‍රියාත්මක වුයේ විදුලි වේගයෙනි.
නතාෂා රත්නායක සංගීත ප්‍රසංගයකට ඇඳ සිටි ඇඳුම දෙස බැලූ කිසිවෙකුට තම වෘත්තීය වෙනුවෙන් කල කැපකිරීම පෙනේන්නේ නැත. ගායිකාවක් ලෙස නමක් දිනා ගැනීමට, ආකර්ශනීය රු සපුවක් පවත්වා ගෙන යාමට ඇය බොහෝ කැපකිරීම් කරන්නට ඇත. ඇය ලබාගත් ජයග්‍රහණ ඒ කැපකිරීම් වල ප්‍රතිපලයි. ඇය දිරිය කාන්තාවක්ය. නමුත් බොහෝ දෙනෙකුට පෙනුනේ ඇය ඇඳ සිටි ඇඳුමේ දිග ප්‍රමාණය හා එයින් සිදු වුනායයි කියන සංස්කෘතික හානියයි. දක්ෂතාවයන් අගය කිරීම අපේ සංකෘතියේ ලක්ෂණයක් නොවන්නට ඇත.
සමහරුන්ට නම් කාන්තාවන්ගේ ඇඳුමේ දිග ගැන තියෙන්නේ ලිංගික කුහක කමකි. බහුතරයක් පිරිමින්ට නම් තමන්ට ලබා ගැනීමට නොහැකි ගැහැණුන් කොපමණ දිග ඇඳුම් ඇඳන් සිටියත් බඩුවකි, නැතිනම් ගණිකාවකි. කාන්තාවන්ට නම් තවත් කාන්තාවක් තමන්ට ලබාගත නොහැකි ප්‍රසිද්ධිය, දක්ෂකම ලබා තිබේ නම් ඇය බඩුවකි, නැතිනම් ගණිකාවකි. ඒ අය තමන්ගේ කුහකකම ප්‍රදර්ශනය කිරීමට සංකෘතිය කියන වචනය පලිහක් කරගනිති. කුහකකකම් ප්‍රදර්ශනය කරන්නේ නැතුව ඔය කියන සංස්කෘතිය ඇත්තටම වැනසෙන දේවල් ගැන කෑ ගහන්න ගත්තොත් නරකද?
source http://thewoman.lk/archives/6311
හුළඟට උඩ යන ගවුමටත් කැළඹෙන ලංකාවේ සංස්කෘතිය

කෙල්ලෝ තමන්ට කැමති විදිහට අැදගෙන යන්න ඔනේ /කෙල්ලෝ සිගරට් බොන්න ඔනේ / අරක්කු බොන්න ඔනේ/ කැමති එකෙක් එක්ක සෙක්ස් කරන්න ඔනේ / ටැටු ගහන්න ඔනේ උබ තමන් කැමති විදිහට අදින කෙනෙක් තොරලා බැද ගන්න ඕනේ එච්චරයි!