හෙට ඉරක් පායයි

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    හෙට ඉරක් පායයි

    සුදු තිර ඇද වටකල කාමරය මැද
    සුදු ඇතිරිලි එළූ සීතල යකඩ ඇඳ
    සුදු රෙද්දෙන් වැසූ
    සුදු සියුමැළි සිරුර

    වෙවුලන ඇඟිලි අගින් ගෙන
    රෙදි කඩ සෙමින් ඉවත් කර
    බැලූයෙමි
    ඇගෙ
    නිසල
    සුදු මුහුණ

    නෑසෙයි හුස්ම හෙලන හඬ
    අවට කිසිවෙකු කෙරෙන්
    සිනාසෙයි මඳ සිනා
    අඩක් විවරව දෙතොල
    සුරඟනන් හා සමඟ සිහිනයෙන්

    මම
    නිහඬවම
    අවට සිටියවුන්
    මුහුණු
    බලා
    රෙදිකඩ
    සෙමෙන් ගෙන
    මුහුණ
    යළි වැසුයෙමි.

    *******************************************

    මා දුකින් පෙලෙන විටදී
    ශනි කුජ බුධ ගුරු ග්රහයෝ
    අපල උපද්රව ගෙන එති
    විෂ්ණු කතරගම දෙවියෝ
    අපල නසා සෙත සලසති

    මා එදුකින් මිදුනු විටදී
    සනි කුජ බුද
    අහසේ තරු
    විස්නු කතරගම
    සිතින් මැවූ අය

    *********************************************

    ඈත කඳුකර හිමව් අරණේ
    සීත චන්දන ලපලු හෙවනේ
    සුළං රැල්ලේ පාව එන්නේ
    ඔහුගෙ නාමය වේ

    සඳැල්ලේ මිණි තලාවේ
    තාරකා පිපි වෙලාවේ
    ලද ලියන්ගේ සීන අතරේ
    මැවේ ඒ රූපේ

    රනින් කල වන් පුළුල් උරයෙන්
    හසුන් ලමැදේ මුස කරන්නේ
    හදේ මෝරණ ආදරේ
    සඳේ සොමි ගුණ යා කෙරේ
    සරාගී රත් නුවන් බඳුනින්
    නුරා ඉතිරෙන්නේ

    *********************************************

    ඊයේ රෑ සිහිනෙන්
    මා
    ඔබ දකිමින් සිටිනා විට
    සෙමෙන්
    සෙමෙන්
    ඔබ
    අවුදින්
    අත ගා මගේ මුහුණ
    නින්ද කඩා
    මා
    අවදි කළා
    සැබෑ ලොවේ දක්නට ඇති
    ‘සිහිනයකට වඩා මිහිරි
    එකම දෙය
    ඔබ පමණි’
    එ වේලේ මට සිතිනි.

    *********************************************

    වඩා ලස්සන රුව මවන්නේ
    කිසිම දවසක ලස්සනක් නුදුටු ඇසයි
    වඩා මිහිරට ගී ගයන්නේ
    කිසි දවසක රස බසක් නෑසුව කනයි
    දයාවට උල්පතක් වන්නේ
    කිසිම දවසක තෙතමනයක් නොලැබූ සිතයි
    ආදරේ යනු කිමැයි දන්නේ
    කිසිම දවසක ආදරේ නොලැබූ හදයි

    ***************************************************

    ඉහල



    අහස
    නිලක් ඇතැයි මම සිතුවෙමි
    සොයා ඒ නිල
    පියාසර කල නමුත් සෑම තැන
    සෑම තැනම මා දුටුවේ



    හිස් බව පමණයි.

    **********************************

    නොපිපෙන්න
    නොපිපෙන්න
    මල් කැකුල

    ඔබ ඇතුලත පිරී තිබෙන
    නැවුම් සුවඳ
    ඉඳුල් කරන්නට
    සුළඟට
    ඉඩ නොදෙන්න
    ඔබ ඇතුලත ඉඳී තිබෙන
    පැනි බිංදුව
    උරා බොන්න
    ඉර අවුවට
    ඉඩ නොදෙන්න.

    *************************************

    අර බලන්න
    සුදු පාටින් තෙත මීදුම් වලාවන්
    මිටියාවත දිගේ ගලයි
    කඳු යායම වසා ලමින්
    එකම සිහින ලෝකයක් මැවී
    කිසිවක් නැති
    කිසිවෙකු නැති
    ඒ ලෝකේ කෙලවරටම
    නොපෙනී යන්නට ඇත්නම්!
    ඔබත් සමඟ අත්වැල් බැඳ

    *************************************

    මා
    ඔබගෙ රත් අදර උරන විට
    තන පුඬුව
    ඊර්ශාවෙන් බරව කලු පැහැව
    උඩුහුරුව
    ඒ දෙස බලමින් සිටී


    *************************************

    මා ලියූ කවි රසැයි කියමින්
    නිබද ඔබ මට පසසනා මුත්
    ඒ කවි හැම
    මා හද මත
    මුලින් ලියූවේ ඔබමයි

    ***********************************

    ඔබේ දිගටි නිල් ඇස් වල ලස්සනට
    එදා මහත් ආදරයක් උපනි මට

    ඒ ලස්සන දැක
    මා සිත
    මත් වී ඇති බව දැන
    ඔබ
    සිතා මතා හෙලමින්
    නෙක් ලෙසින් මායම් බැළුම්
    අහිංසක ඒ අව්සට
    කපටි කම් ඉගැන්විය
    තවත් මා මත් කරන අදහසින්
    දැන් ඒ ඇස
    ලස්සන නැත.

    **********************************

    src=http://mahagamasekera.blogspot.com​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ව්‍යංගා,හෙට ඉරක් පායයි,රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත, මක් නිසාද යත්, සක්වාළිහිණි, නොමියෙමි, බෝඩිම
    සහ

    ප්‍රබුද්ධ


    ජීවිතයට මග කියන නිවී ගිය පහන් සිලේ ආලෝකය.
     

    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    I have an entire book of these poetry <3

    :cool::cool:





    ව්‍යංගා,හෙට ඉරක් පායයි,රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත, මක් නිසාද යත්, සක්වාළිහිණි, නොමියෙමි, බෝඩිම
    සහ

    ප්‍රබුද්ධ


    ජීවිතයට මග කියන නිවී ගිය පහන් සිලේ ආලෝකය.
    :cool::cool:
    || BUMP ||



    bump
    +tfs

    thanks for all
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දැන් ඒ ඇස ලස්සන නැත.ඇයි බන් දැන් ලස්සන නෑ කියන්නේ :baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉහල



    අහස
    නිලක් ඇතැයි මම සිතුවෙමි
    සොයා ඒ නිල
    පියාසර කල නමුත් සෑම තැන
    සෑම තැනම මා දුටුවේ



    හිස් බව පමණයි.