හෙට ඩොලර් එක Rs 170

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    හර්ෂණ තුෂාර සිල්වා


    ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව පස්වැනි දිනටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (21) තවදුරටත් අවප්‍රමාණය වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ශ්‍රී ලංකා රුපියල් අගය 170.65ක් දක්වා ඉහළ ගියේය.


    එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල අද (21) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අද (21) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 170.65ක් ලෙසත් ගැනුම් මිල 166.78ක් ලෙසත් සටහන්ව තිබිණි