මැයි 11 සිට දින නැවතත් දුම්රිය ගමන් ඇරඹේ
කොරෝනා වයිරසය හේතුවෙන් මාසයක් පමණ ධාවනය නොවූ දුම්රිය ගමන් නැවතත් මැයි 11 සිට ඇරඹේ. එදින සිට සේවයට පැමිණෙන රාජ්ය හා පෞද්ගලික අංශයේ කාර්යය මණ්ඩල වෙනුවෙන් සියලූම මාර්ගවල දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් මෙම සේවාවන් සලස්වන්නේ අදාළ ආයතනවල ප්රධානින් විසින් නිර්දේශ කර ඉල්ලූම්පත් යොමු කර ඇති නාමලේඛනවල සඳහන් සේවකයින්ට පමණයි.
මෙයට අදාළ අවසරපත්ර සතිපතා ලබා ගත යුතුවනවා. ඒ සඳහා වන ඉල්ලූම්පත් සෑම සතියකම බ්රහස්පතින්දාවට පෙර ආයතන හරහා යොමු කළ යුතුයි. දුම්රියෙන් ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන පුද්ගලයින්ට SMS මගින් ඒ බව දැනුම් දෙන අතර ඔවුන් දුම්රියට ඇතුල් වීමට පෙර එම SMS පණිවුඩ ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කල යුතුයි. සෑම දුම්රිය මැදිරියකටම යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු බැගින් යෙදවීමටද සැලසුම් කර තිඛෙනවා.

Last edited: