හෙනගහලා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,454
    113
    මහින්ද දේශප්‍රිය




    මහින්ද දේශප්‍රිය මහතා
    සභාපති
    ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම
    සරණ මාවත, රාජගිරිය


    2020 පාර්ලිමේන්තු මැතිවරණය සහ නව පාර්ලිමේන්තුව කැඳවන දිනය




    2020-03-31 සහ 2020-04-01 දිනැති ඔබේ ලිපි මා වෙත ලැබී තිබේ.
    ජනරජයේ ජනාධිපතිතුමාගේ නිල කාර්යයන් අරභයා මැතිවරණ කොමිසම විසින් අතිගරු ජනාධිපතිතුමාගේ අවධානය පිණිස එවනු ලැබූ ලිපි මගේ කාර්යාලයට ලැබීමට පෙර ජනමාධ්‍යයට නිකුත් කර තිබීමත්, එකී ලිපි තවත් අයට පිටපත් කොට තිබීමත් ගැන මම මවිතයට පත්වීමි.
    පහත දැක්වෙන තතු ලුහුඬින් සඳහන් කිරීම සුදුසුය :
    1- 2020-03-02 දිනැති අංක 2165/8 දරණ ගැසට් ප්‍රකාශනයෙන් 2020-03-02 දින මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැර නව පාර්ලිමේන්තුව 2020-05-14 දිනට කැඳවනු ලැබීය.
    2- එකී ප්‍රකාශනයෙන් නව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම සඳහා දිනය 2020-04-25 ලෙස නියම කෙරිණ.
    03 – ඉන් අනතුරුව,
    (අ)දේශපාලන පක්ෂ ගණනාවක ලේකම්වරු මැතිවරණයට තරග කිරීමේ සිය අභිලාෂය පළ කළහ.,
    (ආ) පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15වැනි ඡේදය ප්‍රකාර පාර්ලිමේන්තුවට තේරා පත්වීමට අදහස් කරන අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළහ,
    (ඇ) එකී අපේක්ෂකයන්ගේ ලිඛිත අනුමැතිය ද දෙන ලදී.,
    (ඈ) පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 16 සහ 17 ඡේද ප්‍රකාර නියමිත පරිදි ඇප මුදල් තැන්පත් කරන ලදී.

    අදාළතත්ත්වයන්යටතේස්වාධීනඅපේක්ෂකයෝගණනාවක්සහපිළිගත්දේශපාලනපක්ෂගණනාවක්
    (අ) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය .,
    (ආ) මැතිවරණ දිනය නියම කිරීමේ නියෝගය.,
    (ඇ) නාම යෝජනා පත්‍ර භාර ගැනිමේ දිනය සහ
    (ඈ) අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාම යෝජනා පත්‍ර භාරදීම

    පිළිගෙන යථා පරිදි ක්‍රියා කළහ.
    පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24(1) ඡේදයේ A සිටD දක්වා අනු ඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂ කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළයුතුව තිබිණ.
    2020-03-20 දිනැති අංක 2167/12 ගැසට් ලේඛනයෙන් 24(1) ඡේදයේ A සහ C අනු ඡේදවල ඇතුළත් කරුණු පමණක්, එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයකම 2020 අප්‍රේල් 25 දින උදේ 7.00 සිට සවස 4.00 දක්වා චන්ද විමසීම සිදුකෙරෙන බව සහ චන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ බව දක්නට ඇත.
    ඉන් අනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020-03-21 දිනැති අංක 2167/19 ගැසට් ලේඛනයෙන් 2020-04-25 දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත්, 2020-04-30 දින සිට දවස් 14කට පසු එළැඹෙන දිනයක් ඡන්ද විමසන දිනය ලෙස නම් කරන බවත්, ප්‍රකාශ කරන ලදී.
    2020-04-25 දින ඡන්ද විමසීම කළ නොහැකිනම් 24(03) ඡේදය යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24(3) ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කණගාටුවෙන් වුවද පෙන්වා දිය යුතුව තිබේ.
    එකී ඡන්ද විමසීම සිදු කරන දිනය, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදය යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනය නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බව ද සඳහන් කළ යුතුය.
    අතිගරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020-05-28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. (තාම විසිඅටයි නේහ් යුද්දේ කාලේ සිය ගනන් මැරුනා හැක හැක පාර්ට් 2)

    ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර, මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත්වීමට අතිගරු ජනාධිපතිතුමා අදහස් නොකරයි.
    කල්දැමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම්, කල්තැබූ ඡන්ද විමසීම 15 වන දවසේ වුවද පැවැත්විය හැකි බව (May 11) පෙන්වා දෙනු කැමැත්තෙමි.
    ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත් මා අවධාරණය කළ යුතු නැත.
    ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.
    පී.බී. ජයසුන්දර
    ජනාධිපති ලේකම්
     
    Last edited:

    Erandic

    Active member
  • Dec 11, 2014
    633
    153
    43
    Hettipola
    හෙනගහලා ගියත් මැයි විසි අටට කලින් ඡන්දේ තියපාන්.
    ඉහත සඳහන් කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙස මට උපදෙස් ලැබී ඇත.[/SIZE]
    පී.බී. ජයසුන්දර
    ජනාධිපති ලේකම්


    මැකෝට තගකුත් දානවා. අනේ මන්දා. ‌මෙහෙම ඡන්ද තියන්න පුළුවන් ක්‍රමයක් එයාම කිව්වා නම් හරි.
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,454
    113
    මැකෝට තගකුත් දානවා. අනේ මන්දා. ‌මෙහෙම ඡන්ද තියන්න පුළුවන් ක්‍රමයක් එයාම කිව්වා නම් හරි.
    ආණ්ඩුව දන්නවා බන් හෙට අනිද්දා එන අර්ථික ප්‍රශ්නේත් එක්ක ආන්ඩුවේ ලයික් මීටරේ සූ ගහලා බහිනවා ඊට කලින් රොටිය පුච්චගන්න තමයි බලන්නේ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    15,834
    2
    10,622
    113
    Home Sweet Home

    ඉක්මනට චන්දේ තිබ්බොත් මුන්ට 2/3 ගන්න ලේසි , ඇදිරිනිටිය april 21 වෙද්දී අයින් කරලා ඉකමනට චන්දෙ තියයි
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,294
    843
    113
    kandy

    ඉක්මනට චන්දේ තිබ්බොත් මුන්ට 2/3 ගන්න ලේසි , ඇදිරිනිටිය april 21 වෙද්දී අයින් කරලා ඉකමනට චන්දෙ තියයි

    100 %hari
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,410
    113
    මුන්ට රට පාලනය කරන්න ඉඩක් නෑ. තවත් තීරණාතම සංසිද්දියක් වීමට ඉඩ ඇත.පිටසක්වල ජීවීන් පැහැදිලි නෑ.මට හීනෙන් ඇවිල්ලා සෑහෙන්න දෙවල් පවසලා ගියා.මම ඒක හොඳට තෙරුම් ගත්තා.ඇහරුනාට පස්සෙ එකක්වත් මතක නෑ.දන්නවනම් මම නොකියා ඉන්නෙත් නෑ.