අපි මුන්ගෙ සල්ලි වලින් බොනව වගේ හරියට![]()
ඉරිසියාව බන්..


මේ පෙරේද මාත් එක්ක gym යන කොල්ලා..
ඌ ජීවිතේට බියර් එකක් වත් කටේ තියල නැහැ..
කොටින්ම ඌ ට්‍රිප් එකක් ගිය කාලෙකුත් මතක නෑ ලු.. කෙල්ලෙකුත් නෑ..
ලයිෆ් එක ගැන ෆුල් සීරියස්..
පොත මූනෙ තියන් හිටියෙ ජොබ් එකක් කරනව එකෙනුත් සැටිස්ෆයඩ් නෑ..
කොටින්ම ඌ නිකන් අර සෙන්ස් ඔෆ් හියුමර් නැති මෙලෝ රහක් නැති ජෝක් එකක් කිව්වත් හිනාවෙන්නෙ නැති මෙලෝ රහක් නැති බුවෙක්..
ඒක උගෙ පර්සනැලිටි එක.. අපිට වෙනස් කරන්න බෑ නෙ..
මාත් එක්ක කලින් gym ගිය එකා ඉතාලි ගිහින් මේ පෙරේද ආව..
දැන් මූ අහනව අරූ දැන් බෝතලයක් ගේන්න ඇති නේද උබල නම් සෙට් වෙයි නේද කියල..
මම කිව්ව ඉතින් උබට කතාකරන්න පුළුවන් ඈ උබ බියර් එකක් වත් බොනව ඈ කියල..
ඌ කිව්ව යකෝ මටත් කතා කරපන් බයිට් කකා උබලගෙ ආතල් බලාගෙන ඉන්නම් කියල..
මගෙ ඇස් දෙක පල්ලා සිරාවට දුක හිතුන බන්..
ඔන්න ඕකයි තත්වෙ..


Habai bila purudu ewun ohoma hasirenne naa

