linkedin එකේ මේ පොස්ට් එක දැකල නිකන් හිතුන දෙයක් කිරියේ දාන්න හිතුනා..
මේ කියන ඇප් එකේ බිස්නස් මොඩ්ල් එක මොකක්ද බන්?? මේක නිකන් යුනිකෝඩ් කීබෝඩ් එකක් නේද? මම නම් කීබෝඩ් දාගෙන නැහැ මොකද android වල එන එක මට හොඳටම ප්රමාණවත් නිසා...කොහොම උනත් කීබෝඩ් ඇප් එකකින් මේ වගේ බිස්නස් එකක් ගොඩනගන්න පුලුවන්ද සිරාවට?
ඔය payhere වගේ ඒවා පස්සේ ආපුවනේ..ඒ වගේ එකකින් උනත් මේ වගේ එකක් ගන්න තරම් ආදායමක් උපයන්න පුලුවන්ද?
නැත්තම් මේක යටින් ලංකාවේ අනිත් හැම එකම වගේ අපි නොදන්නා කතාවක් තියෙනවද?
උඹලගේ අදහස් මොනවද මේ ගැන?

