ඉතින් ආණ්ඩුවට ඕන නම් හෙලකුරු ඇප් එකේ සර්වර් වලින් බලන්න ඕන නැහැ බන්. ISP ගෙන් ගන්න පුලුවන් ඔය සේරම විස්තර. VPN නෙමෙයි මොන මගුල යූස් කරත්
උඹල හිතන් ඉන්නවා නම් VPN දැම්මම ෆුල් සේෆ් කියලා, එහෙම නැහැ. VPN provider ලග සේරම විස්තර තියනවා ලීගල් කේස් එකක් ආවොතින් උන් දෙනවා ඒ සේරම විස්තරටික (ටිකක් වැදගත් රටක තියන VPN එකක් නම්, අපි ඉතින් යූස් කරන්නෙ ගොඩක්ම US based vpn proviers ලා නේ, ඒව ගන්න පුලුවන්).
පුද්ගලික අත්දැකීමක් තියනවා VPN යූස් කරලා පොඩි සීන් එකක් කරපු කෙනෙක් හරියටම ට්‍රේස් කරපු සීන් එකක් ගැන.
ට්‍රේස් වෙන්නෙ නැතුව මොකක් හරි කරනවා නම් දැනට ලේසියෙන් කරන්න පුලුවන් එකම දේ tor network එක විතරයි, හැබැයි ඒකත් ට්‍රේස් කරන්න පුලුවන් කියලා prove කරලා තියනවා, හැබැයි ලංකාව වගේ රටක ආණ්ඩුවට ඒක කරන්න බැරිවෙයි,ඕනම උනොත් පේ කරලා ට්‍රේස් කරගන්න පුලුවන් කම්පැනි එහෙම ඇති
ඔයිට වඩා අපිට හිතාගන්න බැරි තරම් ඩේට ගන්නවා facebook app, aliexpress, google analytics තියන ඇප් වලින්, google ads තියන ඇප් වලින්
අනික එක මූ රික්වෙස්ට් intercept කරගන්න දැනගත්තට ඔය යන ඩේට ගැන මෙලෝ අයිඩියා එකක් නැති එකෙක
device id - Android/iOS දෙකේම Unique ID(එමි/සීරියල් එහෙම ගන්න බැහැ) ගන්න බැහැ, ජෙනරේට් කරපු එකක් තමයි ගන්න පුලුවන්, ඒකෙන් යූසර්ව ට්‍රේස් කරන්න බැහැ.
content length, keep alive - මේව සාමාන්‍ය http request parameters නේ, මේව වැඩකට නැහැ
phone model - ෆෝන් මොඩල් එක බලාගත්තා කියලා මොනා කරන්නද, සමහර විට උන්ගෙ ඇප් එකේ බග්ස් එහෙම හොයන්න හරි වෙන මොකක් හරි සීන් එකකට ගන්නවද දන්නෙ නැහැ
auth key - මේක උන්ගෙ API එක secure කරගන්න යුස් කරපු එකක්, මේක යූසර්ගෙ මගුලක් නෙමයි, උන්ම ජෙනරේට් කරන එකක්
මූ මේ මොකද්ද කරන්නෙ request එක raw format එකෙන් පෙන්නලා, මේලෝ අයිඩියා එකක් නැති එකෙක්නේ, මොකෝ අපිට hexadecimal කියවන්න පුලුවන්යැ