හෙළ උරුමයේ කිඹුල් කඳුළුද?

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    හෙළ උරුමයේ කිඹුල් කඳුළුද?

    මචන්ලා මුලින්ම මේ ලින්ක් එකට ගිහිල්ල මේ නිව්ස් එක බලන්න .මේක මැය් දහය නිව්ස් එකක්
    http://lankacnews.com/sinhala/news/94139/

    මේකේ හැටියට හෙළ උරුමය දවස් දහයකට කලින් ඉන්ද්‍රරත්න හාමුදුරුවන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා
    හාමුදුරුවෝ මේක ගැන කල කිරීමකින් හිටිය කියලත් ආරංචියක් තියෙනව .එක තමය ඉන්ද්‍රරත්න හාමුදුරුවෝ සිහල රාවය එක්ක එකතු වෙලා විශාල සේවයක් කරන්න පටන් අර ගෙන තියෙන්නේ ...

    එත් ප්‍රශ්නේ හෙළ උරුමය මොකද මේ වගේ තරුණ හාමුදුරුවෝ කෙනෙක්,රට ගැන කැක්කුමක් තියෙන හිමි නමක් නෙරපුවේ
    සමහර අය කියනවා ,ආණ්ඩුව මෙච්චර ජරා වැඩ කරද්දී,කැසිනෝ ගෙනෙද්දී , හෙළ උරුමය සද්ද නෙතිව හිටපු එකට මේ හිමියෝ විරුද්ද වුනා කියල.
    එකය්ලු මේ හාමුදුරුවෝ තනියම විරෝදය පාන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ..

    මට හිතෙන්නේ දැන් හෙළ උරුමය කිඹුල් කදුළු හෙළනවා වගේ...

    කට්ටිය මොකද කියන්නේ
    ?
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    http://www.elakiri.com/forum/showthread.php?p=15046739&posted=1#post15046739

    :lol::lol::lol::lol::lol:


    self immolation????
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    :( wenna puluwan machan, desha paluwo nam wishwasa karanna be, api hamuduruwanta ona una de karamu. mas kamen walakemu.


    siravata.mun soma hamuduruwo vikunagena deshapalaneta avilla ethumata kisima sadaranayak kare na.adu gane komisame vaarthava vath eliyata damme na.

    dan me hamuduruwo.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    siravata.mun soma hamuduruwo vikunagena deshapalaneta avilla ethumata kisima sadaranayak kare na.adu gane komisame vaarthava vath eliyata damme na.

    dan me hamuduruwo.

    ane pala gothayo yanna hela urume unta puluwan hatiyata wada karala thiyenawa... umba hithan inne mathreela 2-3 gen mulu parlimethuwama palanaya karanna puluwan kiyalada?

    :angry::angry::angry::angry::angry:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    හාමුදුරුවො මාර ගැම්මක් තිබ්බ කෙනෙක්. කීප වතාවක්ම ඉදිරිපත්වෙලා හිටන් තියෙනවා ඕවගේ කැපකිරීම කරන්න. එහෙම හාමුදුරුකෙනෙක්ව නිකන් ඉවත් කරලා දාන්න පිස්සුවක් නැහැ අයින් කරලා තියෙන්නෙ පක්ෂ විනය කඩ කරපු නිසා. ඒකට දොස් කියන්න බැහැනෙ. ඒත් හිතවත් කෙනෙක් නිසා සහ කැපකිරීමක් කළ උතුම් පුද්ගලයෙක් නිසා අවසන් කටයුතුවලට උරුමෙනුත් සෑහෙන අය ගියා කියලා ආරංචියි. සමහරුන්ට මැජික් වගෙ ඇති මොකද මේ රටේ විනය කඩ කොලා කියලා මන්ත්‍රී ගොල්ලා ඕන ඕන විදිහට දොට්ට දාන්නනෙ රටෙ ප්‍රධාන පක්ෂවල අය පුරුදුවෙලා තියෙන්නෙ. අනික එහෙම තරහක් තිබ්බෙ නැහැ. හාමුදුරුවො අන්තිම ඉල්ලීම් පවා ලියලා තිබ්බෙ හෙළ උරුමෙ දාලා ලෙටර් හෙඩ් එකේ මම දැක්කා.
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මචං ඇත්තටම රටවෙනුවෙන්, ජාතිය වෙනුවෙන් වැඩකරන කට්ටියට ගරු කරන්න ඕනේ.එකේ කිසිම සැකයක් නැහැ.

    හැබැය් උබල මේ කාව අල්ලගෙනද දඟලන්නේ?
    මේ වාගේ ආගමේ නමින් අහිංසක ජනතාව මුලා කරනගෙන ඉන්න එවූන්ගේ කකුලේ වැටේනවා මදිවට උබල මෙතනත් ගහගන්නවද?

    චුට්ටක් හොයල බලපල්ලා ඉස්සෙල්ලා
    -------------------------------------------------------
    සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගත් චීවරධාරී බෝවත්තේ ඉන්ද්‍රරතන නමැත්තා ජාතික වීරයෙකු කිරීමට අන්තවාදී මූලධර්මවාදීන් උත්සාහ කළද ඔහු මිලියන ගණනින් මහජන මුදල් වංචා කළ, ආගමික සමගියට එරෙහිව පූජ්‍ය ස්ථාන විනාශ කරමින් ප්‍රචන්ඩ ක්‍රියාවේ යෙදුනු, අධිකරණයට අවශ්‍යව සිටි සහ අධිකරණය මගහැර සිටි දේශපාලූවෙකු බව 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' පවසයි.

    පූර්ණ වාර්තාව මෙසේය.

    පදිංචිව සිට ඇත්තේ රත්නපුර කහවත්තේ පබ්බත උතුරු මීනාවත්තේ පිහිටි සුගත විහාරයේ ය.

    ජාතික හෙළ උරුමයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ලෙස පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට තේරී පත්වී ඇත. ඉන් පසුව විදුලි බල මණ්ඩලයේ, සමෘද්ධි නිලධාරීන් ලෙස ආදී රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ප්‍රදේශයේ මහජනතාවගෙන් ලක්ෂ 20 කට අධික මුදල් ගෙන කිසිදු රැකියාවක් ලබා නොදී මුදල් වංචා කර තිබේ. ගුරු පත්වීම් දෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් තවත් රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් වංචා කර තිබේ. මෙසේ රැකියා දෙන බව පවසා ඇත්තේ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ නම විකුණමිනි. මොහුට මුදල් දී වංචාවට ලක්වූ ජනතාව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඇමැති ජෝන් ට ද පැමිණිලි කර ඇත. මොහු ගේ ක්‍රියා කලාපය හිසරදයක් වූ විට ඇමති ජෝන් සෙනෙවිරත්න පොලිසියට පවසා ඇත්තේ මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන ලෙසයි. නමුත් පොලිසියට මොහුට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගැනීමට හැකිවී නැත්තේ මොහු සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය අතර තිබු සම්බන්ධයක් නිසාය. එම සම්බන්ධය කුමන තරාතිරමේ සම්බන්ධයක්ද යන්න හෙළි වී නැතත් මොහුට එරෙහිව නීතියෙන් කටයුතු කරන්නට යන සෑම අවස්ථාවකදීම ආරක්ෂක ලේකම් වරයා ඊට හරස් වී තිබේ.

    නීතියෙන් පිළිසරනක් නොමැති වූ විට වංචාවට ලක්වූ පිරිස් ප්‍රාදේශීය සභාවේදී මොහුව අල්ලා ගැනීමට රැක ගෙන සිටීම හේතුවෙන් මොහු ප්‍රාදේශීය සභා රැස්වීම් වලට සහභාගී වීමද මග හැර තිබේ. පසුව මොහු වීරකැටිය ප්‍රදේශයට රහසිගතවම පළා ගොස් ඇත.

    වීරකැටියේ දී ද මොහු ජාතික හෙළ උරුමයේ දේශපාලනයේ ක්‍රියාකාරීකයෙකු ලෙස කටයුතු කර ඇත. ජා.හෙ.උරුමයේ බළල් අත් සංවිධානයන් වන සිහල රාවයේද, බොදු බල සේනාවේද කටයුතු සඳහා සහභාගී වී ඇති ඉන්ද්‍රරතන කතෝලික සහ මුස්ලිම් පූජනීය ස්ථාන වලට පහර දීම සඳහා ක්‍රියාකාරීව මැදිහත් වෙමින් ප්‍රචන්ඩ මැරයෙකු ලෙස කැපී පෙනෙන මැර කි්‍රයා සිදු කර තිබේ.

    2012 අප්‍රේල් මස 20 වෙනිදා දඹුල්ල මුස්ලිම් දේවස්ථානයකට පහර දීම සිදුකළ මොහු එහිදී සිවුරු ගලවාගෙන හමුදාව සමග ගැටුමකට ගියේ ය. (එහි සේයාරූ මෙහි දැක්වේ) සිවුරු ගලවා පපුව පෙන්වා 'වෙඩි තියපං, වෙඩි තියපං' කියමින් වියරුවෙන් මෙන් කෑ ගැසීය.

    වීරකැටියට පළා යෑමෙන් පසු 2012 දෙසැම්බර් 9 දා කතෝලික දේවස්ථානයකට පහර දීමට සහභාගී විය. එහිදී රුපියල් ලක්ෂ ගණනක අලාභයක් සිදුකළ අතර දේවස්ථානයේ තිබූ දේව ප්‍රතිමාවක්ද කුඩු කර තිබේ. මේ ප්‍රහාරයට සිහල රාවය සහ බොදු බල සේනාව සංවිධාන දෙකම සහභාගී වී ඇත. ඒ සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය චීවරධාරී ඉන්ද්‍රරතන ඇතුළු තවත් මැරයන් 5 දෙනෙකුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට ගියද එහිදී ද ආරක්ෂක ලේකම් ගෝඨාභය මැදිහත් වී මොහු බේරා ගෙන තිබේ. අඩුම ගණනේ මොහුගෙන් කට උත්තරයක් ලබා ගැනීමටවත් ඉඩ දී නැත.

    ඉන්පසුව ඉන්ද්‍රරතන සමග සිහල රාවයේ සහ බොදු බල සේනාවේ මැරයන් 2013 මාර්තු 18 දා වීරකැටියේ මුස්ලිම් දේවස්ථානයකට පහර දී විනාශ කර ඇත. මීට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග ගනිද්දී ඊට පසුදා මාර්තු 19 දා ඉන්ද්‍රරතන සහ අක්මීමන දයාරතන යන දෙදෙනාම මැරයන් සමග එක්ව වීරකැටිය පොලිසියට ද පහර දී තිබේ. එම ප්‍රහාරයෙන් පොලිසියට ලක්ෂයකට අධික අලාභයක් සිදුව තිබේ. මෙම පිරිස මාර්තු 22 දා තංගල්ලේ මුස්ලිම් දේවස්ථානයකට පහර එල්ල කිරීමට සැලසුම් කර තිබූ අතර ඒ පිලිබඳ තොරතුරු කලින් පොලිසියට ලැබීම නිසා එය ව්‍යාර්ථ කිරීමට හැකි වී තිබේ.

    මාර්තු මාසයේ 18,19, 22 දිනවල චීවරධාරී මැර ඉන්ද්‍රරතන ඇතුළු පිරිස විසින් පොලිසියකට පහර දීම ද ඇතුළුව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට එරෙහිව නීතියෙක් කටයුතු කිරීමට ගියද ප්‍රදේශයේ දේශපාලනඥයන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් පොලිසියට බලපෑම් එල්ල කර එයද වළක්වා තිබේ. කෙසේ වෙතත් පොලිසියට පහර දීම නිසා වීරකැටිය පොලිසිය විසින් මෙම ඉන්ද්‍රරතන ඇතුළු පිරිසට එරෙහිව අංක 193/2013 දරණ බී වාර්තාව මගින් චෝදනා රැසක් ගොනු කරමින් වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ගොණු කර නඩු පවරා ඇත. එක් වරක් පමණක් අධිකරණයට ඉදිරිපත් වූ මොහු ඉන්පසුව අධිකරණය මග හැර තිබේ. ඒ අනුව මෙම ගිනි තබා ගැනීමට දින 3 කට කලින් එනම් 2013 මැයි 21 වෙනිදා මොහු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වීරකැටිය අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබේ.

    මේ සියළුම සිදුවීම් ජාතික හෙළ උරුමය විසින් සැලසුම් කළ ඔවුන් විසින් මෙහෙයවන ලද සිදුවීම් වන අතර මොහුගේ කටයුතු සඳහා විය පැහැදම් කර ඇත්තේ ද ජාතික හෙළ උරුමය විසිනි.

    මේ අනුව මොහුගේ ගිනි තබා ගැනීමට සති කිහිපයකට පෙර මොහු ජාතික හෙළ උරුමයෙන් ඉවත් කළ කතාව මෙම ගිනි තබා ගැනීමේ සැලැස්මේ ම කොටසකි.

    පොලිසිය පවසන්නේ මොහු කර තිඛෙන වංචා සහ ප්‍රචන්ඩ ක්‍රියා අනුව මොහු වසර ගණනකට හිරේ යා යුතු පුද්ගලයෙක් නමුත් ආරක්ෂක ලේකම් ගෝඨාභය, ඇමැති චම්පික සහ සිවුරේ අනුහසින් නීතියෙන් ගැලවී සිටි බවයි.

    මේ තොරතුරු අනුව නාරාහේන්පිට ඉන්දරේ සහ බෝවත්තේ ඉන්දරේ අතර වැඩි වෙනසක් නැත. දෙදෙනාම අයිආර්සී කාරයෝ ය.

    ----------------------------------------------------
    මේවා සම්පුර්ණයෙන් රජයේ අනුග්‍රහයෙන් වෙන වැඩ.
    උන්ට දේශපාලණය කරන්න ඕනේ නම්, උබල මෝඩ වෙන්න!

    එය ඉතින් දෙන දෙනාත් මෝඩ වෙන්නේ.

    සිංහල ජාතිය මෝඩ වෙන්න වෙන මොකක්හත් හින්ද නෙමෙය්. සින්හලයව පාලනය කරන්න තෝරගන්නේ, කපටියෙක්ව! නුගතෙක්ව! උබලව හොඳට මුලා කරලා මෝඩ කරන්න පුළුවන් එකෙක්ව.