හෙළ ඔසු ගැටපද

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    අසිරිමත් සිරිලක සැබැවින්ම ඖෂධ මංජුසාවකි. මේ මිහිමත ඔසුවකට නොගැනෙන පැළෑටියක්‌ සොයා ගැනීම පවා උගහට බව පැරැන්නන් පවසති. අපේ පැරැණි වෙද ඉසිවරු පරිසරයේ ගහකොළට බොහෝ සෙයින් මැ ආදරය කළහ. සතා සිව්පාවාට, ගහකොළට සැබැවින් ම ඔවුන් ආදරය කළහ. ඒ නිසාම සොබා දහමේ අපූරු දායාද ඔවුහු උරුමකර ගත්හ. ගස්‌වැල් වලින් ලබාගත් වන ඔසු එයට කදිම උදාහරණයකි.

    Mee331n.jpg


    බිබිල පහුකොට අම්පාරට යනෙන මාර්ගයේ නිල්ගල, ඔසු උයන පැත්තේ යන්නකුට අපේ හෙළ ඔසුවල අගනාකම හොඳින් වටහා ගැනීමට හැකි වනු ඇත. එකල දුටුගැමුණු නරනිඳු තම සෙබළ මුළු සමඟ මාගම්පත්තුවේ සිට විජිතපුර දක්‌වා ගිය මං පෙත අදටත් නිල්ගල වනයේ දැක ගත හැකිව තිබේ. මේ මං ඔස්‌සේ නැවතුණු අපේ සේනාවන්ට වෙද හෙදකම් කළ හෙළ වෙද පරපුරේ ඇත්තන්ගේ අවසාන පුරුක්‌ අදටත් නිල්ගල ආසන්නව වෙසෙති.
    ඔවුන් සතුව අදටත් අපූරු බෙහෙත් වට්‌ටෝරු තිබේ. මේවා ඔවුන්ගේ වහරේ පවත්නේ අපූරු කවි බසකිනි. මේ බස මනරම් ය. විසිතුරුය. එහෙත් ඒ කවිවල අරුත් වටහා ගැනීම අසීරු වන්නේ සියලුම ඖෂධ වර්ග පෘථග්ජනයන්ට අවබෝධ කර ගැනීමට අසීරුවන ආකාරයට සකස්‌ කොට තිබෙනු හෙයිනි. මෙම කවිවල සංයෝග මිශ්‍රණ සහ අඩුමකුඩුම වටහා ගත හැක්‌කේ ද ඒ ඉපැරැණි පාරම්පරික වෙද හෙදකම් ගැන හොඳින් දන්නා හෙළ වෙදැදුරෙකුටම පමණි.

    මඟුලේ යන අය හා නායක අය අල්ලා ගන් නේ
    දෙදෙනාගේ පිටපට මිරිකා යුසගෙන ලුනු දමමින් නේ
    පානය කර කහලුනු ලා මලවා බැඳ ගන් නේ
    වීරිය ඇති ඖෂධයකි කටකලු විස දුරුවන් නේ

    මේ කවෙහි ඇතුළත් ඖෂධය සාමාන්‍ය වැසියෙකුට වෙද හෙදකම් ගැන අබැටක තරම්වත් අවබෝධයක්‌ නැති අයෙකුට වටහා ගැනීම අතිශය දුෂ්කරය. මෙයින් කියෑවෙන්නේ මගුල්කරඳ පොතු සහ නා පොතු කොටා මිරිකා යුෂ ගෙන කහලුනු ලා කිරීමත්, එම බෙහෙත් රොඩු කහලුනු ලා මලවා බැඳීමෙන් කටකළු විස දුරුවන බව ය.
    මේ ආකාරයට රහස්‌ ලෙස ඖෂධ භාවිත කිරීම වෙද කවි වල බොහෝ සෙයින් දකගත හැකිය. මෙම කවියේ මඟුලේ යන අය ලෙසට හඳුන්වාදෙන්නේ මඟුල්කරඳ පොතුය. නායක අය ලෙසට හඳුන්වන්නේ නා ගසේ පොතුය. මේ ආකාරයට වෙදකම් සම්ප්‍රදායේ දී රහස්‍ය බෙහෙත් වට්‌ටෝරුවල දහස්‌ ගණන් මේ ආකාරයට ඖෂධ වෙනස්‌ පද ඔස්‌සේ හඳුන්වා දී තිබේ.
    ඔබ කියවන මේ රහස්‍ය ඖෂධ නාමයන් මා වෙත ලබා දුන්නේ පුරා දෙදවසක්‌ සමඟ මට උයා පිහා කන්ට බොන්ට දී නිල්ගල දුටුගැමුණු රජුන්ගේ සුපිරි ගෝලයන් සමඟ ගිමන් හල, නිල්ගල පතුල්පාන හා කරාධුගල පදිංචිව සිටින පාරම්පරික වෛද්‍ය හීන්aඅප්පුමහතාත් නිල්ගල කැලේ විත්ති බොහෝමයක්‌ දන්නා ඩබ්. එම්. ගුණපාල මහතාත් ය.
    අදටත් නිල්ගල ආශ්‍රිතව ගම්වල වැසියන් මේ වෙදහෙද රටාව හොඳින් දනිති. මේවායේ අඩංගු රහස්‍ය බෙහෙත් වට්‌ටෝරු අපේ බාල පැටවුන්ටත් අඩුම තරමින් දැක බලා ගන්නටවත් ඉඩ සැලසීම ආයුර්වේදකාරිය කරවනු ඇත්තන්ගේ වගකීම බව පැහැදිලිවම කිව යුතුය.
    දැන් ඔබ කියවන්නේ පැරැණි වෙදැදුරන් බෙහෙත් පැළ වර්ග ඔසුවලට පටබැඳි අපූරු රහස්‍ය නම් ය. මදක්‌ විමසනු මේ ගැටපද කොතරම් මිහිරිදෘ
    දෙළුන්ගෙඩියේ හස - දෙළුම් පොතු
    රහෙන් වරාවට - රණවරා
    රුසි වසනා කල - කුනුමැල්ල
    වසු ඇතියකුහට ගසකි - රුක්‌ අත්තන
    විදුරඹ - එළදෙනගේ මුත්‍ර
    හැමකල් පවතින ඖෂද - ඉඟුරු
    ගස්‌වල තිබ්බොටු ඔක්‌කොම - තිබ්බොටු සහ මුලින්ම
    මුනිඳුගේ සරණා - බුත්සරණ
    යකුන් වැහෙන ගස - රුක්‌අත්තන
    කටු ඇති වැල්ල - කටුකැලියා
    විසකුම්බා නම් - ජයපාල
    රසකුම්බා නම් - කිතුල්ගස
    තිලෝගුරු නම් - එඬරුගස
    එරටමුදලියා - එරබදු
    විසකුම්බලා නම් - පොල්පලා
    විජයානෝනා - වැල්රුක්‌අත්තන
    විසට නියම කොල - වල්කැප්පෙට්‌ටියා කොල
    සුරතින් පියයුරු - අත්තන
    උක්‌පත හරහට මුත්‍රා - උක්‌පැණි
    ගස්‌වැල මානෙල් - ගොඩමානෙල්
    තිත්තමුසුව පොතු - තිත්තවැලේ පොතු
    පැත්තනැතුව තුන්දාර - තුන්දාරවැලේ පොතු
    හොඳට මහත ඇති තුන්දෙනා - ඇත්තෝර, ඇත් අගුණ, ඇත්දෙමට
    දොසට කපන දෙය - දෙහි
    නැකත් කියන අය - නිවිති
    සතරක්‌ එකතු නම් - සිවුරැස්‌ස
    වැඩිකල නිදිමත - නිදිකුම්බා
    විසදොස හරිනා කාලපොතු - දෙහිකොල පොතු
    අගලනුව දකින්නේ - සස්‌සදපල
    ඉසසෝදනකොට ගන්නේ - දෙහි
    තාපසයාගේ නම - මුඩ මහණ
    යකා වැනසූ ඖෂධ - යක්‌හනස්‌ස
    කටේ වටේට ඇති දේ - දත්කැටියා
    රුසි යුසයත් - දෙහි ඇඹුල්
    ඈ පස්‌ - ලිපයට පස්‌
    ලසුණු - සුදුළූනු
    රුසියගේ දොරකඩ උපන් ගස - දෙහි
    උඩසිට රත්තා - මිදි බිජු
    නායක අය - නා පොතු
    පිටේපොතුත් - පිට පොත්ත
    ජල මෙනේරි - දිය මෙනේරි
    තිලෝගුරු ඇමති - දිවිකදුරු
    මුල් නැති පස්‌වග ඖෂධ - ගැඩවිල් පස්‌
    තුනැසින් යුත් පලකිරි - පොල්කිරි
    ඇඹුලෙන් සිය ඔසු - සියඹලා
    ලිපට දැමූ දර - පෙනෙල
    අඟ උඩින් ගෙන - ඇඟ ගැල්ලීම
    වද ගෑනිගේ කොස්‌ කොල - මදුරුකොල
    තන අල්ලාගන්නා තෙල - එළඟිතෙල්
    විජයකෝන් - වැල් රුක්‌අත්තන
    හස්‌තය - අත්තන
    හොස්‌ස - තෙලබෝ
    එහිසම්පොතු - තෙලබෝ කොල පොතු
    දොරකඩ මිදුලේ තැනූ ගස - කරපිංචා
    ඉල්මස පසුකර බෑයට - උඳු
    උල්කරලීයේ මුල් - කරමුල්
    බැට දී ගත් තෙල් - එළඟිතෙල්
    රිසි ඇති දළුවෙන් - දෙහි ඇල්ලෙන්
    මුල සිට අගට ඇති වැල - මුඟුනුවැන්න
    පැලයට හූන්මා - නරමුත්‍රා
    දිනිසුරු නිසයුරු නැති දවස - කළුවර
    නිතර ගෙදර ගලපිට වැඩි ළඳ - කහ
    පුත්තලමින් ආ අය - ලුනු
    වත්තේ පබුළුව - කහඹිලියා
    අහන්න පබුළුව - වදකහඹිලියා
    අලුබුනම් - අඹගස
    අලුබෝනම් - බෝගස
    ආභරණ කුමාරයා - වහතැල්ල
    මහාපැණි වෘක්‍ෂ - බක්‌මී ගස
    විදුරඹයේ නම් - එලමුත්‍ර
    බාණුටකැප ඇති ඕවිට - වැල්කැප්පෙට්‌ටිය
    පානට යදිමින් - පානෙන් රත්කර
    මඟුලේ යන අය - මඟුල් කරද
    කුඹුරේ මඩ - කුඹුරු ඇට මද
    වැස්‌සට පැලයට සිටලා - නර මුත්‍රා
    කින්නරාගේ ඉස - කවුඩු බෝ
    රදාලියගේ සෙම්පොතු - රදලියපොතු
    බඩහැලියන් - කුඹල් කුරුමිණියන්
    කේසර මුදියන්සේ - කේසර බැවිල
    කැලෙන් කැපූ පොත්ත - කැටකෑල
    කළුකුමාර මුදියන්සේ - කලු හබරල
    වැල් කැලණිය - වැල් කීඩාරං
    බුත්තිල කුමාරයා - බුලත්
    කුඹුරේට පැලට ගිය - මදුරු කොල
    කුඹුරේ ඒ නම් - කුඹුරු කොල
    මගුලේ යන්නේ - මගුල් කරඳ
    නිදිරාජ මුදියන්සේ - නිදිකුම්බා
    ගජුන් ද ගන්නේ - හොඬල අල
    මහ පනික්‌කිල - අමුකහ

    ******* ඩබ්ලිව් ඒ. සරත්චන්ද්‍ර *******

    උපුටා ගත්තේ මුදුන පිටුවෙන්..
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    වටිනවා සහෝ.. නොදන්න නම් ගොඩක් දැනගත්තා.. ඒත් ඕවා දැක්කට අදුරගන්න තමයි බැරි.. +++
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    tfs bro +10

    නියමයි...හැබැයි දැන් කියවන්න බෑ :oo:බුක් මාර්ක් කොලා
    rep+3

    අදමයි බන් මේවා ඇහුවේ තවත් දාපන් මේවගේ ඒවා
    රේප් දෙන්න බහලු


    බොහොම ස්තූතියි හැමෝටම.. :D:D:D
    අසා ටයි කිරි පැනිටයි දැම්ම රෙප් දෙන්න බෑලු. අනිත් අයට දුන්නා..
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මේවා කාලයත් එක්ක විනාස වෙලා යන එකයි දුක. බෙදා ගත්තට ස්තුතියි මචං
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බොහොම ඉස්තුතියි ...... මචන් නොදන්නා දේවල් දැනගත්තා
    මම සිරාවටම හිතෙන්නේ ඇයි අපි දියුණු උනේ කියලා , එහෙම නැත්නම් මේ දේවල් සමග අපිට කොච්චර සැහැල්ලු ජිවිටහ්යක් ගත කරන්න තිබුනද
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම ඉස්තුතියි ...... මචන් නොදන්නා දේවල් දැනගත්තා
    මම සිරාවටම හිතෙන්නේ ඇයි අපි දියුණු උනේ කියලා , එහෙම නැත්නම් මේ දේවල් සමග අපිට කොච්චර සැහැල්ලු ජිවිටහ්යක් ගත කරන්න තිබුනද

    අපි දියුනු වුනේ නෑ මචන්. අපි පිරිහුනා. මනුස්සයෙක්ට ජීවත් වෙන්න අවශ්‍ය තාක්ෂනයයි පරිසරයයි දෙකම ඉස්සර තිබ්බා. අපි රාවනා තාක්ෂනය පැත්තකින් තියමු. අපි ඉස්සර මහා ගොඩ නැගිලි හැදුවා අවුරුදු 1000ක් විතර පවතින්න වාරිතාක්ෂනයෙන් උපරිම තැනක හිටියා ඒ වගේම ඉස්සර මිනිස්සුන්ට විවේකයත් තිබ්බා.. අපී මේ දියුනුව දියුනුව කියලා බදාගත්තේ පඹ ගාලක්..