හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා

    හේමචන්ද්‍රගේ දරු දෙදෙනා මම බාරගන්නවා - විනිසුරු ඉලංචේලියන්
    තමන්ට පුතුන් දෙදෙනෙකු සිටින බවත් අද සිට තමන්ට දරුවන් හතරදෙනෙක්ම සිටින බවත් අනෙක් දරුදෙදෙනා හේමචන්ද්‍රගේ දුව සහ පුතා බවත් අද සිට තමන්ගේ මරණය දක්වාම මේ දරුදෙදෙනාගේත් අධ්‍යාපනය සහ අනාගතය තමන් බාර ගන්නා බවත් යාපනය මහා අධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා පැවසීය.

    ඔහු එසේ පැවසුවේ යාපනයේ නල්ලූර්හිදි වෙඩි ප්‍රහාරයට ලක්ව පසුගිය 22 දා මිය ගිය උප පොලිස් පරීක්ෂක (හිටපු සැරයන්) සරත් හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු වලට සහභාගී වෙමිනි.

    ඔහුගේ අවසන් කටයුතු විශාල ජන සහභාගීත්වයෙන් ඊයේ හලාවත කුමාරකට්ටුවේදී සිද කරන ලදී.

    එහිදී අදහස් දැක් වූ යාපනය මහඅධිකරණ විනිසුරුවරයා කියා සිටියේ මේ දරුවන් දෙදෙනා මගේම දරුවන් සේ සලකා බලා ගන්නා අතර මෙම දියණියගේ අධ්‍යාපනයට සේම අනාගතයේදී ඇගේ විවාහය අවශ්‍ය මුදල් පවා තමන් දෙන බවය.

    මහාධිකරණ එම්.ඉලංචේලියන් මහතා උතුරු ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන්ගේ අතිශයට ගෞරවාචාරයට පත් විනිසුරුවරයකු වන අතර ජාති බේදය මනැසින් සෝදා හළ උතුම් ගණයේ මිනිසකු බවද පොදු පිළිගැනිමකි.

    පසුගිය එල්ටීටී යුද සමයේ පවා විනිසුරු වරයාගේ පෞද්ගලික ආරක්ෂකයාව සිටි උප පොලිස් පරීක්ෂක සරත් හේමචන්ද්‍රගේ මරණයෙන් පසුව ඔහුගේ බිරිඳ හමුවූ මහාධිකරණ විනිසුරුවරයා ඇය ඉදිරියේ වැඳ වැටී ඇයට ආචාර කොට හඬා වැළපෙන දර්ශනය ජාති බේදයකින් තොරව කාගේත් දෙනෙත් වල කඳුළු ඉපිදවීමට සමත් විය.







    ඡායාරූප - ජුඩ් සමන්ත

     

    Inquisitor

    Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    වචනවලින් විස්තර කරන්න බැරි ශ්‍රේෂ්ට ගතිගුණවලින් හෙබි සැබෑ මිනිසෙක්!
    මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට දෙදණ නමා හඬමින් ආචාර කරන දසුනත්
    තුවාල ලබා රෝහලේ සිටින අනෙක් නිලධාරියා වැළඳගෙන මහා හඬින් හඬා වැටෙන ආකාරයත් මගේ ඇසට කඳුලක් ගෙන ආවා.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මිනිස් රුවින් සිටියත් තිරිසනෙක් වෙන්නෙත් මිනිසෙක් වෙන්නෙත් දෙවියෙක් වෙන්නෙත් මිනිසාමය...
    මේවගේ උතුම් මිනිස්සු ඉදිරිපිට ජාතිවාදින්,,ආගම්වාදින් ලැජ්ජාවට පත්වන්නේය...

    මිනිස්කම හමුවේ ජාති ආගමවාද කෙතරම් තිරිසන්කමක්ද
    කලකට ඉහත මාතුලත් වරින් වර ඇතිවූ ජාතිවාදි ආගම්වාදි හැගීම් ගැන මේ සිද්දියෙන් පසු මාතුල ඇතිවන්නේ මාගැනම කලකිර්‍රිමකි,,මාගැනම ලජ්ජාවකි
    ජරා ජීර්න අපේ මහලොකු දේශපාලුවන් මෙවන් මිනිසුන් ඉදිරියේ සිවලුන් බදුය..සිගාලයන් බදුය
     
    Last edited:

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    විද්‍යාගේෙ ඝාතනය ග්ලැසියරයක් වගේ හතරෙන් තුනක්ම යටයි තියෙන්නේ.අපිට පේන්නේ එක කොටසක් විතරයි. ලොව බරපතල ව්‍යසනයක ආරම්භක ලකුණක්.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උගත්, බලවත් කියන දෙකම එකට ඇති මනුස්සයෙකුගෙන් දැකපු ඉතාම දුර්ලභ ගුනාංගයක්.
    එතුමාගේ ක්‍රියාවන්ට හිස නමා ආචාර කරනවා.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මනුස්සකමට සීමා නැති බව ඔප්පු කල අපේ කාලේ මනුස්සයෙක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    පුදුම මනුස්සයෙක් තමයි. කොහොම ලංකාවේ ඉහ ගහගෙන ඉන්නවද මන්ද
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හරිම සංවේදී සිද්ධියක්. මෙහෙම අය ගැන අහන්ඩත් වාසනාවක්. උපහාරය පුදකරමි.