හේමනලීන් ගේ පරණ මතක

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හේමනලීන් ගේ පරණ මතක

    අද අප අතරින් වියෝවුනු හේමනලීන් මහතාගේ 9.05 මතක සටහන් !!

    අද මෙන් නොවේ අපි කුඩා කාලේ අපට වීරයන් හඳුන්වා දුන්නේ ජාතික රූපවාහිනියි.ටයිමාමා අපටම පෙලගැස්වූ “ළමා ලෝකයට“ අමතරව අපි ජාතික රූපවාහිනියේ විකාශය කළ බොහෝ වැඩසටහන් වලට කාන්දම් මෙන් වගේ ඇලී සිටියා.ඒ අතර 1995 වගේ කාලෙදී ඉඳන් අපි ආශාවෙන්න නරඹපු වැඩසටහනක් තමයි 9.05. නම කිව්වම අදටත් ඇඟට අමුතුම හැඟීමක් එන 9.05 ගැන විස්තර ටිකක් මට සොයාගැනීමට හැකි වුනා.

    1994 දී මැලේසියාවේ RTM ආයතනය සහ එහි දේශක අබ්ලුලා ඊබ්‍රහිම් රූපවාහිනී අභ්‍යාස ආයතනය හා එකතුවී රුපවාහිනී පුහුණුවක් සංවිධානය කළා. මුලදී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ගැන සකස්කොට තිබූ පුහුණුව පසුව වාර්ථා හා විචිත්‍රාංගය යන අංශය යටතේ සකස් කෙරුණා. එම පුහුණුව සඳහා ජාතික රූපවාහිනියේ තරුණ නිර්මාණකරුවන් පිරිසක් සහභාගි වුනා.1994 දී ලබාදුන් මෙම පුහුණුව අවසානයේදී මෙම නිර්මාණකරුවන්ට ඇතිවූ නව ආරක වැඩසටහන් කිරීමේ තදබල අවශ්‍යතාවය නිසා ඔවුන් අමුතුම ආරක වැඩසටහනක් කිරීමට පිඹුරුපත් සැකසුවා. වැඩසටහනේ ව්‍යුහය සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුන් මෙම වැඩසටහනට “studio 2“ ලෙස යෝජනා කළා. එය එතරම් “සුරුබුහුටි“ නමක් නොවූ නිසා තවදුරටත් නම් සොයමින් සිටින අතරතුර මෙය විකාශනය කරන වේලාවම වැඩසටහනේ නම ලෙස යොදාගනිමු යැයි ශෙනේෂ් බණ්ඩාර දිසානායක නිෂ්පාදකවරයා යෝජනා කොට තිබුනා. ඒ වන විටත් ජාතික රූපවාහිනියේ නිෂ්පාදකවරයෙකු ලෙස සේවය කල හේම නලින් කරුණාරත්න මෙහි ඉදිරිපත්කරන්නා ලෙස යෝජනා වුනා. මුලදී මෙයට අකමැති වූවත් නිෂ්පාදන කණ්ඩායමේ බලවත් ඉල්ලීම මත හේම නලින් වැඩසටහන ඉදිරිපත් කරන්නට සිය කැමැත්ත ප්‍රකාශ කරනවා.ඉතා දක්ෂ හඬ කථකයෙක් වූ හේම නලින් කරුණාරත්න වැඩසටහන් ඉදිරිපත් කරන්නකු ලෙස කරළියට පැමිණෙන්නේ 9.05 හරහා කිවහොත් මා නිවැරදියි.ඔහුගේ නිර්මාණශීලී සිත්ගන්නාසුලු හා විවිධ කැමරා කෝණයන්ට අමතමින් කල ඉදිරිපත් කිරීම අති විශේෂ වූවා.



    1995 සිට 2001 වසර වන තෙක් නොනවත්වා සෑම ඉරිදාවකම රාත්‍රී 9.05 ට “9.05“ වැඩසටහන විකාශය වූවා. මූලික සංකල්පදාරීන් වන්නේ කෝසල මකුලොළුව, කංචන මාරසිංහ, චන්දන සෙනෙවිරත්න, ශෙනේෂ් දිසානායක බණ්ඩාර සහ වරුණ ලේල්වල යන ශිල්පීන් වේ. මෙහි සම නිෂ්පාදකවරුන් ලෙසද කෝසල මකුලොළුව, චන්දන සෙනෙවිරත්න, වරුණ ලේල්වල, කංචන මාරසිංහ, ශෙනේෂ් දිසානායක බණ්ඩාර , ධම්මිකා ඩේවිඩ්, සහ සමන්ත කිරින්ගොඩ හා පූජිත දිසානායක,(පසුකාලීනව) යන ශිල්පීන් කටයුතු කළා. අමුතුම ආරක වැඩසටහනක් ලෙස එවකට ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගනු ලැබූ “9.05“ , අමුතු දේවල් නැරඹීමට අද මෙන් අන්තර්ජාලය හෝ පටිගත කිරීමට ස්මාර්ට් දුරකථන නැති එකල අමුතුම දේ ගෙන එමින් අපව විශ්මයට පත්කලා. වැඩසටහනේ ව්‍යුහය තුළ කෙටි විශේෂාංග දුලබ, සොබාදහම, කලා, එතෙර, කෙළිබිම වැනි නම් වලින් හඳුන්වනු ලැබුවා.

    ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු භාහිර පටිගත කිරීමකට යන ඕනෑම අවස්ථාවකදී 9.05 ට විශේෂ දර්ශන ගොන්නක් රැගෙන ඒමට අමතක කොට තිබුනේ නැහැ. අද වන විට විවිධ නාලිකා වල විවිධ සඟරාමය වැඩසටහන් තිබුනද දැනුම වින්දනය රැගෙන එමින් අප රසවත් කල “9.05“ එම වැඩසටහන්වල මූලාරම්භය ලෙස මා විශ්වාස කරනවා.


    ඉස්සුවේ මෙතනින් http://www.reporter.lk/2018/06/video.html

    9.05
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Mechara kalakanni inna rate wadak athi wadagath minissumai marenne.:sorry:

    මාත් හිතුවේ මේක තමයි. කාළකන්නි ඇති තරම් නාකි වෙනකන් යහතින් වැජබෙන රටේ වටින මිනිස්සුම කලින් යනවා. :(
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මාත් හිතුවේ මේක තමයි. කාළකන්නි ඇති තරම් නාකි වෙනකන් යහතින් වැජබෙන රටේ වටින මිනිස්සුම කලින් යනවා. :(

    :yes::yes: