හේම නලින් කරුණාරත්න යන්නට ගියේය.

athumusic

Active member
  • Sep 19, 2017
    270
    194
    43
    හේම නලින් කරුණාරත්න යන්නට ගියේය.

    ‘ආනන්ද රාත්‍රියේ’ සිට ‘නවයය පහ’ හරහා ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂක ජනතාව ආනන්දයේ සිට ප්‍රඥාව කරා කැඳවා ගෙන යන්නට සැබෑ නිර්ව්‍යාජ උත්සාහයක් ගත් හේම නලින් කරුණාරත්න දැන යන්නට ගොස්ය.

    රූපවාහිනි මාධ්‍යය සැබෑ ලෙස අධ්‍යයනය කොට ඒ තුළ ලාංකිකයකු ලෙස දෙපයින් වෑයමෙන් සිට ගන්නට උත්සාහ කළ සොඳුරු නිවේදකයා දැන් යන්නට ගිහින්ය.

    රට පුරා සැරිසරමින් තමන්ගේ චැනලය උකසට තබමින් රට්ටුන්ගේ මනාපය මුදලට ගනිමින් සිඟමනේ යන චැනල ඇති රටක ප්‍රවෘත්ති, වෙළෙඳ දැන්වීම්, රියැලිටි වැඩ සටහන්වලින් තොරව රූපවාහිනි චැනලයක් ස්ථාපිත කොට ඇද ගෙන යන්නට තරම් දිරියක් තිබූ අධ්‍යක්‍ෂවරයා දැන් යන්නට ගිහින්ය.

    තමන් කතා කරන්නේ කුමක්ද, තමන් භාවිත කරන භාෂාව කුමන ආකාරයේදවත් කියා තමන්වත් නොදන්නා; තමන්ට වඩා ප්‍රවීණ උගත් පිරිසක් ඉදිරියේත් කිසි හිරිකිතයකින් තොරව කකුලක් පිට කකුලක් දමා ගෙන සංවාදයේ යෙදෙන උද්ධච්ච නොහික්මුණු නිවේදක නිවේදිකාවන් ඇති රටක සංයමයෙන් යුතුව නිසි නොපිරිහුණු බසකින් වැඩසටහන් මෙහෙයවූ හේම නලින් කරුණාරත්න දැන් යන්නට ගිහින්ය.

    එහෙම යන්නට ගියේ එහෙම අය කොහේ හෝ චැනලයක ඉන්නටම ඇවැසි කාලයකය.

    දැන් කුමක් කරන්නද? කළ හැක්කේ ඔහුට නිවන් සුව පැතීමය.

    හේම නලින් කරුණාරත්න, යුගයක නොපිරිහුණු මාධ්‍ය මෙහෙවරක් ඉටු කළ ඔබට නිවන් සුව.