මේ දවස් වල ක්‍රිකට් ගැන කතා කරන එකත් බෙල්ල ගහල යන විදිහෙ වැඩක් තමයි 

අපේ ටීම් එක ගැන කතා කරන්න දෙයක් නැතිම වුනත් මේ දවස් වල කතා කරන්න පුලුවන් එක ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්නව

ඒ තමයි රංගන හේරත්......
පසුගිය වසරේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා බවට පත් වුණේ හේරත්. ඒ තරඟ 10 කදි කඩුලු 60 ක් ලබාගෙන.ඒ විතරක් නෙමෙයි හේරත් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ දෙවෙනි තැනටත් පත් වුණා..
ඒ දස්කම් දෙකම මුරලිට හැරුණම දක්වපු එකම ක්‍රීඩකයා හේරත්

හේරත් මුදියාන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර හේරත් පෙනුම කොට වුනාට නම නම් දිගයි.කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය හරහා තමයි ජාතික තලයට එක් වෙන්නෙ.

හේරත් ටෙසට් වරම් ලබන්නෙ 1999 වසරෙදි ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලෙදි ලංකාව නියෝජනය කල 78 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස. පොඩ්ඩක් ඒ කාලෙට ගිහින් බැලුවොත් කණ්ඩායමේ මුරලි ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස කටයුතු කරත් මුරලිට සහායක දඟ පන්දු යවන්නෙකුගේ අඩුව තදින් දැනෙමින් තිබුණා.කුමාර ධර්මසේන කාලයක් එම කටයුත්ත ඉටු කලත් ඔහුට පන්දුව දමා ගැසීමේ චෝදනා එල්ල වීමත් එක්ක එම අඩුව තදින් දැනුනා.
ඒ අනුව ඔය කාල සීමාව ඇතුලත දඟ පන්දු යවන්නන් කිහිප දෙනෙකුම ටෙස්ට් වරම් ලබනවා.
ජයන්ත සිල්වා,නිරෝෂන් බණ්ඩාරතිලක,මාලංග බණ්ඩාර,ඒ වගේ එතකොටත් එක්දින කණ්ඩායමේ ස්ථානය තහවුරු කරගෙන සිටි උපුල් චන්දනත් ටෙස්ට් වරම ලබන්නෙ ඒ අනුව.
නමුත් කිසිවෙකුටත් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය තහවුරු කර ගන්න අපහසු වෙනව.
ඒ රැල්ලේ ඊලඟ පුරුක ලෙස හේර්ත් ටෙස්ට් වරම ලබනවා.පලමු තරගයේ පලමු ඉණිමේදිම කඩුලු හතරක් දවා ගත්තත් හේරත් ටත් කණ්ඩායමේ වැඩි කලක් රැදිල ඉන්න වෙන්නෙ නෑ.

හේරත් ගෙන් පස්සෙ ඊලඟට ටෙස්ට් වරම් දිනුවෙ දිනුක් හෙට්ටි ආරච්චි.
ඒත් ඒ හැම දඟ පන්දු යවන්නෙක්කුටම වඩා හේරත් විශේෂයි.කණ්ඩායමෙන් ඉවත් වුණත් දේශීය තරඟ මාලාව තුල දස්කම් දක්වමින් හේරත් දිගටම කණ්ඩායමට ඇතුලු වෙන්න උත්සාහ දරනව.
මුවර්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් දැක්වූ දස්කම් අනුව ඉන්පසුත් කිහිප වතාවක් කණ්ඩායම ඇතුලු වෙන්න ලැබුනත් ස්ථානාය තහවුරු කර ගන්න හේරත්ට ඉඩ ලැබෙන්නෙ නෑ.
වරක් 2003 දි හේරත් කණ්ඩායමට එක්වූ අවස්තාවක ඔහු අලුත් වර්ගයේ පණ්දුවක් හඳුන්වා දෙනව.
එයත් එක්තරා ආකාරයක 'mystery' පන්දුවක් ලෙසින් විචාරකයන් හදුන්වන්න පටන් ගත්තා.වර්තමානයේ නම් ඒක හදුන්වන්නෙ ආර්ම්බෝල් යන නමින්.
මට මතකයි ssc ක්‍රීඩාංගණයෙදි දකුණු අප්‍රිකාණු පිලේ මකායා න්ට්නි එම පන්දුවට දැවී ගිය හැටි.

එතනින් පස්සෙ 2008 දි නැවතත් කණ්ඩායමට ඇතුලු වුණත් නැවතත් එලියට විසි වෙන හේරත් 2009 දි නැවත කණ්ඩායමට කැඳවුම් ලබන්නෙ මුරලි ආබාධයකට ලක් වීම නිසාවෙන්. ඒ වෙද්දි අජන්ත මෙණ්ඩිස් උපරිම දක්ශතා අතර හිටිය කාලයක් වගේම රන්දිව් කණ්ඩායමට එන්න සූදානම් සිටි කාලය.හේරත් එවර කණ්ඩායමට ඇතුලු වීම බොහෝ දෙනාගෙ විමතියටත් දෝෂාරෝපණයත් හේතුවක් වුණත්, එම තරගයෙන් පස්සෙ සියල්ල වෙනස් වෙනවා.විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් හේරත් තරඟයේ වීරයා කරමින් එම තරඟය ලංකාව ජය ගන්නවා.
එදා පටන් හේරත් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා.හැම තරඟයක්දිම කඩුලු ලබා ගන්න පන්දු යවන්නෙකු බවට පත් වෙනව.තරඟ දිනවන තරගයේ වීරයා සම්මාන ලබන ක්‍රීඩකයෙකු බවට පත් වෙනව....
අද කණ්ඩායමේ සිටින පරිණීතම පන්දු යවන්නා වශයෙන් හේරත් පණ්දු යැවීමේ සියලු බර තම කරපිට තබා ගෙන සිය යුතුකම් කොටස මැනවින් ඉටු කරනවා.අනිත් ක්‍රීඩකයන් සිය යුතුකම් ඉටු නොකරන යුගයක හේරත් අනිත් ක්‍රීඩකයන්ට ආදර්ශයක්.
මෑත කාලයේ අපි ජයගත්තු හැම එකකම වැඩි ගෞරව අත් වුනේ හේරත්ට

හේරත් කිව්වම කාටත් මතක් වෙන තව දෙයක් තියෙනවා.බැට් කරන්න ගියාම නම කොයි කටත් එකම ගහන පහර ගැන නෙමේ.
පන්දු රැකීම ගැන
අන්තර්ජාලයෙ තිබිල හම්බ වුණු මේ කතාව නම් සම්පුණ ඇත්ත.
කොහොම වුණත් අන්තිම වශයෙන් සුබ පතමු හේරත් ට වගේම කණ්ඩායමටම. උපරිම දක්ශතා දක්වල අපේ මවුබිමේ නාමය ලොව පතුරුවන්න

Last edited:
thanks...
paw ban 