හොද ම සිංහල විරහ ගීත-reserch for SASALA HADA WIL THERA

waligamaya

Well-known member
  • මමයි මගේ දිලිදු හිතයි සදහටආදරේයි ඔබට
    ඔබයි ඔබේ නපුරැ හිතයි දුක්ගිනි ගේනවා මේමට
    දුක්ගිනි ගේනවා....


    නෙතයි නෙතේ උනු කදුලයි වැටි වැටි නහිනවා ඔබට
    මටයි මගේ පොඩි හිතටයි දුක්දි පව් පිරේයි ඔබට
    දුකයි දුකේ අනන්තයයි ....උරැමය එටිකයි මෙමට//

    මමයි මගේ දිලිදු හිතයි සදහටආදරේයි ඔබට
    ඔබයි ඔබේ නපුරැ හිතයි..... දුක්ගිනි ගේනවා මේමට
    දුක්ගිනි ගේනවා...

    සදයි තරැයි වෙනස් නොවෙ වෙනස්වුනේ ඔබයි මෙමෙට
    හිතයි හිතේ ආදරයයි මමයි දාලා ගියඔබගැන
    තුන්හිතකින් තරහක්නැ....... තවමත් ආදරේයි ඔබට//
    :(:(:(

    වික්ටර් රත්නායක......
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මා බැන්ද ගෙයක් තිබුණා
    එය අතරමඟදී කැඩුණා
    එම බිම මත පැළ හැදුණා
    මල් ගහ සරුවට වැඩුණා...


    මම උනිමි අන්ධකාරේ
    ඒ අඳුර දැන් නොතේරේ
    සඳ රැය ගලා පිටාරේ
    එළියයි මුළු සංසාරේ...


    රංගනියේ ඔබ හින්දා
    මා නොවිඳින දුක් වින්ඳා
    රන් දද ජයකොඩි බන්දා
    ගෙන එයි දවසක කැන්දා...




     

    waligamaya

    Well-known member
  • විකසිත තරු රැනේ......
    එපා මවන්නට ඉතින් ඇගේ රුව --මුකුලිත මල් ලදුනේ.....
    එප අසන්නට ඉතින් ඇගේ වත ඇනැත මගේ ලොවෙ :(:(


    වික්ටර් රත්නායක


     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මගේ ජීවිතේ පුරා
    එකම සිතින් ප්‍රාර්ථනා
    කෙලෙස හෝ වේදනාවෝ
    සඟවා තබා ගමි . . . .
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පෙම් ලොව දොරකඩ හැපෙමින් හඬා වැටෙන්නේ
    කියන්න ඔබ මන්ද හඬන්නේ
    බිඳුණු පෙමට දැවුණු හදින් හඬා වැටෙන්නේ
    හඬන්නවත් කඳුළු නො එන්නේ...

    නොදන්නී ද බොළඳියෙ නුඹ පෙම් ලොව රුදුරු
    නෑසුවේ ද පෙම් ලොව ගැන තොරතුරු කුරිරු
    ඇසුවෙමි පෙර කව් නළු වල පෙම් ලොව රුසිරු
    එවන් රුසිරු සොයා ආමි බිඳ හැර පවුරු...

    කඳුළින් තොර පෙම් පුවතක් ඇසුවෙද මියුරු
    නොපෑරුණු සිතින් උන්නේ පෙම් ලොව කවුරු
    දනිමි හැඳින්නෙමි පෙම් ලොව මා ප්‍රිය මිතුරු
    පවසට කඳුළැලි බොන්නම් යදියක අයුරු...

    පද රචනය - සුනිල් ආරියරත්න
    සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
    සහාය ගායනය - නිර්මලා රණතුංග
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මම තරහා නැහැ




    මම තරහා නැහැ
    ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන්වූ ආදරයක්
    සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
    කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා...

    හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
    මම තරහා නැහැ

    අමෘතයද ඉවත හෙලයි හිත නැති නම් මුව තැබුමට
    ඉරණම එය විසඳනු ඇත මටත් කලක් උදාවේවි
    රැහැන් වෙලා බැඳගන්නට බැහැනේ ආදරේ..

    හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
    මම තරහා නැහැ

    පද රචනය හා සංගීතය - පුණ්‍යසිරි මහවත්ත
     
    Last edited:

    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    "තනි වී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැරේ සිරි නරඹනවා"
    හන්තාන දෙසින් එන--කරුණාරත්න දිවුල්ගනේ



    "මං තාම මහාවැලි ගං ඉවුරේ
    වැලි පාර දිගේ හවසට යනවා"
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    "තනි වී අද මා මේ වැව රවුමේ
    දළදා පෙරහැරේ සිරි නරඹනවා"
    හන්තාන දෙසින් එන--කරුණාරත්න දිවුල්ගනේ

    "මං තාම මහාවැලි ගං ඉවුරේ
    වැලි පාර දිගේ හවසට යනවා"

    සංසාර පුරුද්දටදෝ මන්දා...
    ගංගාව ශෝකයෙන් වැලපෙනවා...
    මං තාම මහාවැලි ගං ඉවුරේ
    වැලි පාර දිගේ හවසට යනවා

    සිරාම පද පේලියක් මේකනම්.....
    මගේ ප්‍රියතම ගීත අතරින් එකක්....:yes::yes::yes:

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මගේ ජීවිතේට සම්බන්ධ සහ මගේ ආත්මයට ම කිදා බසින විරහ ගීත කීපය මෙහි දාන්නම්....................

    පෙම් රළ පතරින් - පණ්ඩිත් අමරදේවයන්
    බොල් වී අහුරු වෙල් සුළගේ ගිය සේම - පණ්ඩිත් අමරදේවයන්
    හන්තානේ කදු මුදුන සිසාරා - පණ්ඩිත් අමරදේවයන්
    පාළු අදුරු නිල් අහස මමයි - පණ්ඩිත් අමරදේවයන්
    පිලේ පැදුර - පණ්ඩිත් අමරදේවයන්
    මේ ගී එදා ඇගේ හඩින් - පණ්ඩිත් අමරදේවයන්
    සද තරු නිහඩයි - පණ්ඩිත් අමරදේවයන්
    තරු අරුන්දතී - පණ්ඩිත් අමරදේවයන්

    දුක හාදු දෙන රැයේ - කපුගේ
    මේ සදේම සෙවනැල්ලේ - කපුගේ
    තරු මල් යායම - කපුගේ

    කඩමණ්ඩියේ දොළ අයිනේ - නන්දා මාලනී
    මේඝයක් සේ - නන්දා මාලනී
    මුළු නුවරම නිදිගත් මේ මොහොතේ - නන්දා මාලනී
    ඔබේ පැල පැලේ පිල - නන්දා මාලනී
    පෙරදා මහ රෑ - නන්දා මාලනී
    සිරි පොද වැස්සේ රාත්‍රිෙය් -නන්දා මාලනී
    කාලයේ වැලි තලාව පහුරු ගා - නන්දා මාලනී (මම නන්දා ගේ ඉතාම ප්‍රිය කරන විරහ ගීය මේක)

    හදේ කොතැනක හෝ හිදී ඔබ - සුනිල් එදිරිසිංහ
    පිලේ පහන නිව්වා මං - සුනිල් එදිරිසිංහ
    කුඩා ගමේ මද්දහනේ - සුනිල් එදිරිසිංහ

    නෙතු පියමි සිහිනයක - ටී.එම්

    එපා හිරු පායන්න - වික්ටර්
    දෛව යෝගයකින් නොවේදෝ - වික්ටර්

    හිතවතුන් අද සුදු ඇදන් එන්න - අමරසිරි පීරිස්
    ඉකි ගසා හඩන - අමරසිරි පීරිස්

    ලබැදියේ - ලහිරු පෙරේරා

    ඔබට වරම් නැති - දිවුල්ගනේ
    ඔබ මා හමුවුණු මේ ඉර හද යට - දිවුල් ගනේ

    අපි ආයෙත් හමු නොවුනා නම් - සෝමතිලක ජයමහ

    මේ නගරය - මර්වින් පෙරේරා

    අසුරු සැනින් එක මොහොතක දී - යමුනා විනෝදනී

    ඉසුරු කොදෙව්වේ - ජගත් වික්‍රමසිංහ

    කිරි ඉද්ද ගහට සුද අරගෙන - ක්‍රිෂාන්ත එරන්දක

    පා තබනා බිම - මාලනී බුලත් සිංහල

    මේ මහා සමු ගැනීමයි - කුෂාණි සදරේඛා

    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ - රෝහණ වීරසිංහ

    පහන් ටැඹ යට - ජෝති පාල

    ඔය සුසුම් පවන් වැදී - චාමර වීරසිංහ

    ඔබ ඇදී යයි ඈත අහසේ - නෙරංජලා සරෝජනී
    මළවුන් ගේ නගරයේ - නෙරංජලා/අබේවර්ධන බාලසූරිය

    සුදු පාට රැල් වියන් සැලී - ජාලිය රණතුංග

    සිව් වසරක් තුල පෙම් සිහිවටනය - දයාරත්න රණතුංග
    හිමිදිරියේ හිරු එළියට - දයාරතන රණතුංග
    සරසවියෙදි හෙට වතරයි - දයාරත්න රණතුංග

    තනි වෙන්න ඉඩ දෙන්න - අජිත් ආරියරත්න

    සිනා තොටක් විය - නිරෝෂා විරාජිනී

    සිනා පොදක් වී ඔබ ගේ දෑසේ - දීපිකා ප්‍රියදර්ශනී

    මියගිය සිහිනය (සුපෙම් හැගුම් ඔබෙන් එපා) - ප්‍රදීපා/ළක්ෂ්මන්

    නැවතී මෙතෙකින් - කසුන් කල්හාර

    චකිතය - නෙම්සිස් ගායන වෘන්දය

    සහ
    මගේ සදාකාලික ගීතය.............

    මා මළ පසු - පණ්ඩිත්, පද්ම ශ්‍රී, ආචාර්ය ඩබ්. ඩී. අමරදේව.................

     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම මගේ ජීවිතේට සම්බන්ධ සහ මගේ ආත්මයට ම කිදා බසින විරහ ගීත කීපය මෙහි දාන්නම්....................


    ........


    11.gif
    ලස්සනයි..

    ඒත් කෝ සයිමා කට් වෙලා නැද්ද ? :rolleyes::confused:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,296
    30,040
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොඩක්ම කැමති ප්‍රේම් පදරචනය කරපු ගීත වලට

    අඩේ කිඹුලො. ත්‍රෙඩ් එක දැනුයි දැක්කේ.:dull: මුල් පිටුව විතරයි තාම කියෙව්වේ. මමනම් ගොඩක්ම කැමති ප්‍රේම් පදරචනය කරපු ගීත වලට; ඒවායින් බහුතරය විරහ ගී. වචනනම් පට්ටම ලස්සනයි. :love::love::love:
    Linda +++
     
    Dec 30, 2013
    1,235
    166
    0
    අඩේ කිඹුලො. ත්‍රෙඩ් එක දැනුයි දැක්කේ.:dull: මුල් පිටුව විතරයි තාම කියෙව්වේ. මමනම් ගොඩක්ම කැමති ප්‍රේම් පදරචනය කරපු ගීත වලට; ඒවායින් බහුතරය විරහ ගී. වචනනම් පට්ටම ලස්සනයි. :love::love::love:
    Linda +++

    ලිඳ...................:rofl:
     
    මේ තරම් කඳුලු වැල් ......................


    මේකට මම පුදුම විදිහට අඬලා තියෙනවා,..
    ඒක කියන්න ලජ්ජ වෙන්න ඕන නැහැ.
    මමයි කෙල්ලයි ඔහේ නිකාන් මේක අහනවා පැය ගනන් ඉස්සර...........


    දෙමාපියන් වරම් නොදුන් සුපෙම්වතුන් ලෙසින්......................


    හැබයි ඒ ඉස්සර


    අපි මේ අවුරුද්දේ බඳිනවා..
    දෙපැත්තෙම වැඩිහිටියන්ගේ ආශිර්වාදය ඇතිව
    ඒ උනත් මම තාමත් මේකට පට්ටම ආසයි

     

    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ හුයට පිළිවදන් දුන් සියළු ම දෙනාට තුති පුදමි.....

    ඔබ විසින් මෙහි සදහන් කරනට යෙදුනු ගීත 107 සහ මා ගේ ගීත ගොන්නේ ගීත 52 ඇතුලත්ව මෙහි සදහන් මුළු විරහ ගීත ගණන 159කි:shocked:

    දැන් ඉතිං කාපිය කෝ අත දිග රෝස් පාං..........:baffled::baffled::baffled::dull::nerd:

    මේකෙන් 20 ක් තෝරනව කියන්නේ *ක ඉරෙන වැඩක් නිසා මේ ගීත වලින් හොදම, ආත්මයට ම වදින ගීත 60ක් වැඩසටහන් 3ක දී ඉදිරිපත් කිරීමට තීරනය කළෙමි.

    ඒ අනුව හෙළ සුභාවිත ගීයේ එන ආත්මය වෙත කිදී යන හොදම විරහ ගීත-I , -II ,-III , ලෙස වැඩසටහන් 3ක් පිළිවෙලින් 31/01/2013 දින, 14/02/2014 දින සහ 28/02/2014 දින වලදී ඉදිරිපත් කිරීමට මූලික විධිවිධාන මේ දිනවල මාගේ රේඩියෝ සගයන් සමග ගොණු කැරෙමින් පවතී.

    ඔබ මේ වැඩසටහන් ශ්‍රවණය කොට, ඔබේ අත්දැකීම් සමග ආත්ම ගත වනු ඇතැයි එළකිරි රේඩියෝ කණ්ඩායමේ අපි උදක් මැ බලාපොරොත්තු වෙමු.

    ස්වස්ති සිද්ධම්!!!
    ඔබට යහපතක් මැ වේවා!!!!!!!1
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka


    මේකෙ ඔරිමජිනල් මියුසික් තියන එක තමා ගොඩක්ම හොඳ....