හොඳම ලිපිකරු...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    දශක කිහිපයකට පෙර සිංගප්පූරුවේ එක් ආයතනයක ගිණුම් ලිපිකරුවකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබුණා. ගණකාධිකාරිවරයා ඇහුවේ සරල ප‍්‍රශ්න.
    ”හතරවරක් හතර කීයද?”
    ”දහසයයි.”
    ”ඊළඟ ....”

    දෙවැන්නා ඇතුළු වුණා.
    ”විසි පහට දොළහක් එකතු කරලා, අටක් අඩු කළා ම කීයද?”
    ”විසි නවයයි සර්.”
    ”ඊළඟ ...”

    දහ පහළොස් දෙනෙක් ම අසමත් වුණා. තවත් තරුණයෙක් ගණකාධිකාරිවරයා ඉදිරියට පැමිණියා.
    ”පස් වරක් අට කීය ද?”
    ”සර් කියන උත්තරේ තමයි.”
    ”බොහොම හොඳයි. ආදායම් ගිණුමේ ශේෂයක් ඉතිරි ව තිබෙනවා. මේක සමබර කරන්න මොකක්ද කරන්න ඕන?”
    ”සර් කියන ගිණුමකට බැර කරන එක නෙ මට කරන්න තියෙන්නෙ.”

    අයදුම්කරුට පත්වීම ලැබුණා. ඔහු ඉතා කෙටි කලකින් ගණකාධිකාරීවරයකු වුණා. දශක දෙකකට විතර පස්සේ ඉන්දියාව අසල
    දූපතක මහ බැංකු අධිපති තනතුර බාරගත්තා.

    මහින්ද ගුණවර්ධන.
    19. 03. 2018.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,534
    22,215
    113
    Gotland
    දශක දෙකකට විතර පස්සේ ඉන්දියාව අසල
    දූපතක මහ බැංකු අධිපති තනතුර බාරගත්තා.