සුනිල්_T_ගේ_ජීවිත කතාව

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    සුනිල්_T_ගේ_ජීවිත කතාව

    ගේ උකස් කර ෆිල්ම් හැදූ රටම දත් සුනිල් ටී ගේ ඔබ නොදත් ජීවිත කතාව


    161208-2-2.jpg



    සුනිල් ටී ප්‍රනාන්දු, සමහර විට ඔබ ඒ නම අහලා ඇති. එහෙමත් නැතිනම් සුනිල් ටී ෆිල්ම්ස් ගැන අහලා ඇති. ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. ලංකාවේ චිත්‍රපට අතරින් වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කලේ ඔහුයි.

    ඒත් ඔහු මේ ගමන ආරම්භ කලේ දුක් කම්කටොලු ගොඩක් මැඳින්. ඔහු මුලින්ම කරන්නේ කැසිනෝ ව්‍යාපාරයක් ආරම්භ කරන එක. නමුත් එයින් ඔහු විශාල පාඩුවක් ලබනවා. ඉන් අනතුරුව ඔහු චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසෙනවා. නමුත් ආරම්භයේදී සියළුම චිත්‍රපට අසාර්ථක වෙනවා.

    ඒත් ඔහු අද වෙද්දි ශ්‍රී ලංකාවේ සාර්ථකම චිත්‍රපට නිෂ්පාදකයා බවට පත්වෙලා තියෙනවා. මේ තරම් අසාර්ථක වෙලා, ගෙවල් දොරවල් උකස් කරලා චිත්‍රපට හදපු සුනිල් ටී ප්‍රනාන්දු මහතාගේ සාර්ථකත්වය ගැන කියැවුණු සංවාදයකුයි මේ....

    සුනිල් ටී. කියන්නෙ Businessman කෙනෙක් විතරද...

    නැහැ. ජීවිතේ උපරිම ලෙස විඳපු සහ විඳින කෙනෙක්. අද හම්බ කරලා පොදි බැඳලා හෙට මැරුණොත් මොකද වෙන්නෙ... ජීවිතේ සරල වූ තරමට සොඳුරු වූ තරමට හරි පහසුයි. බිස්නස්වලදිත් සල්ලි තරමට ම මං හොයන්නෙ සතුට. සැනසීම.

    ඒ වුණාට, බොහෝ අය කියන්නෙ ඔබ සිනමාවේ මාෆියාවක් පවත්වාගෙන යනවා කියලා...

    මං නිෂ්පාදකයෙක්. චිත්‍රපටි කරනවා. චිත්‍රපටි ශාලාත් තියෙනවා. DVDත් විකුණනවා. චිත්‍රපට ආනයනයත් කරනවා. ඔය සියල්ල කරන එකම කෙනා මම නිසා ‍එහෙම කියනවා ඇති. ඉතින් තව කවුරු හරිත් එහෙම කරන්නකෝ! මාත් උදව් කරන්නම්. මම චිත්‍රපටි 65ක් කළා. තව පහක් පෙන්වන්නත් සූදානම්. මට තියෙන්නෙ චිත්‍රපට 100ක ඉලක්කයක්. සිනමාව කියන්නේ මගේ බිස්නස්වල එක් ව්‍යාප්තියක් පමණයි.

    මොනවද ඔබට තිබෙන අනෙක් ව්‍යාපාර...

    රිකී සිනමා 1 සහ 2, බොරැල්ලෙ - රිට්ස්, මොරටුවෙ එමෙස්, පිළියන්දල - දයාසෙවණ, දලුගම - කන්ට්‍රාස් සහ දඹුල්ලෙ නිව් සිනමා කියන සිනමාහල් හත, DVD ව්‍යාපාරය, වයින් ස්ටෝර්ස්, රෙස්ටෝරන්ට්, බොල්ගොඩ රිකී වයිට් හවුස් බංගලාව... ඉදිරියේදී මොරටුවේ හදන ලක්ෂරි නිවාස සංකීර්ණය.

    මේවා ඉදිරියේ පවතින්නෙත් පවුලේ ව්‍යාපාර ලෙසමද...

    මගේ පුතා රිකී හිටියා නම් මගේ සිනමා ව්‍යාපාර සියල්ල එලෙසම පවතීවි. මගෙන් පස්සෙ චිත්‍රපටි කරන්න කෙනෙක් අපේ පවුලෙ නැහැ. මගේ දුව මේ කිසි දේකට ආසාවක් නැහැ. එයා කැමැති චෙෆ් කෙනෙක් වෙන්න. අනාගතයේ මං ඉතිරි කරන්නෙ එයාට ගැළපෙන ව්‍යාපාර විතරයි.

    මොකක්ද ඔබේ Business Style එක...

    චිත්‍රපටි සම්බන්ධයෙන් නම් අඩු බජට් එකකින් චිත්‍රපටි කිරීම. අජාසත්ත සහ තණ්හා රතී රඟා ඉහළ බජට් වලින් කළ චිත්‍රපට. ඒ දෙකම පාඩුයි. 64 මායම්, මට ලාබයි. අපේ රටේ හැටියට අඩු බජට් චිත්‍රපටි තමයි ගැළපෙන්නේ.

    එතකොට Management Style එක...

    සේවකයන්ගේ මරණෙට මඟුලට යන, ඔවුන්ගේ දුක සැප බලන කෙනෙක්. නමුත් ප්‍රශ්න, මගේ ළඟට එන්න ඕනේ අන්තිමටයි. ආයතනික පද්ධතීන් අනුව ප්‍රශ්න තිබේ නම් ඒවා තම තමන්ගෙ බොස්ලගෙන් විසඳා ගත යුතුයි. මගේ ව්‍යාපාර සියල්ල තුළ මම සියයට සියයක් ක්‍රියාකාරීයි. නමුත් මම ඉන්නෙ අතේ දුරින්.

    චිත්‍රපටි කරලා ගේ දොර අහිමි කරගත්තු අය ඉන්න රටේ ඔබට විතරක් හරි ගියේ කොහොමද...

    තාත්තගේ සල්ලි අරන් සිනමාවට ආවට, ඇ‍ඟේ උණට චිත්‍රපටි කළාට, ඒ උණෙන් මං නැතිවුණේ නැහැ. සිනමාව මැද තියාගෙන මං ව්‍යාපාර ජාලයක් හැදුවා. ඔවුන්ට වඩා වෙනස් විදියකට හිතුවා. එච්චරයි. හෝ ගානා පොකුණ චිත්‍රපටි ශාලාවල ලක්ෂ 12ක් ප්‍රේක්ෂකයො බලනකොට, මං DVD විතරක් ලක්ෂ 8ක් විකිණුවා. ‘සිංහයා’ බැලුවෙ ලක්ෂ තුනයි. මං DVD ලක්ෂ හතරක් විකිණුවා. යම් චිත්‍රපටියක් පාඩු වුණත් මං ඒ අලාබෙ DVD වලින් අල්ලනවා. පවුලක් චිත්‍රපටියක් බැලුවොත් රුපියල් දෙදාහක් ඉවරයි. ප්ලාස්ටික් කවරෙ නැති හොඳ කොලිටි DVD එක එකසිය විස්සයි. මට ඒ අහුමුලු හොඳට පේනවා. ඒවායින් ව්‍යාපාරික අවස්ථා හදනවා. ඒක තමයි මගේ විදිය.

    සාර්ථකත්වය කරා යන්නෙ අවදානම් ගන්න මිනිස්සු... මේ කතාව ‍ඔබේ ජීවිතයෙන් පහදන්න...

    චිත්‍රපට කරපු මුල් කාලෙ මං කැසිනෝ ක්ලබ් එකක් කළා. පාඩුයි. වහලා දැම්මා. ලෝකෙ ඉන්නවා නම් කැසිනෝ කරලා පාඩු ලබපු මිනිහෙක් ඒ, මම වෙන්න ඇති. නොදන්න බිස්නස් වලට ගියේ ඉක්මනට සල්ලි හම්බකරන්න. මට වැරදුණා. තව පාරක් මං සීනි සහ රට ලූනු කන්ටේනර් දෙකක් ගෙන්නුවා. මුහුද මැදදි ඒ නැවේ බඩුවලට තව නැවක් ඇවිත් මුහුදු වතුර ගැහුවා. ලංකාවට එනකොට ලූනු පැළ වෙලා. සීනි ගල් වෙලා. අන්තිමේ ලූනු ලොරි දෙක තුනම සෙබස්තියන් කොලේජ් එකේ ඌරු කොටුවට හැලුවා. පැළවෙලා නැති ලූනු කිලෝ ‍තුන හතරක් මල්ලක දාගෙන ගෙදර අරන් ගියා. මේවා සල්ලි නැති කරගත්තු අවදානම් තකතීරු වැඩ. ඒ වුණාට මං ඒවායින් ඉගෙන ගත්තු පාඩම්වලට මිලක් නැහැ.‍

    තාත්තා ඔබට දොස් කියන්න ඇති...

    නැහැ. තාත්තා කළෙත් අවදානම් වැඩමයි. නැත්නම් චිත්‍රපටි කරලා ඇණ ගත්තු පුතෙකුට අන්තිමේ ගෙදර ඔප්පුවත් දෙයිද, ආපහු චිත්‍රපටි කරන්න. මේ වැරදීම් පැරදීම් ජීවිතේ තියෙන්න ඕනේ.

    මොකක්ද ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය...

    රිකී ගේ මරණය. එයාගෙ අම්මා වගේ ම සුදු ලස්සන පුතෙක්. පුතෙක් කියලා මට හිටියෙත් එච්චරයි. අවුරුදු නවයෙදි හිටි අඩියෙ ඒ දරුවා අපිව දාලා යනවා. වළලන්න මොහොතකට කලින් හරි රිකී නැඟිටියි කියලා මගේ වයිෆ් බලාගෙන ඉන්නවා. පොළොව යටට පෙට්ටිය යනවා. පස් පිඩැලි එක දෙක වැටිලා පෙට්ටිය වැහිල ම යනවා. කෝ අපේ පුතා! මෙච්චර වෙලා පෙනි පෙනි හරි හිටපු දරුවා කෝ...! අපි පියවි සිහියට ආවද... අපිට පිස්සු හැදීගෙන එනවද... හිතා ගන්න බැරි වුණා. මං වෙනස් මනුස්සයෙක් වෙන්නෙ මේ සිදුවීමෙන්.

    කොහොමද ඒ වෙනස්වීම සිනමාවට හා සමාජයට දැනෙන්නේ...

    මං කරපු චිත්‍රපටි 50ක් විතර කිසිම තේරුමක් නැති ඒවා බව තේරුණා. එච්චර කල් ෆාස්ට් ට්‍රැක් එකක ගිය මං ‘‍ස්ලෝ’ වුණා. දෝණි, දරුවනේ, හෝ ගානා පොකුණ,.... එන්න තිබෙන, ‘හීන හොයන සමනල්ලු’ වගේ ළමා චිත්‍රපටි හැදුණෙ ඉන් පස්සෙ. ඒ විතරක් නෙවෙයි, මං රිකීගෙ වයසෙ දරුවො පහළොස් දෙනකුට ඉගෙන ගන්න උදව් කරන්න ගත්තා. අද ඒ ළමයි ඕ - ලෙවල් පන්තියේ. හිටිය නම් රිකීත් ඕ - ලෙවල් පංතියේ.

    පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

    ඉගෙන ගන්න දක්ෂයෙක්. ඇත්ලටික්, ක්‍රිකට් සහ බාස්කට් බෝල් ක්‍රීඩාවලින් වාර්තා තැබූ වර්ණ ලාභී ක්‍රීඩකයෙක්. විෂයක් හැටියට මං කොමර්ස්වලට ආසා කළා. මොකද තාත්තා කළෙත් ව්‍යාපාර නිසා. ක්‍රීඩාවට ආසා වුණාට, අයියත් බිස්නස්වලට ම ගියා. නංගිලා දෙන්නා වෙනත් ව්‍යාපාරවල නියැළිලා.

    දුක් අමාරුකම් කවදාවත් විඳලා තියෙනවද...

    මොරටුව වැලන්ටයින් හෝටලය සහ බේකරිය තාත්තගේ. සල්ලිය බාගෙ තිබුණට තාත්තා අයියවයි මාවයි ඉස්කෝලෙ යැව්වෙ පයින්. ගේ තිබුණෙ මොරටු විද්‍යාලෙ ළඟ. එතැන ඉඳන් ශාන්ත සෙබස්තියන් විදුහලට, කිලෝ මීටර දෙකක්වත් නැති දුරක්. පරක්කු ම වුණොත් බේකරියෙ ළමයෙක් එක්ක පුෂ් බයිසිකලේ ගියා.

    අම්ම තාත්තාගෙන් ජීවිතයට ලැබුණු හොඳ ම දේ කියන්න...

    සාමාන්‍යයෙන් තාත්තලා තමයි කියන්නෙ, ‘පුතේ ඔයා මේක කරන්න ඕනේ... අරක එපා...!’ කියලා. නමුත් මගේ තාත්තා, මං චිත්‍රපටිවලින් ‘ඇනගත්තා’ කියලා දැන දැනත් මහ ගෙදර ඔප්පුව මගේ අතට දුන්නා. ‘පුතේ දැන් මට ඔයාට දෙන්න තියෙන්නෙ මෙච්චරයි. පුළුවන් නම් මේකෙන් ගොඩඑන්න....’ කියලා. මට වටින්නෙ ඒ තේරුම් ගැනීම. යමක් සාර්ථක වනතුරු අත්හරින්න එපා පුතේ! කියන ජීවිත පාඩම. ඒ දුන්නු නිදහස. අම්මා අපිට ඇති තරම් ආදරේ කළා. කිසිම ලෙඩක් නැතිවත් මට අවු‍රුදු විසි එකේදි ඇය හිටිඅඩියෙ මිය ගියා. හොඳින් ජීවත් වීමේ පාඩමයි, මං අම්මගෙන් ඉගෙන ගත්තෙ.

    මොනවද ඔබට ළමයෙක් හැටියට තිබූ හීන සහ අරමුණු...

    ලොකු සල්ලිකාරයෙක් වෙන්න ආසා කළා. ඊට කලින් මට තිබුණෙ හොඳ ක්‍රිකටර් කෙනෙක් වෙන හීනෙ. ඒත් සියල්ල එපාවූ දවසක් ආවා.

    ළමයකුට ඇයි ඒ තරම් එපා වීමක්...

    1979 ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය විවෘත කරලා ගහපු පළමු බිග් මැච් එකට අපේ ඉස්කෝලෙන් මාවත් තේරුණා. ‘සුනිල් හෙට ස්ටේඩියම් එකේ බිග් මැච් එකට සෙල්ලම් කරනවා...’ කියලා තාත්තා පාටියකුත් දැම්මා. අයියා යාළුවො මහපිරිසක් එක්ක මට චියර් කරන්න සියල්ල ලෑස්ති කරලා. එදා අපි ග්‍රවුන්ඩ් එකට ගියා. අනේ! මම කැපිලා... මාව කරකවලා අතඇරියා වගේ. ඒ අවුරුද්දේ අපේ කණ්ඩායමේ නායකයා වුණේ රොජර් විජේසූරිය. කණ්ඩායමෙනුත් කැපිලා ‘ෂොක්’ වෙලා හිටපු මාව දවල් වෙද්දි පොලිසියෙන් අරන් ගියා. චෝදනාව, රොජර්ට අපි ගහන්න හිටියා කියලා කවුදෝ යවපු රාවය. මෙහෙ මැච් එක යනවා, මායි අයියයි මොරටු පොලිසියේ පැය තුනක් බංකුවක් උඩ. එදා තමයි මට ඉස්කෝලෙ - ක්‍රිකට් - අධ්‍යාපනය සියල්ල එපා වුණේ.

    ඒත් ඔබ ඉස්කෝලෙ මාරු කරනවා...

    ඊළඟට තාත්තා මාව සෙන්ට් පීටර්ස් දානවා. ඒත් මගේ හිත හරි නැහැ. සෙන්ට් සෙබස්තියන් කොලේජ් එකේ NCG විභාගෙන් හොඳම ප්‍රතිඵල ගත්තු මං කොමර්ස්වලින් උසස්පෙළ හදාරමින් හිටි මං, ආයෙ ඉස්කෝලෙ නොයන්න තීරණය කරනවා.

    වැටුණු විදියට වඩා ජීවිතේ ආපහු නැඟිටින විදයයි වැදගත්... ඔබට ‍මෙහෙම හිතුණෙ නැද්ද...

    හිතුණා.මේ සිදුවීමෙන් මං මහා ධෛර්යයක් හිතට ගත්තා. ‘මං මෙතනින් එහාට බිස්නස්වලින් විශ්‍රාම ගන්නවා. පුතාලා මට කියන්නෙ කරන්න කැමැති දේ...’ තාත්තගෙ පනස්වැනි උපන්දිනය දවසෙ පවුලෙ හැමෝ ම කැඳවලා තාත්තා කියනවා, ‘තාත්තෙ මට ඕනෙ පික්චර් හදන්න...’ ‘බයිස්කෝප්....?’ තාත්තා පුදුම වෙලා මගෙන් අහනවා. ඔව්! මං පික්චර් හදනවා... ඒ තමයි මගේ අධිෂ්ඨානය. තාත්තා මට සියලු පසුබිම හදලා දෙනවා. මං ආපහු නැඟිටින්නෙ චිත්‍රපටිත් එක්ක.

    එහෙම හිතන්න මොකක්ද මොකක්ද ඔබට තිබුණු පසුබිම...

    මං ඉස්සරවෙලා ම තනියම චිත්‍රපටියක් බැලුවෙ වයස 12දි මොරටුව මානෙල් හෝල් එකේ, මහා පෝළිමක ඉඳලා. ඒ; ‘හොඳට හොඳයි’ චිත්‍රපටිය. එතැන ඉඳලා මානෙල්, ටවර්, එමෙස්.. ඔය සිනමා ශාලා තුනට එන කොයි චිත්‍රපටයත් බැලුවා. දවසක් කොලේජ් එකේ ක්‍රිකට් ටීම් එකේ අරමුදලට සල්ලි එකතු කරන්න සර් මට පවරනවා. ‘අපි චිත්‍රපටියක් පෙන්වමු...’ මං යෝජනා කරනවා. මගේ යෝජනාවට තාත්තා උදව් කරනවා. ජෝ මයිකල් හරහා ප්‍රොජෙක්ටරයකින් අපේ ඉස්කෝලෙ මං ‘සිරිල් මල්ලි’ පෙන්වනවා. මහා සෙනගක්. අපිට නොහිතපු සල්ලියක් ලැබෙනවා. ඊළඟ ‘දෙවියනි ඔබ කොහෙද’ චිත්‍රපටියත් පෙන්වනවා. ඒකෙනුත් හොඳ ආදායමක් හොයනවා. ‘මේකෙන් හොඳට සල්ලි හොයන්න පුළුවන්නේ...’ එදා මට හිතෙනවා. එදා එළියට ආවේ, එහෙම තැන්පත්වුණු චිත්‍රපටි පිළිබඳ ආසාව.

    අද එමෙස් සිනමාහලත් ඔබේ...

    ඔව්. වයස 15දි දවසක් මම එමෙස් එකට ගියා. එදා තිබුණෙ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්. මැනේජර් මාව කනෙන් අල්ලලා එළියට දැම්මා. මං එමෙස් එක සල්ලිවලට ගන්නකොටත් ඒ මැනේජර්ම හිටියා. මං එයාව තියාගත්තා.

    විශ්වාසය සහ ආත්ම ශක්තිය හිතට ගෙනෙන ප්‍රබෝධය කවදාවත් විඳලා තියෙනවද...

    අවුරුදු දහඅටක්වත් නැති මට රුපියල් එක්ලක්ෂ හැටදාහක් ‍වියදම් කරලා තාත්තා පොල්ගස්ඕවිට සිනමා ශාලාව අරන් දෙනවා. ඒ, තාත්තගෙ එක රෝසා බස් එකක් විකුණලා. ‘උඹ හරියට ඉගෙන ගන්නෙත් නැහැ. මේ‍කත් අපරාදෙ වෙයිද දන්නෑ....’ කවදාවත් මගේ තාත්තා එහෙම කිව්වෙ නැහැ. මා තුළ තිබුණු ආත්ම ශක්තියට විශ්වාසෙට තවත් අත්වැලක් වුණා. සිනමා ශාලාව අරන් දුන්නට චිත්‍රපටි ගන්න තාත්තා දුන්නෙ ලෝන්. ඩිංගිරි මැණිකා, දෙයියන්ගෙ රටේ, චණ්ඩාලි චිත්‍රපටි තුන මං ගත්තෙ හැටදාහකට. මං ඒකෙන් හොඳට හෙව්වා. තාත්තගෙ හැටදාහ තුන්මාසෙන් හෙව්වා.

    ඔබ හැදුණෙ සිනමාවෙන්... කවුරු හරි මෙහෙම කිව්වොත්...

    මං චිත්‍රපටි වලින් කෝටි ගණන් හම්බකරලා ඇති. කෝටි ගාණක් නැතිකරගෙනත් ඇති. ඔබ දන්නවද! මම මුලින් ම රැවටුණේ නිළියන්ට. ඊළඟට සමහර අධ්‍යක්ෂවරුන්ට... සිනමාවට ගෑවුණු විවිධ පුද්ගලයන්ට.

    තවමත් කාන්තාවන්ට රැවටෙනවද...

    අද කවුරු ආශ්‍රය කළත් මං දන්නවා හැරෙන කොට ම, එන්නෙ පොල් පැළේට කියලා. ඒ අය හිතනවා ඇති මං රැවටිලා කියලා. එහෙම ම හිතපුවාවේ.

    මොකක්ද ඔබ කරපු පළමු චිත්‍රපටිය...

    තාත්තා මූලික වෙලා කරපු මද්දුම බණ්ඩාර. මං චිත්‍රපටියෙ හිටියට තාත්තා තමයි නිෂ්පාදක. අධ්‍යක්ෂවරයා මාවයි තාත්තවයි හොඳට ‘කඩේ යැව්වා’. මිනිහා මද්දුම බණ්ඩාරගෙ බෙල්ලම තුන්පාරක් කැපුවා. මං සිනමාව ඉගෙන ගන්න ගත්තෙ මේ චිත්‍රපටියෙ සිද්ධ වුණු වැරැදිවලින්. කරගන්න බැරිතැන තාත්තා අන්තිමේ චිත්‍රපටිය මට ම දුන්නා. ඒ වෙනකොට මං මගේ ම ‘චණ්ඩි පැටව්’ චිත්‍රපටියටත් අතගහලා. ‘පුතුනි මට සමාවෙන්න’ සහ ‘කෝ හතුරෝ’ කළේ ඊට පස්සෙ. මේ චිත්‍රපටි හතර ම ෆේල්.

    පළවෙනි චිත්‍රපටි හතර ම ෆේල් වෙලත් ඇයි ඔබ චිත්‍රපටි කෙරුවාව අත් නොහැරියේ...

    ඇ‍ඟේ තියෙන උණට. හැබැයි හතර ම වැරැදුණාට එතැනින් තමයි මගේ සිනමාවෙ ඉගැනීම ලැබෙන්නෙත්. මට සෝනියා දිසා මුණ ගැහෙනවා. අපි එකට චිත්‍රපටි කරන්න ගිවිසා ගන්නවා. සෝනියා එයාගේ ගේ උකස් කරනවා. මං මගේ මහ ගේ උකස් කරනවා. ‘ජය අපටයි’ බිහිවෙන්නෙ ඒ විදියට. චිත්‍රපටිය අති සාර්ථකයි. එතැන් පටන් මං නොනවතින ගමනක් එනවා.

    ඔබේ සිනමා ජීවිතයේ සාර්ථකම හවුල්කාරිය ඇය ද...

    මං එහෙම ම කියන්නෑ. මං නිසා එයා හැදුණා. එයා නිසා මාත් හැදුණා. අපි චිත්‍රපටි දහඅටක් එක්ව හැදුවා. 1992 අවුරුද්දෙ මං ඇගෙන් වෙන්වෙලා තනියම ‘සුනිල් ටී ‍ෆිල්ම්ස්’ පටන් ගන්නවා. අදටත් අපි මිත්‍රයො.

    ඔබ හැමදාම සමාජෙට දුන්නෙ හොඳ දේ විතරද...

    තැනකට එනකල් බොහෝ ව්‍යාපාරිකයන්ට ප්‍රතිපත්ති රැකගෙන බිස්නස් කරන්න බැහැ. කවුරු නොකිව්වත් ඒක තමයි ඇත්ත. හැබැයි යම් කාලෙක සියල්ල අවබෝධ කර ගත හැකියි. ඒවායින් මිදිය හැකියි. ඒ ධර්මතාව මටත් පොදුයි. මම දැන් ඉන්නෙ දෙවැනි යුගයේ.

    දැන් ඔබේ වයස කීයද...

    අවුරුදු 55 යි. හැබැයි ඒ 55ට මං අවුරුදු 80ක වැඩකරලා තියෙනවා. මේ රටේ පන්සිය දෙනකුට විතර රස්සා හදලා තියෙනවා. මිනිහෙක් වුණොත් කළ යුතු සියල්ල කරලා තියෙන්නේ.

    එතකොට අත්හැරුණු කිසිවක් නැද්ද...

    මට අත්හැරුණෙ මගේ රිකී විතරයි. අවුරුදු නවයෙදි එයා මට ඊ - මේල් එඩ්‍රස් එකක් හදලා දුන්නා. මං තාත්තිට වෙබ් එඩ්‍රස් එකක් හදලා දෙන්නම් කිව්වා. එයාට පුදුම කම්පියුටර් දැනුමක් තිබුණා. ඒ 2010දි. එයාගෙ කාමරේ තවම එයා කියවපු ඉංග්‍රීසි පොත් 1500, තවම තියෙනවා. හැමදාම මං එයාට හවසට පොත් දෙකක් අරන් යන්න ඕනේ. ඉස්පිරිතාලෙදිත් එයා පොත් කියෙව්වා. තවම මට හිතෙන්නෑ එයා මැරුණා කියලා. රිකිගේ වයසෙදි ම මගේ නංගිගෙ පුංචි පුතාත් සංචාරක හෝටලයක වීදුරුවක වැදිලා ඒකට ම යටවෙලා නැතිවුණා. ඒ පුතා, මගේ පුතා... මේ දෙන්න ම මට අත්හැරුණු, මගේ ජීවිතයේ කොටස්. එතැනින් එහාට සල්ලි තියා භෞතික කිසි දෙයක් මට ලොකු නැහැ.

    ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් ආදර්ශය කුමක්ද...

    ‘පුෂ්’බයික් එකේ ගිය මං, මෝටර් සයිකලයෙන් ගියා. ඊළඟට 12 ශ්‍රී.. 300 ශ්‍රී... කාර් පැද්දා. අන්තිමට තමයි එස් 5 බෙන්ස් එකක් පැද්දෙ. ඉස්සරහට තබපු අඩිය අවසානය දකිනතෙක් ගත්තෙ නැති කෙනෙක් මං. ජීවිතයට යම් ඉලක්කයක් හදා ගන්න. ඒ වෙනුවෙන් වැඩකරන්න. හඹා යන්න. වැටෙන පැරදෙන තැන්වලදි හිටියට වඩා හයියට නැගිටින්න. ඒ තමයි මගේ ජීවිතාදර්ශය.

    ඉනෝකා පෙරේරා බණ්ඩාර
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    "" ‘පුෂ්’බයික් එකේ ගිය මං, මෝටර් සයිකලයෙන් ගියා. ඊළඟට 12 ශ්‍රී.. 300 ශ්‍රී... කාර් පැද්දා. අන්තිමට තමයි එස් 5 බෙන්ස් එකක් පැද්දෙ. ඉස්සරහට තබපු අඩිය අවසානය දකිනතෙක් ගත්තෙ නැති කෙනෙක් මං. ජීවිතයට යම් ඉලක්කයක් හදා ගන්න. ඒ වෙනුවෙන් වැඩකරන්න. හඹා යන්න. වැටෙන පැරදෙන තැන්වලදි හිටියට වඩා හයියට නැගිටින්න. ඒ තමයි මගේ ජීවිතාදර්ශය."
    :yes: :yes: :yes:
    TFS ++
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,906
    113
    Dubai
    "" ‘පුෂ්’බයික් එකේ ගිය මං, මෝටර් සයිකලයෙන් ගියා. ඊළඟට 12 ශ්‍රී.. 300 ශ්‍රී... කාර් පැද්දා. අන්තිමට තමයි එස් 5 බෙන්ස් එකක් පැද්දෙ. ඉස්සරහට තබපු අඩිය අවසානය දකිනතෙක් ගත්තෙ නැති කෙනෙක් මං. ජීවිතයට යම් ඉලක්කයක් හදා ගන්න. ඒ වෙනුවෙන් වැඩකරන්න. හඹා යන්න. වැටෙන පැරදෙන තැන්වලදි හිටියට වඩා හයියට නැගිටින්න. ඒ තමයි මගේ ජීවිතාදර්ශය."
    :yes: :yes: :yes:
    TFS ++

    :yes:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113


    patta machn
    Rep++

    ela anna minissu..

    "" ‘පුෂ්’බයික් එකේ ගිය මං, මෝටර් සයිකලයෙන් ගියා. ඊළඟට 12 ශ්‍රී.. 300 ශ්‍රී... කාර් පැද්දා. අන්තිමට තමයි එස් 5 බෙන්ස් එකක් පැද්දෙ. ඉස්සරහට තබපු අඩිය අවසානය දකිනතෙක් ගත්තෙ නැති කෙනෙක් මං. ජීවිතයට යම් ඉලක්කයක් හදා ගන්න. ඒ වෙනුවෙන් වැඩකරන්න. හඹා යන්න. වැටෙන පැරදෙන තැන්වලදි හිටියට වඩා හයියට නැගිටින්න. ඒ තමයි මගේ ජීවිතාදර්ශය."
    :yes: :yes: :yes:
    TFS ++

    TFS
    Rep denda balu



    :yes::love:
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    Mul kale echchara hoda kenek neme kiyala eyama kiyala thinawa.eth e minissungen unath ganna godak hoda dewal thiyenawa.rep +

    forget his casino and cheap cinema and other bullshit. Get the way he achieved his dream. How he kept his focus with so many failures.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    "" ‘පුෂ්’බයික් එකේ ගිය මං, මෝටර් සයිකලයෙන් ගියා. ඊළඟට 12 ශ්‍රී.. 300 ශ්‍රී... කාර් පැද්දා. අන්තිමට තමයි එස් 5 බෙන්ස් එකක් පැද්දෙ. ඉස්සරහට තබපු අඩිය අවසානය දකිනතෙක් ගත්තෙ නැති කෙනෙක් මං. ජීවිතයට යම් ඉලක්කයක් හදා ගන්න. ඒ වෙනුවෙන් වැඩකරන්න. හඹා යන්න. වැටෙන පැරදෙන තැන්වලදි හිටියට වඩා හයියට නැගිටින්න. ඒ තමයි මගේ ජීවිතාදර්ශය."
    :yes: :yes: :yes:
    TFS ++

    :yes::yes::)
    බහුතරයක් කරන්නේ මේකේ අනිත් පැත්ත. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා කන්න බොන්න නැතත් ලිස් කරලා කාර් එකක් ගන්නවා. ඊට පස්සේ ජීවිතේ ගෙවෙන්නේ කාර් එකට ලීස් එක ගෙවන්න. පැට්‍රල් ටික ගහ ගන්නවත් අතේ සල්ලි නෑ. :( කාලෙත් එක්ක මානසික පීඩනය වැඩි කරගෙන දියුනුවට නෙවෙයි එන්න එන්නම අගාදයට පාර කපාගන අන්තිමට ලෝකෙට පොළු කාරයෙක් වෙනවා.