ඒ වෙනුවට ඌ කැමරා බඩු වගයක් ඇපේට ගෙනල්ලා තිබ්බ එපා කියද්දි දැන් අවුරුදු 3 ක් විතර වෙනවා, මාස කීපයකින් සල්ලි ආපහු දීල යනකල් උඹ තියාගනින් කියල කීවේ. ඇත්තටම සල්ලි දුන්නෙනම් උදවුවක් විදියට ආපහු ගන්න බලාගෙන නෙවෙයි ඒත් මේ ගෙදර ගෙනල්ල දාල ගිය කැමරා බඩු ටික මාර වදයක් වෙලා තියෙන්නෙ දැන්. ඌට කතා කරාම කියන්නෙ බඩු ටික උඹ තියාගනින් සල්ලි ගෙනල්ල දෙන්නම් කියල ඒත් සල්ලිත් නෑ බඩු ගෙනියන්නෙත් නෑ ඌ. මම බැලුවෙ මේ කැමරා බඩු ටික විකුනලා දාලා මේ වදෙන් ගැලවෙන්න මොකද ගෑනි බනිනව කසිකබල් ගේ අස්සෙ ගොඩගහගෙන ඉන්නවා කියලා. මට අවුල අරූ තරහ වෙයිද කියල බඩු ටික විකුනලා දැම්මොත්.