හොරගොල්ල ජාතික උද්‍යානය

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හොරගොල්ල ජාතික උද්‍යානය

    මේ දවස්වල වැස්ස හින්ද වැඩක් යොදාගත්ත වෙලාවට කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. අපිට ඉතින් වැස්සේ තෙමි තෙමි ෆොටෝ ගන්න අමරු හින්ද වැස්ස පොඩ්ඩක් අඩු වෙනකන් ඉඳලා ගමන පිටත් උනා. අද අපේ ගමනාන්තය වන්නේ හොරගොල්ල ජාතික වනෝද්‍යානය.
    හොරගොල්ල ජාතික උද්‍යානය අයත් වන්නේ බස්නාහිර පළාතට ඒ වගේම මේක තමයි බස්නාහිර පළාතට අයත් එකම ජාතික උද්‍යානයත්.ගමන් මාර්ගය විස්තර කලොත් කොළඹ නුවර පාරේ නිට්ටඹුව නගරයට ඇවිල්ලා නිට්ටඹුව වේයන්ගොඩ පාරේ පින්නගොල්ල හන්දියට එන්න ඕනේ. පින්නගොල්ල හන්දියට එනකන් පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න පුළුවන් උනත් පින්නගොල්ල හන්දියේ ඉඳල හොරගොල්ල ජාතික උද්‍යානය වෙත යන්න කිලෝමිටරයක විත‍ර දුරක් එක්කෝ පයින් යන්න ඕනේ නැත්තන් තිරෝද රථයක් පාවිච්චි කරන්න ඕනේ.
    හොරගොල්ල ජාතික උද්‍යානයට යන අයට වාහන නවත්තන්න වෙන්නේ පාර දෙපැත්තේ. මෙතන පාකින් කියලා විශේෂයෙන් හදපු තැනක් නෑ. ඒ වගේම වනෝද්‍යානයට ඇතුල් වෙන්න තියෙන්නේ අඩි හතරක් විතර පමන පළල පටු පාරක්. ඒ පාර දිගේ ටික දුරක් යද්දී අපිට හම්බ වෙනවා හොර කැලේ වැව. මේක හදල තියෙන්නේ 1992 අවුරුද්දේ. වනෝද්‍යානයට ඇතුල් වෙන්න ඕනේ මේ වැවු බන්ට් එක උඩින්.
    හොරගොල්ල වන උදානයට ඇතුල්වෙන තැනම තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ටිකට් කවුන්ටරය.ඒ වගේම කුඩා කෞතුකාගාරයක් තියනවා. ඒ ආසන්නයේම තියනවා රෝගී සතුන්ට ප්‍රතිකාර කරලා වනයට නිදහස් කරනකන් කුඩුවල රදවා තබාගන්න ගොඩනැගිල්ලක්.වන උද්‍යානයට ඇතුල්වෙන්න අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම් පත ඉදිරිපත් කලයුතු වෙනවා. ඒ වගේම වනෝද්‍යානය තුල හැසිරිය යුතු ආකාරය සහ මාර්ග පිළිබඳව මුලික දැනුවත් කිරීමක් වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරී මහතුන්ගෙන් ලැබෙනවා කොයි කාටත්.
    හොරගොල්ල ජාතික වන උද්‍යානය ආරම්භ වෙලා තියෙන්නේ 1970 සැත්තැම්බර් 5 වෙනිදා වන සත්ව අභයභූමියක් විදියට. ඒ ලංකාවේ සුප්‍රකට දේශපාලන පවුලක් වන බණ්ඩාරනායක පවුලේ හොරගොල්ල ප්‍රදේශයේ පිහිටි වතුයායක් එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමත් සමග.එත් හොරගොල්ල සතු ඉතා සරු ජෛව විවිදත්වය හින්දම පසුකාලීනව ඒ කියන්නේ 2004 වර්ෂයේදී හොරගොල්ල වනසත්ව අභයභුමිය ජාතික වන උද්‍යානයක් බවට උසස්වීමක් ලබනවා. මෙම වන උද්‍යානය හෙක්ටයාර 33 ක වපසරියක විසිරුණු වනාන්තර පරිසර පද්දතියක්.හොරගොල්ල ජාතික උද්‍යානය අයත් වන්නේ පහතරට තෙත් කලාපිය සදාහරිත වනාන්තර ගණයට. අවුරුද්දේ මැයි සහ සැත්තැම්බර් අතර බස්නාහිර පළාතට වැටෙන නිරිතදිග මෝසම් වැස්සෙනුයි, ඔක්තෝම්බර් දෙසැම්බර් අතර අන්තර් මෝසම් වස්සෙනුයි පෝෂණය වන මේ වන උද්‍යානය වසර පුරා පවතින හිතකර උෂ්ණත්වය හින්දම ඉතා සරුවට වැඩුණු ශාක ප්‍රජාවකට උරුමකන් කියනවා.
    අදාල ගාස්තු ගෙවලා අපි වනයට ඇතුල් උනා. ඇවිදීම සඳහා අඩි දෙකහමාරක් විතර පළලට කළුගල් අල්ලපු පාරවල් හදලා තියන එක හරි පහසුවක් උනා.දෙපැත්තේම තියෙන්නේ බොහොම සරුවට වැඩුණු උඩු වියනක් සහිත ගණ කැලෑවක්. නමට හරියන විදියටම හොරගේල්ලේ තියෙන්නේ 70% විතර ශ්‍රී ලංකාවට ආවේනික හොර ගස් (Dipterocarpus Zeylanicus). IUCN රතු දත්ත පොතට අනුව හොර කියන්නේ ඉතාම තර්ජනයට ලක්වෙලා තියන ශාක විශේෂයක්.ඒ වගේම :-
    කැකුණ ( Canarium zeylanicum ) - ආවේනික -තර්ජනයට ලක්වූ , ගොඩපර ( Dillenia retusa ) , කිතුල් ( Caryota urens ) , නැදුන් ( Pericopsis mooniana )- ආවේනික -තර්ජනයට ලක්වූ , ඇටබ ( Mangifera zeylanica ) - තර්ජනයට ලක්වූ , රුක්අත්තන ( Alstonia scholaris ) , අංකෙන්ද ( Acronychia pedunculata ) , මිල්ල ( Vitex pinnata ) - තර්ජනයට ලක්වූ , මුනමල් ( Mimusops elengi ) , පුස් වැල් (Entada rheedii ) , ඇත්දෙමට ( Gmelina arborea ) , පිහිඹිය ( Filicium decipiens ) , තේක්ක ( Tectona grandis ) , ඇහැල (Cassia fistula)
    කියන ශාක වලට අමතරව විවිද සත්ව විශේෂ වන සුදු තිත් මීමින්නා ( Moschiola meminna ) - ආවේනික , හඳුන් දිවියා ( Prionailurus viverrinus ) , දඬු ලේනා ( Ratufa macroura ) සහ කුරුළු විශේෂ වන ගිරා මලිත්තා (Loriculus beryllinus) - ආවේනික , අළු ගිරවා ( Layards parakeet )- ආවේනික , අළු කෑදැත්තා ( Ocyceros gingalensis ) - ආවේනික , කළු ඉසැසි කොන්ඩයා ( Bulbul ) , රන් පිළිහුඩුවා ( Ceyx erithacus ) හොරගොල්ල ජාතික උද්‍යානයේ අපිට දැකගන්න පුළුවන්. තව සමනුලුන් විශේෂ කිහිපයක්ම හොරගොල්ල වන උද්‍යානය තුල දැකගන්න පුළුවන්. මිට අමතරව විවිදාකාර හතු වර්ග මෙන්ම ලයිකන වර්ග රාශියක්ද මේ වනාන්තරය පුරා විසිරිලා තියනවා.

    කාලගුණ තත්වය යහපත් දවසක අපි මේ කියපු සත්තු කිහිප දෙනෙක් හෝ දැකගන්න පුළුවන්. හැබැයි තමන්ගේ වෙලාව හොඳනම් ඊට වැඩි ප්‍රතිපල උනත් හම්බවෙන්න පුළුවන්.ඒ වගේම මුවන් කිහිපදෙනෙක් දැකගන්න අවස්ථාව තියනවා. විශේෂයෙන්ම වන උද්‍යානය තුල ඇවිදීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ පාරවල් හරහට බැඳලා තියන විශාල මකුළු දැල් ගැන.අවදානයෙන් ගියේ නැත්තන් මකුළු දැල් වල පැටලීම වගේම මකුළු දෂ්ට වලට ලක් වෙන්නත් ඉඩ තියනවා. ඒ වගේම සර්පයන්ගෙන් බේරීම සඳහා පුළුවන් හැම විටම සුපරික්ෂාකාරිව වගේම මාර්ගයෙන් ඉවත්ව කැලෑව තුලට ඇවිදීම නොකළ යුතුයි.ඒ වගේම උද්‍යානය තුල මත්පැන් පානය , ශබ්දනගා කෑගැසීම සහ ගීත ගායනය සපුරා තහනම් වනවා.විශේෂයෙන් සඳහන් කලයුතු දෙයක් තියනවා ලංකාවේ ජාතික වනෝද්‍යානයකින් කිසිදු දෙයක් පිටතට රැගෙන් එන්න අවසර නෑ එමනිසා කිසිදු ශාකමය සහ සත්වමය කොටසක් රැගෙන ඒමට උත්සහ දරන්න එපා.
    අපි වනෝද්‍යානයෙන් එලියට එද්දී හවස් වෙලා තිබ්බා. අපි වන සංරක්ශනේ මහත්තුරුන්ටත් සමුදීලා අපහු එන්න හැරුනා. හොරගොල්ල ජාතික වනෝද්‍යානය තවමත් නොයිදුල් වනයක් විදියට තමයි අපි දැක්කේ. හොඳ නඩත්තු කිරීමක් යටතේ පවත්වාගෙන් යන මේ වනාන්තරය මතුවටත් මේ වගේම රැකගන්න අපිට උතුකමක් තියනවා. ඒ හින්දම ඔබ රැගෙන යන කිසිදු ආගන්තුක ද්‍රව්‍යක් උද්‍යානය තුල දැමීමෙන් වලකින්න කියල අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වනෝද්‍යානය විනෝද වෙන්න යන තැනක් නෙමෙයි ඒ හින්ද ඔබ හොයන්නේ විනෝද චාරිකාවක් නං කරුණාකර හොරගොල්ල ඒ සඳහා තෝරා නොගන්නා ලෙස අපි ඉල්ලා සිටිනවා.
    මේ සංචාරය සාර්ථක කරගැනීම සඳහා උදවු උපකාර කල වන සන්රක්ෂක දෙපාර්තමේන්තුවට සහ හොරගොල්ල ජාතික වනෝද්‍යාන බාර අඩවි වන නිලදාරී මහත්වරුන්ට අවසාන වශයෙන් අපි ස්තුති වන්ත වෙන්න ඕනේ.
    Source:සංචාරක සටහන The WeekendTravellers © 2017 All Rights reserved.
    21740931_287361671667882_5275609806373684339_o.jpg
    21743599_287361665001216_3275414297573715952_o.jpg
    21740595_287361678334548_5294001194965780989_n.jpg
    21730803_287361721667877_2821706475985555783_n.jpg
    18892956_287361741667875_5510202971093287249_n.jpg
    21743029_287361745001208_2205385025476179415_n.jpg
    21753261_287361755001207_6198137137218186739_o.jpg
    21458249_287361801667869_8806838036848856601_o.jpg
    21753227_287361841667865_1273635869951275969_o.jpg
    21740741_287361845001198_6062590946380357780_o.jpg
    21751530_287361891667860_8402665401830335025_n.jpg
    21740702_287361931667856_1506052834361649472_n.jpg
    21551725_287361948334521_6830383963161136024_o.jpg
    21752881_287361971667852_5299672213562348873_o.jpg
    21743298_287361988334517_5772120678221052762_n.jpg
    21730944_287362031667846_4833352115683022588_n.jpg
    21543933_287362045001178_706745184613925677_o.jpg
    21740529_287362068334509_899264598342633705_n.jpg
    21543726_287362121667837_6168034164386755509_o.jpg
    21751569_287362131667836_4597001900769946541_n.jpg
    21740825_287362165001166_6752644454201825313_o.jpg
    21740863_287362195001163_6034606488723768189_o.jpg
    21740301_287362218334494_3834891031042765211_n.jpg
    21740544_287362261667823_2698145916950595790_n.jpg
    21462517_287362311667818_4703089737907169988_n.jpg
    21740151_287362345001148_3117752303679147129_n.jpg
    21731845_287362395001143_3588881189122418277_o.jpg
    21752887_287362425001140_3475147441198205072_o.jpg
    21731167_287362445001138_4684159620899010305_n.jpg
    21743527_287362491667800_4348546945607639765_o.jpg
    21730974_287362531667796_8440676611152671836_n.jpg
    21740858_287362545001128_2987738890923584161_o.jpg
    21730874_287362585001124_1410829177486518041_n.jpg
    21740946_287362598334456_730767306457238953_o.jpg
    21740807_287362651667784_2992493800916189815_o.jpg
    21743842_287362718334444_752162615868566302_o.jpg
    21752225_287362771667772_3259696983047302396_n.jpg
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    නියමයි මචං...මමත් ඔතනට ගිහින් තියනවා තුවාල ෙවච්ච ඉබ්ෙබක්ව ගිහින් ෙදන්න.ඒත් මට අැතුලට නම් යන්න ලැබුන් නෑ.මම යද්දි ටිකක් හවස් ෙවලයි තිබ්ෙබ්.කාර්යාලය ලග අවට විතරයි බලන්න ලැබු ෙන. අාපහු දවසක් යන්න ඔින ඒතනට...
     
    • Like
    Reactions: sebastian show