හොරණ රජමහා විහාරය

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කළුතර දිස්ත්‍රික්කයට අයත් හොරණට කොළඹ ඉඳන් කි. මී.42ක් දුරයි. පානදුර-රත්නපුර ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව තමයි හොරණ නගරය පිහිටා තිබෙන්නේ.

    අතීතයේ හිරඤ්ඤ මලය නමින් මේ ප්‍රදේශය හැඳින්වූ බවට මතයක් පවතිනවා. රයිගම් කෝරළයේ අග නගරය ලෙස ද සැලකෙන්නේ හොරණ යි.

    හයවන පරාක්‍රමබාහු රජුගේ කළිගු බිසවට බෝවන කුෂ්ඨ රෝගයක් වැළඳීම නිසා හිරණ්‍යමලයේ (ඇල්ලේ කන්දේ) පැරණි සොහොන් ගල්ගුහාව පිළිසකර කර නතර කළ බව කියැවෙනවා. ඇයව ගම්වාසීන් වනහාමි ලෙසින් හැඳින්වූ නිසා අද පවා මේ ගල්ගුහාව හඳුන්වන්නේ වනහාමිගේ ගල්ගුහාව නමින්.

    කටාරම් කෙටූ ගල්ලෙන් සහිත විහාර, පුරාණ සෙල්ලිපි කිහිපයක්ම හොරණ අවට තිබීමෙන් පෙනෙන්නේ අනුරාධපුර යුගයේ සිටම මේ ප්‍රදේශයේ බුදුදහම පැතිරී ගිය දියුණු ශිෂ්ටාචාරයක් පැවති බවයි.

    hDyF6nwh4w2V9HCk_1.JPG

    විහාර දාගැබ

    පැරණි යුගයකට අයත් වටිනා ගල්කැටයම් පිරි විහාරයක් හොරණ නගරය මැද තියේ කියා හිතන්නේ කවුද? හොරණ පානදුර පාර දෙපසම විහාරය පැතිරී තිබෙනවා. අද මෙය වඩාත් ප්‍රචලිතව පවතින්නේ එහි ඇති විද්‍යාරත්න පිරිවෙන නිසයි. විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගය දක්වා ඈතට විහිදෙන බව පෙනුණත් මෙහි පැහැදිලි සාධක හමුවන්නේ 13 වන සියවසේ සිට යි. මහාචාර්ය සෙනරත් පරණවිතාන විශ්වාස කරන්නේ 13- 15 සියවස්වල පතිරාජ පිරිවෙන මෙහි පැවති බව යි.

    kvC8w1Ery4UPOlv0_2.JPG

    උඩරට සම්ප්‍රදායේ බිතුසිතුවම්

    විහාරයේ කළුගල් කැටයම් රාශියක් දක්නට ලැබෙනවා. ඒවා කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු යුගයට අයත් බවයි විශ්වාස කරන්නේ. එමෙන්ම 19 වැනි සියවසේ මුල් භාගයට අයත් ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්වන ගොඩනැගිලි රැසකුත් දකින්න පුලුවන්.

    IQ2lNNBTu6rx10xW_3.JPG

    විහාර පදනමේ ඇති නටන වයන රූ කැටයම්

    සිදත් සඟරාව සහ මයුර සංදේශය ලියා ඇත්තේ පතිරාජ පිරිවෙනේ විසූ හාමුදුරුනමක් විසින්. නටබුන් වී කැලෑවට යටවී තිබූ හොරණ රජමහා විහාරයට රජයෙන් ඉඩම ලබාගෙන ඇත්තේ ක්‍රි ව 1840 දී යි. මේ කාරණය සම්බන්ධයෙන් අවුරුදු 10ක් පමණ ඉංග්‍රීසි රජය සමග ලියුම් හුවමාරු කරගැනීමට වීදාගම සෝභිත ස්‌වාමින් වහන්සේට සිදුවුණා. විහාර මන්දිරය ඉදිකර, පිළිමයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම පවත්වා ඇත්තේ 1870 දී යි. හොරණ රජ මහා විහාරය නැවත ආරම්භ කිරීමෙන් පසුව කුඹුකේ මේධංකර සහ බණ්‌ඩාරගම ධම්මානන්ද යන හිමිවරු දෙනමට මෙහි වාසය පවරා තිබෙනවා.

    දඹදෙනි යුගයට අයත් සඳකඩ පහණින් පටන් ගෙන දොරටුපාල රූප, බහිරව රූප සහ කලාත්මක ඔත් පිළිමය දක්‌වා වූ සිංහල කලාකරුවාගේ දෑතේ දස්‌කම් කියාපාන මහා පිළිම ගෙය එදා පැවති තත්ත්වය අපට සිතා ගැනීමට ඉඩ සලසනවා.

    සඳකඩ පහණ සහ ගල් කැටයම්
    s091qDxmhH53bk2H_4.JPG

    මල් කැටයම් සහිත සඳකඩ පහණ

    හොරණ රාජමහා විහාර භූමියෙන් ලැබී, දැනට කටුගෙයි තැන්පත්කොට ඇති සඳකඩපහණ විශේෂයෙන්ම සඳහන් කළ යුතු යි. එය අපේ සඳකඩ පහණ හැදෑරීමේ දී අනිවාර්යයෙන් සඳහන් වන ශිලා නිර්මාණයක්. දැනට මෙහි ඉතිරිව ඇත්තේ සඳකඩපහණ හතරක්‌ පමණයි. එයින් තුනක්‌ විහාරාංගනයේත්, එකක්‌ කොළඹ ජාතික කෞතුකාගාරයේත් තිබෙනවා. එතරම්ම වැදගත් නොවන තවත් චාම් සඳකඩ පහණ කිහිපයක්‌ ද විහාර බිමේ දක්‌නට පුළුවන්.

    විදුරසුන් ගල, ගල් උලුවස්‌සක උඩු කොටස (එහි ඇත් පෙරහැර කොටා ඇත), විහාරයේ ගල් ආසනයේ කැටයම්, ගලින් නෙළන ලද නලා පිඹින්නාගේ රූපය, ගල්ටැම්, බලුසිංහ රූප කැටයම, සුවිශාල ගල් උලුවස්‌ස, කේසර සිංහ කැටයම් ගල් පුවරුව, බෙහෙත් අඹරන ගල, ගලින් නෙළූ නෙළුම් දණ්‌ඩ, ගණදෙවි රූපය, ලෝකඩ බුදු පිළිමය ආදිය ශේෂ වී ඇති නටබුන් අතර විශේෂයෙන් සඳහන් කළ හැකි ඒවා යි.

    source: roar media sinhala