හොරාට Login වෙමු

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    teamviewer.png

    TeamVeiwer ගැන සියලු දේ

    ගොඩක් අය දන්නවා ඇති TeamViewer කියන්නේ මොකක්ද කියලා. දන්නේ නැත්තම් Team Viewer කියන්නේ පරිගණක දෙකක් අතර Remote Control, Desktop Sharing, file sharing, presentation වගේ දෙවල් කරන්න පුලුවන් මෘදුකාංගයක්. මේ සදහා පරිගණක දෙකෙහිම TeamViewer run වෙන්න ඕනෙ.

    Team Viewer ධාවනය කරන්න පුලුවන් ක්‍රම දෙකක් තියෙනවා.

    1. Install කිරීම. (මෙවිට අපේ පරිගනකයේ දිගටම TeamViewer පවතිනවා.)
    2. Run කිරිම. (මෙවිට අප TeamViewer close කල පසු හෝ පරිගණකය restart/shut down කල පසු Team Viewer නැති වී යනවා)

    දැන් බලමු, කොහොමද කියලා අපි ගෙදරින්/කාර්යලයෙන් පිට අන්තර්ජාල සබදතාවය තිබෙන තැනක සිටින විට ගෙදර/කාර්යාලයේ පරිගණකය access කරන්න පුලුවන් වෙන්න teamviewer install කර ගන්නේ කියා.


    Installation :

    පියවර 1:

    නිල වෙබ්සයිට් එකට ගොස් ඔබගේ OS එකට අදාල TeamViewer setup එක download කරගන්න. (TeamViewer අලුත්ම සංස්කරනය දැන් Android සදහාද ලබාගත හැක.)


    පියවර 2:

    download කරගත් setup එක රන් කරන්න.

    පහත රූප වල දැක්වෙන ආකරයට select කර ඉදිරියට යන්න.
    53934745.jpg


    49635562.jpg


    පියවර 3 :

    Auto-Login සැකසීම සදහා පහත window එකේ "Yes" Select කර්න්න.

    93906290.jpg


    පියවර 4 :

    පහත වින්ඩෝවෙහි පරිගණක නාමය සහ ශක්තිමත් මුරපදයක් (strong password) ලබාදෙන්න.

    75206546.jpg


    පියවර 5 :

    මෙම පියවරේදී අවශය නම් TeamViewer account එකක් සාදාගත හැක. එවිට එය භාවිතාකර අපිට අවශය පරිගණක වල විස්තර save කර තබාගත හැක. (වැඩි විස්තර පසුව)

    40048472.jpg


    දැනට පහත පරිදි "I Don' want to create a teamviewer account now" තෝරා Next කරන්න.

    10229013.jpg


    පියවර 6 :

    අවසානයට TeamViewer ID ලෙස පෙන්වන "XXX XXX XXX" (උදා: 123 456 789) ආකාරයේ අංකය සටහන් කරගන්න.

    සටහන : මෙම ID එක සහ ඔබ මුලින් සදහන් කල password එක ඔබට දුර්ස්ථ පරිගණකයේ සිට log වීමට අතයවශය වේ. (ඒ නිසා ID එක ජංගම දුරකතනය්ව්හි සටහන් කරගන්න. ;) )

    දැන් බලමු මෙම පරිගණකයට වෙනත් ඕනෑම පරිගණකයක සිට log වෙන අයුරු.


    Remote Login

    මේ සදහා අප log වීමට තැත් කරන පරිගණකය turn on කර, TeamViewer service එක run වෙමින් සහ අන්තාර්ජාලට සම්බන්ද වී තිබිය යුතු වීම අනිවාර්ය වේ.


    මේ සදහාද TeamViewer setup එක අවශ්‍ය වේ. මෙය 4mb වැනි කුඩා file එකක් බැවින් අවශ්‍ය විටක download කරගත හැක. නැතිනම් මෙම setup එක ඔබගේ flash drive එකේ තබාගන්න.

    තවත් වැදගත් කාරනයක් නම්, පහල සංස්කරණයක setup file එකක් භාවිතයෙන් ඉහල සංස්කරණයක් install කර ඇති පරිගණකයට log විය නොහැක. (උදා : Version 6 install කර ඇති computer එකකට version 5 මගින් log විය නොහැක. නමුත් version 5 => version 5 සහ version 5 => version 6 භාවිතා කල හැක.)

    පියවර 7 :

    setup එක run කර මෙම වින්ඩෝවේදී "Run" තොරන්න.

    90450347.jpg


    පියවර 8 :

    දැන් ඔබට log වීමට අවශ්‍ය පරිගණකයේ ID එක (ඔබ කලින් සටහන් කරගත් ID එක) "Partner ID" යන කොටුවෙහි සටහන් කර "Connect to Partner" click කරන්න.

    20211101.jpg


    සටහන : මෙම ID එක space කිසිවක් නොමැති ඉලක්කම් 9 කි. (උදා:123456789)

    ඊට පසු ඔබ මුලින් සැකසූ password එක ලබාදෙන්න.

    42980384.jpg


    දැන් ඔබට අනිත් පරිගණකය දිස් වේ. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලගසිටිනවාක් මෙන් සිදුකරගත හැක.

    ඔහොම තමයි, Auto Log වෙන්න TeamViewer configure කරන්නේ. තව advanced දේවල් තියෙනවා. ටික ටික thread එක update කරන්නම්.

    මේකට සැහෙන්න වෙහෙසක් දැරුවා. ඔක්කොම හිතලා type කරේ. Screen Capture ටිකත් මම ගත්තේ, කොහෙන්වත් උපුටා ගත්තේ නෑ.

    TeamViewer ගැන ප්‍රශ්න තියෙනවානම් අහන්න. පුලුවන් උපරිමයෙන් උත්තර දෙන්නම්. :cool:



    ________
    © Rajeew @ Elakiri.com
    සියලුම පින්තූර සහ කරුණු කතෲ සතු අතර උපුටාගැනීම තහනම්.
     
    Last edited:

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    එළ...හැබැයි මම නම් මේක ගැන දන්නවා...ඒත් මැක්සා...:yes::yes::yes:

    නියමයි, මේක මම පාවිච්චිකරනවා සෑහෙන වැඩකරගන්න පුළුවන්

    එල එල... තැන්ක්ස් , තව advanced එවා තියෙනවා. එවාත් හිමීට update කරන්නම්. LAN එකකදි එහෙම සෑහෙන්න වැඩ කරගන්න පුලුවන් :)
     

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මචං එළ පෝස්ට් එක..
    මචං අපිට මේ වගේ PC දෙක තුනක විස්තර එකවිට බලන්න බැරිද.. ?

    අපි හිතමු PC 5ක් තියෙනව එකම තැනක ..
    ඔය හැම එකටම කලිං වගේ Team Viewer දාන්න ඕන නේද ? ... එකින් එකට ID වෙනස් වෙනවද ?
     
    Last edited: