හොරු අල්ලන News - Season 2

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ඩොලර් බිලියනයක වංචා මාට්ටුයි.. සෞඛ්‍ය අමාත්‍යංශයට සීල් තියයි.. ජම්පර සූදානම්..

ජනාධිපති විශේෂ විමර්ෂණ අංශය විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශට මුද‍්‍රා තබා තිබේ.

සිදුව ඇතැයි කියන මහා පාරිමාන වංචා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සදහා මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයිද සදහන්ය.

නීති විරෝධී ටෙන්ඩර් ගණුදෙනු සම්බන්ධයෙන් වන ලිපිගොනු අස්ථානගත කිරීමට සූදානම් වු අවස්ථාවකදී මෙසේ මුද‍්‍රා තැබීමක් සිදු කර ඇත.

දැනටමත් රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපති රූමි මොහොමඩ් හා කලමණාකාරවරයාගේ කාර්යාලවලටද මුද‍්‍රා තබා ඇත.

තහවරු නොකාල ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ ඩොලර් බිලියනයක එනම් රුපියල් කෝටි 17,000ක පමණ වංචාවක් මෙම අමාත්‍යාංශයේ සිදුව ඇති බවයි.
 

Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
රනිල් රට කෑවා - ජනපති මෛත‍්‍රී

මගේ මතකයේ තිබෙනවා ආදරනීය දෙමව්පියනි, දරුවනි මහ බැංකු මංකොල්ලය සම්බන්ධයෙන් රටේ ඇති වූ ජනතා උද්ඝෝෂණ සහ හ`ඩ, විපක්ෂයේ හ`ඩ, දේශපාලන පක්ෂවල හ`ඩ, සමාජ වගකීම් දරන්නන්ගේ, සිවිල් සංවිධානවල හ`ඩ ආපු වෙලාවේ ආණ්ඩුව තුළ මොනතරම් අභ්‍යන්තර අර්බුදකාරි තත්ත්වයක් ඇති වුණා ද කියලා. ඒ අවස්ථාවල දී ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා හරිම නොසන්සුන් විදියට, හරිම කලබලකාරී විදියට හැසිරුණා. මහ බැංකුවේ කාර්ය මණ්ඩලය හමුවෙන්න යන්න මා ඒ අවස්ථාවේ තීරණය කළ විට රනිල් වික‍්‍රමසිංහ මහත්තයා හදිසියේ ම මගේ නිල නිවසට දුවගෙන ඇවිත් බොහෝ කලබලකාරී ස්වභාවයෙන් මට කිව්වා ,මහ බැංකුව අයිති වෙන්නේ මටයි, ඒ නිසා ඇයි ඔබ මහ බැංකුවට යන්නේ, කියලා මගෙන් ඇහුවා. මම ඒ වෙලාවේ එතුමාට කිව්වා ,ඔබට ගැසට් නිවේදනයකින් භාරකාරිත්වය දී තිබෙන බව ඇත්ත, නමුත් මම ජනාධිපති, මට එතනට යන්න අයිතියක් තියෙනවා නේද, කියලා මම එතුමාට කිව්වා. මම කිව්වා මම තව ස්වල්ප වෙලාවකින් පිටත් වෙනවා කියලා. ඒ සම`ග ම එතුමා මගේ නිවසින් නික්ම ගියා. මම සු`ථ වේලාවකින් මහ බැංකු ගොඩනැගිල්ලට ඇතු`ථ වන විට මේ සිද්ධිය නිසා නිවාඩු දමා ඉවත් වී සිටි හිටපු මහ බැංකු අධිපතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා බුලත් හුරුල්ලක් දී මා පිළිගන්න ඉදිරියට පැමිණියා. මම පුදුමයට පත් වුණා ඔහු කොහොමද මෙතනට ආවේ කියලා.



ඒ නොසන්සුන්කාරි වාතාවරණය, කලබලකාරීව හැසිරුණු ආකාරය, ඔවුන්ගේ නොසන්සුන් මානසිකත්වය මම ඒ වෙලාවේ දැක්කා. අවසානයේ රටේ බරපතළ ආර්ථික අර්බුදයක් ඇති වුණා. දේශපාලන අර්බුදයක් ඇති වුණා. ඊට විස`දුම් විදියට මම ජනතාවගෙන් ආපු ඉල්ලීම් අනුව ජනාධිපති කොමිෂම් සභාවක් පත් කළා. ඒ ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා කටයුතු කරගෙන යන විට එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයන් මට ඇගිල්ල දික් කළා. ඇයි මේ කොමිෂම පත් කළේ කියලා.

මේක එක්සත් ජාතික පක්ෂයට කරපු අගෞරවයක් විදියට ඔවුන් සැලකුවා. නමුත් මම ඒ අයට කිව්වා සිදු වූ සිද්ධියෙන් නිදහස් වෙන්න, ජනතාවගේ හ`ඩට කන් දෙන්න මම මේ කොමිෂන් සභාව පත් කළේ කියලා. ඒ නිසා ප‍්‍රධාන වශයෙන්ම ඒ සිදුවීම අදත් අපේ ආර්ථිකයේ හිස ඔසවන්නට බැරි බරපතළ ආර්ථික අර්බුදයකට ලක් වූ කාරණයක් බව ඔබ දන්නවා.
 

your_love

Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,098
    113
    Arun innakota Mun horulu, Mun innakota Arun Horulu..Thama eka Amathiyek , Manthree kenekwath Horakamakata Hire gihin na habai.. Kiyanawa witharai depaththama. No Actions.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ලංකා බැංකුව-මහජන බැංකුව ඉවරයි… ගජමිතුරන්ගේ කෝටි ගණන් ණය බොල්ණය ලෙස කපා හැරලා

    ආණ්ඩුවේ ඇතැම් පිරිස් නව ක්‍රමවේදයකට රාජ්‍ය බැංකු දෙක මංකොල්ල කමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (25) පැවැසීය.

    බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එම කරුණු සඳහන් කළේය.

    “ආණ්ඩුවේ ඇතැම් පිරිස් නව ක්‍රමවේදයකට සොරාකෑම ආරම්භ කර තිබෙනවා. මහජන බැංකුව, ලංකා බැංකුව සහ ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කළේ ඒවායේ දූෂණ වංචා සිදු වූ නිසයි. අධ්‍යක්ෂ මණ්ඩලවල ධූර කාලය අවසන් නිසා ඔවුන් ඉවත් කළ බව ආණ්ඩුවේ ඇතැම් පිරිස් උත්සාහ කළා.

    මේ ආණ්ඩුව පත්වුණාට පස්සේ නිකුත් කරපු ණයවලින් කොතරම් ප්‍රමාණයක් බොල් ණය ලෙස කපා හැරියාද කියා සොයා බැලිය යුතුයි. බොල් ණය කියන්නේ අය කරගන්න බැරි ණය. බැංකු සමහර වෙලාවට එම ණය කපා හරිනවා. ඒ නිසා බැංකුවේ මුදල් අවභාවිතයකට ලක් වෙනවා. බැංකුවේ ද්‍රවශීලතාව අඩු වෙනවා.

    බැංකුවට ලැබෙන්න තියෙන ලාභය අඩු වෙනවා. හිතන්කෝ තමන්ගේ ගජ මිතුරන්ට මිලියන 100කට ණයක් දෙනවා. ණය ගෙවා ගන්න බැරි වෙනවා. හිතමතා නොගෙන ඉන්නත් පුළුවන්. ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩල එම ණය බොල් ණය ලෙස සලකනවා. ඊට පස්සේ අවුරුද්දකින් දෙකකින් කපා හරිනවා.

    මුලින්ම මහ බැංකුව හොරා කෑවා. මේවා තමයි නව පන්නයේ හොරකම්. දැන් එතැනින් නැවැතිලා ලංකා හා මහජන බැංකුව හොරාකෑම ආරම්භ කරලා. තෙල් සංස්ථාව විතරක් මේ බැංකු දෙකට බිලියන 3.5කට වඩා ණයයි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයත් ඒ වගේම ණයයි. රාජ්‍ය ආයතන රැසක් මේ බැංකු දෙකකට ණයයි. පාඩු ලබන රාජ්‍ය ආයතන ගැට ගසාගෙන යන්නේ මේ බැංකු දෙක නිසයි. ආණ්ඩුව මේ බැංකු රැක ගත යුතුයි. මේ බැංකු දෙක රැකගන්න ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න සිද්ධ වෙලා”.
     
    • Like
    Reactions: KOTA NIHAL

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,175
    17,079
    113
    රාජිතයට ජම්පර් අන්දනවා බලන්න නම් ජෙප්පොත් ආස ඇති.උන්ගේ තරහකාරයනේ රාජිත..:D
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    බැදුම්කර හොරා මා නොවේ.. මහ බැංකුව තිබුනේ අගමැතිටයි.. තවත් හොරු බොහෝයි.. බැදුම්කර සම්පුර්ණ වාර්තාව හෙලි කරනු..- රවි අවසන් මහ සටන කැදවයි


    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී සිදුකරන ලද විවාදය කෙනෙකු දෙන්නෙකු ඉලක්ක කර එක්තරා ස්ථානයකදී නැවතී ගිය බව හිටපු මුදල් ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා සඳහන් කරයි.

    හෙළිදරව් වූවාට වඩා බොහෝ පිරිස් මෙහි සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

    මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද මෙය හෙළිදරව් නොකරන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    බැඳුම්කර වාර්තාවෙන් කොටසක් පමණක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කතානායකයා විසින් කරන ලද අසාධාරණයක් බවද ඔහු චෝදනා කර සිටියේය.

    අදාල කාලයේදී තමන් යටතේ මහබැංකුව නොතිබූ බවත් එහි විෂය භාර ඇමැතිවරයා වුයේද තමන් නොවන බවත් කී ඔහු තමන්ට සිදුව ඇත්තේ මහත් අසාධාරණයක් යැයි ද අවධාරණය කළේය.

    මෙම වාර්තාව මුල් කරගෙන අද වනතුරු තමනට හිරිහැර කිරීම පමණක් සිදු කරන බව ද මෙම විවාදය හැකි ඉක්මනින් පැවැත් විය යුතු බවත් එය නොපවත්වන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

    මෙම වංචාව සිදුවූ කාලයේදී මහ බැංකුව පැවතුනේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ වන අතර එය මුදල් අමාත්‍යංශයට පවරන ලද්දේ මෑතකදීය.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,175
    17,079
    113
    Arun innakota Mun horulu, Mun innakota Arun Horulu..Thama eka Amathiyek , Manthree kenekwath Horakamakata Hire gihin na habai.. Kiyanawa witharai depaththama. No Actions.

    මහ බැංකුව හොරා කෑවේ ජෙප්පොද එතකොට?:rolleyes:
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    කිසිදු ලෙඩක් නැතත් නාලක සිල්වා රෝහල්ගත කරන්නැයි වෛද්‍ය නිර්දේශ

    ඊයේ දිනයේ රක්‍ෂිත බන්ධනාගාරගත හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ සෞඛ්‍ය තත්වය පරීක්‍ෂා කිරීම සදහා බන්දනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු පැමිණ ඇත.

    එහිදී හෙලි වී ඇත්තේ ඔහුට කිසිදු විශේෂ රෝගී තත්වයක් නැති බවයි.

    එසේ තිබියදීද හිටපු නියෝජ්‍ය පොලිස්පති රෝහල් ගත කරන ලෙස එම වෛද්‍යවරයා නිර්දේශ කර ඇතැයි වාර්තා පලවෙයි.

    මේ නිසා වෛද්‍යවරයා හා බන්ධනාගාර නිලධාරීන් අතර උණුසුම් වාදයක්ද ඇති වූයේ යයි වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    ‘මාසෙකින් අනුමැතිය දෙන්නම්.. මට වට්ස්අප් කරන්න..’ ඇමති සුජීව හා විදුලි දුම්රිය අයෝකයන් අතර සාකච්චා වීඩියෝව මෙන්න…

    මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්දයෙන් වූ වීඩියෝවක් සමාජ ජාලයන්හි පලවෙයි.

    රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මෙම වීඩියෝවේදී අදාල අයෝජකයන් සමග සාකච්චාවක නිරත වන අයුරු දැක්වෙයි.

    විදුලි දුම්රිය ගැනද එහිදී සාකච්චා කරන ඔහු මාසයක් අතුලත අනුමැතිය ගෙන දෙන බවත් ඉදිරි කටයුතු තමනට වට්ස්අප් කරන ලෙසත් කියයි.


    https://www.facebook.com/sriavtvN/videos/342940363119554/
     

    Mr.Myself

    Member
    Apr 28, 2018
    1,689
    144
    0
    වංචා දුෂණ තොග ගණන්.. මංගල, රාජිත, අකිල, ෆොන්සේකා, චම්පික, මලික් හිටපු ඇමතිලාගේ කාර්යාල වටලා ලිපිගොනු ගෙනයති.

    පැවති රජයේ ප්‍රභල අමාත්‍යවරුන් ලෙස කටයුතු කල හත් දෙනෙකුගේ අමාත්‍යංශ පරිශ‍්‍ර විශේෂ විඝණන සහ වැටලීම් අංශයන් විසින් වටලා ඇති බවට වාර්තා පල වෙයි.

    මංගල සමරවීර, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම්, සරත් ෆොන්සේකා, චම්පික රණවක, මලික් සමරවික‍්‍රම යන හිටපු ඇමතිවරැුන්ගේ අමාත්‍යංශයනට ඇතුළු වී ලිපිගොන් රැුසක් ගෙන පිටව ගොස් ඇතැයිද සදහන්ය.

    එම අමාත්‍යංශයන්හි සිදුව ඇතැයි චෝදනා එල්ල වූ අති විශාල දුෂණ වංචා ගැන තොරතුරු ලැබීමත් සමග මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇතැයි වාර්තාවන්හි තව දුරටත් දැක්වෙයි.