හොරු කියන්නෙ කාට කාට.. කුඩ්ඩන්ටයි පාට පාට...

119 අමතා බැරිම තැන උදෑසනම මාගේ පොලීසියේ මිතුරාගේ පිහිට පැතීමට සිදුවිය.
ඔහු අපගේ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ඇමතුමක් දුන් පසුව ඔහු පුද්ගලිකවද, ඔහුගේ කණ්ඩායමද පැමිණ පරීක්ෂණ සිදු කරන ලදි.
ඊයේ දිනයේ පමණක් මෙම ප්‍රදේශයේ ගෙවල් 5 කට හොරු පැන ඇති බව දැනගන්නට ඇත.
අපගේ ගබඩා කාමරයේ තිබූ අලවංගුව භාවිත කොට ජනේලයේ හරහට දමා තිබූ සෙන්ටිමීටර දෙකක් පමන වන යකඩ කම්බිය නවා දමා ගෙට ඇතුල්ව ඇත.
කෙසේ වෙතත් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ආරක්ෂාව වෙනුවෙන් දුන් උපදෙස් ඔබ සැමගේ ප්‍රයෝජනය උදෙසා මෙහි සටහන් කරමි.
1. කිසිම විටක අලවංගුව, පොල් උල, ඉනිමග හෝ වෙනත් හොරුන්ට භාවිත කල හැකි කිසිම උපකරණයක් එලියේ නොතබන්න. හොරු විශේෂයෙන්ම කුඩු කාරයන් ආයුධ සපයා ගන්නේ ඔබේම පරිශ්‍රයෙනි.
2. උදෑසන දෙකත් හතරත් අතර කාලය හොරු බහුලව ගෙවල් බිඳීමට භාවිතා කරයි. එම කාලය අපට තදින් නින්ද යන කාලසීමාවයි. එම නිසා හැකි නම් ඒ අවස්ථාවේ ගෙදර එක සාමාජිකයෙකු හෝ අවදිව සෝදිසි කිරීම, ෆෑන් ආදිය ඕෆ් කර පිටතින් එන ශබ්ධ වලට ඇහුම්කන් දීම සුදුසුය.
3. ගෙදරට ඇතුලුවීමට හා පිටවීමට ඇති සියලු දොරවල් ඉබි යතුරු දමා වසා දමා යතුරු ගලවා වෙනත් ස්ථානයක තබන්න. කිසිදු විටක ඒවා දොර කටේ නොතබන්න. වහලෙන් බැස්සද, ජනේලෙන් ඇතුල් වුවද ඔවුන් පිටවීමට භාවිතා කරන්නේ දොරකි.
4. රෑට බර ආහාර ගැනීම, මැදියම් රැය දක්වා රූපාවාහිනිය නැරඹීම, විදුලි පංකා හා වායුසමීකරණ සහිතව සැපපහසුවට නිදා ගැනීම, හොරු ගෙවල් බිඳින කාලයේ දැඩිව නින්දයාමට හේතුවේ.
5. හැකිනම් ආරක්ෂිත CCTV කැමරා පද්ධතියක් හෝ GSM alarm සවි කරන්න.
6. ආරක්ෂාව සඳහා යකඩ පොල්ලක් වැනි ආයුධයක් භාවිත කරන්න. එය ඔබ සිටින ආසන්නයේම තබා ගන්න.
7. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුලු කිහිප දෙනෙකුගේ ජංගම දුරකතන අංක ලඟ තබා ගන්න. හොරෙක් පැන්නොත්, පැනල අහු උනොත් සෙත්තපෝච්චි වෙන්නම දෙන්න. දීල ඔවුන්ව අමතන්න. ඉතිරි ටික ඔවුන් බලා ගනු ඇත. (මේක අපේ ලොක්ක මට කියපු එක.. හොරා සෙත්තපෝච්චි උනාම මානව හිමිකම් ක්‍රියාකාරිකයො රෙදි උස්සන් ඒවිද දන්නෙ නෑ. )
8. අසල්වාසීන් සමග නොදන්නා පුද්ගලයන් ගැන සෝදිසියෙන් සිටින්න. නිරතුරුව අදහස් හුවමාරු කර ගන්න. වරක් පැමිණි කුඩ්ඩන් එම ප්‍රදේශයටම යලි පැමිණිමේ සම්භාවිතාවයක් ඇත.
එසේ නම් හොරු ඇල්ලීමට අපි සූදානම්..

අපේ ගේ ලග ගෙවල් දෙක තුනක හොරු පැනලා තිබ්බා එත් අපේ ගෙදරට කිසිම අවුලක් වෙලා නෑ.