හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

    FAKE-DOCTOR1.jpg





    මේ වගේ නූලක් එලකිරියේ තිබ්බ නෑති නිසා පටන් ගන්න හිතුවා..ඔගොල්ලො දන්න හොර වෙද්දුගේ /කලු කඩ වෙද්දු ගැන සියලු විස්තර මේකේ දාන්න .අහින්සක මිනිස්සුන්ට ගොඩක් ප්රයෝජනවත් වේවි ..ගොඩක් පින් ලෑබේවි.. MBBS ඉදලා ආයුර්වේද දක්වා ඔනම කෙනෙක් ගෑන විස්තර දාන්න .
    ඔගොල්ලන්ගේම ඇත්ත අත්දෑකීම් කියන්න පුලුවන්නම් ගොඩක් හොදයි.මෙතන කාටවත් ඉරිසියාවට මඩගහන්න හදන්න එපා.
    කිසිම වෑදගෑම්මකට නැති Thread පස්සේ යන් නෑතුව වැදගත්කමක් ඇති thread එකකට ඔබේ සප් එක දෙන්න
    මේ ගෑටලුවේ තියන බරපතල කම ගෑන මූලික අවබොදයක් ගනිමු .:yes:

    මෙරට ව්යාජ වෛද්යවරුන් 40,000 ක් පමණ සේවය කරන බවත් මේ හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවත් රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගම පවසයි
    රට පුරා රෝගීන් ගසා කමින් අමාරුවේ දමමින් සිටින හොර දොස්තරලා පිළිබඳ කටයුතු කිරීමේ බලය ප්රාදේශීය සෞඛ්ය වෛද්ය නිලධාරීන්ට පවරා තිබේ.


    "රට පුරා හොර දොස්තරවරු 6000ක් පමණ සිටින බව වාර්තා පවසයි. මේ හොර දොස්තරවරු වැඩියෙන් ම සිටින්නේ කොළඹින් දුර ඈත ප්රනදේශවලයි.

    මේ අතර, ආයුර්වේදයේ හා දේශීය සම්ප්රදායික වෙදකමේ නමින් කෙරෙන ජාවාරම් රැසක් ද රට පුරා තිබේ. මෙම ඊනියා සායන පවත්වන්නන් බොහෝ දෙනෙක් භින්නෝන්මාද රෝගී ලක්ෂණවලින් යුතු අය වෙති.

    දිවයිනේ වැඩිම හොර වෛද්යවරුන් ප්රතිකාර කරන්නේ බියගම මැතිවරණ කොට්ඨාසයේ බවත් එම හොර වෛද්යවරුන්ගේ ප්රමාණය 700 – 800ක් අතර වන බවත් බියගම සෞඛ්ය වෛද්ය නිලධාරි කුමාරි විජේසූරිය මහත්මිය පැවැසුවාය.
    මේ ව්යාජ වෛද්යවරුන් නිසා බියගම මැතිවරණ කොට්ඨාසයේ පදිංචිකරුවන් දෙලක්ෂයකගේ පමණ ජීවිත දැඩි අවදානමක පවතින බව ද ඇය වැඩිදුරටත් කීවාය.
    බියගම මැතිවරණ කොට්ඨාසයම ඩෙංගු දැඩි අවදානම් කලාපයක් ලෙස පවතින මේ අවධියේ එය පාලනය කරගැනීමට මෙවැනි ව්යාජ වෛද්යවරු විශාල ගැටලුවක් බවට පත්වී ඇතැයි ද කී ඇය මොවුන් නිකුත් කරන ඖෂධ ආසාත්මිකවීම නිසා රෝගීන් බරපතළ රෝගවලට මුහුණදුන් අවස්ථා විශාල ප්රමාණයක් වාර්තා වී ඇති බව ද කීවාය.
    මේ වනවිට ඩෙංගු වෛරසය වෙනත් මුහුණුවරකින් මතුවීමට පටන්ගෙන ඇති බවත්, එම තත්ත්වයේදී උණ රෝගීන් සාමාන්ය ඩෙංගු තත්ත්වයේදී මෙන් නිවසේ රැඳී නොසිට වහාම රජයේ රෝහලකට ඇතුළත්විය යුතු බවත් කී සෞඛ්ය වෛද්ය නිලධාරිවරිය ව්යාජ වෛද්යවරුන් වැටලීමේ වගකීම සෞඛ්ය අමාත්යංශය සතු බවත් කීවාය.

    හොර වෙද්දු ගම්පහ වැහි වහිති
    ________________________________________
    ගම්පහ දිස්ත්රික්කයේ ව්යාජ වෛද්ය මධ්යස්ථාන 300ක් පමණ ඇතැයි ද, හොර වෛද්යවරුන් ගම්පහ සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස දහතුනකම විසිරී සිටින බව ද ‘සියණෑ වෛද්ය සංසදය‘ කියයි.
    ශ්රී ලංකා වෛද්ය සභාවේ ලියාපදිංචිව සිට මියගිය වෛද්යවරුන්ගේ එම ලියාපදිංචි අංක හොරට භාවිත කරමින් ඇතැම් පෞද්ගලික වෛද්ය මධ්යස්ථාන පවත්වාගෙන යන බවත්, ඇතැම් හොර වෛද්යවරුන් උපාධි ඇතැයි බොරු පුවර ප්රදර්ශනය කර ඇති බව ද සියණෑ වෛද්ය සංසදයේ සභාපති වෛද්ය අජිත් දිසානායක සහ එහි ලේකම් වෛද්ය සංජීව තල්ගහගොඩ මහත්වරු කියති.

    රටේ අවාසනාවට පාරම්පරික වෙදකම ටිකෙන් ටික අභාවයට යමින් පවතී. ඒවා අනාගතය වෙනුවෙන් ආරක්ෂා කිරීම රජයේද යුතුකමකි. ආදී කාලයේ වෙදකම ඉතා ගෞරවනීය වෘතියක් වුවද අද කාලයේ බොහෝ විට ඇත්තේ ආයුර්වේද කඩ පමණි. මොවුන්ගේ අය කිරීම් හා සසදන කල කළු කඩ මුදලාලිලා වඩා සාධාරණ බව ඇතැම් විට සිතේ"

    උඩින් තියෙන්නේ පසුගිය කාලේ වාර්‍ථා වුනු පුවත්.

    හරි..මගේ අත්දෑකීම් වලින් මම පටන් ගන්නම් …:yes:

    1) පද්මසිරි උඩුගම-වෑහැර ,කුරුණෑගල:angry:

    padmasiri-udagama-4.jpg


    පොර පාරම්පරික වෙදෙක් විදිහට තමා ඉන්නේ.. මෙයා ඔක්කොම ලෙඩ වලට කකුලේ බලනහරෙට බෙහෙත් කරන කෙනෙක් . ගිය හුගක් අය කියන්නේ ටික කාලෙකට සනීප උනත් ආයි වැඩි වෙනවයි කියලා.හුගක් අය කියන්නේ මේ වෙදාට මානසික ලෙඩක් තියනවයි කියලා . ඒ මෙයාගේ අමුතු හැසිරිම් නිසා.. මේසේ ඉස්සරහ පරිඝණකයක් තියාගෙන ඒකෙන්, වටේම එල්ලලා තියන කෑමරා වලින් ලෑබෙන දර්ෂණ වලින් ලෙඩ්ඩු දිහා බලාගෙන ඉන්න එක වරදින් නෑලු . මෙයාගේ කීමට ලෙඩ්ඩු හිටියේ නැති උනොත් විකුර්ති හැසිරිම් දක්වනවලු..එන ලෙඩ්ඩුන්ට බලු විදිහට බනිනවලු .. ඒවගේම තෙල් පොඩ්ඩක් ගාලා පෑලෑස්තරයක් දාන්න රු 1000 කටත් වඩා අය කරනවා.රොගින් සතියකට 2වරක් එන්නත් ඔනි . සමහර ලෙඩ්ඩු අඩ අඩලු බෙහෙත් කරලා එලියට ඉන්නේ ..පොරව දෑක්කම කිසිම මදාවි පාටක් නෑ.එත් බලු විදිහට බනිනවලු .. මෙයා ප්රසිද්දිය හදාගන්නේ සල්ලි වලට පත්තරවලට සහ සිරස ටිවි එකට ආටිකල් සහ වැඩසටහන් දාලලු. ලෙඩ්ඩු බල්ලො වගේ මෙයාව අතහරින් නෑත්තේ මෙයා දෙවිකෙනෙක් වගේ වෙදෙක් කියලා හිතාගෙනලු .ඒවගේම දෙන බෙහෙත් අබිරහසක්ලු .මොනා වලින් හදනවද කියලා කවුරුවත් දන් නෑ. ගමේ මිනිස්සුන්ටනම් මෙයාව පේන්න බෑ.

    2) මදනායක වෙදා- වැලිගම :angry:

    මෙයා ආයුර්වේද උපාදියක් තියන පාරම්පරික කෙනෙක් විදිහට තමා පෙනී ඉන්නේ.නමුත් ලෙඩ්ඩු කියන්නේ කලු කඩ මුදලාලිකෙනෙක් කියලා . මෙයා ප්රසිද්දිය හදාගන්නේ දිවයින පත්තරේට ලිපි දාලලු..මේයාට වෙනම ඉස්පිරිතාලයක් තියනවා. මෙයා ඒකේ නවත්තගෙන බෙහෙත් කරන්න තමා ගොඩක් කැමති . ඉස්සරම ආපු ලෙඩ්ඩු ගොඩ දෑම්මත් දෑන් ලෙඩ්ඩු පුරවගෙන බිස්නස් එකක් කරගෙන කියලා තමා ආරන්චි. නේවාසික දයිනික ගාස්තු විදිහට 3000ක් පමන අයකරමින් ලෙඩ්ඩු මාස 2/3 තියා ගන්නවා . මෙයාගේ බෙහෙත් වලින් ලෙඩ්ඩු සනීප වෙන්නේ මාස 3කට විතරලු .ඊටපස්සේ ලෙඩ තිබ්බ විදිහමලු.ඒ වගේම “ලෙඩ කෑම” කිය කිය ලෙඩ්ඩුන්ට හරියට කන්නවත් දෙන් නෑහෑයි කියලයි එහෙ හිටපු අය කියන්නේ .. එහෙම කරන්නේ වියදම පිරිමහන්නයි කියලයි ලෙඩ්ඩු කිව්වේ..මේ වගේ වෙද්දු මෑරිලා කොහෙ ඉපදෙන්න හිතන් ඉන්නවද දන් නෑ .

    3) ධර්මසිරි වෙදා - මාතර:angry:

    ඈමරිකාවේ කොලුවෙක්ට කරපු වෙදකමක් තාවකාලිකව සාර්තකවීමත් සමග දෙරණ නාලිකාවෙන් දුන් ප්රසිද්දියෙන් කලු කඩ මුදලාලි කෙනෙක් උන වෙදෙක් තමා මෙයා . මෙයා ඉතා කෙටි කාලෙකට ලක්ෂ ගණන් මුදල් අයකරමින් ලෙඩ්ඩු නේවාසිකව තබා ගන්නේ ලෙඩ්ඩුන්ට බලු විදිහට සලකමින් .. මේයා දෑන් ජපන්කාරයෝ ඒවගේම සුද්දොත් රවට්ටගෙන කියලා තමා තොරතුරු තියෙන්නේ .මෙයාගේ බෙහෙත් වලින් සනීප වෙන්නෙ ටික කාලෙකට විතරයි. මෙයාට රෑවටිලා පිටරට අය හිටන් ඇවිත් තියනවා


    4) කුස්වල වෙද හාමුදුරුවෝ:angry:

    මේ හාමුදුරුවො ගෑන වෑඩි විස්තරයක් කියන්න දන්නෙ නම් නෑ . හෑබෑයි මම දෑක්ක දේ මේකයි . අපේ නෑනාගේ අම්මට පිලිකාවක් හෑදිලා මෙයා ලගට එක්ක ගියා .හොද කරන්නම් කියලා පොරොන්දු වුනා . බෙහෙත් කරලා පිලිකාව වෑඩි වෙලා මලා.. මහරගම එක්කන් යනකොට පිලිකාව දරුනු වෙලා තිබුනා . මෙයාගේ මාකටින් පාර ලoකාදීප වගේ පත්තර වල ලොකු පිටු පුරාවට දකින්න තියනවා ඉදහිට.. දක්ෂ වෙදෙක්නම් ඇයි මෙතරම් marketing ?


    තව රු 5000ක් විතර දවසට අයකරන හමුදාවෙ වැඩකලයි කියන තවත් ගම්පහ වෙදෙක් ගෑන බලපොරොත්තු වන්න …

    ඔගොල්ලන්ගේ අත්දෑකීමුත් කියන්න .:yes:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කුස්වල හාමුදුරුවෝ නං සෑහෙන ප්‍රසිද්දයි නෙ රුපවාහිනියේ වැඩසටහනකුත් ගියා ඉස්සර සතිපතා.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අපෙ පැත්තෙත් වන් ෂොට්ලා ඉන්නේ.
    හෙම්බිරිස්සාවකට උනත් දෙන බෙහෙත් බිව්වාම
    කැරකිලා ඇඹරිලා යනවා. හැබැයි පහුවෙනිදා වෙද්දි ලෙඩේ කොයින් ගියා ද නෑ.
    ඒකයි මිනිස්සු බෙහෙත් ගන්න යන්නේ.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    No 4 kiyala thiyena kena lagata mama gihin thiyenawa. Kiyala thiyena kathawa hari, yana eka therumak nehe. yannama one nam Rs 7000 withara aran yanna
     

    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    අපෙ පැත්තෙත් වන් ෂොට්ලා ඉන්නේ.
    හෙම්බිරිස්සාවකට උනත් දෙන බෙහෙත් බිව්වාම
    කැරකිලා ඇඹරිලා යනවා. හැබැයි පහුවෙනිදා වෙද්දි ලෙඩේ කොයින් ගියා ද නෑ.
    ඒකයි මිනිස්සු බෙහෙත් ගන්න යන්නේ.

    thats not the capacity of the doctor bro.. thats the miracle of high dosage antibiotics.

    What happens at the end of the day would be your body developing resistance for those drugs and when a REAL sickness hits you... you are fucking dead.
     
    • Like
    Reactions: DJLEOx78

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපෙ පැත්තෙත් වන් ෂොට්ලා ඉන්නේ.
    හෙම්බිරිස්සාවකට උනත් දෙන බෙහෙත් බිව්වාම
    කැරකිලා ඇඹරිලා යනවා. හැබැයි පහුවෙනිදා වෙද්දි ලෙඩේ කොයින් ගියා ද නෑ.
    ඒකයි මිනිස්සු බෙහෙත් ගන්න යන්නේ.

    වන් ෂොට්ලාගේ විස්තර ටික දාන්න:yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කුස්වල හාමුදුරුවෝ නං සෑහෙන ප්‍රසිද්දයි නෙ රුපවාහිනියේ වැඩසටහනකුත් ගියා ඉස්සර සතිපතා.

    :yes:වැඩේ කියන්නේ මචන් හොර ඩොක්කුත්,කලුකඩ ඩොක්කුත් ඔරිජිනල් ඩොක්කුත් කියන තුන් වර්ගේම ටිවි එකේ ඉන්නවා.ලෙඩෙක් සනීප නොවුනොත් ඒකේ වගකීම බාරගන්න කවුරුත් නෑ.නීතියෙන් සරණකුත් නැති තරම් .මොකද නීතියපදනම් වෙලා තියෙන්නේ සාක්ෂි මත .ඔප්පු කරගන්න අමාරුයි.ටිවි වල හිටපු පමනින් උන් ලගට දුවන්න එපා..මේ ඔක්කොම Marketing ..ඒ ඩොකාගෙන් බෙහෙත් ගත්ත මාස 3ක් /6ක් පරණ ලෙඩ්ඩු ටිකක් හොයාගෙන උන්ගෙන් ඩොකා ගැන අහගන්න(ආයුර්වේද නම් ). අලුත් ලෙඩ්ඩුන්ගෙනුත් අහන්න එපා.උන් කියන්නෙම මේ ඩොකා නම් හරි ශොක් කියලමයි .

    ලෙඩ හොද වුනේ නෑහැයි කිව්වම අපේ නැති වෑරදිත් අල්ලාගෙන ඒක නිසයි මෙහෙම උනේ කියලා ලෙඩ්ඩු රවට්ටන එක තිරිසන් ඩොක්කුන්ට ගේමක් නෙමේ ..:growl:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද ඌගේ තියන අවුල ?.විස්තර දාන්න..:yes:

    සනීප කරන්න බැරි ඇස් ලෙඩවලට බෙහෙත් තියෙනව කියල මිනිස්සු නොමග යවනව. මම දන්න එකෙක් අවුරුදු ගානක් බෙහෙත් කරා. අන්තිමට තිබුන පෙනීමත් නැතිඋනා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :yes:වැඩේ කියන්නේ මචන් හොර ඩොක්කුත්,කලුකඩ ඩොක්කුත් ඔරිජිනල් ඩොක්කුත් කියන තුන් වර්ගේම ටිවි එකේ ඉන්නවා.ලෙඩෙක් සනීප නොවුනොත් ඒකේ වගකීම බාරගන්න කවුරුත් නෑ.නීතියෙන් සරණකුත් නැති තරම් .මොකද නීතියපදනම් වෙලා තියෙන්නේ සාක්ෂි මත .ඔප්පු කරගන්න අමාරුයි.ටිවි වල හිටපු පමනින් උන් ලගට දුවන්න එපා..මේ ඔක්කොම Marketing ..ඒ ඩොකාගෙන් බෙහෙත් ගත්ත මාස 3ක් /6ක් පරණ ලෙඩ්ඩු ටිකක් හොයාගෙන උන්ගෙන් ඩොකා ගැන අහගන්න(ආයුර්වේද නම් ). අලුත් ලෙඩ්ඩුන්ගෙනුත් අහන්න එපා.උන් කියන්නෙම මේ ඩොකා නම් හරි ශොක් කියලමයි .

    ලෙඩ හොද වුනේ නෑහැයි කිව්වම අපේ නැති වෑරදිත් අල්ලාගෙන ඒක නිසයි මෙහෙම උනේ කියලා ලෙඩ්ඩු රවට්ටන එක තිරිසන් ඩොක්කුන්ට ගේමක් නෙමේ ..:growl:
    ඔව් වැරදුනොත් ආය වගකීම ගන්න නං කවුරුත් නෑ තමා. :yes: අනික ටීවී එකේ යන ගොඩක් වැඩසටහන් ඒ මිනිස්සුම සල්ලි දීල කරන ඒව නෙ විස්වාස කරන්න බෑ ඇත්තද බොරුද කියල :yes:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    වටින පොස්ට් එකක්
    ගොඩක් හොර වෙද්දු ඉස්සෙල්ලම කරන්නේ මොකෙක් හරි පත්තර කාරයෙක් අල්ලාගෙන උට ගානක් දෙනවා ඊටපස්සේ උ තරන් වෙදෙක් ලෝකෙම නෑ

    ජර්මන් චාන්සලර් ගියසතියෙන් ඇවිත් බෙහෙත් අරන් ගියා
    ට්‍රම්ප් ගේ පුතාගේ කකුල සනීප කරලා දුන්නා
    සවුදි රාජකුමාරය හැම සතියෙම පුද්ගලික ජෙට් එකක් එවනවා එහාට ගෙන්න ගන්න
    මසඩොනියාවේ රජ පවුලේ පුදලික වේදදුරා

    ඔන්න ඔයවගේ හෙඩින් ටිකක දැම්ම අයෙ ඉතින් ඌ තමයි වෙදා

    මේදවස් වෙලහිට් වෙලා ඉන්න එක තමයි අර අනෝජ් සිල්වා කියන්නේ
    මිනිහ පිළිකා ලෙඩ්ඩු 5000ක් සනීප කරාලු
    හොයල බැලුවම අලි හොරෙක්