හොල්මන් කතා

sinhalamark

Member
May 15, 2011
320
24
0
ප්‍රේමපාල ඉඹුල්ගස්‌ මණ්‌ඩියට පිවිසියේය. ළං ළංව තිබූ ඉඹුල් ගස්‌ නිසා ඒ ප්‍රදේශයේ මුළුමනින්ම ගණ අඳුර පැවතුණි. සීත සුළඟක්‌ හමා ගියේය. ගිනි පෙට්‌ටියෙන් ගත් කූරක්‌ දැල්වීමට ප්‍රේමපාල උත්සාහ කළේය. කීපවරක්‌ ගත් උත්සාහය අසාර්ථක වූ කල "මොන බම්බුවක්‌ද?" තමාටම කියා ගත් හේ ගිනි පෙට්‌ටියම ඉවතට වීසි කළේය". "දඩස්‌ හඬින් යමක්‌ බිම වැටුණි" මා වවුලෙක්‌ තටු සලා ඉවතට පියඹා ගියේය. උගේ කටින් ගිලිහුණු පුළුන් ගෙඩිය එසේ බිම පතිත වූ බව ප්‍රේමපාලට වැටහුණි. තමා පසුපසින් කිසිවෙක්‌ හෝ පැමිණෙන බව ප්‍රේමපාලට දැනුණි. සිතේ උපන් බිය මඳකට යටපත් විය. පසුපසින් පැමිණෙන්නා ළං ළංව එයි. ඔහු පැමිණෙන අධික වේගයට වැලිකැට පවා විසි වෙයි. ප්‍රේමපාලගේ ඇඟට ද ඒවා වැටෙයි. ප්‍රේමපාලට අමුත්තක්‌ දැනිණි. ඔහු දුවන්නට විය. මෙවැනි විටකදී කළ යුතු ප්‍රතිකර්මයක්‌ පිළිබඳව තම පියා විසින් කියා දෙනු ලැබ තිබිණි. ප්‍රේමපාල එය ක්‍රියාත්මක කළේය. දුවන ගමන්ම "ඉතිපිසෝ" ගාථාව තෙවරක්‌ කියා අතවූ දැති ගහෙන් පාර හරහා ඉරක්‌ ඇන්දේය. ඉඹුල්ගස්‌මංඩිය පසු කර සහන් එළිය රැඳි තැනක නතරව සිට හති හරින්නට විය. තමා පසුපසින් පැමිණියේ කවරෙක්‌දැයි දැන ගැනීමට ප්‍රේමපාලට සිතක්‌ උපනි එහෙත් එකවර පසුපස බැලීම සුදුසු නොවේ. දකුණු අත ඔසවා, බෙල්ල පමණක්‌ පසුපසට හරවා එම අත යටින් පසුපස බැලීය. "බුදු අම්මෝ·" ප්‍රේමපාල නැඟූ විලාපය අසන්නට අහල පහල කිසිවෙක්‌ නොවූහ. දුටු දෙයින් ඔහු මහත් බියට පත් විය. ගත ඇඳුම් නැති, එහෙත් දැඩි ලොමින් ගත වැසුණු විශාල මිනිසෙක්‌ ප්‍රේමපාල ඉරි ඇඳි තැන සිටගෙන සිටී. ඔහු දෙඅත් ඉනට ගසා ගෙනය. දෙඇස්‌ රතු පාටින් බබළයි. දිගු දිව එළියට ඇදිලාය. ප්‍රේමපාල දිව්වේය. දිව්වා නොව, දිව වුණේය. මේ හඬින් අවදි වූ බිරිඳ දොර විවර කළාය. ප්‍රේමපාල බිම වැටී සිටී. කතා කළාය. කතා නැත. සිහියද නැත. ඈ හඬ තැලුවාය. අවට වූවෝ රැස්‌ වූහ. එක්‌ එක්‌ මති මතාන්තර පළවිය. එක්‌ වැඩිහිටියෙක්‌ සිදු වී ඇති සංගෙඩිය සහසුද්දෙන් අවබෝධ කර ගත්තේය. හේ තම, බෑණා වූ පුංචි මහත්තයා, වැලිඔයේ යකැදුරු මහත්මයා කැඳවාගෙන ඒමට පිටත් කළේය. කාගෙන්දෝ ඉල්ලා ගත් පාපැදියෙන් ගොස්‌ යකදුරු මහත්තයා කැඳවා ගෙන එන විට හෝරාවකට ආසන්න කාලයක්‌ ගතවී තිබිණි. හේ පැමිණ කරුණු විමසා පීරිසියකට ගත් පොල්තෙල් ස්‌වල්පය ජීවම් කර, ඇදුරුකම කළේය. එය නිම වීමත් සමඟ ප්‍රේමපාල නෙත් විවර කළේය. පියවි සිහිය ලැබුවේය.
 

virajma

Member
Jun 25, 2008
396
22
0
එහෙම නම් දන්නෙ නෑ. ඒක බැ‍ඳෙන්න පුලුවන් ක්‍රමයක් ගැන දන්නවද ?
නැහැ මුකුත්ම විස්තර දන්නෙ නෑ. දන්න කවුරුහරි ඉන්නවනම් උදව් කරන්න.