හොල්මන් කතා

sinhalamark

Member
May 15, 2011
320
24
0
මේක ඉස්සුවෙ මරණයෙන් පිබිදුනු මිනිස්සු කියන පොතෙං. ඒකෙ තිබ්බ විදිහටම දානව.​

මරා දැමුනු මිනිසා අතින් මිනීමරුවා ඝාතනය වේ​

ලන්ඩන් නගරය අසල වූ එක් පෞද්ගලික පාසලක් පිහිටා තිබුනේ බෙහෙවින් පැරණි විශාල නිවසක් තුලය. එල්ම් ගසින් හා දේවදාර ගසින් සෙවන වූ පාසල් භූමිය රමණීය තේම්ස් නදිය අසබඩ සුන්දර පරිසරයක පිහිටා තිබිණ.

1870 වසරේ පලමු පාසල් වාරය ආරම්භ විය. පාසල් සිසුන් 130 දෙනාත් ගුරුවරුන් කිහිපදෙනාත් ඇතුලු සියල්ලෝම පාසල පාසල පටන් ගත් දින පැමිණ සිටියහ.

මේ වාරයේදී පැරණි ගුරුවන්රුන්ට අමතරව සැම්ප්සන් නම්වූ අලුත් ගුරුවරයෙක්ද පැමිණ සිටියේය. මුහුණ පුරා වැවුනු ඝණ ‍රැවුලකින්ද උස් සිරුරකින්ද යුතුවූ අලුත් ගුරුවරයා කල් යත්ම ශිෂ්‍යයන් අතර ජනප්‍රිය වන්නට සමත් විය. රට රට වල ඇවිද නොයෙකුත් තොරතුරු දැන සිටි ඔහු ඒ පිලිබඳ සිසුන්ට රසවත් කතා පැවසීමට සමත් වී සිටියේය.

සැම්ප්සන් ගේ ගෙලෙහි නිරතුරුව ඔහු පැලඳ සිටි මාලයක් විය. ඔහුගේ නමේ මුල් අකුරු තුන වන G W S කොටා තිබුනු රන් කාසියක් එහි අමුනා තිබිණි.

සම්ප්සන් මහතා පාසලට පැමිණි නොබෝ දිනකින් අද්භූත සිදුවීම් මාලාවක් පාසල පුරා හමා යන්නට පටං ගත්තේය.

දිනක් ගුරුවරයා ශිෂ්‍යයන්ට ලතින් භාශාව උගන්වමින් සිටියේය. ලතින් භාශාවෙන් වාක්‍යය බැගින් ලිවීමට ශිෂ්‍යයන්ට නියම වී තිබිණි. මේ අතරේ පන්තියේ කොණට වාඩිවී සිටි මැක්ලොයිඩ් නමැති ශිෂ්‍යයා කිසිවක් නොලියා මේසයට බරවී නිදිමත ස්වභාවයෙන් පසු වනු තවත් ශිෂ්‍යයෙකුගේ නෙත ගැටින. මැක්ලොයිඩ් ලියන්නේ නැද්ද ? අසල වාඩිවී හුන් ශිෂ්‍යයාගේ හඬින් තිගැස්සුනු මැක්ලොයිඩ් වහා අවදි වූ බවක් දක්වා යමක් තම පොතේ ලිව්වේය.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
ගුරුවරයා තමන්ගේ පොත් වල හරි වැරදි ලකුණු කරන්නට පටන් ගත්තේය. මැක්ලොයිඩ්ගේ පොත දෙස බැලූ පමනින්ම ඔහු තැති ගත්තා සේ පෙනිනි. සුදු මැලි වූ මුහුනින් යුතු ගුරුවරයා වහා පංති කාමරයෙන් පිටවී ගියේය. පොත අතට ගෙන බැලූ ශිෂයයෙකුට අඳුරු පෙදෙසෙහි තිබූ ලිඳ මතකද ? යනුවෙන් ලියා තිබෙනු දක්නට ලැබිණ.

මා දන්නේ නෑ මෙහෙම දෙයක් කොහොම මා අතින් ලියවුනාද කියලා. මොහොතකට රතු පාට බෙරි පලතුරු වලින් පිරුනු ගස් වලින් වටවුනු පාළු ප්‍රදේශයක් මගේ හිතේ ඇඳී ගියා. ඒ මැඳ ලිඳකුත් තිබුනා. ඊට පස්සෙ ඉබේටම වගේ මම මොනවද ලිව්වා. මැක්ලොයිඩ් විස්තර කලේය. දෙවනුව ගුරුවරයා විසින් කැඳවනු ලැබූ විටදී ඔහු ඒ සියල්ල නැවතත් කීවේය. ගුරුවරයා වඩාත් තිගැස්සුනු බව පෙනිණි.

සති කිහිපයක් කිසිම කලබලයකින් තොරව ගෙවී ගියේය. දිනක් උදෑසන ලතින් භාශාව ඉගැන්වීමේදී සැම්ප්සන් මහතා වාක්‍ය කිහිපයක් ලිවීමට ශිෂ්‍යයන්ට නියම කලේය. ලියා නිම කල අභ්‍යාස කොල ගුරුවරයා විසින් පරීක්ශා කරන ලදී. අභ්‍යාස කොල පරීක්ශා කරමින් හුන් ගුරුවරයා එක්වරම උගුර යටින් බිටකරු හඬන් නංවාගෙන කාමරයෙන් පිටතට දිවයනු ශිෂ්‍යයන් බලා සිටියේ විශ්මයෙන් යුතුවය.

වහා ගුරුවරයාගේ මේසය වෙත දිව ගිය ශිෂ්‍යයන් එය පරීක්ශා කලේඅ. කොළ උඩින්ම වූයේ රතු රතු තීන්තෙන් කිසිවක් ලියන ලද කඩදාසියකි. එය තමන්ගේ නොවන බව සියලුම ශිෂ්‍යයෝ සහතික වූහ. පංතියෙහි සිටි ශිෂ්‍යයන් සංක්‍යාව 16ක් වූ අතර එම කොලය හැරුණු විට අභ්‍යාස කොල 16ක් මේසය මත තිබීමද ඒ බව සනාථ කලේය.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
අද්භූත කොලයෙහි ඔබ මාලඟට එනවානම් මා ඔබ ලඟට එනවා යැයි ලතින් භාශාවෙන් ලියැවී තිබිණි. එක් ශිෂ්‍යයෙක් තම අභ්‍යාස කොලය සමඟ එම කොලයද තම මේසය තුලට දමා ගත්තේ පසුව ගුරුවරයාට දීම පිණිසය.

එදින සවස පොතක් ගැනීමට පොත් ගොඩ ඇවිස්සූ එම ශිෂ්‍යයාට කිසිවක් සඳහන් වී නැති පෙර කී කොල කැබැල්ල දක්ණට ලැබිණි. තීන්ත වර්ගයකින් යමක් ලියූ බවට ලකුණකුද නොමැති කොල කැබැල්ල ශිෂ්‍යයන් තුල විශ්මයක් දැනවීමට සමත් විය.

දින දෙකක් ගතවිය. දිනක් සඳ ඇති ‍රැයක මැක්ලොයිඩ් නමැති ශිෂ්‍යයා එක්වරම තිගැස්සී අවදි වූයේය. තම සයනය අසල වූ ජනේලය විවර කර පිටත බැලූ ඔහුට එක්වරම දිස්වූයේ යාබද ගොඩනැගිල්ලේ පහත මාලයේ තිබූ සැම්ප්සන් ගේ නිදන කාමරයයි. කිසිවෙකු එම කාමරයේ ජනේලය අසල ගැවසෙනු බබලන සඳ එලියෙන් පැහැදිලිවම දු‍ටු මැක්ලොයිඩ් වහාම තම යාබද සයනයේ නිදා සිටි මිතුරා අවදි කලේය. අවදි වූ මිතුරන් දෙදෙන නැවත ජනේලයෙන් පිටත බලන විට අද්භූත රුව අතුරුදහන් වී තිබිණ.

මොනවද ඔබ දැක්කේ මිතුරා මැක්ලොයිඩ් ගෙන් විමසුවේ සුව නින්දකට බාධා පැමිණවීම පිලිබඳව ඇතිවූ නොරිස්සුමෙන්ද යුතුවය.

කවුදෝ මිනිහෙක් සැම්ප්සන් මහත්තයගෙ කාමරයේ ජනෙල් පඩිය මත දණ ගහගෙන කාමරයට එබෙමින් සිටියා. හඳ එලිය නිසා ඒ මිනිහා ඉතාමත් කෙට්‍ටු බවත්, වැස්සකට අහුවෙලා වගේ හොඳට තෙමී ඉන්න බවත්, මට පෙණුනා. හරියට අවතාරයක් වගේ. මැක්ලොයිඩ් තැති ගැන්මෙන් යුතුව විස්තර කලේය
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
මේ අතර පසුදා උදෑසන සැම්ප්සන් තම බඩු බාහිරාදිය ‍රැගන පාසලෙන් පිටව ගොස් තිබිණ. ඔහු පිලිබඳ කිසිඳු ආරංචියක්ද නොලැබින.

මේ සියල්ල සිදුවී තිස් වසරක් පමණ ගතවී ගියේය. එදා ශිෂ්‍යයන් අද මැදිවියේ විබාහකයන් ලෙස තැනින් තැන විසිරී සිටියහ. මේ කාලයේදී ඉන් එක් ශිෂ්‍යයෙක් පදිංචිව සිටියේ අයර්ලන්තයේය. දිනක් හිතවත් ගැමි පවුලකින් ලැබුනු ආරාධනාවකට අනුව ඔහු එම නිවසේ රාත්‍රී භෝජනයකට සහභාගී විය. රාත්‍රී භෝජනය අවසන් කල නිවසේ හාම්පුතා තම අමුත්තා සමඟ විසිත්ත කාමරයට වී අල්ලාප සල්ලාපයෙහි යෙදී උන්නේය.

ඔබ පැරණි දේවල් ගැන හුඟක් දන්නව නේදැයි කථාව මැදදී ඇසූ නිවසේ හිමියා කබඩයක් තුල තිබූ පෙට්ටියකින් අකුරු තුනක් කෙටූ රන් කාසියක් ඇමුණූ මාලයක් පෙන්වීය.

අපේ ගේ පි‍ටු පස බෙරි ගස් වලින් වටවුනු අඳුරු පෙදෙසක පාලු ලිඳක් තිබෙනවා. ඒ ප්‍රදේශය පිරිසිදු කරද්දී අපට මේ මාලය හමුවුනේ. ඒ විතරක් නොවෙයි. ලිඳ ඇතුලේ තිබිලා අපට ඇට සැකිලි දෙකකුත් හමුවුනා. මේ මාලය තිබුනේ ඒ එක් ඇට සැකිල්ලක ‍රැඳිලයි. ගෙහිමියා විස්තර කලේය.

රන් කාසියේ කොටා තිබූ J W S යන ඉන්ග්‍රීසි අකුරු තුන අපහසුවෙන් කියවාගත් අමුත්තාගේ සිතෙහි විදුලියක් කෙ‍ටුවේය. මේ තිස් වසරකට පමණ පෙර පාසලේදී තමන්ට ලතින් භාශාව ඉගැන්වූ සැම්ප්සන් මහතාගේ ගෙල ‍රැඳුනු මාලයම නොවන්නේද ? එසේ නම් අතුරුදහන් වූ සැම්ප්සන් මහතා මියගොස් තිබේ.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
එදින රාත්‍රියේ තම නිවසට ගිය පසු සයනයෙහි වැතිරුනු ඔහු පාසල් වියේ මතකයන් අවදි කරමින් දිගු කල්පනාවක වැ‍ටුනේය. මේ සියල්ලෙන් ඔහු අවසානයේ නිගමනයකට පැමිණියේය. එනම් සැම්ප්සන් මහතා තම පාසලට පැමිණීමට පෙර මිනිසෙකු මරණයට පත් කර මේ පාළු ලිඳ තුලට දමා ඇති බවයි. සැම්ප්සන් මහතා ලුහුබැඳ ආ එම ආත්මය නොයෙකුත් පණිවිඩ මඟින් ඔහු බියපත් කර අසිහියෙන් මෙන් ඔහු මෙම ස්ථානයට ‍රැගෙනවිත් පළිගත්තා විය හැක.

නින්දට වැ‍ටුණු ඔහුට සිහිනයක් පෙණිනි.අඳුරු පැහැති අඳුමක් ඇඳගත් සියොලඟින් ජලය වැගිරෙන සිහින් මිනිසෙක් ජනේලය තුලින් එබී බලනු එම සිහිනයයි.
 

virajma

Member
Jun 25, 2008
396
22
0
ඇතුල්කෝට්ටේ, ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානය මේ ස්ථානයේ දුරකථන අංකයක් තියනවනම් දානවද.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
ඇතුල්කෝට්ටේ, ආධ්‍යාත්මීය ගවේෂණ මධ්‍යස්ථානය මේ ස්ථානයේ දුරකථන අංකයක් තියනවනම් දානවද.

එහෙම නම් දන්නෙ නෑ. ඒක බැ‍ඳෙන්න පුලුවන් ක්‍රමයක් ගැන දන්නවද ?
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
ප්‍රේමපාලගේ පසුපසින් පැමිණි අවතාරය

කුඹුරුවල ගොයම් කපා පෑගෙන කාලෙට මුළු කුඹුරු යායම නව කලඑළියකින් බබළයි. ගොවි ගෙවිලියෝ නිතර නිතර කුඹුරට යති. එති. කපන ලද ගොයම් රැස්‌ කර තැබීම සඳහා ඉපනැල්ල ගලවා ගොම පරිබඩ උලා කමත සකස්‌ කරති. වැඩ කරන අතරේදී මඳකට විවේක ගැනීමට කමතට නුදුරින් පැලක්‌ අටවති. තේ කඩ සඳහා තාවකාලික ගෙවල් තනති. ළමා ළපටියෝ ද පාසල් ගමන දෙවැනි තන්හි ලා කරල් ඇහිලීම ආදියේ යෙදෙති. ඈත පළාත්වල සිට පැමිණෙන කාන්තාවෝ වී හුළං කර ඉතිරි වූ බොල් වී කුල්ලෙන් පොලා තම මලු පුරවා ගනිති. කුඹුරු හිමියන්, අඳ ගොවීන්, කම්කරු පිරිමි හා කාන්තාවන් යන හැමගේම අත මිට සරු වන්නේ මේ කාලයේදී නිසා ඒ හැම කෙනෙක්‌ම ප්‍රීති ප්‍රමෝදයෙන් පසුවෙති.
ගොයම් පෑගීම සිදු කරනුයේ මී හරකුන් ගෙනි. ඊට උදව් වන අයට කුලිය වශයෙන් ලැබෙන්නේ මුදල් නොව වී ය. එය ගෙවන්නේ එක්‌ ගොයම් කොළයකට (කමතේ රැස්‌ කර ඇති විශාල ගොයම් ගොඩ) වී කුරිනි අටක්‌ වශයෙනි. බොහෝ කම්කරුවන් ගොයම් පෑගීමට වැඩි කැමැත්තක්‌ දැක්‌වීමට හේතුව මුදලට වඩා වී රැස්‌ කර තැබීමෙන් අත්වන ප්‍රයෝජනය විශාල නිසාය.
ප්‍රේමපාල හා ජයතුංග එසේ කුඹුරුවල කුලියට වැඩ කරන කම්කරුවන් දෙදෙනෙකි. දෙදෙනාම මිතුරන් හෙයින් වැඩකට යතොත් දෙදෙනාම එකට යති. එකට වැඩ කරති. එකට එති. එදින ඔවුන්ට ආරාධනය ලැබුණේ ගමෙන් සැතපුම් පහක්‌ පමණ ඈත කුඹුරක ගොයම් පෑගීමටය. නියමිත දින කුඹුරට යන විට පෙරවරු නවයට පමණ ඇත. පයින් යැම හැර ඒ කාලයේ වෙනත් ගමන් පහසුවක්‌ නැත.
කුඹුරට පිවිසි ඔවුන් මුලින්ම දුටුවේ ගොයම් කොළ හතරේ විශාලත්වයයි. "මේක බං තිස්‌ස වෙහෙරෙ වගේ නොවැ? බලමු· බලමු·· "ප්‍රේමපාල අනිකාට කීය. බොහෝ ගොවීන් විශාලව ගොයම් ගොඩ ගසන්නේ ගොයම් පෑගීම සඳහා දෙන වලහං වී ප්‍රමාණය අඩු කර ගැනීමටයි. එහෙත් ඉන් ඵලයක්‌ අත් නොවේ. හේතුව කම්කරුවා මැඩුහං (පිදුරු) සමග බැත (වී) ද ඉවතට දැමීමයි. මේ දෙදෙනා "බලමු" යෑයි කීවේ එම අර්ථයෙන් විය යුතුයි.
 

sinhalamark

Member
May 15, 2011
320
24
0
හීල (උදේ ආහාරය) රැගෙන බුලත් විටක්‌ද කටේ හලා ගත් දෙමිතුරෝ සෙසු අය සමඟ ගොයම් පෑගීමට අවතීර්ණ වූහ. ජයතුංග ඉදිරිපෙළ හරක්‌ ගැලතුම (එකට ඈ¹ සිටි මී ගවයන් සිව්දෙනා) දක්‌කන අතර ප්‍රේමපාල දැති ගහ (ගොයම් පෑගීමේදී භාවිත කරන උපකරණයකි) අතට ගත්තේය.
මෙසේ ආරම්භ වූ ගොයම් පෑගීම නිමා වන විට එදින මැදියම් රැය පසු වී තිබිණි. පාවරට එකතු කළ බැත සුළං කිරීම පසු දින සවසට කල් තැබූ කුඹුර හිමි යකෝරිස්‌ ගම්බාර මහතා වැඩ අවසන් කළ අය සඳහා තේ කහට පිළියෙල කිරීමට ගොවියාට නියම කළේය. තේ පානයෙන් පසු ළඟ පාත සිට වැඩට පැමිණි අය ගෙවල්වලට ගියහ. ප්‍රේමපාල හා ජයතුංගට බොහෝදුර යැමට ඇති හෙයින් ගම්බාර මහතා ඔවුන්ට නතර වන ලෙස කීය.

එබස් ගණනකට නොගත් දෙමිතුරෝ මහ නියර දිගේ ගමන් කළහ. කුඹුරු යායේ බොහෝ තැන්වල පැට්රල් මැක්ස් ලාම්පු දැල්වේ. ඒ ගොයම් පාගන කමත්වලය. ගම්මානයට පිවිසිස්ය ද එහි ඇත්තේ දැඩි නිහැඬියාවකි. ඉඳ හිට ඈත බල්ලෙක් බුරනු ඇසේ. නිදා ගෙන හෝ මිනිසුන් සිස්ටින නිසා ඔවුන්ට පාලුවක් නොදැනේ. ඊළඟට ඔවුන් පිවිසියේ ජන ශූන්ය කැලෑ පෙදෙසකටය. බටහිර අහසේ සිට අඩ සඳ පලුව හෙළන රැස් අඳුර තුනී කරයි. එහෙත් අතු පතර නිසා බොහෝ තැන්හි අඳුර රජ කරයි. "මේ හරියෙ දවල්ටත් මිනිස්සු යන්නෙ බයෙන්. හොරු ඉන්නවා" ප්රේමපාලට සිහි විය. නරිත් හූ කියන හඬක් සමීපයෙන් ඇසුණි. ප්රේමපාලගේ ගත හිරිගඩු පිපුණි. හේ අත රැඳි දැති ගහ තරකොට අල්ලා ගත්තේය. ටික වේලාවකින් නරි නිහඬ වූහ. අඳුරේ වුවද සුදු පාටින් ලෙළ දෙන ගොක් කොළ සමූහයක් ප්රේමපාලගේ නෙත ගැටුණි. සොහොන් බිම සමීපයෙන් ගමන් කරන බව වටහාගත් ප්රේමපාල මිතුරාට වඩා ඉදිරියෙන් ගමන් කරන්නට විය. "මේ හරියෙ තමයි, මෝහිණිගේ අවතාරෙ තිබුණේ." ප්රේමපාලට අතීතය සිහි විය. සිතට එන බිය ජනක සිතුවිලි මැඬලන්නට හේ උත්සුක විය. "ජයේ, උඹ අර ඒ දවස්වල රෑට රෑට කුසුමා බලන්න යද්දී පොල් වළේඅ වැටුණු හැටි කියාපංකො." ප්රේමපාල මිතුරාට කීය. "උඹ මේ මක්ක කියනවයි? බං" මම තාම ඒ වැටුණු වළෙන් ගොඩ එන්න බැරුව දඟලනව." ජයතුංග කීය. එය සිනා උපදවන පිළිතුරක් නොවූවද, ප්රේමපාල මහ හඬින් සිනාසුණේ හිතේ වූ බියද එළියට විසි කරන්නට මෙනි. කතාවෙන් කතාවෙන් දෙදෙනා තම ගම්මානයට ළඟා වූහ. ගෙවල්වලට යැමට වෙන්විය යුතුයි. "මම එහෙනම් දිගට යනවා. උඹට මේ ඩිංග යන්න ඇහැකි නොවැ?" ජයතුංග කීය. "පුළුවන්, පුළුවන්, මම අඩියට දෙකට යන්නම්. උඹ පලයං" දෙමිතුරෝ වෙන්වූහ. ප්‍රේමපාල අඩි පාර දිගේ ඉදිරියට ඇදෙයි. සඳ එළිය මඳ වුවද ඉන් මඟ පෙන්වයි. පූසන් දෙදෙනෙක්‌ පොර කන හඬ සවනට වැටුණු ප්‍රේමපාලගේ සිත ගැස්‌සිණි. විසකුරු සතුන් පාරේ ඇද්දැයි බියෙන් ද සිත වෙළී යයි. දතිගහ බිම අද්දවමින් ඔහු ඉදිරියට ගියේ එවැනි සතුන් සිටී නම් පාරෙන් ඉවත්ව යැමටය.