හොලිවූඩ් නාම පුවරුව (Hollywood Sign)

Nov 30, 2015
85
77
0
www.nawalowadenuma.com
හොලිවූඩ් නාම පුවරුව (Hollywood Sign)

hollywood-sign_1615566a.jpg


[FONT="times" , "times new roman" , serif][SIZE=5][FONT=Times]ඇමෙරිකාවේ ජාතික මෙන්ම සංස්කෘතික සංකේතයක් ලෙසද සැලකෙන හොලිවූඩ් නාම පුවරුව "HOLLYWOOD" sign ඇමෙරිකාවේ කැලිෆෝර්නියාවල ලොස් ඇන්ජලිස් හි පිහිටි , Santa Monica නම් කඳු පන්තියේ Lee නම් කඳු මුදුනේ පිහිටා ඇත.[/FONT][/SIZE][/FONT]
[SIZE=5]
[/SIZE] [SIZE=5]මෙය 1923 දී ඉදිකෙරුන අතර එහි අරමුණ වූයේ Los Angeles Times පුවත්පත් ආයතනයේ හිමිකරුවූ Harry Chandler ට අයත් එම ප්‍රදේශයේ තිබු නිවාස හා ඉඩම් ව්‍යාපෘතියක් ප්‍රවර්ධනය කිරිමයි. මෙම ව්‍යාපෘතියේ නම "Hollywoodland" ලෙස ඔවුන් නම් කල අතර, එම අකුරු 13 නිර්මාණය කිරීම Thomas Fisk Goff හට පැවරුනි. [/SIZE]


[SIZE=5]ඔහු මෙය එක් අකුරක් අඩි 30ක් (මී 9.1) පළල හා අඩි 50ක් (මී15) උස වන ලෙස සුදු පැහැ ඉංග්‍රීසි කැපිටල් අක්ෂර වලින් නිම කරන ලදි. විදුලි බුබුලු 4000ක් පමන මෙය අලංකාර කිරීමට යොදන ලදි.පලමුව මෙය එහි වසර එකහමාරක පමන කාලයක් දිස්වීමට ඉඩහැරීම අභිප්‍රාය විය.එබැවින් එය ඉදිකෙරුනේ ලී රාමු සහ යකඩ තහඩු යොදා ගෙනය.කෙසේ වුවද මෙය ඉතාමත් ජනප්‍රිය වුනු අතර හොලිවූඩ් සිනමා කර්මාණ්තයේ නැගීමත් සමග ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකන් සංකේතයක් බවට පත් විය.[/SIZE]



[CENTER] [URL="http://3.bp.blogspot.com/-jztaWe46_Lw/VOdwXIuovXI/AAAAAAAAANA/7XFQ1EqJDiE/s1600/Hollywoodland-LD2-e1356078426374.jpg"]
Hollywoodland-LD2-e1356078426374.jpg
[/URL][/CENTER]


ලී රාමු සහ යකඩ තහඩු යොදා නිම කිරිමත් ආවරණයකින් තොරව පැවතීමත් නිසා 1949 වනවිට මෙය බොහෝ හානියට පත් වී තිබුනි. ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුන අතර, තවදුරටත් නිවාස හා ඉඩම් ප්‍රවර්ධනයක් එමගින් සිදු නොවූ බැවින් "LAND" යන කොටස ඉවත් කර "HOLLYWOOD" යන්න පමනක් තිබෙන ලෙස සකස් කරන ලදි.(හොලිවූඩ් යනු ඇමරිකාවේ දිස්ත්‍රික්කයකි.)




1978 අබලන් වූ නාම පුවරුව 1978 වනවිට මෙය බොහෝ අබලන් තත්වයට පත්වී තිබුන අතර සුප්‍රකට Playboy සඟරාවේ නිර්මාතෘ Hugh Hefner ගේ මූලිකත්වයෙන්, එක් අකුරකට එක් කෙනෙකු බැගින් දානපතියන් නව දෙනෙකුගේ අනුග්‍රහය මගින් අදටද දැක ගැනීමට හැකිවන ලෙස ශක්තිමත් කොන්ක්‍රීට් පාදමක් මත යකඩ රාමු සහ තහඩු යොද ශක්තිමත් ලෙස නිම කරන ලදි. මෙහි එක් අක්ශරයක් උස අඩි 45ක් (මී 14) ද පලල අඩි 31ත් 39ත් ( මී 9.4 - මී 11.9) අතර වේ. සම්පූරණ දිග අඩි 350 (මී 110) පමණ වේ.


2005 වර්ෂයේදී පමන නැවත මෙහි ප්‍රතිසංස්කරණයක් සිදු කෙරුනු අතර නැවත තින්ත ගල්වා පිරියම් කරන ලදි. වසරකට විශාල සංචාරකයන් ප්‍රමාණයක් මෙය නැරඹිමට පැමිනෙන බව සඳහන්වේ. තවද නියමිත අවසරයකින් තොරව මෙම සංකේතය වානිජ කටයුතු සඳහා යොදා ගැනීම එරට විසින් තහනම් කර ඇත


උපුටා ගැනීම : http://www.nawalowadenuma.com/2015/02/hollywood-sign.html
 
Last edited:

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එලකිරියට ආව ගමන්ම නොදන්න යමක් කියල දුන්නට බොහොම ස්තූතියි මචන්...:yes:
    ජය වේවා..!
    +Rep