හෝකන්දර මිනීමැරුම

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    හෝකන්දර මිනීමැරුම

    රටක් භීතියට පත් කල හෝකන්දර පවුලේ ඝාතනය


    6-Murders-Image-6-Hokandara.jpg


    හෝකන්දර යන නම ඇසූ පමණින් මිනිසුන් බියපත් වන තරමට ඒ සිදුවීම මහත් භයංකාර වීය.දැන් දැන් නම් ඒ පෙදෙසේ ත්‍රාසය භීතිය දනවන එවන් සෝබර සිදුවීම් අසන්නට නැත. එනිසා දෝ මානව හිමිකම් කොමිසමේ උසස් නිලධාරින් පවා ඒ පෙදෙසේ අද පදිංචි වී සිටියි.

    මේ සිදුවීමට දැන් වසර 17 ක් ගත වී අවසන්ය. එකම පවුලේ අම්මා, තාත්තා, අක්කලා තිදෙනා හා මල්ලී යන සයදෙනා තම ගෙදරදීම ඉතා ම සාහසික ලෙස මරා දමා තිබුණේ 1999 පෙබරවාරි 10 වැනි දාය. අමරදාස හා ඔහුගේ පුතුන් දෙදෙනා, උක්කුවා හා තවත් කීපදෙනෙකුගේ නම් මේ අපරාධයට ඈදිණ. එයින් පස් දෙනෙක් මරණීය දණ්ඩනය ලබා තවමත් පෝරකය අබිමුව සිටිති. අමරදාසගේ පොඩි පුතා ළඟදි අවුරුදු 15 කට පසු නිදහස්ව ගෙදර ආවේය.

    ප්‍රධාන මරණකරු හා ඔහුගේ පවුලේ උදවිය අක්කර 2 ක් පමණ කුඹුරු යායකට යාබද ඉඩම් කට්ටියක නිවෙසක ජීවත් වූහ. ඔව්හු පැරණි ගම්වැසියෝ වෙති. අමරදාස රැකියාවට කළේ කසිප්පු පෙරා විකිණීමය. ඔහුගේ කසිප්පු හා ගෝඩා බැරල් හා වෙනත් උපකරණ තම වත්තේ සඟවනු ලබන්නේ යැයි මුලින් ම ප්‍රධාන මරණකරුගෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබිණ.

    ඒ පැමිණිල්ලට පෙර නිතර ම තම වත්ත හරහා කසිප්පු ඇල්ලීමට පොලිස් නිලධාරින් දිවීම හා හැම තැනම සෝදිසි කිරීම ඔහුට කරදරයක් විය. මේ පවුල් දෙක අතර ගැටුම නිර්මාණය වූයේ මේ මුල් සිද්ධිය හරහාය.

    ප්‍රධාන මරණකරුගේ එක් දුවක් ‘ලක්බිම’ පුවත්පත් ආයතනයේ ලිපිකාරිණියක් වූ අතර, තවත් දුවක් සරසවියක උගනිමින් සිටියාය. අනෙක් දුව ගෙදර කටයුතුවලට හවුල් වෙමින් සිටි අතර පුතා ද අධ්‍යාපනය හදාරමින් සිටියේය. ඔවුන් සියලු දෙනා නිශ්ශබ්ද ජීවිතයක් ගත කළ අය වූහ.

    ගමේ වැඩිදෙනා සමඟ ඔවුන් කතා කළේ අවශ්‍යතාවටම පමණි.

    අමරදාස ගමේ තරමක චණ්ඩියෙකි. උක්කුවා ද එහෙමය. අමරදාස මුලින් කී වත්ත පිටුපස කසිප්පු සැඟවූ බව කියැවෙන අතර, උක්කුවා මේ පවුලේ රූමත් බාල කෙල්ල චිත්‍රාංගනීගේ ආදරය ඉල්ලා මහ මඟදී කරදර කළේය. ඊට චිත්‍රාංගනීගේ මනාපයක් නොතිබිණ. මේ සියලු කාරණා එකිනෙක ගැට ගැසී අහිංසක පවුලකට වින කැටීම ආරම්භ වී තිබිණ.

    1999 පෙබරවාරි 10 වැනිදා අදේ දහයට පමණ සාහසිකයන් මුලින් කී ඒ නිවසට ඇතුළු වූයේ කැරුබිලියෙන් ඇතුළු වූ සොරුන් ‍පරිද්දෙනි. ඔවුන් මුලින් ම ගෙදර ප්‍රධාන හිමිකරු පියා අල්ලා එතෙක් තම පිට මත කමිසයට යටින් සඟවාගෙන සිටි මන්නා කඩු ආදියෙන් කැති ගා තිබිණ.

    ඔහු අමුවේ ම මරා දැමූ සාහසිකයෝ ඊළඟට ගෙදර ඒ වන විට සිටි ලොකු දුව අල්ලා ගත්හ. ඇයට දස වධ දුන් පසු ඔව්හු නාරාසනයක් ඇගේ යෝනි ප්‍රදේශයෙන් ශරීරයට ඇතුළු කැර කාමරයක එල්ලා දැමූහ. මේ අප ජීවත්වන බෞද්ධ රට දැයි සිතාගත නොහැකි ලෙස ක්‍රියා කළ මේ අමන රැළ ඊළඟට සූක්ෂ්මව ඒ ගෙදර දොරවල් වසා නිශ්ශබ්දව එහි ම රැඳී සිටියහ.

    අමරදාසලාට විරුද්ධව විභාග වූ නඩුවකට එදිනම උසාවිගොස් තිබුණේ ඒ ගෙදර අම්මා හා අනෙක් දුවය. දහවල් වන විට ඔවුන් දාඩිය මුනින් දාගෙන පැමිණ ලොකු දුවට ආමන්ත්‍රණය කැර ගෙට ගොඩවෙද්දි සාහසිකයෙක් ඒ අයද අල්ලා ගත්හ.

    ප්‍රධාන ගෘහණිය වන අම්මා ද කැති ගා දැමූ පසු ඔවුන් තුළ වූ තිරිසන් පහත් ආශාවන් ඉෂ්ට කැර ගැනීමෙන් ඉක්බිති ඒ කෙල්ල ද මරා දැමිණ. ඇය තම ජීවිතය හා පවිත්‍රත්වය තිරිසනුන්ගෙන් ගලවා ගනු පිණිස මහත් සේ පොර බදා ඇති බව සාක්ෂි සටහන් කළේය.

    ඊළඟ දුව පැමිණෙන්නේ සවස් කාලයේය. කලින් සැලසුම් කළ ආකාරයෙන් සූක්ෂ්මව ඇය ද ගෙට ගත් සාහසිකයෝ ඇගෙන් තම වුවමනා එපාකම් පිරිමහ ගනු ලබද්දී ඇය පොර බදා වත්ත පහළට දුවන්නට සැරැසුණාය. ඇයට මන්නා පහර කීපයක් හිසට හා පිට ප්‍රදේශයට එල්ල වී තිබුණේ ගෙදර වැසිකිළියට යාබද තැනෙකදීය.

    ගෙදර එකම පිරිමි දරුවා පැමිණියේ රාත්‍රිය තුනී සළු එළා හෝරාවක් පමණ ගෙවෙද්දීය. සාහසිකයන් පෙර පරිද්දෙන් ම ඔහු ද ගෙට ගෙන මරා දැමීමට මාන බැලුවත් ඒ කොල්ලා මේ මහ පිරිස සමඟ පොර බැදුවේය. තම අම්මා තාත්තා හා අක්කලාගේ විලාප හඩ ඔහුගේ සවන් මානයේ රැව් දෙන්නට විය. ඔහු ද ප්‍රධාන සාහසිකයා මරා මරාගෙන මැරෙන ක්‍රමයෙන් මිය ගියේය.

    මේ එදා සිදුවූ සෝබර ත්‍රාසජනක සිදුවීමයි. අවුරුදු 17 කට පසු ඒ නිවෙසට කුමක් වීද? ඔවුනගේ මළගෙදර කටයුතු කෙසේ සිදුවුණේ ද? අමරදාසගේ පවුලේ ඇත්තන් හා සාහසිකයන්ගේ අලුත් කතාව සොයා මම හෝකන්දර පීරමි. ලංකාවේ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මුල්වරට පැවැත්වූ එමගින් සාක්ෂි සපයාගත් මුල්ම මිනීමැරුම හෝකන්දර සය මිනීමැරුමයි. මට මුලින් ම සම්මුඛ වන්නේ කඩුවෙල නගරාධිපති ජේ.එච්. බුද්ධදාස මහතාය.

    “මේ කම්පනීය සිදුවීම අහලා මාත් එදා එතැනට ගියා. පවුලම මරා දාලා තිබුණා. මිනී බාරගන්ඩවත් ඥාතියෙක් හිටියෙ නෑ. මේ මිනීවලටවත් සාධාරණයක් ඉෂ්ට කරන්ඩ ඕනෑ කයලා මට හිතුණා. පශ්චාත් මරණ පරීක්ෂණවලට පස්සෙ චන්ද්‍රා පනාගොඩ මල් ශාලාවට දීලා ඒ කටයුතු කරවලා මිනීපෙට්ටි අරන් අවසන් කටයුතු කරවලා දාන මාන දුන්නෙත් මගේ පෞද්ගලික මුදලින්.

    අපි සත්දවසෙ, තුන්මාසේ හා අවුරුද්දෙ දාන මානත් හොඳින් කළා. අමරදාස කියන මිනිහගෙ කසිප්පු ඒ වත්තේ හංගනකොට ඒ මිනිස්සු විරුද්ධ වුණා. ඒ මිනිස්සු අතුරුගිරිය පොලිසියෙ මේ පිළිබඳව පැමිණිලි 22 ක් දාලා තිබුණා. ඒ එකකටවත් පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කළේ නෑ.

    එහෙම මුල් අවස්ථාවෙ නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ වගේ ඛේදවාචකයක් වෙන්නෙත් නෑ. සොයා බලාගෙන ගියාම අමරදාසලගේ හිතවත් සාජන්ට් කෙනෙක් ඒ කාලෙ පොලිසියේ ඉඳලා තියෙනවා. මිනිහා මේ ඇන්ට්‍රි විභාග කරන්න ඉඩ තියන්නෙ නෑ.”

    “අන්තිමට මේ මිනී බාරගන්ඩවත් නොහිටපු නෑදෑයො පස්සෙ කාලෙක මේ වත්ත හා දේපළට අයිතිවාසිකම් කියන්ඩ ආවා. ඒත් අන්තිමට මේ දේපළ බාර වුණේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට. ඒකෙන් එතැන දැන් හමුදා නිවස්නයකට දීලා. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඒක පාලනය කරනවා. මේ සිදුවීම අතිශය ශෝචනීයයි. ඒ සිද්ධියට සම්බන්ධ වූ පිරිස් දැන් හිරගෙදර. පස්දෙනාටම මරණීය දණ්ඩනය ලැබුණා.

    කඩුවෙල නගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරි කේ.එච්.ආර්.පී. කුමාර සිද්ධියට අදාළ භූමියට නුදුරුව ජීවත්වන්නෙකි. ඔහුට ද කියන්නට යමක් තිබේ.

    ඔය වත්තට කිව්වෙ දේගවත්ත කියලා. කුඹුරු ඉඩම් තිබුණ ඔය ගෙදර ප්‍රධානයාට ගමේ අය කිව්වෙ වෙද මහත්තයා කියලා. කාටවත් කරදරයක් නැතිව හිටි කට්ටියක්. එදා මේ කාලකණ්ණි සිදුවීම උදේ 10 ඉඳන් රාත්‍රි 7 විතර වෙනකම් සිදුවෙද්දී ගමේ අය දැනගෙන හිටියෙ නෑ.

    ඉතාම සූක්ෂ්මව සකස් කළ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා තිබුණෙ. ඔවුන් ගම්කාරයෝ. වටේටම වෙන්දේසි ඉඩම් හා කුඹුරු වෙල්යාය. ඔය පවුලෙ එක ගෑනු ළමයෙක් කැම්පස් එකේ හිටියෙ. එක ගෑනු ළමයෙක් ‘ලක්බිම’ ආයතනයෙ වැඩ කළා. ඉතාම නින්දිත විදිහට මේ අය මරලා තිබුණා.

    මා දන්නා හැටියට ඒ කාලකණ්ණි සිදුවීම ඉව වැටුණු කෙනෙක් කොතරම් අතුරුගිරිය පොලිසියට ඇමතුවත් මේ ගැන තැකීමක් කරලා නෑ. අන්තිමට තලංගම පොලිසියේ ඕ.අයි.සී. සුරවීර මහත්තයායි පරීක්ෂණවලට මුලින්ම මෙහි ආවෙ.

    පවුලෙ එකම පිරිමි දරුවා ප්‍රධාන විත්තිකාර අමරදාස මරාගෙන ගේ පිටුපස පොල්වළේ මැරුණා කියන්නේ ඇත්තද? මම ඔහු විමසමි.

    ඒක වෙනම කතාවක්. මේ හරහා නොයෙක් වාර්තා පළවුණා. සමහර ඒවා අසත්‍යයි. අන්තිමේ මේ දේපළ බූදල් වුණා. හෝකන්දර සන්දේරිස් ජයන්ත මාවතේ පල්ලෙහා ඇති මේ ඉඩම දැන් නාගරික සංවර්ධන අධිකාරියට අයිති.

    අපි ඒ භූමිය සොයා ගියෙමු. එහි හමුදා නිවස්නයේ නිලධාරීනට මේ සිද්ධිය ගැන එතරම් දැනුවත් බවක් නැත. ඔවුන් වෙනත් පළාත්වලින් මෙහි පැමිණි අයයි. ඒ නිවෙස එදා තිබූ ආකාරයෙන් මුල් කොටස් එසේම තිබියදි පසුපස කොටස වෙනස් කැර සාදා තබේ. ඒ වත්තේ පොල්ගස්වල දිගු සෙවණැලි අතර හිඳ මම ඔවුන් හා සුහද වෙමි.

    මේ තරම් සුන්දර තැනක‍ මේ වගේ අසුන්දර දෙයක් සිදුවුණා කියලා හිතන්ඩවත් බෑ. මේ ගහකොළ අප වෙනස් කළේ නෑ. මේ ගහකොළ ඒ බියකරු විලාප ඇහුවා. ඒ කතාව හොඳින් දන්නවා... එක් නිලධාරියෙක් අපට කීවේය.

    news2.jpg

    අපේ මාධ්‍ය ජීවිතයේ තවත් බියකරු අත්දැකුමක් උදාවෙමින් තිබිණ. අමරදාසගේ නංගිගේ පුතෙක් හා ඔහුගේ පුත්තු අප වට කරගත්හ. ඒ අප මේ කතාව දන්නා තවත් ගම්වැසියෙක් සොයමින් සිටින අතරතුරය.

    ඔය කතාව දැන් අවුස්සන්නේ මොකටද? ඔය මාධ්‍යකාරයො කරන්නෙම බොරු. එදා වෙච්ච සිදුවීමෙන් පස්සෙ අපේ ගෙවල් ගිනි තිබ්බා. මාමාගේ ගේත් ගිනි තිබ්බා. අපෙ දූ දරුවො පාසල් යන්නෙ කොහොමද? අපි සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද? ඔව්හු මගෙන් අසති.

    ඒත් සමාජයේ ඇත්ත දැන ගැනීමේ වුවමනාව අප ඉෂ්ට සිද්ධ කළ යුතුය. රට පුරා ආන්දෝලනාත්මක ‍මේ සිදුවීමෙන් පසු ඒ පවුලට කුමක් සිදුවීද? අමරදාසලාට පවා කුමක් වීද? යන්න දැන ගැනීමට ඔවුන්ට අයිතියක් ඇත. අප ඉෂ්ට කරන්නේ ඒ වුවමනාවය. එසේම ඔවුන්ගේ පාර්ශ්ව කියන්නක් ලිවීමද අපේ යුතුකමය.

    මහත් ආයාසයක් යොදා අපි සිද්ධියේ ප්‍රධාන විත්තිකාර අමරදාසගේ බිරිය ඇම්. සිරියාවතී හමුවීමු. ඇගෙ බාල පුතා බුද්ධික ද මේ නඩුවට සිරගතව සිට දැන් නිදහස්ව පැමිණ සිටී. ඔහු ද අපේ සාකච්ඡාවට අපහසුවෙන් කැඳවා ගතිමු.

    දැන් මට අවුරුදු 62 යි. මේ සිද්ධිය වෙනකොට මගෙ මහත්තයට අවුරුදු 49 යි. අපට දරුවො දෙන්නෙක්. මේ බාල පුතා මෙයාට සිද්ධිය වෙනකොට අවුරුදු 16 යි. අපි ජීවත් වෙන්ඩ අරක්කු විකුණපු එක ඇත්ත. ඒත් අපි දැන් ඒවා සියල්ලම නවත්තලා. එදා සිද්ධිය වෙන කොටත් අරක්කු විකිණීම නවත්තලා හිටියෙ දරුවො ලොකු නිසා.

    අනෙක් පුතා (දැන් පෝරකයට නියමව ඉන්න) එයාටත් එදා අවුරුදු 18 යි. පිළිගන්ඩ! එදා මහත්තයා ගෙදර හිටියෙ. පොලිසිය රාත්‍රි 1ට විතර ඇවිත් නිදා හිටි මනුස්සයා නැගිටුවලා හොඳටම ගැහුවා. එයාව මරා දැම්මෙ පොලිසියෙන්. දැන් පොලිසිය කියනවා අර කොල්ලා අමරදාසව මරා දැම්ම බව. මේ ගේ ගිනි තිබ්බා. අපට ඉතිරි වුණේ ඇඳිවතත් මහපොළවත් විතරයි. මගේ තිබුණු ඉ‍ඩමක් විකුණලා මේ ගේ නැවත හදා ගත්තෙ.

    ගමේ ඇවිදින විට තවත් තොරතුරු අපට ලැබේ. පැමිණිලි විභාග නොකරන්නට වැඩ කටයුතු කළ අමරදාසගේ පවුලට කිට්ටු පොලිස් සාජන්ට් දැන් (සිද්ධියෙන් පසු) පිටරටය. අපරාධකරුවන් සොයා දැල එලෙන විට ඔවුන් විදේශගතවීම සාමාන්‍ය සිද්ධියකි.

    අපරාධවලට යටත් මේ නිවස පිහිටා ඇත්තේ තලංගම පොලිස් වසම හා අතුරුගිරිය පොලිස් වසම අවසන් වන සීමාවේය. එහෙත් වැඩිමනත් බල ප්‍රදේශය අතුරුගිරියයි. අතුරුගිරිය පොලිසියේ පැමිණිලි විභාග නොවීම සිද්ධිය ගැන දැනුම්වත් කිරීම්වලට මුලින් ක්‍රියාත්මක නොවීම යන පැනවලට පිළිතුරු සපයාගන්ඩ අපි වෙර දරමු. ඒ සඳහා එදා අතුරුගිරිය පොලිසියේ O.I.C ව සිටි දැනට විශ්‍රාමික අනුර ගුණතිලක මහතාගේ දුරකථන අංකය සොයාගෙන කීපවිටක් ම ඇමතීමු.

    ඔහු අපට හමුවීමට කීප විටක්ම‍ බලාපොරොත්තුව දී එය වෙනස් කළේය. අන්තිමේ ගවේෂණය සිදුවන ඒ මොහොතේදී හමුවීමට අවස්ථාවක් නුදුන්නේය. එනිසා අපේ වරදක් නැත. ලැබුණු තොරතුරු අනුව විශේෂාංගය සකස් කැරේ. අනුර ගුණතිලක මහතා විශ්‍රාම යන විට සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේය. අප එතුමා සේවය කළ සියලුම පොලිස් ස්ථානවලට ද කතා කළෙමු.

    සුරවීර මහතා මේ සිද්ධිය වූ මොහොතේ තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාය. ඔහු විශ්‍රාම යන විට සේවය කළේ පොතුවිල් පොලිස් ස්ථානාධිපති වශයෙනි. දිගින් දිගට ම මේ කෲර අපරාධය සිදුවෙද්දී අතුරුගිරිය පොලිස් බල පෙදෙසට කතා කළත් අන්තිමේ මේ කීර්තිමත් පොලිස් නිලධාරියාට මොබයිල් ඇසුරින් මෙවන් දෙයක් සිදුවී ඇතැයි දැනගන්නට ලැබිණ. ඔහු එම රාත්‍රියේ ම මහ පිරිසක් සමඟ ඒ අපරාධ ස්ථානයට ගියේය. සුරවීර මහතාගේ පෞද්ගලික නිවෙස සොයා ගිය අපි ඔහු හා සම්මුඛ වෙමු.

    f-7-9.jpg

    මේ සිද්ධිය මතක විදියට කියන්නම්. දැන් මටත් අවුරුදු 67 ක්. එදා අපි රෑ 10 ට විතර ඒ ගෙදරට ගියා. ගෙදර දොර වසා තිබුණේ පිටුපස දොර පැත්තෙන් ලේ ගංගාවක් ගලා යමින් තිබුණා. දොරට තදින් පහර දී ඇතුළු වුණා මතකයි. මුළු පළාතම අඳුරෙ. එක විදුලි පහනක් ඒ හරියෙ නෑ.

    කෑලිකපන්න අඳුර. ඇත්තට ම සිද්ධ වී තිබුණෙ මිනිස්සු අසල්වැසියො තම නිවසේ විදුලි එළි නිවා දමලා ජනෙල්වලින් හොරෙන් බලා ඉන්න එකයි. ගෙදර මහ මනුස්සයට මන්නා පහර කීපයක් ගහලා මරලා වී අටුවෙ දාලා තිබුණ.

    තව ගෑනු ළමයෙක් එල්ලලා එයාගෙ යෝනියට ගල්ඉන්නක් ගහලා. තව ගෑනු ළමයෙක් වැසිකිළිය ළඟ කැති ගාලා මරලා. ගෙදර අම්මත් මරලා. ගෙදර කොල්ලාව මරා තිබුණේ පොල්වළේ. හැබැයි එයා මැරිලා තිබුණේ අමරදාසවත් මරාගෙන.

    ඔබ එහෙම කීවත් අමරදාසගේ දරුවා හා බිරිය කියන්නෙ ගෙදර හිටි මිනිහා ඔබ ඇතුළු පිරිසක් පහර දී මරා දැමූ බවයි.... මම කීමි.

    අමූලික බොරු. එයා මැරිලා හිටියෙ පොල්වළේ. අමරදාස අපි අත්අඩංගුවට ගන්නෙ කොහොමද? එයාව මරලා දාලා තිබුණෙ. අපි ඒ රාත්‍රියෙම අපේ ඔත්තුකරුවන් ලවා තවත් කරුණු ගවේෂණය කළා. මිනීමරුවො ටික එදා රාත්‍රියේ නිදාගෙන හිටියෙ ඊට කිලෝමීටර 5 ක් විතර දුර අමරදාස දන්නා තැනෙක.

    ලේ වැකුණු පිහි, මන්නා හා ඇඳුම් ‍කොටස් තැනින් තැන තිබුණා. මේ කල්ලිය ඒ රාත්‍රියේම ‘සිරිපාදේ’ යන්ඩත් ඉඳලා තියෙන්නෙ. මට අතුරුගිරියෙන් සහයෝගය ලැබුණා. මේ සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණයේදි. A.S.P ජයන්තත් එතැනට ආවා. මේ සියලු දෙනා එදා රාත්‍රියේම අත්අඩංගුවට ගත්තා.

    සුරවීර මහතාගේ දියණිය අද නීතිඥවරියකි. ඇය මෙපවත් නැවත ඇසීම ගැන මගෙන් ප්‍රශ්න කළාය. මම නැවතත් තොරතුරු දැන ගැනීමේ අයිතිය පාඨකයාට ඇති බව කීමි.

    ඔබ කළ විශිෂ්ට මෙහෙවර වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව යම්බඳු මුදල් ත්‍යාගයක් දුන්නාද? මම සුරවීර මහතාගෙන් අසමි.

    මට විතරක් නොවේ. මෙහෙය‍ුමේ සිටි කාටත් මුදලක් ලැබුණා. මට මතක හැටියට මට රුපියල් 80,000 ක් හෝ 90,000 ක් ලැබුණා. එකක් මතක තියා ගන්න. D.N.A පරීක්ෂණයකින් මේ දරුවන් රේප් කළ බව ඔප්පු කැර ගත්තා. ඇය පොරකද්දි සැකකරුවන් හා දූෂකයන්ගේ කෙස් ආදිය ඇගේ නියපොතු අතර තිබුණා. මෙය එක්තරා විදියක පොලිස් දෙපාර්තමේන්තුවේ වික්‍රමයක්.

    උපාලි සමරසිංහ
    ඡායාරූප -දුෂ්මන්ත මායාදුන්න
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    මට මේ සිද්ධිය මතකයි.මරණ පරීක්ෂක සිහි නැතුව ඇදන් වැටුනලු මේ මිනිස්සුන්ව මරලා තියෙන හැටි දැක්කහම.මේ ආටිකල් එකේ ගොඩක් ඒවා දාලා නැහැ.අර කෙල්ලොන්ට තමා දස වධ දීලා තිබ්බේ.දූෂණය කරලා පියයුරුත් කපලා තිබ්බලු.:(
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    DNA check karanam thawa mona kathada
    me wage aparada karapu ewunwa hire thiyagena kanna denne ai ban
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    DNA check karanam thawa mona kathada
    me wage aparada karapu ewunwa hire thiyagena kanna denne ai ban

    මොනා කරන්නද බන්.මරණ දඩුවම නියම කරාට එහෙම එකක් ලංකාවේ නැහැනේ.ඉතින් මැරෙනකන් හිරේ තමා.පුදුමයි ඕකුන් නිදහස් උනේ නැති එක.
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අපිත් ගියා මිනී බලන්න, අර පවුලේ පුතා ඔය අමරසිරි කියන එකාට ඇහැට පිහියෙන් ඇනලා තිබ්බෙ. ඌගෙ බඩට ඇනලා තිබ්බ පිහිය ගලවල අරන් පිටි පස්සෙ හිටපු එකාගෙ කලවා වලට ඇනලා, එහෙමම අරූගෙ ඇහැට ඇනලා. ඇහෙන් ගිය පිහිය ඔළුව අනිත් පැත්තෙන් ඇවිත් තිබුනා :shocked:
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මට මේ සිද්ධිය මතකයි.මරණ පරීක්ෂක සිහි නැතුව ඇදන් වැටුනලු මේ මිනිස්සුන්ව මරලා තියෙන හැටි දැක්කහම.මේ ආටිකල් එකේ ගොඩක් ඒවා දාලා නැහැ.අර කෙල්ලොන්ට තමා දස වධ දීලා තිබ්බේ.දූෂණය කරලා පියයුරුත් කපලා තිබ්බලු.:(

    මොනා කරන්නද බන්.මරණ දඩුවම නියම කරාට එහෙම එකක් ලංකාවේ නැහැනේ.ඉතින් මැරෙනකන් හිරේ තමා.පුදුමයි ඕකුන් නිදහස් උනේ නැති එක.

    :(:(:(
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කොහොමද බන් මෙහෙම අමන වැඩ කරන්නේ...

    මට නම් හිතා ගන්නත් බෑ...

    අරුන්ව මරන්නේ නැතුව ජීවිතාන්තේ දක්වා හිරේ දාපු එක හොදයි... කරපු වැඩේ ගැන පසුතැවී තැවී ඉන්න එක තරම් අමාරු දෙයක් තවත් තියනවද...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    අපිත් ගියා මිනී බලන්න, අර පවුලේ පුතා ඔය අමරසිරි කියන එකාට ඇහැට පිහියෙන් ඇනලා තිබ්බෙ. ඌගෙ බඩට ඇනලා තිබ්බ පිහිය ගලවල අරන් පිටි පස්සෙ හිටපු එකාගෙ කලවා වලට ඇනලා, එහෙමම අරූගෙ ඇහැට ඇනලා. ඇහෙන් ගිය පිහිය ඔළුව අනිත් පැත්තෙන් ඇවිත් තිබුනා :shocked:

    :shocked::shocked::shocked:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    me ukkuwa kiyana ekata game minissu gahala malambe town eke elalla thibba ne body ekata panuwo gahanakn. oya gedara lama nisawasekata dilla thibba ekath wahala dan.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    ȜMA X;19821687 said:
    me ukkuwa kiyana ekata game minissu gahala malambe town eke elalla thibba ne body ekata panuwo gahanakn. oya gedara lama nisawasekata dilla thibba ekath wahala dan.

    ඒ ගෙදර හොල්මන් ඇති බන්.:shocked:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මට මේ සිද්ධිය මතකයි.මරණ පරීක්ෂක සිහි නැතුව ඇදන් වැටුනලු මේ මිනිස්සුන්ව මරලා තියෙන හැටි දැක්කහම.මේ ආටිකල් එකේ ගොඩක් ඒවා දාලා නැහැ.අර කෙල්ලොන්ට තමා දස වධ දීලා තිබ්බේ.දූෂණය කරලා පියයුරුත් කපලා තිබ්බලු.:(


    :sorry::sorry::sorry::sorry:

    මොන තරම් විකුර්ති මානසිකත්වයක්ද මචන්
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පව් මචන් ඒ මනුස්සයෝ ලොකු පවක් කරලා ඇති
    එකය් මේ වගේ අමනයෝ පිරිසකට ගොදුරු උනේ...
    මාලබේ තලංගම කියන්නේ අමු කුජිත පැත්තක් නේ??

    මාත් මාලබේ හිටියා කලක්ම..මේ වගේ කතාවක් අද ඇහුවේ..