හෝකන්දර සය පුද්ගල ඝාතනය - 1999

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    කතාව පහලින්, ගත්තෙ බුකියෙන් 👇👇

    💢 හෝකන්දර සය පුද්ගල ඝාතනය

    මෙම අපරාධ නඩුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට DNA තාක්ෂණය අත්හදා බැලූ අපරාධ නඩුව වේ.

    1999 වර්ශයේ දී මුලු මහත් ශ්‍රී ලංකාවම කම්පාවට පත්කරමින් හෝකන්දර ප්‍රදේශයේ පුද්ගලයන් 4 දෙනෙකු විසින් එකම පවුලේ පියා, මව, දියණියන් තිදෙනා සහ එකම පුතා අමු අමුවේ කපා කොටා ඝාතනය කර ඒ අතරින් එක් දියණියක් ඇදක ගැට ගසා සාමූහිකව දූෂණය කර එල්ලා ඝාතනය කලහ. තවද මොවුන් විසින් කාන්තාවන් සතුව තිබූ රං භාණ්ඩ සියල්ල කොල්ල කෑහ. මෙම නඩුව මූලික වශයෙන් සිදුවීම ඇසින් දුටු එක් පුද්ගලයෙකුගේ සාක්ෂි මත මෙන්ම ඇගිලිසලකුණු තාක්ෂණය හා DNA තාක්ෂණය ද භාවිතා කරමින් ගරු මහාධිකරණය විසින් සැකකරුවන්ට විරුද්ධව චෝදනා 24 ක අධිචෝදනා පත්‍රයක් ගොනුවී තිබූ මෙම නඩුව විසදා තීන්දු කර ඇත.

    හෝකන්දර ප්‍රදේශයේ පවුල් දෙකක් අතර කලක පටන් ක්‍රමානුකූලව වර්ධනය වූ ආරවුලක් සහ ඒ තුලින් ඇතිවූ වෛරයක් නිසා පලිගැනීමේ ඡේතනාවෙන් එදින දවල් 2.00 පමන සිට රාත්‍රිය තෙක්ම මෙම සාහසික මෙන්ම භිහිසුනු අපරාධ මාලාව මියගිය පුද්ගලයන්ගේ නිවස තුලම සිදු කර ඇත.

    දිනය 1999 පෙබරවාරි 10

    මිය ගිය ලලනදාස මහතාගේ පවුල හෝකන්දර අමරගොඩ පාරේ පදිංචි වී සිටියහ. සය දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ පියා ගමේ ඉඩම් විශාල ප්‍රමානයක් හිමි ගොවියෙකු වූ විතානගේ ලලනදාස මහතා ය. ඔහුගේ භාර්‍යාව කොලුරගේ සිරියාවතී වන අතර දියණියන් සහ පුතා පිළිවෙලින් ගිණුම් ලිපිකාරියක් වූ චන්ද්‍රා ප්‍රියංගනී, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වානිජ පීඨයේ චිත්‍රා දයංගනී, ගණකාධිකරණ පාඨමාලාවක් හැදෑරූ නයනා දමයන්ති සහ කාර්මික ශිල්පියෙකු වූ නිස්සංක වේ. මෙම පවුල ගමේ වැදගත් පවුලක් වුනත් ගම්මුන් සමග වැඩි භජනයක් තිබූ පවුලක් නොවීය. අවුරුදු කිහිපයක සිට අමනාපෙන් සිටි අමරදාස පවුල පදිංචි වී සිටියේ ද ලලනදාසගේ නිවස ආසන්නයේමය. කාලයත් සමග අමරදාස පවුලෙන් ලැබෙන තාඩන හිංසා පීඩා නිසා ලලනදාස විසින් පොලීසියේ පැමිණිල්ලක් කර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද තිබුනි.

    මෙදින ඉහත සදහන් නඩුව ගරු අධිකරණය විසින් කැදවා තිබූ අතර ඒ සදහා සාක්ෂි දීමට මව සිරියාවතී සහ වැඩිමහල් දියණිය චන්ද්‍රා අධිකරණයට ගියහ. නමුත් අමරදාස සහ ඔහුගේ පුතා මෙදින අධිකරණය හමුවේ පෙනීසිටියේ නැත. ලලනදාසගේ පුතා ද තම රැකියාව සදහා පිටත් විය. දවල් කාලයේ ලලනදාස නිවසේ සිටියේ ලලනදාස, චිත්‍රා සහ නයනා වේ. අමරදාසගේ සේවකයෙකු වූ 19 හැවිරිදි සජීව නොහොත් "උක්කුවා" (1 වන සැකකරු), අමරදාසගේ පුතා වන 17 හැවරිදි ගයාන් සුරංග (4 වන සැකකරු) සහ මෙම දෙපලගේම යහලුවන් දෙදෙනෙක් වන 25 හැවිරිදි සම්පත්සිරි නන්දන හා 21 හැවරිදි මහින්ද සිරිවර්ධන( 2 වන සහ 3 වන සැකකරුවන්) දවල් කාලයේ සිටම ලලනදාසගේ නිවසෙහි කල් ගත කරමින් බොහොම සැහල්ලුවෙන් කිසිම බියකින් තැතිගැන්මකින් තොරව මිනීමැරුම් හයම රාත්‍රි වෙන තුරුම සිදු කරමින් රූමත් දියණියක් වූ චිත්‍රා දයාංගනී සමූහ දූෂනය කර එල්ලා ද මරා වෛරය සන්සිදවා ගැනීමට සමත් විය. පළමුව ගෙදර සිටි තිදෙනාවත් දෙවනුව හවස් ජාමේ අධිකරණයට ගොස් පැමිණි දෙදෙනාවත් රාත්‍රි 8.00 පසුව වැඩ ඇරී ගෙදර ආ නිස්සංකවත් ඝාතනය කලහ. අමරදාස ද මෙම සිද්ධියෙන් මිය ගියේය.

    බොරලැස්ගමුවෙහි පදිංචිව සිටි චන්ද්‍රගුප්ත නම් අයෙකු අමරගොඩ පාරේ පදිංචිව සිටි ධම්මිකාට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. ඇය භීතියට පත්ව ඇති බව චන්ද්‍රගුප්තට පෙනී ගිය අතර, විමසීම් වලදී ඇය ඔහුට දන්වා ඇත්තේ අසල නිවසක අසාමාන්‍ය තත්වයක් ඇති බවත්, බල්ලන් බුරන බවත් කාක්කන් කෑගසන බවත් ය. චන්ද්‍රගුප්ත අදාළ නිවසේ ලිපිනය ගෙන රාත්‍රී 8.30 ට පමණ තලංගම පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. පසුව රාත්‍රී 11.00 ට පමණ තලංගම පොලිසියේ පොලිස් පරීක්ෂක සුරවීර මහතා එම නිවසට පැමිණ ඇත.

    සුරවීර මහතා පසුපස දොරෙන් නිවසට ඇතුළු වන විට ආලෝකයක් දැල්වූ අතර වී ගබඩා කිරීම සඳහා භාවිතා කළ විශාල ලී පෙට්ටියක් තුළ වාඩි වී සිටි ලලනාදසගේ මළ සිරුර සොයා ගත්තේය. ඔහුගේ අත් සහ කකුල් කොහු කඹයකින් බැඳ තිබුණි. එම කාමරයට යාබද කොරිඩෝවක සිරියාවතී සහ චන්ද්‍රා ප්‍රියංගනීගේ සිරුරු බිම වැතිර සිටිනු ඔහු දුටුවේය. ඔවුන්ගේ ගෙලෙහි ඇති තුවාල වලින් ලේ ගැලී ඇති අතර මළ සිරුරු දෙක අතර කොරිඩෝවේ තාප්පයට හේත්තු කර තිබූ අඩි 6 ක් පමණ දිග, ඉහළ කොටසේ ලේ තැවරී තිබූ අලවංගුවක් ද සොයාගත්තේය. තවත් කාමරයක් පරීක්ෂා කිරීමෙදී දොර රාමුවේ එල්ලා තිබූ චිත්‍රා දයාංගානිගේ මළ සිරුර සොයා ගත්තේය. ඇගේ දෑත් පිටුපසින් බැඳ, ඇගේ මුහුණ පහළට හා සිරුර බිම ස්පර්ශ විය. ඒ ආසන්නයේ තිබී රුධිරය, කොන්ඩම් එකක්, හිස් සිගරට් පැකට්ටුවක් හා සිගරට් අළු තවදුරටත් සොයාගත්තේය. ඉන් අනතුරුව පරීක්ෂකවරයා නිවසේ පිටුපස වැසිකිළිය පිටුපස තිබූ නයනා දමයන්තිගේ මළ සිරුර සොයා ගත්තේය. ඇගේ සිරුර පුවක් අතු වලින් වැසී තිබූණි. පසුව එදිනම පාන්දර 3.00ට පමන ලද තොරතුරකට අනුව නිවසින් මීටර් 30 ක් පමණ දුරින් පිහිටි පොල් ගස් අතර නිසංකගේ සිරුර තිබී ඇති අතර ඔහුගේ ඇඳුම්වල ලේ මෙන්ම මඩ ද නිරීක්ෂණය කර ඇත. තවද ලේ සහ මඩවලින් තැවරුනු ‘කිතුල්’ පොල්ලක් ද පොලීසිය විසින් සොයා ගන්නා ලදී. නිසංකගේ සිරුරට තරමක් සමීපව තත්ත්වය අසාධ්‍යව සිටි අමරදාස ද සොයා ගත්තේය. රෝහල් ගත කිරීමෙන් පසුව අමරදාස ද මිය ගියේය. බොහෝවිට, රෑ බෝවී ගෙදර පැමිණි නිස්සංක ලේ විලක් මැද වැටී සිටි තම පවුලේ සියලු දෙනා දුටු පසු අමරදාසත් සමග පොරබැද ඔහුවද මරාගෙනම මිය ගොස් ඇත. කෙසේහෝ එදින මිනිස් ජීවිත හතක් නැති විය.

    පසු දින 1 සිට 3 තෙක් සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගෙන මහාධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔවුන් සන්තකයේ තිබී කොල්ලකෑ රං ආභරණ ද සොයාගැනීමට හැකවිය. රං වලලු කිහිපයක Chandra ලෙස කොටා තිබුනි. අමරදාසගේ පුතා සැගවී සිට ඔහුම අධිකරණයට භාර විය.

    ජොංටි ගේ ඇසින් දුටු සාක්ෂිය.

    ඩබ්ලිව්. ඩබ්ලිව්. ජයනාත හෙවත් "ජොංටි" අමරදාසගේ පවුලේ හිතවතා මෙන්ම අමරදාසගේ පුතාගේ අතිජාත මිත්‍රයා විය. පැමිණිල්ලේ නඩුව මුළුමනින්ම රඳා පැවතී ඇත්තේ මොහුගේ ඇසින් දුටු සාක්ෂි මගිනි. සිද්ධිය වූ දිනයේ ජොංටි අමරදාසගේ පුතා සමඟ අවස්ථා 3 කදී ලලනදාසගේ නිවසට ගොස් තිබේ. මෙම සංචාර තුනම සිදුවී ඇත්තේ අමරදාසගේ පුත් ගයාන් ගේ ඉල්ලීම පරිදි ය. ජොංටි පැහැදිලිවම ප්‍රකාශ කර තිබුනේ ලලනදාසගේ නිවසට ගිය පළමු වතාවේදී එහි සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව තමා නොදැන සිටි බවයි. ඔහු එදින පළමු වරට ලලනදාසගේ නිවසට පැමිණියේ ගයාන් සමඟ දවල් කාලය පසුවී 2.00 ට පමන ය. ඒ වන විට ඔහු දැක ඇත්තේ ලලනදාසගේ සහ නයනා දමයන්තිගේ මළ සිරුරු පමණි. 1 වන, 2 වන සහ 3 වන අභියාචකයින් නිවස තුළ සිටි බව ජොන්ටී ඒ වන විට දැක තිබේ. ගයාන් විසින් උක්කුවාට සිගරටි පැකට් එකක්ද දුන් බව ජොංටි පැවසුවේය. පසුවද ගයාන් ගේ ඉල්ලීම් අහක දැමීමට බැරිම තැන අනෙක් දෙවතාවත් ගොස් ඇත.

    ඔහු දෙවන වරටත් දවල් 3.30 ට පමණ ගයාන් සමඟ ලලනදාසගේ නිවස වෙත ගොස් තිබේ. එම අවස්ථාවේදී ඔහු නැවත වරක් තවත් මළ සිරුරු දෙකක් නිරීක්ෂණය කර ඇති අතර පසුව ඔහු චන්ද්‍ර ප්‍රියංගනී සහ සිරියාවතීගේ සිරුරු ලෙස හඳුනා ගත්තේය.

    ගයාන් සමඟ අපරාධය සිදු වූ ස්ථානයට තෙවන වරටත් සවස 6.00 ට පමණ ගිය විට ලලනදාසගේ නිවසේ සිටියදී උක්කුවා, මහින්ද සහ නන්දන යන සැකකරුවන් විසින් චිත්‍රා දයාගානි දූෂණය කරනු දැක ඇත. මොවුන් විසින් ඇයව කාමරයේ ඇදක ගැට ගසා සියලු දෙනා එක්ව සාමූහිකව දූෂණය කල බවට සාක්ෂි ලබා දී ඇත. තවදුරටත් සාක්ෂිකරු කියා ඇත්තේ ගයාන් ද මටත් සංසර්ගයේ යෙදෙන්න ඕනේ බව පවසා ඇදට පැන්න බවයි. ඇය දූෂණයට ලක්වන අවස්ථාවේ ජොන්ටි පවසන පරිදි ඇය ජීවතුන් අතර සිටියාය. ජොන්ටී ලලනදාසගේ නිවසට සංචාර තුනක් ගියද, ඔහු නිෂ්ශංක මියගොස් සිටිනු දුටුවේ නැත.

    ඉහත ජොංටිගේ සාක්ෂිය පොලීසිය විසින් බිස්කට් ටිං එකක තිබී සොයා ගත් ඇගිලිසලකුණු, DNA, සිගරට් පෙට්ටිය, රුධිරය, සැකකරුවන්ගේ මඩ සහ රුධිරය සහිත ඇදුම්, කොන්ඩම් එක, කොල්ල කෑ රං භාණ්ඩ වී බහාලන පෙට්ටිය, කඹ සහ අනෙකුත් රුධිරය තැවරුණු ආයුධ මගින් ද ජොංටිගේ සාක්ෂිය සනාථ විය.දවල් 2.00 සිට සවස 6.00 වන තුරු ගයාන් සමග සංචාරයේ යෙදුනු ස්ථාන වන හොකන්දර හංදියේ සැලූන් එකේ ඉන්දික ප්‍රදීප් මොවුන් දෙදෙනා බයිසිකලයකින් එහි සිට ගිය බවත් ගයාන් අතේ සිගරට් පැකටි එකක් තිබූ බවත් සාක්ෂි ලබා දුන්නේය. තවද මොවුන් දෙදෙනා දවල් කෑම ලබාගත් ගෙදර පරනවිතාරන කියා සිටියේ ගයාන් තමාට ලලනදාසගේ නිවසේ දෙදෙනෙක් මරා දමා ඇති බව පැවසූ බවත් සහ ජොංටි සමග ඉහත සදහන් කාලය ගයාන් ගත් කල බවත් ය. තවද ගමේ නිහාල් පෙරේරාගේ සාක්ෂි මගින් ද ජොංටිගේ සාක්ෂිය සනාථ විය.

    මෙම නඩුවේදී DNA තාක්ෂණ පිළිබද පොලීසියට මෙන්ම පැමිණිලි පාර්ශවයටද (නීතිපති දෙපාර්තුමේන්තුව) මනා අවබෝධයක් නොතිබූනි. නමුත් විශේෂඥවරුන්ට අනුව සැකකරුවන් තිදෙනා මියගිය පුද්ගලයන් සමග සම්බන්ධයක් පවත්වා ඇති බවක් හෙලිවිය. එම සාක්ෂි මත සැකකරුවන් තිදෙනා මියගිය පුද්ගලයන් ගේ මරණයට හේතු වන්නට ඇති බවට සැකයක් පවතින නමුත් අධිකරණය සාක්ෂි පිළගෙන ඇත. මේ පිළිබදව හිටපු නීතිපතිවරයෙක් වූ පාලිත ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ ලිපියක පුලුල් විග්‍රහයක් ද කර ඇත.

    අධිකරණ වෛද්‍යවරයා මරණ පරීක්ෂණයෙන් පසුව එකිනෙකාගේ මරණයට හේතුව පහත පරිදි බව පෙන්වා දුන්නේය.

    තීන්දුව

    1 වන 2 වන හා 3 වන සැකකරුවන්ට විරුද්ධව නිෂශංක ඇර අනෙකුත් පුද්ගල ඝාතන 5 ටම මිනීමැරුම් චෝදනාව යටතේ 296 වගන්තිය ප්‍රකාර. මරණ දඩුවමත්, දණ්ඩ නීති සංග්‍රහයේ 380 වගන්තිය ප්‍රකාර රං භාණ්ඩ කොල්ලකෑම සදහා 4 වන සැකකරු හැර අනෙකුත් සැකකරුවන්ට අවුරුදු 10 ක බරපතල වැඩ සහිත සිර දඩුවම් සහ ගයාන් ඇතුලු සැකකරුවන් සියලු දෙනාටම සමූහ දූෂනය කිරීම යන වරදට 364(2) වගන්තිය ප්‍රකාරව අවුරුදු 20 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ද ගරු මහාධිකරණය විසින් තීන්දු කල අතර තවද ලබා දුන් දඩුවම් අඛණ්ඩව ලබා දිය යුතු බවත් තීන්දු කලහ.

    පසුව මෙම චූදිතයන් සිව්දෙනා ජනාධිපති නීතිඥ රෙන්සි අර්සේකුලරත්න මහතා, අධිනීතිඥ ශමාල් ඒ කොලර්, එල්. බරණ ගයාන් පෙරේරා ඇතුලු තවත් අධිනීතිඥවරයන් කිහිප දෙනෙක් මාර්ගයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ගොනු කර පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පහත ප්‍රධාන තර්කයන් ඉදිරිපත් කලහ.
    ජොංටිගේ සාක්ෂිය සනාථ කිරීමට අපොහොසත් වී ඇති බවත්,
    සම්පූර්ණ නඩුව අවස්ථානුකූල සාක්ෂි මත රඳා පැවති බවත්,
    ජොන්ටී ගේ සාක්ෂි වල විශ්වසනීයත්වය පිළිබද ගැටලු පවතින බවත්,
    සමූහ දූෂනය සදහා 4 වන චූදිතයාගේ සම්බන්ධයක් නොමැති බවත් ය.

    නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත සියලු පුද්ගල වාචික සාක්ෂි, ද්‍රව්‍යමය සාක්ෂි, අධිකරණ වෛද්‍ය සාක්ෂි, ඇගිලිසලකුණු සහ DNA සාක්ෂි සලකා බලා ජොංටිගේ සාක්ෂි මනාව සනාථ වී ඇති බවත් විශ්වාසනීයත්වය පිළිබද ගැටලුවක් නොමැති බවත් තීරණය කලහ. තවදුරටත් ප්‍රධාන විනිසුරුවරිය වූ ගරු ශ්‍රියානි බන්ඩාරනායක මහත්මිය පෙන්වා දී ඇත්තේ 4 වන අභියාචකයා සමූහ දූෂනයට සහබාගි වී ඇති බවත් ය. වැඩි දුරටත් කියා සිටියේ එක් චූදිතයෙකු දූෂණය කිරීමේ වරද සිදු කර ඇති බවත්, ආධාර සහ අනුබල දී ඇති බවත් තහවුරු වූ පසු, 1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 364 (2)(g) වගන්තිය යටතේ I වන පැහැදිලි කිරීම අනුව සමූහ දූෂන වරදට ඔවුන් සියල්ලෝම වැරදිකරුවන් වනු ඇති බවය.

    ඒ අනුව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය යටතේ අභියාචනාව නිශ්ප්‍රභා කල අතර මහාධිකරණයේ තීන්දුව එලෙසම ස්ථීර කලහ.

    නමුත් නිස්සංකගේ ඝාතනය පිළිබද සාක්ෂි නොමැතිකම හේතුවෙන් ඒ සදහා දඩුවම් ලබා දීමට නොහැකි වූ අතර නිස්සංක ගේ සහ අමරදාසගේ මරණය සිදුවූයේ කෙසේද යන්න අභිරහසකි.

    "වෛරයෙන් වෛරය නොසන්සිදේ"

    ✍🏼 නීතිවේදී තිනෙත් කොරසගල්ල

    me thiyenne badu.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    මමනම් කියන්නෙ බං මොන මඟුලකටද ජනාධිපති අත්සන් කර කර හැමිනෙන්නෙ, නඩුකාරයා තීන්දුව දුන්නට පස්සෙ වැඩේ කරන්න නෙ තියෙන්නෙ, මොකද ඔය අනිත් නඩු තීන්දු වලත්, හිරේ දාන ඒ්වට, දඩ ගහන ඒවට ජනාධිපතියා අත්සන් කරන්න යනවද,, මෙහෙම වුනා නම් පවු පිරෙයි කියලා හරි, මහජන විරෝධය හින්දා හරි ජනාධිපතිට ඒන පීඩනය නැති වෙනවා, නඩුකාරයා කොහොමත් දෙන තීන්දුව නෙ, වැඩේ ඒතනින්ම ඉවරයි..
    මග නතර කරලා කුඩු පැකට් දාන රටක. මරණ දඩුවම තිබ්බ නන් කොහෙන් කෙලවර වෙයිද
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    මමනම් කියන්නෙ බං මොන මඟුලකටද ජනාධිපති අත්සන් කර කර හැමිනෙන්නෙ, නඩුකාරයා තීන්දුව දුන්නට පස්සෙ වැඩේ කරන්න නෙ තියෙන්නෙ, මොකද ඔය අනිත් නඩු තීන්දු වලත්, හිරේ දාන ඒ්වට, දඩ ගහන ඒවට ජනාධිපතියා අත්සන් කරන්න යනවද,, මෙහෙම වුනා නම් පවු පිරෙයි කියලා හරි, මහජන විරෝධය හින්දා හරි ජනාධිපතිට ඒන පීඩනය නැති වෙනවා, නඩුකාරයා කොහොමත් දෙන තීන්දුව නෙ, වැඩේ ඒතනින්ම ඉවරයි..

    මරණ දඬුවම හම්බවෙන හැමෝම පරිපූර්ණ වැරදිකාරයෝ කියලා කියන්න අමාරුයි මචං.
    දවසක් පස් දෙනෙකුට මරණ දඬුවම දුන්නා. චෝදනාව බෝට්ටුවකින් හෙරොයින්, අයිස් 150Kg (ගාණ මතක නැහැ) ප්‍රවාහනය, සන්තකය, ජාවාරම.
    මරණ දඬුවම දුන්නට පස්සේ චූදිතයන්ට ඕනම දෙයක් කියන්න, ඉල්ලීමක් කරන්න අවස්ථාවක් තියෙනවා. ඒකෙදි බෝට්ටුවේ ස්කිපර් කිව්වා 'මං තමයි මේකට වැරදි. අනිත් අය මේ ගැන දන්නේ නැහැ. ඒ අය අහිංසකයන්. මට ඕනම දඬුවමක් දෙන්න. අනිත් අයව නිදහස් කරන්න' කියලා. ඌ ඒක බොක්කෙන්මයි කිව්වේ. ඒත් වැඩක් නැහැ. එතනින් දෙන්නෙක් අවුරුදු 30ට අඩු අය.
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මරණ දඬුවම හම්බවෙන හැමෝම පරිපූර්ණ වැරදිකාරයෝ කියලා කියන්න අමාරුයි මචං.
    දවසක් පස් දෙනෙකුට මරණ දඬුවම දුන්නා. චෝදනාව බෝට්ටුවකින් හෙරොයින්, අයිස් 150Kg (ගාණ මතක නැහැ) ප්‍රවාහනය, සන්තකය, ජාවාරම.
    මරණ දඬුවම දෙන්න කලින් චූදිතයන්ට ඕනම දෙයක් කියන්න, ඉල්ලීමක් කරන්න අවස්ථාව තියෙනවා. ඒකෙදි බෝට්ටුවේ ස්කිපර් කිව්වා 'මං තමයි මේකට වැරදි. අනිත් අය මේ ගැන දන්නේ නැහැ. ඒ අය අහිංසකයන්. මට ඕනම දඬුවමක් දෙන්න. අනිත් අයව නිදහස් කරන්න' කියලා. ඌ ඒක බොක්කෙන්මයි කිව්වේ. ඒත් වැඩක් නැහැ. එතනින් දෙන්නෙක් අවුරුදු 30ට අඩු අය.
    කොහෙ සිද්ධියක්ද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,038
    113
    34
    Kalutara
    so who is Jonti? he is innocent? he never went to jail?

    for the people to ignore them i feel that this family also is not that innocent as it sounds.

    ජොන්ටි තමා ප්‍රධාන සාක්ෂිකාරයා. පොර මිසින් වෙලා ඉන්නේ අමරදාසගෙ පුතා ඌ එක්ක මලෙන් ඉන්න නිසා සාක්කි දීපුවට. මූවත් මරයි කියල බයට හැංගිලා ඉන්නවා වෙන්න පුළුවන්.

    ඔව් කොහොමත් මේ පවුලත් එහෙමට හොඳයි කියන්න පුළුවන් මට්ටමක මිනිස්සු වෙන්න බෑ. අහල පහල මිනිස්සු එක්ක වැඩි ආශ්‍රයක් නැති මිනිස්සු කියල ගොඩක් තැන්වල තියෙනව දැක්කා. උඩ එකෙක් කමෙන්ට් කරලත් තියෙන්නේ ඒ ගෙදරට දන්සැලකට සල්ලි එක්කහු කරන්න ගියත් ගල් ගහලා එලවන ජාතියේ මිනිස්සු ඉඳලා තියෙන්නේ කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,218
    113
    මරණ දඬුවම හම්බවෙන හැමෝම පරිපූර්ණ වැරදිකාරයෝ කියලා කියන්න අමාරුයි මචං.
    දවසක් පස් දෙනෙකුට මරණ දඬුවම දුන්නා. චෝදනාව බෝට්ටුවකින් හෙරොයින්, අයිස් 150Kg (ගාණ මතක නැහැ) ප්‍රවාහනය, සන්තකය, ජාවාරම.
    මරණ දඬුවම දෙන්න කලින් චූදිතයන්ට ඕනම දෙයක් කියන්න, ඉල්ලීමක් කරන්න අවස්ථාව තියෙනවා. ඒකෙදි බෝට්ටුවේ ස්කිපර් කිව්වා 'මං තමයි මේකට වැරදි. අනිත් අය මේ ගැන දන්නේ නැහැ. ඒ අය අහිංසකයන්. මට ඕනම දඬුවමක් දෙන්න. අනිත් අයව නිදහස් කරන්න' කියලා. ඌ ඒක බොක්කෙන්මයි කිව්වේ. ඒත් වැඩක් නැහැ. එතනින් දෙන්නෙක් අවුරුදු 30ට අඩු අය.
    විත්ති කාරයන්ගේ සාක්ෂි වලින් අනික් විත්ති කාරයන්ට බලපෑමක් නෑ නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ජොන්ටි තමා ප්‍රධාන සාක්ෂිකාරයා. පොර මිසින් වෙලා ඉන්නේ අමරදාසගෙ පුතා ඌ එක්ක මලෙන් ඉන්න නිසා සාක්කි දීපුවට. මූවත් මරයි කියල බයට හැංගිලා ඉන්නවා වෙන්න පුළුවන්.

    ඔව් කොහොමත් මේ පවුලත් එහෙමට හොඳයි කියන්න පුළුවන් මට්ටමක මිනිස්සු වෙන්න බෑ. අහල පහල මිනිස්සු එක්ක වැඩි ආශ්‍රයක් නැති මිනිස්සු කියල ගොඩක් තැන්වල තියෙනව දැක්කා. උඩ එකෙක් කමෙන්ට් කරලත් තියෙන්නේ ඒ ගෙදරට දන්සැලකට සල්ලි එක්කහු කරන්න ගියත් ගල් ගහලා එලවන ජාතියේ මිනිස්සු ඉඳලා තියෙන්නේ කියල.
    Ai ban anith unka ashre kerenna ona? Mara wadakne ban eka? Ehema nowana nisa maruwata kamak nadda puduma
    Logic bab
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,213
    1
    101,038
    113
    34
    Kalutara
    Ai ban anith unka ashre kerenna ona? Mara wadakne ban eka? Ehema nowana nisa maruwata kamak nadda puduma
    Logic bab

    ehema nisa maruwata kamak na nemei, ehema asrya nokalata kamak na ahala pahala nadayekwath innawa nam. hadissiyak wunoth mulinma enne asalwasiyo nisai ehema hamo ekkama suhadawa inna ona. habai ithin watepite adukule un innawa nam thamai ehema inna bari.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ehema nisa maruwata kamak na nemei, ehema asrya nokalata kamak na ahala pahala nadayekwath innawa nam. hadissiyak wunoth mulinma enne asalwasiyo nisai ehema hamo ekkama suhadawa inna ona. habai ithin watepite adukule un innawa nam thamai ehema inna bari.

    elakiri ena wadihariyak unuth watapita inna minissu ekka ashrayak nathuwa athi.
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    විත්ති කාරයන්ගේ සාක්ෂි වලින් අනික් විත්ති කාරයන්ට බලපෑමක් නෑ නේ.

    චූදිතයගේ සාක්ෂි නෙමෙයි මචං. මේක මරණ දඬුවම දීලා ඉවරවෙලා චූදිතයට තියෙන අවස්ථාවක්. ඒකට කියන්නේ 'ව්‍යහරණය' කියලා. තීන්දුවත් දීලා ඉවරයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,160
    6,622
    113
    East Blue (Goa Kingdom)
    18 කියන්නේ magic number එකක් නෙමේ අරූට 17 උනාට case එක වෙද්දී 20 දීල හරි යන්නේ නැහැ , එල්ලන්න ඕන .
    අර මිනියට නයිටිය අන්දලා පාරේ දාපු උන් අරු එලියට ඇවිත් ඉන්න නිසා එලියට ආපු එකාවත්........................................................... #@2.

    ඉස්කෝලෙක ප්රෙමදසයගේ කලේ ළමයි මරපු එකා එළියේ, මරණීය දණ්ඩනය නැහැ
    ප්‍රේමවතී මන්නන්පෙරි case එකේ එකෙක් හිරෙන් නිදහස් වෙලත් තිබ්බ කාලේ ඉවර වෙලා දඬුවම් ,


    ලංකාවේ නීති මදි කම අවුල් 100% උඩ වගේ case වල උන්ටත් මරණීය දණ්ඩනේ නැත් නම් තව මොන කතාද .

    විල මැද ටකරන් මුඩුක්කුවේ උන් නීති හදන්නේ නැති කම නිසා නීති මදි වෙලා තියෙන්නේ , තව විල මැද ටකරන් මුඩුක්කුවේ උන් හරියට පොලීසය හදන්නේ නැති එක

    Biwwai kiyala ochcharama sihiya nathi wenne na bn
    තනි බොරුව , සිහියෙන් හිටියේ නැති නිසා කතා දාල shape කර ගන්න බලන්න ඇති . 17 එකා 35-37 වයස වෙද්දී එළියේ .
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    ඒ ගෙදර පාරට ඔච්චර ලග ගෙයක් ද ?

    මම හිතුව ලොකු වත්තක ඈත තිබ්බ ගෙයක් කියලා . ඔය පාරේ මිනිස්සු යන්නේ නැද්ද බන් ඉතින් ?
    army camp eka demmata passe owaye parawal haduwa.1999 rata neweine den thiyenne.e gam den sahenna diyunui

    @samanarachchige5555

    4 years ago (edited)

    මම හෝකන්දර නෙමෙයි. ඒත් මේ සමූල ඝාතනයේ අතිශය බියසුනු බව නිසා ඒ ගැන කියෙව්වා, සොයා බැලුවා. මම දන්න තවත් දේවල් ටිකක් කියන්නම්. ප්‍රධානම දේ තමයි. ගමේ මිනිස්සු පොලීසියට දැනුම් දුන්නානම් හරි පවුලේ බාල තුන්දෙනාට අනතුරු ඇඟෙන්වූවා නම් ඒ අයගේ ජීවිත අනිවාර්යෙන්ම බේරා ගන්න තිබුනා. ඇසින් දුටු සක්ෂි අනුව ස්ත්‍රී දූෂණය කරලා තිබුනේ අත පය විහිදෙන්න ඇඳේ ගැට ගහලා. පස්සෙ තමයි දොරේ එල්ලලා තියෙන්නේ. Crowbar කියන යකඩ උලකින් එයාගෙ පෞද්ගලික ප්‍රදේශ හානි කරලා තියෙනවා මරන්න කලින්. ආරංචියේ හැටියට පරීක්ෂාවට ගිය මහේස්ත්‍රාත් තුමියටත් කලන්තෙ හැදුනාලු ඒක දැකලා. බාල දියණියත් දූෂණය කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් ඇය tight jeans එකක් ඇඳගෙන හිටපු නිසාත් එලියට දිව ගිය නිසාත් පහසු වෙලා නැහැ. එයාව ගේ පිටිපස්සේ මරල දාලා තිබුනා. මේ සිද්ධියේ DNA පරීක්ෂාව කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ මායා ගුණසේකර මැඩම් (අදට ජීවතුන් අතර නැත ) සහ නලීන් ගුණසේකර සර්. ඒ සමග එයාලා ආරම්භ කල Genetech පරීක්ෂණ ආයතනය අදටත් ලංකාවට ඉමහත් සේවයක් කරනවා. මිනී මරුවන්ට නීතියෙනුත් ස්වභාවධර්මයෙතුත් දඩුවම් ලැබුනා.
    "අනතුරු ඇඟෙන්වූවා නම් ඒ අයගේ ජීවිත අනිවාර්යෙන්ම බේරා ගන්න තිබුනා" meka henama boru kathawak. welawa awama kothana kohoma hitiyath yanna wenawa
    ------ Post added on Feb 1, 2025 at 8:15 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113
    උඹලා මිනීමැරුම් ගැන දැනගන්න කැමති නම් මෙන්න ලංකාවේ වුන මිනීමැරුම් ගැන ස්ටෝරි 20ක්..🔥


    01) වංගෙඩියක් මිනීමරයි - https://www.facebook.com/103076748087002/posts/103263038068373/?app=fbl

    02) පද්මිණි කුලරත්න ඝාතන නඩුව - https://www.facebook.com/103076748087002/posts/103263908068286/?app=fbl

    03) ප්‍රේමවතී මනම්පේරිය ඝාතන නඩුව - https://www.facebook.com/103076748087002/posts/103468188047858/?app=fbl

    04) වෛද්‍යවරිය නිදහස් - https://www.facebook.com/103076748087002/posts/106602824401061/?app=fbl

    05) ප්‍රථම ගුවන් කොල්ලය - https://www.facebook.com/103076748087002/posts/117069750021035/?app=fbl

    06) පොලීසියට වැඩ වරදී - https://www.facebook.com/103076748087002/posts/123073869420623/?app=fbl

    07) මිනීමරුවා නිදහස් - https://www.facebook.com/103076748087002/posts/138566411204702/?app=fbl

    08) එප්පාවල පොස්පේට් නිධිය හෙවත් බුලන්කුලම නඩුව - https://www.facebook.com/103076748087002/posts/145480563846620/?app=fbl

    09) මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතන නඩුව - https://www.facebook.com/103076748087002/posts/150714446656565/?app=fbl

    10). හෝකන්දර සය පුද්ගල ඝාතනය - https://www.facebook.com/103076748087002/posts/154666062928070/?app=fbl

    11). කෙස් ගසක් සාක්ෂි - https://www.facebook.com/103076748087002/posts/160460009015342/?app=fbl

    12). යාපනය කැළඹෙයි (ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව) - https://www.facebook.com/103076748087002/posts/167774768283866/?app=fbl

    13). රීටා ජෝන් ඝාතනය - https://www.facebook.com/103076748087002/posts/176122574115752/?app=fbl

    14). බිදුණුවැව සමූල ඝාතනය - https://www.facebook.com/103076748087002/posts/183127693415240/?app=fbl

    15). මිනීමැරුම් චෝදනාව ඉවතට (ජෙසීමා රගහලේ ඝාතනය) - https://www.facebook.com/103076748087002/posts/213397053721637/?app=fbl

    16). නඩුවත් වන්ෂොට් - https://www.facebook.com/103076748087002/posts/227778398950169/?app=fbl

    17). අගමැති බණ්ඩාරනායක ඝාතනය - https://www.facebook.com/103076748087002/posts/303522851375723/?app=fbl

    18). කඩුගන්නාව තැපැල් බෝම්බය - https://www.facebook.com/103076748087002/posts/423320482729292/?app=fbl

    19). ඩෆ් හවුස් මිනීමැරුම - https://www.facebook.com/103076748087002/posts/572491197812219/?app=fbl

    20). කැළණියේ ඛේදවාචකය - https://www.facebook.com/103076748087002/posts/613843603676978/?app=fbl
     
    • Wow
    Reactions: Heshan Daminda