හෝටල් 3500ක් වහන්න වෙලා
පවතින ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට තරු ගණයට අයත් නොවන හෝටල්, ආපනශාලා 3500 ක් පමණ වසා දමා ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.
එසේම එදිනෙදා නිවෙස්වල සහ මඟතොට සිට ඉඳිආප්ප, වඩේ, රටකජු, සමෝසා, කඩල, පිට්ටු, රොටී ආදී නිෂ්පාදනය කර අලෙවි කරන වෙළෙඳුන් විශාල පිරිසක්ද ගෑස් හිඟය හේතුවෙන් දැඩි ආර්ථික අපහසුතාවයකට පත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
කෙසේ වෙතත් රජය විසින් ගෑස් හිඟයක් නොමැති බවට ප්‍රකාශ කළද පාරිභෝගිකයින් චෝදනා කරන්නේ තවමත් වෙළෙඳපොළෙහි ගෑස් මිලදී ගැනීමට නොමැති බවයි. නමුත් පාරිභෝගික සේවා අධිකාරිය පසුගියදා දැනුම් දුන්නේ සති අන්තය වන විට ගෑස් බෙදා හැරීමට කටයුතු කරන බවයි.
මේ අතර සෞදි අරාබියේ ගෑස් පිරිපහදුවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සහ තවත් හේතු කිහිපයක් නිසා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ගෑස් බෙදාහැරීම ප්‍රමාද වී ඇති අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගෑස් රැගෙන එන නෞකාවලට පර්යන්ත දෙකට ළඟාවීමට නොහැකි වී ඇති බවද ලිට්රෝ සමාගම පසුගියදා ප්‍රකාශ කළා.
එසේම සාමාන්‍යයෙන් ගෑස් මෙට්‍රික් ටොන් 900ත් 950ත් අතර පැවති ඉල්ලුම මේ වන විට මෙට්‍රික් ටොන් 1300 දක්වා වැඩිවී ඇති බවද එම සමාගම පෙන්වා දී තිබුණා.