ළඟ ළඟම එන ඉන්දු – චීන යුද්ධය
ඉන්දියාවේ සාමාන්‍ය ජනයා මේ දිනවල වැඩිමනක් වියහියදම් නොකරති. හේතුව, ළඟ එන යුද්ධයේදී පාවිච්චි කර ගැනීම සඳහා මුදල් පරිස්සම් කිරීම ය.
චීනය ළඟදී තම රටේ අලුත්ම සිතියම ප්‍රකාශයට පත් කළේය. ඉන්දියාවට අයත් අරුණාචල් ප්‍රාන්තය චීනයට අයත් ප්‍රාන්තයක් ලෙස එහි දක්වා තිබිණි. මෙය චීනය නොදැන කළ වරදක් නොව දැන දැන කළ කටයුත්තකි.
එක දේශ සීමාවෙන් වෙන්වන ඉන්දියාව සහ චීනය අතර ප්ර්රශ්න රොත්තක් තිබේ. ඉන්දියාවට අයත් භූමිය චීනය විසින් කඩා වඩාගෙන ඇති බව ඉන්දියාව සිතන අතර චීනය සිතන්නේ ඉන්දියාව තම ප්‍රදේශ කඩා වඩාගෙන පාලනය කරන බවකි. ඊටත් අමතරව චීනයේ පරම දේශපාලන සතුරකු වන ශුද්ධෝත්තම දලයි ලාමා තුමාට ඉන්දියාව විසින් රැකවරණය සපයනු ලැබීම ද චීනයේ වෛරයට හේතු වී ඇත. චීනය විසින් එක්දහස් නවසිය පනස් ගණන්වලදී ඈඳා ගන්නා ලද තිබ්බත ප්‍රාන්තයේ කලින් පාලකයා දලයි ලාමා තුමාය. අද ඔහු චීනයට බැණ වදිමින් ලොව පුරා ඇවිදියි. මෙයට සති දෙක තුනකට පමණ පෙර චීනය හා ඉන්දියාව අතර දේශ සීමාවේදී දෙපාර්ශ්වයේ දේශ සීමාරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරුවක් ඇති විය. දෙරට අතර යුද්ධයක් ඇති වන බව ඉන්දියානු ජනයා සිතන්නට පටන් ගත්තේ මෙයින් පසුවය.
ඉන්දියාව ප්‍රවේසම් විය යුතු යෑයි ඉන්දියානු පුවත්පත් මේ දිනවල ප්‍රධාන ප්රවෘත්ති පළ කරයි. “චීනය ඉන්දියානු සාගරයේ තම පළමුවැනි හමුදා කඳවුර විවෘත කිරීමට යයි” පුවත්පත් ලිපිවල සඳහන් වේ.
ඒ ගැන කවුරුවත් බිය වීමට හේතුවක් නැත. “අප සී ෂෙල්ස් දූපතේ කඳවුරක් විවෘත කරන්නට යන බව ඇත්ත. ඒ එතැනින් යන අපේ නාවික හමුදා නැව් වලට තෙල් සැපයීම සඳහා ය.” චීන ආරක්ෂක අමාත්‍යාංශය කියයි.
එහෙත් ඉන්දියාවේ හිටපු ආරක්ෂක ඇමැතිතුමා කියන්නේ එය ඉන්දියාව “වට කිරීම” සඳහා චීනය උපක්‍රමශීලී ලෙස දියත් කරන සැලසුමක් බව ය.
චීනය සමඟ යහපත් සම්බන්ධකම් පවත්වාගෙන යන්නට තමන්ට වුවමනා බව ඉන්දියාව කියයි. එහෙත් මේ දෙපාර්ශ්වය අතර යුද්ධයක් හට ගන්නේ නම් මැනවැයි හිතන මහ බලවත්තු සිටිති. චීනයේ උදව්වට රුසියාව ආවොත් ඉන්දියාවේ උදව්වට ස්ථිර වශයෙන් ම මුලින්ම ඇමරිකාවත්, දෙවැනිව නේටෝ සංවිධානයත් එනු ඇත.
ලබන සතියේදී ඇමරිකාවේ පරිපාලන අගනුවර වන වොෂිංටන් ඩී. සී. හිදී ඉන්දියානු සහ ජපන් රාජ්‍ය නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සමුළුවක් පැවැත්වෙනවා ඇත. මේ සමුළුවේ මූලික අරමුණ චීනයේ නැඟ එන ක්‍රියාකාරකම් ගැන සාකච්ඡා කිරීමය.
ඉන්දියාවේ ජාතීහු බොහෝමයක් වෙසෙති. රට ඇතුළේදී ජාතිවලට බෙදෙන ඔවුහු අපි හින්දු, අපි මුස්ලිම්, අපි පන්ජාබ්, අපි දෙමළ යනුවෙන් කියමින් එකිනෙකා හා මරා ගනිති. එහෙත් යුද්ධයක් හට ගතහොත් “අප ඉන්දියන්” යෑයි කියමින් මේ සියලු දෙනාම එකමුතු වීමේ හොඳ ගතිය එරට ඇත.
චීන පුවත්පත් නිරතුරු ඉන්දියාව ප්‍රකෝප කිරීමේ නියුතු වෙයි. ඔවුන් කියන්නේ තම රට (චීනය) අතිසාර්ථක රටක් බවට පත්වීම ගැන ඉන්දියාව ඉරිසියා කරන බවය.
ඉන්දියාව සහ චීනය අතර කිලෝ මීටර් 4000 ක දේශසීමාවක් ඇත. ඔවුහු මෙයට වසර 50 කට පෙරත් දේශ සීමා යුද්ධයක නිරත වූහ. චීනය හා ඉන්දියාව අතර ඇතිවන යුද්ධයක් නිකම්ම නිකම් යුද්ධයක් නොවන අතර පෙරමුණු ගණනාවක් අතර හට ගන්නා යුද්ධයක් වනවා ඇත. පාකිස්තානයේ (චීනයේ දිගුකාලීන හිතවතා) සිට නේපාලය දක්වා වූ අග්නිදිග ආසියානු රටවල් සියල්ලටම මෙය මහා කරදරයක් වනු ඇත. ඉන්දියාව හා චීනය යන දෙරටටම න්‍යෂ්ටික බලය තිබේ.
ඉන්දියාව සහ චීනය ගහ ගන්නට සූදානම් වුවද දෙරට අතර ඇති වෙළෙඳ සම්බන්ධකම් පුළුල් ය. එහෙත් එක් පාර්ශ්වයක් හැම විටම වංචා කර වැඩි ලාභ ලබන බව අනෙක් පාර්ශ්වය කල්පනා කරයි. සී ෂෙල්ස් දූපතේ චීන යුද කඳවුරු පිහිටුවීම වැළැක්වීමට නොහැකි වීම තමන් ලැබූ පෞද්ගලික පරාජයක් ලෙස ඉන්දියාව කල්පනා කරයි. පසුගියදා චීනය නේපාලයට ඩොලර් බිලියන 3 ක ආයෝජන ලබා දෙන්නට සූදානම් විය. එහෙත් ඉන්දියාව මැදිහත් වී එම ආයෝජන ලබා ගැනීම නැවැත්විය. එහෙත් චීනය මේ වන විට කාටත් හොරා නේපාලය තුළ තහවුරු වී හමාරය. ඔවුන් නේපාල අගනුවර වූ කත්මණ්ඩු සිට තිබ්බතයේ ලාසා නුවර දක්වා හිමාල කන්ද හරහා පාරක් කැපීය. දැන් මේ මාර්ගය දිගේ දෙරට ජනතාව එහා මෙහා යති. පසුගිය දවසක චීන මුහුදු සීමාව ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ ඉන්දියානු නැවකට වහා පිටව යන ලෙස නියෝග කිරීමට තරම් චීනය අකාරුණික විය. යුද්ධයක් ඇති වුවහොත් ඇමරිකාව ඉන්දියාව බළල් අතක් ලෙස යොදා ගැනීම නොවැළැක්විය හැකිය යන්න දේශපාලන විචාරකයන්ගේ මතයයි. ඉන්දියාව සහ චීනය පසුගිය වසර 30 තිස්සේ ම කළේ තම යුද්ධමය ශක්තිය ඉස්මතු කර ගැනීමයි. එය එකිනෙකා කෙරෙහි ඇති බිය අතුරුදන්ව යුද්ධයට අතවනා ගැනීමක් වනවා ඇත.
- සංඛනාද වෙදගෙවත්ත
Source

Code:
lankacnews.com
Last edited by a moderator:

ඉන්දියාවේ ඉන්නේ 100 කට හරි තනි කකුලෙන් දෙන්න පුලුවන් වැඩ කාරයෝ
ow ow..,, indiawa paradeegene awilla ara hindi film wala wage eka paratama dinayi mokak hari seen ekakin.