ළමයගෙ නම

ll Naruto ll

Active member
  • Sep 17, 2016
    189
    189
    43
    මේක මේ FB එකේ තිබ්බේ බන් :D මම ලිව්ව එකක් නෙවෙයි. :P

    අද මම ලියන්නෙ ළමයින්ගෙ නම් අහන්න ගිහින් ගුරුවරියකට වෙච්ච අපහසුතා.......
    පළමු ශ්‍රේණිය-
    "මොකක්ද පුතාගෙ නම?"
    "අලකම්බා"
    "මොකක්ද?"
    "අලකම්බා"
    මොකක්ද මේ කියන නම? ටීචර්ට හෙන අප්සෙට්. අහන්න අහන්න මේකා කියන්නේ අලකම්බා..
    රෙජිස්ටරේ පෙරලලා බැලුවා . දෙයියෝ සාක්කි !
    "වලගම්බා"
    ඔන්න තවත් ඉස්කොලේ කට ටීචර් ගහින්. ඒත් පළමු ශ්‍රේණිය-
    "මොකක්ද පුතා ගෙ නම?"
    "ගලනවා...බෝ...හැන්ද දිගේ..."
    කොල්ලා කියපි.
    "හරි හරි පුතේ බෝ ගලනවා කානු දිගේ තව පාර දිගේ... මං අහන්නෙ පුතාගෙ නම..."
    "ගලනවා.. බෝ.. හැන්ද දිගේ"
    මේ මොන කුනුපරුපයක්ද අප්පා ... නම ඇහුවම ගලනවලු. ටීචර් ට කේන්තියි. ඒබව නොපෙන්වා බැලුව රෙජිස්ටරේ . හැන්දදිගේ ගලන එකට අහලකින්වත් යන නමක් තියේද බලන්න. අප්පට සිරි...
    කලන බෝදාහැන්නගේ....
    ඔන්න වෙනින් ඉස්කොලෙක පළමු ශ්‍රේණියක්.
    "මොකක්ද පැටියො ඔයාගෙ නම...?"
    "දෙල් කොස්!"
    ටීචර් උඩ බිම බලනවා.
    "මොකක්?"
    "දෙල් කොස්"
    දැන් හොයපල්ලකො දෙල් කොස් ළඟින් යන නමක්!!!!
    අප්පච්චියේ මේ තියෙන්නෙ රෙජිස්ටරේ ...
    "දස්කොං"
    මේ නම්දාන අම්මලාටනම්.... ටීචර් ට නොහිතෙන දෙයක්නෑ.
    කොල්ලන්ට කියවගන්න පුලුවන් නමක් දාපල්ලකො.
    ඔන්න දෙක ශ්‍රේණියක් .
    "නම මොකක්ද පුතේ?"
    "වංෂොට්!"
    "මොකක්?"
    "වංෂොට්"
    ඒ පාර ටීචර් ව බේරගත්තෙ වෙන කොලුවෙක්.
    "ටීචර්.. එයාගෙ නම රංජන්"
    අප්පේ අර කොලුව නොහිටින්න මේනම රෙජිස්ටරේ හොයනවා බොරු...
    අනේ මිත්‍රවරුනි , තව ළමයෙක් හිටියා එයාගෙ නම
    "මධුවිත"
    මේ අන්තිම නම් ඇහිල්ල...
    "නම කියන්නකො පැටියෝ...."
    ටීචර් අලුතෙන් බාරගත්තු තුනේ පංතියේ දරුවෙකුගෙන් ඇහුවා.
    "දිවංගත බංඩාරනායක"
    "මොකක්???"
    උත්තරේ පෙර සේමයි.
    මළ මගුලයි... රෙජිස්ටරේ තියෙන්නෙත් එහෙම.
    ඔන්න දැන් ගෙදරට යන පාර ඇහිල්ල... මේ තුන ශ්‍රෙණියක් .
    "හරි දැන් පුතා කියන්න ඔයාගෙ ගෙදරට යන පාර..."
    මේකා පංතියේ දඟයා. හරියට කියයි කියලා ටීචර් ට ෂුවර්නෑ.
    "ටීචර්... ඉස්කෝලෙන් පාරට යනවනේ...."
    " ඔව්... ඊට පස්සෙ?"
    "පාර දිගේ ගියාම කඩපේලිය...."
    "හා...ඉතිං"
    " කඩ පේලිය පහුකරාම සුසානභූමිය..!"
    "හොඳයි ඔයා ලස්සන වචන කියනවා ...ඉතිං?"
    "සුසාන භූමිය පහුකරාම හු#$%ගෙ පුතාගෙ ගෙදර... ඊට එහා අපේ ගෙදර!"