Kanduluth aawaa kiyewaama, ammay daruway saneepen innavane![]()
Ow.. Dennama Saneepen

Kanduluth aawaa kiyewaama, ammay daruway saneepen innavane![]()

හපොයි මාතරද ඒකනම් ගන්න දෙයක් නැති චාටර් තැනක් බං මාත් මාතර තමයි ඒත් බෙහෙත් ගන්න ඒවටනම් ඩොක්ටර් කෙනෙක් චැනල් කරන්න වගේ නම් ගාල්ලට යනව බං මාතර තියන ඒව ගැන කිසි විස්වාසයක් නෑ ජෙනරල් හොස්පිටල් එක හොදයි හොදට ඉන්න මිනිස්සු මරන්න මම දන්න කීම දෙනෙක්ටම ඒක උනා උන් කිසිම වගකීමක් නැතුව වැඩ කරන කාලකන්නි සත්තු ජාතියක් ඉන්නේ උබට ආදපානෙ හොස්පිටල් එකට යන්න තිබුනා බං ගාල්ල අමාරුනම් ඒක හොදයි මාතරට වඩා
GENERAL HOSPITAL - MATARA
පිස්සුද බන් රෙප් කපන්න.. නෑ බන් මම දැක්ක මිහිපිට අපාය තමයි ළමයි හම්බවෙන්න අම්මලා ගේන වාට්ටුව.. එතන ඉන්න දොස්තර ඇරෙන්න අනිත් එක ගෑනියෙක්වත් ගෑනියෙක්ට සලකන්නේ නෑ.. මගේ නෝනා කළබලේට ඇඩ්මිට්වෙන්න ගියේ.. එයා සැහැල්ලු ඇදුමක් ඇදන්.. එතන ඉන්න වෙ*යෙක් බැනල තිබ්බ රෙද්ද හැට්ටේ ඇදන් එන්න දන්නේ නැද්ද කියලා..ඒ වගේම උන් හරිම අකාරුණිකයි.. ඔය සීසර් කරන්න ආව දොස්තරයා ඌට ගෙවලා බබෙක් හම්බවෙන්න ඇවිත් වැඩේ වන කරගත්ත එකාට උදේ හවස කතා කරා.. ඉස්පිරිතාලෙන් ඌට උපරිම සැලකිල්ල.. ඒත් ඒවා නැති අපි වගේ අය??
ඔය හොස්පිටල් එක ඕකට හොදනෑ කියල හැමෝම කියද්දි මම ගොනා වගේ ඇඩ්මිට් කලේ..
අඩෝ මොන බුරුවද බන් මාතර ජෙනරල් එකට ළමයි ලැබෙන්න යන්නේ. ඊට හොදයි ළමය ගෙදරදීම් වදන එක.


එළ මචන්.. ඇත්තටම මාතර හොස්පිටල් එකේ බබෙක් හම්බවෙන්න ආව අම්මයි දරුවයි දෙන්නම මැරුනලු දොස්තරගේ වරදින්.. අම්මා හරි බේරගන්න තිබ්බ එක නැති උනේ උන් නිසා කිව්වා.. ඒක ඇතත කතාවක්.. ඒ කතාව කියන්නේ හොස්පිටල් එක අවට කඩ දාගෙන ඉන්න අය.. ඒ අය මට කිව්ව එකම දේ දරුවා හම්බවෙන්න මාතර නතරකලේ ඇයි කියලා.. මහමෝදර ඔක්කොටම වඩා හොදම තැන කියල කිව්වා බන්..
මගේ වයිෆ්ගේ යාලුවෙකුයි බබයි දෙන්නම නැති උන බන් ඔය මාතර ජෙනරල් උට්ටේ ඇඩ්මිට් වෙලා. තනිකරම ස්ටාෆ් එකේ වැරැද්ද.
එදවස් වලනම් ඒ පව්ලේ අය එකට ලොකු සින් එකක් ඇද්ද. මොනවා උනාද කියල නම් දන්නේ නැහැ.
එත් මේකෙන් තේරෙන්නේ වාට්ටුවේ ඉන්න එවුන් හැදිලා නැහැ කියල තමයි.

Budu Saranai umbala thundenatama.අම්මාට ගුලිවෙලා හොදට දොයි මචන්...එයාට සනීපයි දැන්
Medi house nodakin... Sanjaya Uduwerella thamai kewe.. Chandana Pieris kiyana ekath wedak ne.. Okun laga pahasukam ne ban.. e nisa matara epa.. ekko mahamodara palayanAne manda ban apitath baba labenna inne January. mamath mathara .Private medi house(matara) admit karanna inne.Dan ahana dewal wala hatiyata hena bayayi ban. monawa hiri unoth admit karane General ekatane................
Ane manda ban apitath baba labenna inne January. mamath mathara .Private medi house(matara) admit karanna inne.Dan ahana dewal wala hatiyata hena bayayi ban. monawa hiri unoth admit karane General ekatane................
General Hospital -Matara
Sanipai machan... eth hema rekama ara ahinsaka daruwo mathak wenawa ban
ඉතින් මචන් මම මේ කියන්න යන්නේ මගේ ජීවිතය තුල මම අත්දැක්ක ලොකුම දෙවනි වේදනාත්මක අත්දැකීම.. පළවෙනි එක ගැන නෙවේ දෙවනි එක උඹලා හැමෝම එක්ක බෙදාගන්නයි මම ආවේ.. ඇතතටම මේක එළකිරි එකේ දාන්න හිතුනේ අපෙන් යමක් වෙන්න ඕන කියල හිතුන නිසයි...
හා හා පුරා කියලා මගේ නෝනට පුතෙක් ලැබෙන්න එයාව මම හොස්පිටල් එකට නතර කළා.. මගේ පළවෙනි දරුවා.. එයා කොල්ලෙක් කියලා මාස 4 දී ස්කෑන් එකේදි දොස්තර මට කිව්වා.. පුදුම සතුටකින් අපි දෙන්නා හිටියා.. එයාගේ දින කිට්ටු උනාම දුන්න දිනේට දවස් 3ක් කලින් එයාව නතර කළා..
ඒ එයා බ්ලීඩ් වෙන්න ගත්ත නිසා.. මමත් ගොඩාක් සතුටින් හිටියේ අළුත් අමුත්තව පිළිගන්න.. ඒත් බයකුත් තිබ්බා.. එයාට දරුවා හම්බවෙන්න හිටියේ නෝර්මල්.. ඉතින් මාස 8ක් තිස්සේ චැනල් කරපු දොස්තරගේ වාට්ටුවට එයා ඇඩ්මිට් කළා.. මම සල්ලිකාරයෙක් නෙවේ.. ඒත් එයාව ප්‍රයිවට් ඇඩ්මිට් කරන්න උවමනාව තිබ්බා.. ඒත් එහේ දැම්ම්ත් මොනවාහරි අවුලක් උනොත් ආයෙම රජයේ ඉස්පිරිතාලෙටම උන් ගේන නිසා රජයේ එකේම ඇඩ්මිට් කළා.. ඉතින් ඊළග දවසේ දවල් වෙදිදි මට නෝනා කිව්වා එයාගේ වෝටර්බෑග් කැඩුනා කියලා.. එයාව ලේබර් රූම් රෑ11ට ගන්නවා කියලා... මම බයෙන් උනත් සතුටින් හිටියා.. ඒත් එයාව 11ට අරන් තිබ්බෙත් නෑ.. අර මම පණ යනකන් චැනල් කරපු දොස්තර එදා නිවාඩු.. කොහොම හරි ඊළග දවසේ පාන්දර 5ට මෙයාව අරන් ගියා මම බලන්න යද්දිම.. මම ඒ වෙලාවේ මගේ යාලුවෙක්ට වයිෆ් ගේ විස්තර දුන්නා හොයලා කියන්න කියලා.. මොකද ඉස්පිරිතාලේ ඉන්න එවුන් තරම් නරුම ජාතියක් මගේ ජීවිතේට දැක්කේ නෑ.. ඒ නර්ස් ලා මිඩ් වයිෆ් ලා ගෑනුන්ට කතා කරන්නේ සත්තුන්ට වගේ.. අපි අපේ ගෑනු ආදරෙන් බලගත්තත් එතන ඉන්න උන් අත පල්ලෙන් වැටුන ගානට කතා කරන්නේ..
ඒ නිසාම මම ලේබර් රූම් දාපුවෙලේ යාලුවෙක්ට කිව්වා.. ඉතින් උදේ 9 වෙද්දිත් වයිෆ් ලේබර් රූම් එකේ.. එයාට සින්ටො දීලා එයාට දරුවා හම්බවෙන්න.. ඒත් නෑ.. ඔන්න ඒ වෙලාවේ අර නිවාඩුගිය එකා ඉක්මනින් ඇවිත් වයිෆ්ව සීසර් කරල.. දරුවට විෂබීජ ගිහින් කියල බෙබි රූම් දාල.. මට ඒ නිවුස් එක යාලුව කිව්වා.. මට උන් හිටි තැන් අමතක උනා.. ඇයි බන් ඒ ගෑනිව අමාරු උනාමද සීසර් කරන්නේ? අනික අහින්සක දරුවා..?? මම ලෙඩ්ඩු බලන්න ගිය වෙලේ පිස්සෙක් වගේ ගියේ වයිෆ් ගාවට.. ඔක්කොම අම්මලා දරුවො තුරුල් කරන් කිරි දෙනවා මගේ කෙනා නෑ.. එයා දැඩිසත්කාර එකේ.. වයිෆ් අඬ අඬා මට කිව්වා දරුවා බලලා එන්න එයාව හරියට දැක්කේ නෑ කියලා..මම එයාගේ අතේ එල්ලපු නොම්මරේ අරන් ගියා බේබි රූම් එකට.. ඒ යද්දි මට දැනුන හැගීම ගැන කියන්න වචන නෑ මචන්.. මගේම ලෙයින් උපන්න අහින්සක දරුවා බලන්න මාස නවයක් පෙරුම් පිරුවා.. ඒත් එයාව බලන්න මම යන්නේ භයානක තැනක.. මගේ මිනිස් ජීවිතේ පළවෙනි පාරට මට තාත්තේ කියන් මගේ ගැන හැම බලාපොරොත්තුවක් ගොඩනගාගෙන ඉන්න ආව මගේම දරුවා බලන්න යන තාත්ත කෙනෙක් ගැන කියන්න වචන නෑ බන්.. මම හිමීට ගියා ඒක ඇතුළට එතන දරුවො ගොඩාක් ඉන්නවා...කොට් ඇතුලේ.. මම මිසී කෙනෙකුට වයිෆ්ගේ නමයි නො එකයි කියලා දරුවා පෙන්නන්න කිව්වා.. මම මගේ දරුවා පළවෙනි පාරට මගේ ඇස්වලින් දැක්කා.. මගේ රත්තරන් දරුවා සේලයින් දෙනගමන් ඔක්ශිජන් බට ගහලා... මම කඩාගෙන වැටුනා බන්... මට දරාගෙන ඉන්න බැරි උනා.. මම ගොඩාක් ඇඩුවා.. මගේ පිරිමි හිතේ හයියක් නෑ දරුවා ඉස්සරහා.. මම ලොකු වේදනාවෙන් එළියට ඇවිත් ගොඩාක් ඇඬුවා.. එයාල කියනවා දරුව හුස්මගැනීමේ වේගෙ වැඩී කියලා.. ඇන්ටිබයොටික් දෙනවා කියලා.. එවෙලේ මම කඩන් වැටිලා ඉවරයි බන්.. මම ලොකූ වේදනාවෙන් ගෙදර ආවේ..
මම දන්න අයිය කෙනෙක් ඉන්නව දොස්තර කෙනෙක් මම එයාට විස්තෙරේ කිව්වාම එයා ඉස්පිරිතාලෙට කෝල කරලා මට කතා කරා.. අවුල දරුවා වෝටබෑග් කැඩිලා පැය 18ක් ඉදලා දරුවා වේලිලා.. එයාව ඒ නිසා නොර්මල් හම්බවෙන්නේ නෑ.. ඉතින් වැරැද්ද කාගෙද??
මට අරුන් ඔකොම මරන් කන්න හිතුනා බන් ඇත්තමයි.. මම මාව පාලනය කරේ වයිෆ් ගැන හිතලමයි.. මම පස්සෙ දිගටම එක එකා දම්මලා කතා කරවල උන්ව ප්‍රෙශර් කළා.. දෙවියන් ගේ පිහිටෙන් දරුවා දවස් 4කට පස්සේ හම්බ උනා..ඉතින් මේ දවස් 4 මම වින්ද වේදනාව දන්නේ මම විතරයි.. හැමෝම අම්මගේ ගුණමයි ගයන්නේ වයන්නේ.. ඒත් තාත්තා?? තාත්තා තරම් විදවන කෙනෙක් මේ ලෝකේ නෑ කියලා මම එදයි තේරුම් ගත්තේ.. ඉතින් මම මේක ලියන ප්‍රදානම අරමුණ මගේ ප්‍රශ්නේ නෙවේ.. එතන දුක් විදින දරුවෝ ගැන.. එතනට යන හැම වෙලාවකම මගේ පපුව පැලෙන්න ආවා ඒ දරුවො දකිනකොට.. එයාල අඬනවා ගොඩාක් බඩගිනි උනාම.. එතන අය එයාලට කිරි දෙන්නේ පැය 2 1/2 සැරයක්.. ඒ අම්මගෙන් දොවල ගෙනත් සිරින්ජරේකින් පොවනවා.. අම්මට කිරි දීගන්න අමාරුනම් පිටි පොවනවා.
මගේ දරුවා බඩගිනිවෙලා එතනදී අඬපු හැටි දැක්කම මම මැරුනෙ නැති එක විතරයි.. ඉපදිලා පැයක් ඇතුලත මව් කිරි දරුවට අම්ම දෙනවා.. ඒත් මේ දරුවො ඒ මුකුත් නෑ.. පුදුම දුකක් දැනෙන්නේ බන්.. එතන නර්ස්ලා දරුවොන්ට ඇත්තටම හොදට සලකනවද දන්නේ නෑ.. හේතුව හැම වෙලේම කාටවත් යන්න බෑ.. අම්මට තාත්තට විතරයි.. ඒකත් වෙලාවකට.. අම්මට සනීපනම් පැය 2 1/2 සැරයක් පුලුවන් ඇවිත් කිරි දෙන්න.. මගේ නෝනා දවස් දෙකකට පස්සෙයි දරුවා ගාවට ඇවිත් කිරි දුන්නේ.. ඒ වගේ දුකක් කිසි අම්ම කෙනෙක්ට නොවේවා..
ඉතින් මම ගොඩාක් අඩුපාඩු එතන දැක්කා.. සමහර කොට් කැඩිලා.. ඒවා ෆයිබර් කරලා.. සමහරා තැන්වල කූඹි වහලා.. ගොඩාක් හිත රිදෙන තැනක් එතන.. ජීවිතේ ගොඩාක් පාඩම් උගන්වනවා එතනදී.. ඉතින් මම එයාලගෙන් ඇහුවා මට ඔයාලට උදව් කරන්න විදියක් කියන්න කියලා.. එයාල කොට් එකක් හදලා දෙනවානම් ලොකු පිනක් කිව්වා.. මම ඒක දෙන්නම් කිව්වා.. ඊට අමතරව තව ෆාමසි වලින් ඕන බෙහෙත් ටිකක් ගෙනිහින් දුන්නා අහින්සක දරුවො වෙනුවෙන්.. ඉතින් මචන්ලා මේ ගැන අපිට මොනවද කරන්න පුලුවන්.. මම අනවශ්‍ය වියදම් නතර කරා.. ඒ හැම දරුවෙක් මට හැම වෙලේම මතක් වෙනවා.. එයාලා ජීවත් වෙන්න ගොඩාක් උත්සාහ කරනවා.. අපි උදව් කරන්න ඕන.. ආගමික පැතිවලිනුත් එයාල වෙනුවෙන් අපි උදව් කරන්න ඕන.. මේ අහින්සක දරුවො පව්...
ඉතින් මම මගේ ජීවිතේ ලොකුම පෙරලියක් කරපු මේ අත්දැකීම මම උඹලා ඔකොමට කිව්වා,, මොකද අපේ ජීවිතේ ඊළග මොහොතේ මේ දේට මුහුණ දෙන්න වෙන්න පුලුවන් නිසා..
ඉතින් මේක බලලා අනිත් අයට බලන්නත් බම්ප් කරන් යන්න..
අහින්සක පැටව් වෙනුවෙන් අපි යමක් කරන්න ඕන බන්....
මට මතකයි බං මම භෞතික විද්‍යයාව ඉගෙන ගන්න උපකාරක පන්ති ගිය ගුරුවරයා හැමදාම හවසට පන්ති ඇරෙද්දි ඇස් දෙක වහගෙන අත මිට මොලෝලා ඔලුවට උඩින් උස්සගන්න කියලා.
පාඩම් වැඩ කටයුතු හොඳින් කරලා ඉහලින් විභාග සමත් වෙලා හොඳ රැකියාවල් කරමින් මේ රටේ දුප්පත්කම නැති කරලා මේ රට ගොඩගන්න ගෞරවනීය පුරවැසියෝ වෙනවාද වෙනවාමයිද කියලා අහද්දි
හෙන මොරාල් එකෙන් කෑ ගහලා වෙනවාමයි කියපු අතීතයක් අපිටත් තිබ්බයි කියලා. ඒ උනාට මේ රටට ගොඩ ඒමක් නෑ බං. කවදාවත් ගොඩ ගන්න බෑ අපේ රටේ උන්ගේ විනය, අධ්‍යයාත්මය, සාරදර්ම ගුණදර්ම හදනකන්. වෙන රටවල් ඉස්සරහට යද්දි අපේ රට පස්සට යනවා. එදා ධීවර ගම්මානයක් වගේ තිබ්බ සිංගප්පූරුවේ බිහිවෙච්ච Lee Kuan Yew කිව්වේ කවදා හරි මේ රටත් ශ්‍රී ලංකාවක් කරනවා කියලා. ඒත් අද සිංගප්පූරුව ලෝකයේ කාර්මික රටවලින් ඉස්සරහින්ම ඉන්නයි අපේ රට මෙහෙම වෙන්නයි හේතුව අපේ රටේ උන්ගෙම සහ පාලකයන්ගේ ආකල්ප සහ විනය. රස්සාවට කලියෙන් විනය හැදිලා නැති නිසයි ඔය ගොඩක් හැම ප්‍රශ්නෙම එන්නේ.
Matath mathakai ban..

මම ජීවිතයේ ගොඩක් ආදරේ කරන ගුරුවරයෙක්...