ළමුන් අතර පැතිරෙන වෛරස් උණක්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ දිනවල ළමුන් අතර බහුලව ඉන්ෆ්ලුවන්සා සහ ඊට සමාන වෛරස් රෝගී තත්ත්වයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

    අඛණ්ඩව දින තුනක් හෝ හතරක් උණ පවතින්නේනම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බව ඔහු සඳහන් කරයි.

    බොහෝ කුඩා ළමුන් අතර මෙම රෝගය පැතිර යාමේ අවධානමක් ද පවතින බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

    “මේ දිනවල ළමුන් අතර වෛරස් උණක් පැතිරුණා. මේකේ රෝග ලක්ෂණ විදියට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය සහ ඇස්වලින් කබ ගැලීම සහ සමහර අයට බඩඑළිය යෑම වගේ රෝග ලක්ෂණ තමා අපි දැක්කේ. සමහර අයට ඉන්ෆ්ලුවන්සා රෝගය පොසිටිව් වුණා. සමහර අයට පොසිටිව් වුණේ නෑ. හැබැයි ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ තිබුණා. පසුකාලීනව දිගටම පවතින කැස්සක් ළමයි අතර පවතිනවා. ඒ නිසා මේ දවස්වල උණ තියෙනවා නම් කැස්ස, හෙම්බිරිසාව සමඟ ඉන්ෆ්ලුවන්සා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඇස්වලින් කබ ගලනවා වෛරස් උණක් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ තියෙනවා නම් පාසල්වලට, මොන්ටිසෝරිවලට හා දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට යවන්න එපා.”

    “කැස්ස කාලයක් තියෙනවා නම් ළමා හතියේ වැඩිවීමක් ද ? වෛරසය පසුකාලීනව ඇති වුණ කැස්සක් ද කියලා හොයලා බලන්න. ඊට අමතරව කාලයක් කැස්ස තියෙනවා නම්, එවැනි කැස්ස තියෙන වැඩිහිටියෝ ඉන්නවා නම් ක්ෂය රෝගය ගැන කල්පනාකාරී වෙන්න. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ දවස්වල දින තුනකට වඩා උණ තියෙනවා නම් ඉන්ෆ්ලුවන්සා හෝ ඊට සමාන වෛරස් උණක් එන්න පුළුවන්. එයට අප කළ යුත්තේ පැරසිටිමෝල් මාත්‍රාව අරගන්න. විවේකය ලබාදෙන්න. ගෙදරට වෙලා ඉන්න. දියර වර්ග ලබාදෙන්න. දින තුනකට වඩා උණ තියෙනවා නම් ඩෙංගු රෝගී පරීක්ෂාව සිදුකරන්න. හුස්ම ගැනීමට අපහසු නම් රෝහල්ගත වෙන්න. මාස්ක් පාවිච්චි කරන්න.”
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,297
    113
    පව් බං ළමයි.ඉස්සර මෙහෙම ලෙඩ තිබ්බෙ නෑ.දැන් තියෙන්නෙ පුදුම ලෙඩ ගොඩක්නෙ.. පරිස්සම් කරගන්න කිව්වට මොන්ටි/ඉස්කෝලේ ගියහම ඔක්කොම ලෙඩ ටික හැදෙනවනේ.හරි බෙහෙතකුත් නෑ ඉන්දියන් බාල බෙහෙත් දෙන නිසාද මංද කොච්ච්ර ඒ බෙහෙත් දුන්නත් වැඩකුත් නෑ..:(..අපි පොඩි කාලේ බෙහෙත් බීල දවසෙන් දෙකෙන් ඔක්කොම ලෙඩ ටික හොඳකට වෙනව.දැන් මාස ගණන් ඵකම ලෙඩේට බෙහෙත් ගන්න ඕන.ඒත් සනීප වෙන්නෙ නෑ.
     
    Last edited: