ෆයිබර් සැට් කල සිංහලු මෙන්න ස්පීඩ්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    අද තමා කනෙක්ෂන් එක අප් කලේ. උන් ඇවිල්ල රවුටරේ කන්ෆිගර් කරන්න කලින් ටෙලිකොම් එකේ අඳුරන එකෙක්ට කියල වැඩේ කරගත්තා. මෙන්න ස්පීඩ්. :rolleyes:


    1594625145479.png
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ලයින් එක කොච්චර දුර ඇදල තියේද බං? 500m ට වඩා අඩුයිද?
    තව උඹ ඉන්න ඒරියා එකේ ගස් අතු හෙම ගොඩක් තියේද වයර් එක පැත්තට වැටිල නැත්නම් ටවුන් ඒරියා එකක්ද?
     
    • Like
    Reactions: Heshan Daminda

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Data ටික සුරුස් ගාලා ඉවරවෙයි මාසෙ මුලම පස්සෙ extra GB තමා නැත්තන් slt කාරයන්ගෙ මවුපියන් සිහිපත් වෙන්නෙ 🤣🤣🤣🤣🤣 (2)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ දැනට තියෙන්නේ කොපර් කනෙක්ෂන් එකක්. ෆෝන් ලයින් + ADSL 1490 පැකේජ්. කොපර් ලයින් එක ගොඩක් පරණ නිසා වැස්ස වෙලාවට හුළඟ තියෙන වෙලාවට කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා ඉවරයක් නෑ. මම විසි තිස් පාරක් කම්ප්ලේන් කරලා තියෙනවා. උන් ඇවිත් කේබල් එකේ කෑල්ලෙන් කෑල්ල මාරු කරලා යනවා. හරි විසඳුමක් දෙන්නෙම නෑ. ස්පීඩ් එකත් 4 ක් වගේ තියෙන්නෙත්. ඒකත් ඩ්‍රොප් වෙනකොට එපා වෙනවනේ.

    මේක මට ෆයිබර් වලට කන්වර්ට් කරගන්න ඕනේ නිසා මම බ්‍රාන්ච් එකට ගිහින් කිවුව. ගෙවල් ලඟම තියෙන DP එකේ නම්බර් එකත් අරන් ගියේ. බ්‍රාන්ච් එකේ එවුන් චෙක් කරලා කිවුවා ලූප් තියෙනවා දෙන්න පුළුවන් කියලා. පහුවදා කෝල් කරලා කියනවා 8,000 ක් යනවලු. මගේ යාලුවෙකුට ගත්තා මාස දෙකකට කලින් 2,000 යි ගියේ. කලින් free දීලා තියෙනවා. එතකොට මම ඇහුවම ගේ ළඟ ඉඳලා තියෙන ලඟම DP එකට දුර මීටර් 500 ක් ඇතුලත තමාලු 2,000 ට දෙන්නේ නැත්නම් තව ගානක් ඇඩ් වෙනවා කියලා බයිලා කිවුවා. එතකොට ගෙදර ලඟම තිබුන DP එක තිබුනේ මීටර් 600 ක් විතර දුරින්. දැන් ටික දවසකට කලින් ගෙදරට මීටර් 150 ක් දුරින් DB එකක් දැම්ම. එතකොට ගිහින් ඇහුවම තමා 8,000 කතාව කියන්නේ. දැන් කෝස්ට් එක වැඩීලු. ඉක්විප්මට් වලට 30,000 ක් විතර යනවලු. මුන්ගේ අප්පගේ ලොජික්.

    ඊට දවස් දෙකකට පස්සේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදරටත් දුන්න 2,000 යි ගිහින් තිබුනේ. ඒ ගැන ඇහුවම කියනවා එයාලට පියෝ TV තියෙන නිසා 2,000 ලු යන්නේ. හැබැයි පියෝ TV එකෙත් 1,400 පැකේජ් එක තියෙන්න ඕනෙලු.

    ඊට දවස් දෙකකට පස්සේ අපේ මහ ගෙදරටත් දුන්න (ඒ වෙන බ්‍රාන්ච් එකකින්). ඒත් 2,000 යි කියල අපේ මල්ලි කිවුවා. උට බලෙන් දීල තියෙන්නේ. කෝල් කරලා වද දෙන හින්දා ඌ කැමති වුනේ. කරන්ට් එක නැති වෙලාවට කෝල් ගන්න බැරි නිසා මල්ලි ගෙදර නැති වෙලාවක අම්මටයි තාත්තටයි හදිස්සියට කෝල් එකක්වත් ගන්න බැරි නිසා මල්ලි වැඩිය කැමති වුනෙත් නෑ.

    පස්සේ මම 1212 ට කතා කරලා ඇහුවා උන් කියන්නේ 8,000 ක් යන්නේ නැහැලු 2,000 ලු යන්නේ කනෙක්ෂන් එක කන්වර්ට් කරන්න. මම පානදුරේ ටෙලිකොම් එකටත් කතා කළා එයාල කියන්නෙත් 2,000 යි කියල. එහෙම තියෙද්දී මේ බ්‍රාන්ච් එකේ එවුන් කරන වැඩේ තේරුම මොකක්ද. උන්ගේ බ්‍රාන්ච් එක රෙනොවේට් කරා ලඟදි. රෙනොවේෂන් වලට ගිය කෝස්ට් එක කස්ටමර්ලගෙන් රිකවර් කරගන්න හදනවද මන්ද මේ කාලකන්නි හැත්ත. බ්‍රාන්ච් එකෙන් එකක් කියනවා, රීජනල් ඔෆිස් එකෙන් එකක් කියනවා, හෙඩ් ඔෆිස් එකෙන් තව එකක් කියනවා. මුන්ට කම්පැණි එකටම එක පොලිසි එකක් නැද්ද මන්දා.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    කනෙක්ෂන් එක දෙන්න චාර්ජස් කොහොමද බං?
    මට නම් කොපර් ලයින් එකෙන් මාරු වෙන්න 2000යි ගත්තේ. අලුතෙන්ම මෙගා ලයින් ගන්නවා නම් දැන් 8000කට දෙනවලු.
    150GB :P
    US server ekakata daala speed eka danna balanna...
    1594627224656.png

    ලයින් එක කොච්චර දුර ඇදල තියේද බං? 500m ට වඩා අඩුයිද?
    තව උඹ ඉන්න ඒරියා එකේ ගස් අතු හෙම ගොඩක් තියේද වයර් එක පැත්තට වැටිල නැත්නම් ටවුන් ඒරියා එකක්ද?
    කොතන ඉඳන් 500mක් ද අහන්නේ? DP එකේ ඉඳන් නම් 50mට අඩුයි. ගස් අතු නම් එහෙමටම නෑ. ටවුන් එකේ නෙමෙයි. ගෙවල් කිලෝමීටර් 5ක් දුර ටවුන් එකේ ඉඳන්. කැබිනට් එකක් තියෙනවා 50m දුරින්.
    oke router credentials hambunada
    මොන ක්රෙදෙන්ෂල්?
    oka aye speed check karanna epa artal ekata umbata eka parakata 300mb withara yanawa.3 parak kaloth 1GB
    ඔව් නේද බන්. හුචස් ගාල යයි.
    Data ටික සුරුස් ගාලා ඉවරවෙයි මාසෙ මුලම පස්සෙ extra GB තමා නැත්තන් slt කාරයන්ගෙ මවුපියන් සිහිපත් වෙන්නෙ 🤣🤣🤣🤣🤣
    Data ටික සුරුස් ගාලා ඉවරවෙයි මාසෙ මුලම පස්සෙ extra GB තමා නැත්තන් slt කාරයන්ගෙ මවුපියන් සිහිපත් වෙන්නෙ 🤣🤣🤣🤣🤣 (2)
    පොඩ්ඩ පොඩ්ඩ පාවිච්චි කරන්න ඕන,
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොතන ඉඳන් 500mක් ද අහන්නේ? DP එකේ ඉඳන් නම් 50mට අඩුයි. ගස් අතු නම් එහෙමටම නෑ. ටවුන් එකේ නෙමෙයි. ගෙවල් කිලෝමීටර් 5ක් දුර ටවුන් එකේ ඉඳන්. කැබිනට් එකක් තියෙනවා 50m දුරින්.
    ආහ් එහෙනම් ප්‍රශ්නයක් නෑ බං. මගේ ලයින් එක කිලෝ මීටරයකට වඩා ඇදල. 25,000ක් විතර ගියා ලයින් එක ගන්න. මාස 3කට සැරයක් අනිවා කැඩෙනව. දැන් මාසෙකට සැරයක් කැඩෙනව වගේ. හදන්න එන උන්ටත් පට්ට කරදරේ :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: Heshan Daminda