ෆයිස්ටා දානයක් දුන්නා බන්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    විකාරයක් වෙන්නෙ බලන කෙනාගෙ හිත අනුව.
    මස් මාංශ කන එක ගැන තහනම් කරල නැ කොතනකවත්. එපා කියල තියෙන්නෙ මිනී මස්,අලිමස් ඔහොම 10ක් තියෙනව.
    1.අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු, 2අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු, 3. අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති මාංශ.
    බුදුන්ටත් මස් මාංශ පූජ කල අවස්ථාත් තියෙනව.
    මස් නෙවෙයි බුදුහාමුදුරුවො ෆ්‍රයිඩ් රයිස්, සොසේජස්, ෆ්රෙන්ච් ෆ්‍රයිස්, බන්ස් ඇහැට දැකලවත් නැතුව ඇති ඒ නොගැලපීම නිසා විකාරයක් වගේ කිව්වෙ.
     
    • Like
    Reactions: Amith0424

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මෙහෙම සීන් එකක් තියෙනවා උබ ඒ දේ කරන්නේ ඇත්තටම පුජාවක් විදියට නං ඒක උබ එකතු වෙයි කුසල් විදියට

    ඔතන අපේ චේතනාව කොයිතරම් ශක්තිමත්ද,කොයිතරම් දුරට ජීවමාන සංඥාව අපිතුල හටගන්නවාද කියන එක බලපානවා බුද්ධ පූජාවේ ආනිශංස වලට කියලායි මම හිතන්නෙ. ඒ කියන්නේ බුදුපිළිමය කියන නිමිත්ත තුලින් මා මේ පුජාව කරන්නෙ ජීවමාන බුදුන්ටයි කියන සිතුවිල්ල කොයිතරම් දුරට ශක්තිමත්ව සකස් වෙනවාද කියන එක වැදගත්.

    ඒ වගේම පුජා භාණ්ඩ කොයිතරම් දුරට ජීවමාන බුදුන්ට ප්‍රයෝජනයක් වෙනවා කියන සිතුවිල්ලත් ශක්තිමත්ව සකස් වීම වැදගත්. මැටි වෙනුවට මනුශ්‍යයාට සුදුසු ආහාරයක් තිබීම තුලින් ඒ සංඥාව අපි තුල පැහැදිලිව සකස්වීමට හොඳ පරිසරයක් සකස් කරනවා. මොකද බුදුන් සත්‍ය ලෙසම අපි අභිමුඛව සිටී නම් මැටි වෙනුවට මනුශ්‍යයෙකුට සුදුසු ආහාරයක් තිබීම වඩාත් වැදගත්.

    ඉහත කාරණා දෙකම තේරුම් ගන්න බෞද්ධ "චේතනාව" කියන එක නිවැරදිව තේරුම් ගන්න අවශ්‍යයි. මෙතනදි කියන්න තියෙන්නේ යම් කිසි ක්‍රියාවක් වචනයෙන්,කයෙන් හෝ හිතින් කරන්න පෙලඹවීම සකස්කරන තර්කනය තමා චේතනාව කියලා. ඒ කියන්නේ යම් ක්‍රියාවක් කිරීමට අවශ්‍ය මානසික පරිසරය සකස් කරලා ඒ ක්‍රියාවට පොලඹවන සිතේ ක්‍රියාකාරීත්වය තමා චේතනාව කියලා හඳුන්වන්නෙ.

    ඉතින් ඔය මානසික පරිසරය සකස්වීම වඩාත් ශක්තිමත්ව සිදුවෙන්නෙ මැටි කෑම වලින්ද ඇත්ත කෑම වලින්ද කියන එක සලකා බලන්න ඕනෙ. ඒ වගේම අපිට පිළිමය තුලින් ජීවමාන බුදුන්ය කියන සංඥාව උපදවා ගන්න ලෙහෙසිද කියලත් හිතා බලන්න ඕනෙ. ඒ නිසා බුදුන්ට දන් පිලිගැන්වීම කියන කාරණයේදී, චේතනාව ශක්තිමත් වෙන තරමට කර්මය බලගතු වෙයි කියලා හිතනවා.

    Edited - minor changes.
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මස් නෙවෙයි බුදුහාමුදුරුවො ෆ්‍රයිඩ් රයිස්, සොසේජස්, ෆ්රෙන්ච් ෆ්‍රයිස්, බන්ස් ඇහැට දැකලවත් නැතුව ඇති ඒ නොගැලපීම නිසා විකාරයක් වගේ කිව්වෙ.
    ඒ කාලෙ ඔයිට වඩ සශ්‍රීක ඒව දැකල ඇති. රන් මැණික් භාජන වලත්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    උඹලගෙන් සල්ලි ගත්තෙ නැත්නම් කරදර වෙන්න එපා. ඒක ඒ මිනිහගෙ විශ්වාසය.
    මූට කියන්නෙ නැතුව දීල තියෙන්නෙ මුගෙ පර්ස් එකෙන් අරන්
     
    • Wow
    Reactions: sakuntha1996

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ කාලෙ ඔයිට වඩ සශ්‍රීක ඒව දැකල ඇති. රන් මැණික් භාජන වලත්..
    ඔව්..දුන්න නිසා වැලඳුව මිසක් නිවන සඳහා ශරීරය පවත්වගෙන යන්ඩ අවශ්‍ය ප්‍රමාණයට යමක් ආහාරයට ගන්ඩ කියල තියෙන්නෙ ඇස නාසය දිව පිනවන්ඩ නෙවෙයි.
     
    • Like
    Reactions: Chanijm

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    මම කියන්නේ බන් අපිට පුලුවන් නම් මැටි වලින් හදපු පිලිමක් තියාගෙන මේ ආහාර ජීවමාන බුදුන්ට පූජ කරනවා වගේ හිතෙන් හිතාගෙන පුජාකර්න්න,

    අපිට ඒ දෙන කෑම වෙනුවට මැටි ගුලි ටිකක් තියල , මේ තියෙන්නේ කෑම කියලා හිතෙන් හිතාගෙන පුජ කරන්නත් පුලුවන් වෙන්න ඕනේ. එහෙම බැරිද ?
    dena de thama labenne, ubata mati hambei. ekko naraka thenaka upadiy budu guna ananthai apahasayak kaloth eketh vipaka kohoma narak weida dan ne.
    budu pilima vahanse mati valin haduvath uddesika dathun vahanse namak.
    e udesa ahara puja kaloth sedehe sithin budu guna sihi karan ganan karanna bari tharam vipaka labanna puluwan, dakkina vibanga sutraya balanna. godak aya oka kiyawala ne, danne ne ekai mehema gatalu enne.

    meke theruvan vihiluvata ganna okkotama kiyanne. anith ayata anith deval walata monawa kiwath kamak ne theruvanta apahasa karala godak paw puravaganna epa. den hamuduru kenek naraka wedak kaloth banin nadda ahai. e kena mulu saga parapura niyojane karan ne. e kena dusil unoth eya aran yai. hamuduru varu kiyala baninna epa, mokada eken aththatama sil rakina aranyawasi ehema hamuduruvaru innawa e okkotama bannoth loku pavak. aye theruvan nathi thenaka upadiy.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    අඩෝ පිගානක් ගෙනත් බෙදාගෙන කෑව නම් හරි නේ. :love2:

    මම කියන්නේ බන් අපිට පුලුවන් නම් මැටි වලින් හදපු පිලිමක් තියාගෙන මේ ආහාර ජීවමාන බුදුන්ට පූජ කරනවා වගේ හිතෙන් හිතාගෙන පුජාකර්න්න,

    අපිට ඒ දෙන කෑම වෙනුවට මැටි ගුලි ටිකක් තියල , මේ තියෙන්නේ කෑම කියලා හිතෙන් හිතාගෙන පුජ කරන්නත් පුලුවන් වෙන්න ඕනේ. එහෙම බැරිද ?
    එහෙම නම් ජීවමාන බුදු හාමුදුරුවො වැඩ ඉන්න ඕන. එතකොට කෑම කියල මැටි ගුලියක් දනේන පුළුවන්. දෙපැත්තෙන් එක පැත්තක් අනිවා රියල් වෙන්න ඕන. නැත්තම් සමතුලිත වෙන්නෑ.
    ------ Post added on Jul 7, 2023 at 8:46 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,439
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව්..දුන්න නිසා වැලඳුව මිසක් නිවන සඳහා ශරීරය පවත්වගෙන යන්ඩ අවශ්‍ය ප්‍රමාණයට යමක් ආහාරයට ගන්ඩ කියල තියෙන්නෙ ඇස නාසය දිව පිනවන්ඩ නෙවෙයි.
    ඔව් ඒ තමන්ට. දෙන දේ පූජ කරන දේට නෙමේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    ඔතන අපේ චේතනාව කොයිතරම් ශක්තිමත්ද,කොයිතරම් දුරට ජීවමාන සංඥාව අපිතුල හටගන්නවාද කියන එක බලපානවා බුද්ධ පූජාවේ ආනිශංස වලට කියලායි මම හිතන්නෙ. ඒ කියන්නේ බුදුපිළිමය කියන නිමිත්ත තුලින් මා මේ පුජාව කරන්නෙ ජීවමාන බුදුන්ටයි කියන සිතුවිල්ල කොයිතරම් දුරට ශක්තිමත්ව සකස් වෙනවාද කියන එක වැදගත්.

    ඒ වගේම පුජා භාණ්ඩ කොයිතරම් දුරට ජීවමාන බුදුන්ට ප්‍රයෝජනයක් වෙනවා කියන සිතුවිල්ලත් ශක්තිමත්ව සකස් වීම වැදගත්. මැටි වෙනුවට මනුශ්‍යයාට සුදුසු ආහාරයක් තිබීම තුලින් ඒ සංඥාව අපි තුල පැහැදිලිව සකස්වීමට හොඳ පරිසරයක් සකස් කරනවා. මොකද බුදුන් සත්‍ය ලෙසම අපි අභිමුඛව සිටී නම් මැටි වෙනුවට මනුශ්‍යයෙකුට සුදුසු ආහාරයක් තිබීම වඩාත් වැදගත්.

    ඉහත කාරණා දෙකම තේරුම් ගන්න බෞද්ධ "චේතනාව" කියන එක නිවැරදිව තේරුම් ගන්න අවශ්‍යයි. මෙතනදි කියන්න තියෙන්නේ යම් කිසි ක්‍රියාවක් වචනයෙන්,කයෙන් හෝ හිතින් කරන්න පෙලඹවීම සකස්කරන තර්කනය තමා චේතනාව කියලා. ඒ කියන්නේ යම් ක්‍රියාවක් කිරීමට අවශ්‍ය මානසික පරිසරය සකස් කරලා ඒ ක්‍රියාවට පොලඹවන සිතේ ක්‍රියාකාරීත්වය තමා චේතනාව කියලා හඳුන්වන්නෙ.

    ඉතින් ඔය මානසික පරිසරය සකස්වීම වඩාත් ශක්තිමත්ව සිදුවෙන්නෙ මැටි කෑම වලින්ද ඇත්ත කෑම වලින්ද කියන එක සලකා බලන්න ඕනෙ. ඒ වගේම අපිට පිළිමය තුලින් ජීවමාන බුදුන්ය කියන සංඥාව උපදවා ගන්න ලෙහෙසිද කියලත් හිතා බලන්න ඕනෙ. ඒ නිසා බුදුන්ට දන් පිලිගැන්වීම කියන කාරණයේදී, චේතනාව ශක්තිමත් වෙන තරමට කර්මය බලගතු වෙයි කියලා හිතනවා.

    Edited - minor changes.
    එහෙනම් බුදුන් ජීවමානව නැති තැන ජීවමානව ඉන්නව කියලා සංඥාව හදාගන්නවා වගේම ආහාර නොවන දෙයක් උනත් තියලා ඔය කියන සංඥාව හදාගන්න පුලුවන් නම් චේතනාව ශක්තිමත් වෙලා ජීවමාන බුදුන්ට දෙන දානයක් කියන ආනිසංස ගන්න පුලුවන් නේද ?

    ඒවිදියට , කවුරුහරි මැටියෙන් කුකුලෙක් හදල , මේ ඉන්නේ කුකුලෙක් කියන සංඥාව ඇති කරගෙන, මම ඒ කුකුලව මරනවා කියලා හිතල මැටි කුකුලගේ බෙල්ල කපල මැරුවොත් , මැරුව කින සංඥාව හරියට පහල කරගත්තොත් ප්‍රාණගාත අකුසලයක් වෙනවද ඇත්ත සතෙක් මැරුව වගේ ?
     
    • Like
    Reactions: sakuntha1996

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙනම් බුදුන් ජීවමානව නැති තැන ජීවමානව ඉන්නව කියලා සංඥාව හදාගන්නවා වගේම ආහාර නොවන දෙයක් උනත් තියලා ඔය කියන සංඥාව හදාගන්න පුලුවන් නම් චේතනාව ශක්තිමත් වෙලා ජීවමාන බුදුන්ට දෙන දානයක් කියන ආනිසංස ගන්න පුලුවන් නේද ?

    ඒවිදියට , කවුරුහරි මැටියෙන් කුකුලෙක් හදල , මේ ඉන්නේ කුකුලෙක් කියන සංඥාව ඇති කරගෙන, මම ඒ කුකුලව මරනවා කියලා හිතල මැටි කුකුලගේ බෙල්ල කපල මැරුවොත් , මැරුව කින සංඥාව හරියට පහල කරගත්තොත් ප්‍රාණගාත අකුසලයක් වෙනවද ඇත්ත සතෙක් මැරුව වගේ ?

    ඔය වගේ ප්‍රශ්නයක් ජෛනනුත් බෞද්ධයන්ට එල්ලකරලා තියනවා කියල මතකයක් තියනවා.මතක විදිහට කොස් කියල මස් කෑවොත් මොකද වෙන්නේ ? කියන ආකාරයෙන් තමා එක අහන්නේ.

    මම හිතන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් තියනවා දිලාන් අභිධර්මයේ. අභිධර්මයේදි චේතනාව ලෝභ, ද්වේශ, මෝහ සහ අලෝභ අද්වේශ අමෝහ කියලා කොටස් හයකට කඩනවා. මැටි සතා පන තියෙන සතෙක් කියලා ගැනීම අයිති වෙන්නේ මෝහයට. මෝහය කියන්නෙ නොදන්නා බව. ප්‍රාණියෙක් කියන්නෙ කවුද කොහොමද කියන අවබෝධය හරි හැටි නැතුව, මම ප්‍රාණියෙක් මරනවා කියලා ක්‍රියාත්මක වීම තුල යම් අකුසල සිතුවිල්ලක් හටගනියි. නමුත් ඒක ප්‍රාණඝාත අකුසලය සිදුවෙන මට්ටමට ප්‍රබල නැති වෙයි.

    ඔන්න ඔය කාරණයම තමා කලින් රිප්ලයි එකේදි

    ඒ වගේම අපිට පිළිමය තුලින් ජීවමාන බුදුන්ය කියන සංඥාව උපදවා ගන්න ලෙහෙසිද කියලත් හිතා බලන්න ඕනෙ.

    කියලාත් කිව්වෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    මැටි සතා පන තියෙන සතෙක් කියලා ගැනීම අයිති වෙන්නේ මෝහයට.
    එහෙනම් බුදුන් නැති තැන ජීවමාන බුදුන් ඉන්නව කියලා හිතාගන්න එකත් අයිති වෙන්නේ මෝහයට
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙනම් බුදුන් නැති තැන ජීවමාන බුදුන් ඉන්නව කියලා හිතාගන්න එකත් අයිති වෙන්නේ මෝහයට

    අතීතයේත් වර්තමානයේ නැති සතෙක් (මැටි ගොඩක් ප්‍රාණියෙක් කියලා ගැනීම) ඉන්නවා කියලා දෙයක් කිරීම එකක්.
    අතීතයේ සිටියා කියන මනුශ්‍ය ප්‍රාණියෙක් අරමුණු කිරීම තවත් එකක්.

    එතන ඇතිවෙන වෙනස පැහැදිලිද ?

    එකක් නොදන්නා බවක්. කර්මය, ප්‍රාණියා කියන දේවල් තමා නොදන්නේ. අනෙක දන්නා බවක්, කර්මය තමා දන්නේ. එතනින් එහාට තව පැහැදිලි කරන්න පුලුවන් ඇති. සිත බෙදෙන ආකාර රාශියක් තියනවා අභිධර්මයේ. මම අභිධර්මය ක්‍රමය හරිහැටි නොදන්නා නිසා ඔය කාරණයට විතරයි පහදන්න පුලුවන්

    ඒ නිසා බුදුන් (ප්‍රාණියෙක්) අරමුණු කරන දානය අලෝභයට වැටිය යුතුයි කියන එකයි මගේ වැටහීම. ඒක ඕනෑම ප්‍රාණියෙක් වෙන්න පුලුවන්. අතීතයේ හිටපු දෙව්දත් තෙරුන් උනත් අරමුණු කරලා දානයක් දෙන්න පුලුවන්. එතනදි ග්‍රාහක පක්ශයෙන් දානය පිරිසිදු වීම වැදගත් වෙනවා. ඒ කියන්නේ දානය ලබන කෙනාගේ පිරිසිදු බව. ඒ කොටස බුදුන් අපිට පැහැදිලි කරලා නැහැ. බුදුවරයෙකුටම විශය කොටසක් විදිහට ඒක කියලා තියනවා.

    ඒ වගේම අපිට පිළිමය තුලින් ජීවමාන බුදුන්ය කියන සංඥාව උපදවා ගන්න ලෙහෙසිද කියලත් හිතා බලන්න ඕනෙ.

    ඔතන ගැටලුවක් තියන නිසා තමා අද කාලයේ කරන බුද්ධ පූජාවකින් ජීවමාන බුදුන්ටම කරන ලද බුද්ධ පූජාමය කුසලය සිදුවෙනවාද ? කියන එක මුල් රිප්ලයි එකේදි ප්‍රශ්ණ කරලා ඉතිරි කරලා තියෙන්නෙ දිලාන්.

    Edited - added new paragraph
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    අතීතයේත් වර්තමානයේ නැති සතෙක් (මැටි ගොඩක් ප්‍රාණියෙක් කියලා ගැනීම) ඉන්නවා කියලා දෙයක් කිරීම එකක්.
    අතීතයේ සිටියා කියන මනුශ්‍ය ප්‍රාණියෙක් අරමුණු කිරීම තවත් එකක්.

    එතන ඇතිවෙන වෙනස පැහැදිලිද ?

    එකක් නොදන්නා බවක්. කර්මය, ප්‍රාණියා කියන දේවල් තමා නොදන්නේ. අනෙක දන්නා බවක්, කර්මය තමා දන්නේ. එතනින් එහාට තව පැහැදිලි කරන්න පුලුවන් ඇති. සිත බෙදෙන ආකාර රාශියක් තියනවා අභිධර්මයේ. මම අභිධර්මය ක්‍රමය හරිහැටි නොදන්නා නිසා ඔය කාරණයට විතරයි පහදන්න පුලුවන්

    ඒ නිසා බුදුන් (ප්‍රාණියෙක්) අරමුණු කරන දානය අලෝභයට වැටිය යුතුයි කියන එකයි මගේ වැටහීම. ඒක ඕනෑම ප්‍රාණියෙක් වෙන්න පුලුවන්. අතීතයේ හිටපු දෙව්දත් තෙරුන් උනත් අරමුණු කරලා දානයක් දෙන්න පුලුවන්. එතනදි ග්‍රාහක පක්ශයෙන් දානය පිරිසිදු වීම වැදගත් වෙනවා. ඒ කියන්නේ දානය ලබන කෙනාගේ පිරිසිදු බව. ඒ කොටස බුදුන් අපිට පැහැදිලි කරලා නැහැ. බුදුවරයෙකුටම විශය කොටසක් විදිහට ඒක කියලා තියනවා.
    ඇත්තටම නැති දෙයක් අරමුණු කරල ඉන්නව කියලා හිතාගෙන දේවල් කරන එක තමන්ව ම රවට්ට ගැනීමක් නෙවෙයි ද ?

    මනුස්සයෙක් මැරුණම අපිට ඔය විදියටම එයා තමයි මේ කියලා ලී කොටයක් තියාගෙන ඉන්න පුලුවන් නේ , ඒ කොටේට කෑම බීම දීල. එතන තියෙන්නේ අවබෝධයක් නැති කම නෙවෙයි ද ?
    කිසා ගෝතමී ටත් බුදුහාමුදුරුවන්ට ඔය වගේ උත්තරයක් දෙන්න තිබ්බනේ ඕන නම් අනිත්‍ය පැහැදිලි කරල දෙනවා වෙනුවට.

    බුදුන්ට වදින එක නෙවෙයි කියන්නේ. හෞතිකව පරිහරණය කරන දේවල් පුජා කරන එක.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඇත්තටම නැති දෙයක් අරමුණු කරල ඉන්නව කියලා හිතාගෙන දේවල් කරන එක තමන්ව ම රවට්ට ගැනීමක් නෙවෙයි ද ?

    මනුස්සයෙක් මැරුණම අපිට ඔය විදියටම එයා තමයි මේ කියලා ලී කොටයක් තියාගෙන ඉන්න පුලුවන් නේ , ඒ කොටේට කෑම බීම දීල. එතන නියෙන්නේ අවබෝධයක් නැති කම නෙවෙයි ද ?
    කිසා ගෝතමී ටත් බුදුහාමුදුරුවන්ට ඔය වගේ උත්තරයක් දෙන්න තිබ්බනේ ඕන නම් අනිත්‍ය පැහැදිලි කරල දෙනවා වෙනුවට.

    බුදුන්ට වදින එක නෙවෙයි කියන්නේ. හෞතිකව පරිහරණය කරන දේවල් පුජා කරන එක.

    ඇත්තටම නැති දෙයක් කියන එක ධර්මයෙහි විග්‍රහ වෙන විදිහ තමා මම දිලාන්ට කලින් රිප්ලයි එකේදි පැහැදිලි කරන්න උත්සහ කලේ. දිලාන්ගේ ඇත්තටම නැති දේයි, කර්මයේදි (ධර්මයේදි) ඇත්තටම නැති දේයි දෙකක් වෙන්න ඕනෙ එතකොට නේද. දිලාන්ගේ අවබෝධයක් නැති කමයි ඒ පූජාවෙදි අවබෝධයක් නැතිකමයිත් දෙකක් එතනදි.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    umba hithana dema hari kiyala kiyanna baha mchn. hama dekama depaththak thiyenawa. eka e manussayage mathaya. garu karapan. critisize karana eka umbata thiyena aithiya. kisima aulak naha.

    මම කවදාවත් මම හිතෙන දේ හරි කියල විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. අද හරි දේ හෙට වැරදි වෙන්න පුළුවන් කියල මම දන්නවා. බුද්ධාගමේ උගන්නනෙත් ඕකයි. අපිට දකින්න අස විදිහට ලෝකේ පවතින්නේ නැහැ. ඕනෑම ප්‍රශ්නයකට හොදම උත්තරේ ලැබෙන්නෙත් තර්ක වලින් කියලත් දන්නවා. හැබැයි මචන් මෙතන ප්‍රශ්නයක් තියනවද? මේ මනුස්සය තමන්ගේ ව්‍යාපාරේ පලවෙනි කොටස පූජ කළා වෙන්න පුළුවන්. උගේ සල්ලි වලින් ඌ කරන දේ අපිට ප්‍රශ්නයක් වෙන එක හෙන අවුල් නේද? හරියට නිකන් උබ උබේ සල්ලි වලින් කන බොන දේවල් ප්‍රශ්න කරනවා වගේ වැඩක්.

    මම මගේ උදාහරණයක් ගන්නම්. මම රැකියාවෙන් ගන්න පඩියෙන් සහ කෘෂිකර්මික ක්ෂේස්තරයෙන් ලැබෙන අදායමෙන් අග්‍රස්ථානය මම පූජා කරන්නේ රුවන්මැලි සෑයට. මම ඒක වරදන් නැතුව කරන දෙයක්. පොල් කැඩුවම කඩන පලවෙනි ගෙඩිය විකුනන්නේ නැහැ මම ඒකෙන් කිරි ආහාර හදනවා. ගොයම් කැපුවොත් අලුත් හාල් වලින් කිරිබත් හදනවා. මම ඒකෙන් ලොකු මානසික සතුටක් භුක්ති විදිනවා. හරියට බැහැල ගිය බැටරියක් රිචාජ් කළා වගේ වැඩක්. මේ මනුස්සයත් එහෙම වෙන්න පුළුවන් නේද? අපි දායක නොවී වෙන කෙනෙක් දානයක් දුන්නම අපිට අපේ කෝණ වලින් බල බල ගහන එක අවුල්.

    පිළිම වලට ගඩොල් වලට වැදිල්ල කියල වැරදියට හිතන්න එපා බන්. මානසිකව අපිට ශක්තිමත් වෙන්න, හරියට ජිවත් වෙන්න අලුතෙන් හිතල දෙයක් හොයාගෙන උගන්නපු මනුස්සයෙකුට පූජා කරන එක වරදක් විදිහට දකින්නේ නැහැ මමනම්. නිකමට බලපන් අනුරාධපුරේ පින්කන් කීයක් කරනවද කියල. ඕවගේ පැටිකිරිය හොයල විවේචන දෙන්න ගියොත් ඒ දේ බලල විදින මානසික නිදහසත් ලොකු පීඩනයක් වෙන එකයි වෙන්නේ. පින්කන් කරන 95% ක් ඔකේ හරය දැනගෙන නෙමෙයි කරන්නේ. සතුටට, ආතල් එකට, ඒ මොහොත විදින්න.

    මේවා දකිද්දී උඹලට හිතෙන්නේ නැද්ද බුද්ධාගමට වැඩේ දෙන්න යන්නේ කියලා. මට පේන්නේ ලොකු Plan එකක් ක්‍රියාත්මක වෙනවා බන් යටින්. එදා ඉඳලා ලංකාවේ බෞද්ධාගම මුල් කරගෙන හිටපු නිසා සිංහල මිනිස්සු අතරේ පට්ට එකමුතුකමක් තිබුනා . මොන රෙද්දක් කරත් රටේ මොකක් හරි දෙයක් උනාම ඉස්සරවෙලාම එකතු උනේ පන්සලට. ඒ කාලේ ඉඳලා හාමුදුරුවෝ මුල් වෙලා ඒ එකමුතුකම ඇති කරා.
    දැන් ඒක දඩමීමා කරගෙන පිට ඉඳලා ගේම දෙන්න බැරී නිසා සුමංගලලා, නානසාරලා වගේ හාමුදුරුවෝ සෙට් එකක් කලින්ම බස්සන්න ඇත්තේ දීර්ඝ්හ කාලීන Plan එකක ප්‍රථිඵලයක් නිසා වෙන්න ඇති. ආගම දහම රකිනවා කියලා මිනිස්සුන්ගේ ඔළු වලට අදහස් දාපුවාම නිකන්ම අපේ මිනිස්සු රැවටෙනවා. මේක සුපිරි Master Brain Plan එකක් කියලයි මට නම් හිතෙන්නේ බන්. මේ දේශපාලකයොන්ට කඩේ යන ඝණයෝ සෙට් එක ඒ ප්ලෑන් එකේ ඉත්තෝ සෙට් එක වෙන්න ඕන. මේ අව්රුදු කීපයට වෙච්ච සිදුවීම් බලපුවාම මට එහෙම හිතෙනවා

    සිංහලයන්ගේ කොඳු නාරටිය පන්සල. එතනට වැඩේ දුන්නාම අනික් ඒවා ලේසී.

    මචන් හැමදේම ඇතිවෙනවා පවතිනවා නැති වෙනවා. ඕක බුද්ධාගමටත්, පන්සලටත්, අධිරාජ්‍ය වලටත් එකයි. අපහු කාලෙට අවශ්‍ය විදිහට ආගම්, දර්ශන බිහි වෙයි. එක්කෝ තියන ඒවම වෙනස් වෙයි.

    නම් කියපු හාමුදුරු සෙට් එකනම් දේශපාලන චරිත. ලංකාවේ ඉන්න හරක් රංචුව එක එක දිශාවන් වලට දක්කන්න ලේසි වෙන්න හරක් රංචුවේ පාලකයෝ ඇති කරපු දඩයම් බල්ලො ටික.
    ------ Post added on Jul 9, 2023 at 8:48 AM
     
    Last edited: