මෙහෙම සීන් එකක් තියෙනවා උබ ඒ දේ කරන්නේ ඇත්තටම පුජාවක් විදියට නං ඒක උබ එකතු වෙයි කුසල් විදියට
ඔතන අපේ චේතනාව කොයිතරම් ශක්තිමත්ද,කොයිතරම් දුරට ජීවමාන සංඥාව අපිතුල හටගන්නවාද කියන එක බලපානවා බුද්ධ පූජාවේ ආනිශංස වලට කියලායි මම හිතන්නෙ. ඒ කියන්නේ බුදුපිළිමය කියන නිමිත්ත තුලින් මා මේ පුජාව කරන්නෙ ජීවමාන බුදුන්ටයි කියන සිතුවිල්ල කොයිතරම් දුරට ශක්තිමත්ව සකස් වෙනවාද කියන එක වැදගත්.
ඒ වගේම පුජා භාණ්ඩ කොයිතරම් දුරට ජීවමාන බුදුන්ට ප්‍රයෝජනයක් වෙනවා කියන සිතුවිල්ලත් ශක්තිමත්ව සකස් වීම වැදගත්. මැටි වෙනුවට මනුශ්යයාට සුදුසු ආහාරයක් තිබීම තුලින් ඒ සංඥාව අපි තුල පැහැදිලිව සකස්වීමට හොඳ පරිසරයක් සකස් කරනවා. මොකද බුදුන් සත්‍ය ලෙසම අපි අභිමුඛව සිටී නම් මැටි වෙනුවට මනුශ්‍යයෙකුට සුදුසු ආහාරයක් තිබීම වඩාත් වැදගත්.
ඉහත කාරණා දෙකම තේරුම් ගන්න බෞද්ධ "චේතනාව" කියන එක නිවැරදිව තේරුම් ගන්න අවශ්‍යයි. මෙතනදි කියන්න තියෙන්නේ යම් කිසි ක්‍රියාවක් වචනයෙන්,කයෙන් හෝ හිතින් කරන්න පෙලඹවීම සකස්කරන තර්කනය තමා චේතනාව කියලා. ඒ කියන්නේ යම් ක්‍රියාවක් කිරීමට අවශ්‍ය මානසික පරිසරය සකස් කරලා ඒ ක්‍රියාවට පොලඹවන සිතේ ක්‍රියාකාරීත්වය තමා චේතනාව කියලා හඳුන්වන්නෙ.
ඉතින් ඔය මානසික පරිසරය සකස්වීම වඩාත් ශක්තිමත්ව සිදුවෙන්නෙ මැටි කෑම වලින්ද ඇත්ත කෑම වලින්ද කියන එක සලකා බලන්න ඕනෙ. ඒ වගේම අපිට පිළිමය තුලින් ජීවමාන බුදුන්ය කියන සංඥාව උපදවා ගන්න ලෙහෙසිද කියලත් හිතා බලන්න ඕනෙ. ඒ නිසා බුදුන්ට දන් පිලිගැන්වීම කියන කාරණයේදී, චේතනාව ශක්තිමත් වෙන තරමට කර්මය බලගතු වෙයි කියලා හිතනවා.
Edited - minor changes.