ෆවුන්ඩේෂන් එක දාන්න උදව්වක් house construction

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    construction ගැන දන්න අය මේකට උදව්වක් දෙන්න.
    මේ දවස් වල foundation එක දාන්න හදන්නේ මේ තියෙන ක්‍රම දෙකෙන් මොන විදියට හරි. ??

    බාස් කියන ක්‍රමය වැරදි කියලා මට හිතෙන්නේ...

    ප්ලෑන් එකේ තියෙන විදිය

    IMG_20201222_220110.jpg

    මේ දෙකෙන් තමයි හරි එක දැනගන්න ඕන

    IMG_20201222_220053.jpg
     
    Attachments

    • IMG_20201222_211130_compress7.jpg
      IMG_20201222_211130_compress7.jpg
      242.8 KB · Views: 158
    • IMG_20201222_212456_compress13.jpg
      IMG_20201222_212456_compress13.jpg
      151.2 KB · Views: 150
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    photos ටික rotate කරලා දාපන්කෝ. බෙල්ල රිදෙනවා.
     
    • Like
    Reactions: dhanuconfi

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    බාස් කියන විදිහ හරි.
    තට්ටු දෙකක හෝ තුනක හදන ගෙයක්. කලු ගල් බැම්ම අගල් 18යි. ඒක හරි. ටයි බීම් එක දාන්නේ අගල් 9ටයි. ඒ කියන්නේ ගඩොල් කැට දෙකක් පැත්තෙන් කෙලින් කරාම එන උස. එකක් උඩ අනික තියලා බැදගෙන පස්සේ කොන්ක්‍රීට් එක දානවා කම්බිත් එක්ක. තනි තට්ටුවේ ගෙයක් නම් තනි ගඩොල ඇති.

    පොඩ්ඩක් බලපන් ටයි බීම් එකේ පලල... ඒක අගල් 14ක් වෙන්න ඕන මම දන්න තරමට. ( අගල් 18 යි කලු ගල් බැම්මේ පළල. දෙපැත්තේ ගඩොල් පේලී දෙකට අගල් 4ක් යනවා. එතකොට කොන්ක්‍රීට් එක වැටෙන කොටසේ පළල අගල් 14යි ).

    උඹ හිතන් ඉන්න විදිය සම්පූර්ණයෙන්ම වැරදියි.
     
    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    Oyage system ekata baas ta goda kaalayak yanawa foundation eka badinna,,, baas ge system ekata tie beam eka 9 x 9 daanna, kanu daanna wenneth 9 x 9
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    බාස් කියන විදිහ හරි.
    තට්ටු දෙකක හෝ තුනක හදන ගෙයක්. කලු ගල් බැම්ම අගල් 18යි. ඒක හරි. ටයි බීම් එක දාන්නේ අගල් 9ටයි. ඒ කියන්නේ ගඩොල් කැට දෙකක් පැත්තෙන් කෙලින් කරාම එන උස. එකක් උඩ අනික තියලා බැදගෙන පස්සේ කොන්ක්‍රීට් එක දානවා කම්බිත් එක්ක. තනි තට්ටුවේ ගෙයක් නම් තනි ගඩොල ඇති.

    පොඩ්ඩක් බලපන් ටයි බීම් එකේ පලල... ඒක අගල් 14ක් වෙන්න ඕන මම දන්න තරමට. ( අගල් 18 යි කලු ගල් බැම්මේ පළල. දෙපැත්තේ ගඩොල් පේලී දෙකට අගල් 4ක් යනවා. එතකොට කොන්ක්‍රීට් එක වැටෙන කොටසේ පළල අගල් 14යි ).

    උඹ හිතන් ඉන්න විදිය සම්පූර්ණයෙන්ම වැරදියි.

    Thanks ban.

    Youtube eke thiyenne tie beam usa athatane ban.

    Mehema karoth palala wadiy usa adui widiyada Hari?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    බාස් කියන විදියයි උබට හිතන විදියයි දෙකම එකතු කරලා 12*12 දාපන් එහෙනං.
     
    • Haha
    Reactions: -333-

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Rubble eka udin 9 inch Tie Beam eka dana eka thamai honda. Habai hama colloumn ekakma tie beam ekata connect wena widihata danna. Rubble ea uda biththi bandinne na dan godak durata. Mathaka athuwa bitumen layer ekak dapan biththi bandinna kalin.
     
    • Like
    Reactions: dhanuconfi

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Rubble eka udin 9 inch Tie Beam eka dana eka thamai honda. Habai hama colloumn ekakma tie beam ekata connect wena widihata danna. Rubble ea uda biththi bandinne na dan godak durata. Mathaka athuwa bitumen layer ekak dapan biththi bandinna kalin.

    Tie beam eke Hight 9 inch da machan?
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ohoma hithena hithena widiyata foundation dannepa ban. aparade salli. no.01 thamai hari widiya. thattu deke geyaknam ochara loku tie beam danna one ne.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    Thanks ban.

    Youtube eke thiyenne tie beam usa athatane ban.

    Mehema karoth palala wadiy usa adui widiyada Hari?

    ටයිබීම් එකේ මුලු පලල කලුගල් බැම්මේ පලලම ගන්න. සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමයි. උස ගත්තොත් අගල් 9 හොදටම ඇති. ඒ කියන්නේ පොඩි ගඩොල් කැට දෙකක් උස (තට්ටු ගෙදරකට). උඹට ඕනනම් ගඩොල් වලින් දෙපැත්ත බදිනවා වෙනුවට අගල් 9 පලල කොන්ක්‍රීට් ලෑලි දෙපැත්තෙන් ගහලා වැඩේ කරන්නත් පුලුවන්. නමුත් ගඩොල් වලින් කරන එක ලාබයි.
    උඹ ඔය කලුගල් බැම්ම අගල් 18ට අරන් තියෙන්නේ. කලුගල් බැම්ම අගල් 14ටත් දාන තැන් තියෙනවා. ඒ වගේම දැන් කලුගල් බැම්ම නැතුව වටේම අගල් 9 බීම් එක යවලා ඒකේ උඩ හදන ගෙවලුත් තියෙනවා. ශක්තිය අතින් උපරිමයි ඒක. නමුත් වියදම ටිකක් වැඩිවෙන්න පුලුවන්.

    අනිත් වැදගත්ම කාරණය තමයි 100%ක්ම ප්ලෑන් එක මත යැපෙන්න යන්න එපා. උඹ ගේ හදන බිමේ ස්වරෑපය අනුව කලුගල් බැම්මේ උස පලල, ටයිබීම්, බේස් වලේ ප්‍රමාණය, ලින්ටල් වගේ දේවල් වල පොඩි පොඩි වෙනස්කමි වෙයි. ඒවා බාස්ලා තමුන්ගේ අත්දැකීම් අනුව දන්නවා. ඒක නිසා වැදගත්ම දේ තමයි හොද බාසෙක් සෙට් කරගන්න එක. කොච්චර හොද බාසෙක් සෙට් උනත් ඌට ඕන විදිහට වෙනස්කම් කරන්න යන්න දෙන්න එපා. ප්ලෑනෙන් පිට වැඩක් වෙනවනම් අනිවා උඹත් එක්ක කතා බහ කරලා උඹට සැටිස්නම් විතරක් ඒ වෙනස කරපන්.

    තව දෙයක් තියෙනවා කියන්න. උඹ උඩට මොකක්ද කරන්නේ. ස්ලැබ් එකමද එහෙම නැත්තන් වහලද ගහන්නේ. වහල ගහනවනම් අඩියට අගල් 4 වෙන විදිහට ගහපන් එතකොට මාරම ලුක් එකක් එනවා ගෙදරට. ප්ලෑන් වල තියෙන්නේ අඩියට අගල් 3. ඒකේ එච්චර ලුක් එකක් නෑ.
     
    • Like
    Reactions: sidathsaumya

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    උබේ ප්ලෑන් එකෙන් PCC අයින් කලේ ඇයි. පොලිතීන් එක දාල PCC එකත් දාපන්. ප්ලින්ත් බීම් එක design කරන්න වෙන්නේ ගෙදර structural layout එකත් එක්ක සහ soil condition එකත් එක්‌ක. තේරුමක් නැතිව ප්ලින්ත් beam එකක් දාන එක අමතර වියදමක්. ගොඩක් house plan අදින අය හැම ප්ලෑන් එකටම දාන්නේ එකම basic foundation detail එකක්.

    සරලම දේ තමයි උබ හදන ගෙදර තියෙන අජීවී බර ඒ කියන්නේ බිත්තිවල බර, වහලේ බර, ස්ලැබ් වල බර..etc (dead load) + සජීවි බර ඒ කියන්නේ එකේ ජිවත් වෙන අයගේ බර (live load) + අනිත් බාහිර බලපෑම්, හුලගෙන් වගේ(wind load) එකතුව උබේ foundation එක haraha පොලවට transfer කරන්න ඕන ගෙදරට හානියක් නොවී.

    ඉස්සෙල්ලා උබට idea එකක් තියෙන්න ඕන ගෙදරට තට්ටු කීයද, වහලක්ද ගහන්නේ ස්ලැබ් එකක්ද, බිත්ති වලට බදින්නේ brick ද, hollow block ද , solid block ද ඔය වගේ.

    ඊට පස්සේ එකට අනුව structural layout එක design කර ගනින් ube බජට් එකට අනුව. නැත්තම් උබට foundation එක දාල බලන් ඉන්න වෙන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    බාස් කියන විදිහ හරි.
    තට්ටු දෙකක හෝ තුනක හදන ගෙයක්. කලු ගල් බැම්ම අගල් 18යි. ඒක හරි. ටයි බීම් එක දාන්නේ අගල් 9ටයි. ඒ කියන්නේ ගඩොල් කැට දෙකක් පැත්තෙන් කෙලින් කරාම එන උස. එකක් උඩ අනික තියලා බැදගෙන පස්සේ කොන්ක්‍රීට් එක දානවා කම්බිත් එක්ක. තනි තට්ටුවේ ගෙයක් නම් තනි ගඩොල ඇති.

    පොඩ්ඩක් බලපන් ටයි බීම් එකේ පලල... ඒක අගල් 14ක් වෙන්න ඕන මම දන්න තරමට. ( අගල් 18 යි කලු ගල් බැම්මේ පළල. දෙපැත්තේ ගඩොල් පේලී දෙකට අගල් 4ක් යනවා. එතකොට කොන්ක්‍රීට් එක වැටෙන කොටසේ පළල අගල් 14යි ).

    උඹ හිතන් ඉන්න විදිය සම්පූර්ණයෙන්ම වැරදියි.
    uba waradiyi. beam eke palala wadi una kiyala kisi sethak wenne na depth eka wadi un oth misak