ෆ්‍රැන්සිස් පාප්තුමගේ ලංකා ගමන

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ෆ්‍රැන්සිස් පාප්තුමගේ ලංකා ගමන

    හෙට මෙරටට පැමිණෙන අති උතුම් ෆ්‍රැන්සිස් පාප්තුමගේ ලංකා ගමනට ලැහැස්ති වෙන ගාලුමුවදොර සහ මඩු දේවස්ථානය

    10931223_1539857216297636_4734140666538095066_n.jpg


    10922593_1539857342964290_5697226954505175232_n.jpg


    10931217_1539857552964269_5827972255392471185_n.jpg


    10906356_1539857592964265_7809583890658170120_n.jpg


    10922796_1539857682964256_2742581568777244198_n.jpg


    වතිකානයේ ජනවන්දනා කටයුතු බාර පියතුමන් සමග හෙට දින පැවැත්වීමට නියමිත දිව්‍ය පූජාව සම්බන්ධයෙන් පුහුණුවක් පැවැත් විය. (12 වැනිදා) අද හවස් වරුව පුරාම මෙම පුහුණුව සිදුවෙමින් පැවතුනි
     
    Last edited:

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පාප් වහන්සේගේ සංචාරය නිමිත්තෙන් හෙට සිට විශේෂ රථවාහන සැලැස්මක්



    පළමු වන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් හෙට පස්වරු 6 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    පාප් වහන්සේගේ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක්

    Pope-Francis-009.jpg


    14 වන දා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන ශුද්ධෝත්තම පියතුමන්ගේ විශේෂ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

    දුම්රිය ධාවන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා පැවසුවේ, ඒ වෙනුවෙන් වන විශේෂ දුම්රිය සේවා හෙට සිට ආරම්භ කෙරෙන බව ය.

    ඒ අනුව විශේෂ දුම්රිය 11ක් ක්‍රියාත්මක බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.

    මේ අනුව යාපනය, බණ්ඩාරවෙල, මහනුවර, කුරුණෑගල, පුත්තලම, හලාවත, මාතර, ගාල්ල සහ අලුත්ගම යන දුම්රිය ස්ථානවල සිට කොම්පඤ්ඤ වීදිය දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරීමට නියමිත ය.

    මේ අතර 14 වනදා ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන ශුද්ධෝත්තම පියතුමන්ගේ විශේෂ දේව මෙහෙයට සහභාගී වන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන නගරවල සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක කෙරෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිමල් ඇනස්ලි මහතා සඳහන් කළේ ය.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    එල එල ලොකයටම ස්‍රි ලංකාව ගැන හොද පනිවිඩයක් අරන් යන්න ලැබෙවා
    එ වගෙම එන්න කියලා අරාදනා කරපු මහින්දටත් අරාදනා යවලා ඇති කියලා හිතනවා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    මේ එකෙක් ඇවිත් කොලබ යන්නත් නැ නිදහසේ බම්බුව :nerd:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    එල එල ලොකයටම ස්‍රි ලංකාව ගැන හොද පනිවිඩයක් අරන් යන්න ලැබෙවා
    එ වගෙම එන්න කියලා අරාදනා කරපු මහින්දටත් අරාදනා යවලා ඇති කියලා හිතනවා

    රනිල් මහින්දට තමයි පිළිගන්න එන්න කියල තියෙන්නෙ .
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    බදාදා රජයේ නිවාඩු

    ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොරදී දිව්‍ය පුජාව පැවැත්වෙන බදාදා (14) රජයේ හා බැංකු විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කැර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.