මට කිව හැක්කේ කොමියුනිස්ට්වාදීන් අපගේ ධ්වජය සොරකම් කළ බවයි." දයාබරිත මුහුණ ප්‍රසන්නතාවයෙන් පිරී යයි. "දුගියන්ගේ ධ්වජය ක්‍රිස්තියානියයි.දුගීකම ශුභාරංචියේ මධ්‍ය ලක්ෂයයි"
78 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමා පුවත්පත් වාර්තාකරුවකුට එසේ කියා සිටියේය.
"කොමියුනිස්ට්වාදීන් දැන් කියනා දේවල් අදින් සහස්ර දෙකකට එපිටදී කියූවානම් එකල විසූවන් විසින් ඔවුන්ව ක්‍රිස්තියානින් ලෙස හඳුනාගත හැකිව තිබුණා."
ඔහු සිනාසෙයි.
කොමියුනිස්ට්වාදීන් තම පරම හතුරන්,මිත්‍යාදෘෂ්ඨිකයින්,අනිවාර්යෙන් අපාගතවන්නන් ලෙස පල්ලිය විසින් කලෙක හඳුන්වා දී තිබුණත් නිරතුරු දුගියන් වෙනුවෙන් කැපවූ ෆ්‍රැන්සිස් පාප් තුමාට මේ අදහස් දැරීමේ අයිතිය නිසර්ගයෙන්ම හිමිවී තිබුණි.
මාක්ස් //ආගම අබිං// ලෙස සැලකූයේ වැඩවසම් ධනවතුන්,වංශවතුන් දුක්පත් මිනිසුන්ගේ ශ්‍රමය තුට්ටු දෙකට හෝ ආහර සලාකයට පරම්පරා ගණනක් තිස්සේ කැපවන ආකාරයත්,පීඩිත පංතියේ පුද සත්කාර හා ධනවතුන්ගේ මුදල් මත යැපුණු පල්ලිවල පූජකයින් මනුෂ්‍යත්වයේ නියම අයිතීන් පෙන්වාදීම වෙනුවට භක්තියෙන් ඔවුන්ගේ සිත් නිර්වින්දනය කළ නිසාවෙනි. "ඔටුවකු ඉඳිකටු සිදුරකින් රිංගූවත් ධනවතුන්ට දෙව්ලොවට ඇතුළු විය නොහැක" කියා සිටියේ මාක්ස්ට වසර දෙදහසකට පමණ පෙර සිටි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසිනි.
ප්‍රමාණයෙන්ම කුඩා වුවද ලොව බලවත්ම රාජ්‍ය හා පාලකයා සිටින්නේ වතිකානුවේය.පාප් වහන්සේගේ යනු ලොව වැඩිම අනුගාමික පිරිසක් සිටින ආගමික නායකයා වේ.ලොව හැම අතින්ම මුල්‍යමය පරිත්‍යාග වතිකානුවට ඇදී එයි..වත්මන් ආගමික නායක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ අනුශාසනාව පමණක්ම නොව මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ක්රියාවෙන්මම කැපවීමයි.
එතුමන් සරලභාවය හා අල්පේච්ඡතාවය වෙනුවෙන් පල්ලියේ විච්චූර්ණ වැඩ වලට එරෙහි වෙයි,ආවරණ රහිතව රෝගීන් හමුවීමට ගොස් කථාබස් කරයි,සාමාන්‍ය නිල රථයක් භාවිතා කරයි,තම හාලි යතුරුපැදිය වෙන්දේසි කර සුප් සෑදීම සඳහා ඉදිකිරීමට නියමිත මුළුතැන් ගෙයකට පර්ත්‍යාග කරයි,සිරකරුවන්ගේ දෙපා සෝදා සිප ගනී,ජානගත රෝගයක් නිසා මුහුණ පුරා ගෙඩි දැමූ රෝහියෙක් සනසා ආශිර්වාද කර සිප ගනී,තම නිරාගමික මිතුරකු වූ ලොව දිලිඳුම ජනපති පදවිය ලැබූ පැරගුවේ ජනාධිපති ආදර්ශයට ගෙන නිරාගමිකයින් වර්ණනා කරයි,පල්ලිය ඉටු කළ යුතු වැදගත්ම මෙහෙයන් අමතක කර ගබ්සාව,සමලිංගිකත්වය ගැන යොමු කරන අවධානය ගැන කණගාටු වේ,නිහඬවම වාසස්ථානයෙන් පිටවී නිවාස රහිත දුගියන් හමුවීමට යයි මෙවැනි බොහෝ දේ නිසා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නිසර්ගයෙන්ම කැපී පෙනේ.
උන්වහන්සේ එක් ජන වර්ගයක මෙහෙයට පමණක් සීමා නොවූ නිසා ටයිම් සඟරාව 2013දී වසරේ පුද්ගලයා ලෙස නම් කරන ලදී.