ෆින්ලන්තයට පිස්සු නේහ් ඩොලර් 365 කට මැරෙන්න හදන්නේ ?
ෆින්ලන්ත අගමැතිනිය සහ පවුලේ අය රජයේ වියදමින් උදෑසන ආහාරය ගැනීම ගැන පොලිස් පරීක්ෂණ අරඹයි.
මාසයක් පුරා රජයේ මුදල් වියදම් කරමින් මෙම ආහාර ගැනීම සිදු කර ඇති බවට හෙළි කරගෙන තිබේ
අවභාවිත කර ඇති මුදලේ වටිනාකම ඩොලර් 365 කි. ( ශ්රී ලංකා රුපියල් 72,431 කි). ඇගේ නිල නිවසේ දී ගත් ආහාර සඳහා මෙසේ යුරෝ 300 ක් හෙවත් ඇමරිකන් ඩොලර් 365 ක් රජයේ මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.
නීති විශාරදයන් පෙන්වා දෙන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් මෙසේ අගමැතිනියගේ ආහාර සඳහා වැය කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධි බවයි.
හැබැහින්ම මෙය ලංකාවේ වීම අසම්බව්යයි. කිසිදින ලංකාවේ මුග්ද මිනිසුන් මෙය වැරද්දක් ලෙස නොදකීවී. තමන්ගේ හාම්පුතා මහජන මුදල් අවභාවිතා කර තමන්ගේ දෙමවුපියන්ගේ සොහොන හැදීමට ගත්තා යැයි ඔප්පු වූ පසුත් ඔහුව විරුවෙකු ලෙස සලකා රජ කරනු ඇත. ඉතින් අපි කුමට බනිමුද දේශපාලකයාට? අපි බැනිය යුත්තේ අපිටම නොවේද? මෙවන් කාලකන්ණි නූගත් ජනතාවක් සිටින තාක් ලංකාව අගාධයට යන එක වැලක්වීමට ශක්රයාගේ පුතා වයිමාටවත් බැරිය!
~ නොවෙමු වහලුන් ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදි ~
