ෆින්ලන්තයේ ලොව සතුටින් ඉන්න ජනතාව

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ලොකුම හේතුව තමා රට බෙදන්න දගලන, රටේ දියුණුවට කකුලෙන් අදින ගූ එන් පි කාරයොයි, ජෙප්පොයි එහෙ නෑනේ

    ඒක නම් ඇත්ත එහෙම උන් නැහැ ඒ රටවල් වල..චන්දේ ලං උනාම විදේශ බලවේග කියලා කෑ ගහන උනුත් නෑ ලු...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    Machan Australians la Europe Scandinavia countries walata yanawa lu neda unge ancestors la ehe kiyala mokake hari seen ekakata

    British un ausi unwa ganan ganne ne bn.un ungeth racism tiyenawa.ausi wala british unwa bully karanawa.finland pattama racist un hitannema unwa rape karanna enawa kiyala brown skin dekka gaman
     
    • Haha
    Reactions: YelaWolf

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    949
    1,565
    93
    ඔච්චර සහන දෙන්න රජයට සල්ලි කොහෙන්ද ????

    සෑහෙන ටැක්ස් එකක් වදිනවා.. ෆින්ලන්ඩ් ගැන ඩොකුයිමන්ටරි විඩීයෝස් යූටුයුබ් එකේ ඇතිි පොඩ්ඩක් බලපන්

    Norway set unoth yanawa bung. adenawa bung thiyana dewal dakkama.

    Language harenna anith okkoma hodaiyi

    ඇයි බන් ක්ලයිමේට් එක.. සමර් එක විරතරයි ඩින්ගක් හරි.. Spring එකත් වින්ටර් එක වගේ
     
    • Like
    Reactions: windows_ubuntu

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,449
    5,561
    113
    hitapan lankawa first ekata dala list ekak hadanakam. passe nondi wena eka wenama kathawak :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    ලොකුම හේතුව තමා රට බෙදන්න දගලන, රටේ දියුණුවට කකුලෙන් අදින ගූ එන් පි කාරයොයි, ජෙප්පොයි එහෙ නෑනේ
    එහේ ඉන්නවා විදේශ කුමන්ත්‍රණ වලට බය නැති පොහොට්ටු කාරයෝ නේ
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    949
    1,565
    93
    ෆින්ලන්තෙ අය කතා කරන්නේ මොන බශාවද ?

    Finnish බන් යුරෝප් වල ඉගෙන ගන්න තියෙන අමාරුම ලැන්වේජ් එක මම දන්න විදියට
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Production neda machan nathe. aru inne design side ekada koheda
    ow ow production eka thama nawathuwe mata mathaka widihata...meh lagadi bloomberg eke thibba okkoma china walata shift karanna inne kiyala..finland wala cost eka wadi athi :(
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට හිමිවෙන්නේ 130වෙනි තැන. ෆින්තලන්තයේ මේ තත්වයට බලපාන හේතු කීපයක්ම තියෙනවා.....
    01. නිතර එලිමහනේ ඉන්න ජනතාවක්
    ෆින්තලන්තයේ ජනතාව වැඩියෙන්ම ඉන්නේ එලිමහනේ. රටේ පිරිසිදු වාතයක් සහිත පරිසරයක් තියෙනවා.රටේ වනාන්තර ප්‍රතිශතය 73%ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව ෆින්ලන්තය පිරිසිදුම වාතය තියෙන රටවලින් එකක්. නිතර ස්වාභාවික පරිසරය එක්ක ගණදෙනු කරන නිසා වැසියන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලයි වගේම මානසික ආතතියත් අඩුයි. ඒවගේම ස්වාභාවික පරිසරය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්.
    02. බීමට ජලය සම්පූර්ණයෙන්ම නොමිලේ
    ෆින්ලන්තය ලෝකයේ ප්‍රසිද්ධ විල් දහසේ රට කියලා. රටේ තියෙන විල් ගණන 187000කට වඩා වැඩියි. ජලාශවල ජලය කෙලින්ම බීමට ගන්න පුළුවන්. මේ හින්දම ඕනම වෙලැදසැලකින් නොමිලේම බෝතල්කරපු වතුර ගන්න පුළුවන්.
    03. හැම දරුවකුටම වයස 17 වෙනතුරු දීමනාවක්
    හැම දරුවකුටම මේ දීමනාව ලැබෙනවා. පළවෙනි දරුවට යුරෝ 100කුත් අනිත් දරුවන්ට වැඩි ගාණකුත් රජය ලබාදෙනවා. තව පාසල් උපකරණ, සෙල්ලම් බඩු, සනීපාරක්ෂක දාව්‍යය රජය නොමිලේ නිවසටම ගෙනත් දෙනවා. මේ නිසා දරුවෝ නිවසේ ආර්ථිකයට බරක් නෙවෙයි.
    04. පොලිසිය පිළිබඳව ඉහළ විස්වාසය
    පොලිසිය සම්පූර්ණයෙන්ම ස්වාධීන ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වංචා,දූෂණ අවමයි. සමීක්ෂණයටකට අනූව ජනතාවගෙන් 90%ක් පොලිසිය විස්වාස කරනවා. මේ හින්දම අපරාධ අවම මට්ටමේ තියෙනවා
    .

    05. ක්‍රීඩාව ජීවිතේම කොටසක්
    රටේ හැමකෙනෙක්මවගේ කිසියම් හෝ ක්‍රීඩාවක් කරනවා. අන්තර්ජාතික ක්‍රීඩා වගේම දේශීය ක්‍රීඩාත් තියෙනවා. බිරිඳ කරේ තබාගෙන දිවීම රටේ ජනප්‍රිය ක්‍රීඩා අංගයක්.
    06. අන්තර්ජාලය භාවිතය අයිතියක්
    මෙය අයිතියක් කරේ 2010 දී.ඒ ඒ අයිතිය ලබාදුන්නු පළමු රට විදිහට.තම ප්‍රදේශයට හොද ආවරණයක් නැත්නම් පැමිණිලි කරන්න පුළුවන් වගේම අන්තර්ජාල වේගය අඩුවුනොත් වන්දි ඉල්ලන්නත් පුළුවන්.
    07. අම්මලාටත් වඩා තාත්තලා දරුවෝ ගැන බලන රටක්
    දරුවෙක් ඉපදුණාම තාත්තට පඩි සහිත සති 9ක නිවාඩුවක් ලැබෙනවා.තව දරුවොත් එක්ක කාලය ගතකරන්න දිරිමත්කරන වැඩසටහනුත් ක්‍රියාමකයි.දරුවා එලිමහන් ක්‍රියාකාරකම්වලට හුරුකිරීම,පොදු ස්ථානවලදී හදුන්වා දීම සංස්කෘතියේම කොටසක්.
    08. වැඩියෙන්ම පොත් කියවන රටක්
    ෆින්ලන්ත වැසියන්ගෙන් 70%කටත් වඩා තම ප්‍රදේශයේ පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයින්.පොත් මුදාණ ගාස්තු ඉතා අඩුයි වගේම පුස්තකාල පහසුකම් රජයෙන් සපයනවා.
    09. ලොව හොදම අධ්‍යාපනය සහිත රට
    අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ වගේම ලොව හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ.පොත්පත්,පාසල් උපකරණ,ක්‍රීඩා භාණ්ඩ නොමිලේ සපයනවා වගේම අසහනකාරී විභාගත් නෑ.තව ටියුෂන් නෑ වගේම ෆින්ලන්ත දරුවෝ ලොව අඩුම මානසික පීඩයක් සහිත දරුවෝ.
    10. සිසු (SISU)
    මේක ෆින්ලන්තයටම අවේනික ක්‍රමයක්. මේකෙන් ඕනම තත්වයක්ට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරනවා. ඒ හින්දා ඕනෑම අවධාවමක් ගන්න, කැප වී වැඩකරන පුරවැසියෙක් බිහිවෙනවා.
    - උපුටාගැනීමකි.


    09. ලොව හොදම අධ්‍යාපනය සහිත රට
    අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ වගේම ලොව හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ.පොත්පත්,පාසල් උපකරණ,ක්‍රීඩා භාණ්ඩ නොමිලේ සපයනවා වගේම අසහනකාරී විභාගත් නෑ.තව ටියුෂන් නෑ වගේම ෆින්ලන්ත දරුවෝ ලොව අඩුම මානසික පීඩයක් සහිත දරුවෝ.



    හැබැයි ඉතින් මේ ෆින්ලන්ත රටෙන් උපාදියක් [affiliate] අරන් මේ වලත්ත රටේ වැඩකරන්න ආවොත්
    අර අර රජයේ හරක් විශ්ව විද්‍යාල කාරයන්ට අනුව උ වැඩක් නෑ