ෆොන්සේකා එජාපයට

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ෆොන්සේකා එජාපයට

    Sarath-Fonseka_.jpg


    ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ නායක, ආමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එළැඹෙන 30 දා එක්සත්ජ ජතාකි පක්ෂයේ සාමාජිකත්වයට ලබා ගැනීමට සූදානම් වෙනවා.

    ඒ අනුව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් එජාප සිරිකොත මූලස්ථානයේදී සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය එදිනට පිරිනමනු ඇති බවයි වාර්තා වෙන්නේ.

    පසුගිය ජනපතිවරණයේදී පෙදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වූ සරත් ෆොන්සේකා මහතා පසුගිය මහ මැතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තනිවම තරග කළා.

    කෙසේ වෙතත් පක්ෂයේ කිසිවෙකුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසනයක් හිමිකර ගැනීමට නොහැකි වුණා.



    ලංකාදීප
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මෙයාට යුද්ධ කරන්න පුළුවන් උනාට දේශපාලනය බෑ.
    ෆොන්සේකාගේ දේශපාලන තීන්දු නම් අන්තිමයි. පහුගිය මහමැතිවරනයෙදි ගත්තු තීරණයට හැමෝම දොස් කියන්න ඇති. ඒ නිසා මෙයා හිතනවා ඇති දැන් දිගටම එජාපෙට මුක්කු ගහගෙන ඉන්න. තන්නහව නිසා තමන් ගොඩනගාගත්තු චරිතය නැති කරගෙන කුජීත වෙනවා. පව් ඉතින්.