ෆොන්සේකා ඒජාපයට?
සමහර දේශපාලනඥයින්ට ඇත්තේ, පෞද්ගලික න්‍යාය පත්‍රයන් පමණක් බව දඹුල්ලේ පැවති රැස්වීමකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පැවසී ය.
2012 මැතිවරණයේදී තමන්ට එක්සත් ජාතික පක්ෂයට පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකයා ආරාධනා කළ බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
''මට කිව්වා එක්සත් ජාතික පක්ෂයට එනව නම් මහ මැතිවරණයේදී මමයි බිරිඳයි දෙන්නම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනියන්නම් කියලා''
නමුත් තමන් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව සරත් ෆොන්සේකා මහතා පැවසී ය.
''මම කොළඹින් ඡන්දෙ ඉල්ලනම් එක්සත් ජාතික පක්ෂයෙන් ඉඩදෙනවා නම් කියලා එතකොට එතුමා තිගැස්සුණා එතුමත් කොළඹින් ඡන්දෙ ඉල්ලන නිසා මම කොළඹින් ඡන්දෙ ඉල්ලන්න ඕන කිව්වම එතුමා බය වුණා''
ඒ අනුව එවැනි පිරිසක් සමග එකතුවී ජනතාවට වැඩ කිරීමට නොහැකි බව තමන් වටහා ගත් බව ෆොන්සේකා මහතා පැවසී ය.

..