ෆොන්සේකා රනිල්ටත් තර්ජනය කරයි.......
Home පුවත් එකතුව ෆොන්සේකා රනිල්ටත් තර්ජනය කරයි.
ෆොන්සේකා රනිල්ටත් තර්ජනය කරයි.
2009 දෙසැම්බර් 21 වෙනි සදුදා, 16:22 lanka C news
සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පසුගිය ඉරිදා (20) පැවති විශේෂ සාකච්චාවකදී විපක්ෂනායක හා ජනාධිපතිධූර අපේක්ෂක සරත් ෆොන්සේකා අතර දරුණු මතභේදයක් ඇති වී ඇත. මෙම ගැටුම ඇති වී ඇත්තේ ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය බිම් මට්ටම දක්වා රැගෙන යාම පිණිස මුළු මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම එක් ස්ථානයකින් සිදු විය යුතුය යන මතය ෆොන්සේකා හා මංගල සමරවීර විසින් ඉදිරිපත් කිරීමත් සමඟය.
සරත් ෆොන්සේකා හා මංගල සමරවීර යෝජනා කර ඇත්තේ ටිරාන් අලස් වෙත මැතිවරණ ප්රචාරක මෙහෙයුමේ ප්‍රධාන කාර්යභාරය පැවරිය යුතු බවය. එහෙත් රනිල් වික්‍රමසිංහ මීට එකඟ වී නැත. ඔහු පවසා ඇත්තේ රවී කරුණානායක මන්ත්‍රීවරයාට එම කාර්යය පවරනු ලබන බවය. මේ සම්බන්ධව දිගින් දිගටම දෙපාර්ශවය මත ගැටුමක නියැලීම මත ඉමහත් ලෙස කෝපයට පත්ව ඇති ෆොන්සේකා විපක්ෂනායකයා වෙත තර්ජනය කර ඇත.
‘‘ඔබ හදන්නේ මාව පරද්දන්න. මතක තියා ගන්නවා... පැරදුනොත් මම ඒ පලිය කාගෙ කාගෙනුත් පලිය ගන්නවා..’’ යනුවෙන් තර්ජනාත්මකව පවසා ඇත. මෙම තත්වයට මුහුණ දී ගත නොහැකි වූ එජාප නායකයා වහාම එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව එජාප නායක රනිල් වික්‍රමසිංහ තමන්ට හිතවත් සංවිධායකනන් අමතා ප්‍රකාශ කර ඇත්තේ ෆොන්සේකාගේ මැතිරවණ ප්රචාරක කටයුතු සඳහා දායක නොවන ලෙසය.

mada

Mahinda lokka hodatama baya vela vage.. Mara mada gahillakne... Lovet na.... lolzz,.