අද ගියානේ අරුන්ගේ ගෙදර සල්ලි දෙන්නේ කොහොමද අහන්න. ගේ හොයන්නම පැයක් විතර ගියා. අන්තිමේ එක ගෙදරකින් කිව්වා හරියටම ගේ මොකක්ද කියලා. අදාළ කෙනා නම් මිසින් ගෙදර මිනිස්සු නම් ඉන්නවා කිව්වා. අන්තිමේ ගෙදරට ගියා. තට්ටු දෙකේ ගෙයක්. කඩයක් තියෙනවා. උන්ගේ තාත්ත කන්ස්ට්රක්ෂන් බිස්නස් කරන්නේ. තාත්ත හිටියේ නෑ. අම්ම විතරයි හිටියේ. අරූ හිටියෙත් නෑ,.
අන්තිමේ අම්ම අඬනවා විස්තරේ කියද්දී. රුපියල් ලක්ෂ 300ක් විතර ඉවරයි කිව්වා, ඉඩම් තිබ්බ කිව්වා වාහන 5ක් තිබ්බ කිව්වා. සේරම ගියා කිව්වා පුතාගේ වැඩ නිසා. මූ ඒ කාලේ හොඳට සල්ලි හම්බ කරලා බයිනරි ඔප්ෂන් කරලා. ඒ විශ්වාසෙට තව තව උන්ගෙන් සල්ලි අරගෙන දාල. ගෙවල් පැත්තේ උන්ගෙනුත් අරන් දාලා. අන්තිමේ මූ තව හාමුදුරු නමක් අල්ලාගෙන වැඩේ කරලා. විනීත කියලලු කිව්වේ නම. අන්තිමේ ඌ සල්ලි අරගෙන පැනලා. පස්සේ ඌ හාමුදුරුනමක් නෙමෙයි කියලා අහුවුනාලු. පොලිසියෙන් උව හොර සල්ලි අච්චු ගහන සීන් එකකට අල්ල ගත්තමලු ඒක දැනගත්තේ. ඌ අන්තිමේ හිර ඉඳලා උට තිබ්බ කනෙක්ෂන් වලින් එලියට ඇවිල්ලා ඉන්දියාවටත් ගිහිල්ලා. ඌ ගත්ත සල්ලි වලට මූලු අන්තිමේ ගෙව්වේ, ඉඩම් විකුණලා වාහන විකුණලා සේරම බෙරුවලු, දැන් ජීවත් වෙන ගෙදරත් ලක්ෂ 30කට උකස් කරලලු තියෙන්නේ. දැන් ඌ කෑම්ප් එකකලු වැඩ කරන්නේ. ගෙදරට ගෙන්න ගන්නේ නැහැල්ලු වටේ මිනිස්සුන්ගෙන් සීන් නිසා.
මගේ සල්ලි නම් දෙන්නම් කිව, හැබැයි කල් ඕනලු. උන්ගේ තාත්ත එක්කත් කතා කරලා හෙට කියන්නම් කිව්වා දෙන විදිහ. බය වෙන්න එපාලු කොහොම හරි දෙනවලු.
මේ මම දන්න තුන්වෙනියා ෆොරෙක්ස්, බයිනරි ඔප්ෂන් කරලා මුළු ජීවිතේම කාලකන්නි කරගත්ත. එකෙක් ඉන්න මහියංගනේ. අනිකා ඉන්නවා මොරටුවේ. ඌ කලේ තව ඇහැලියගොඩ පැත්තේ එකෙක් එක්ක. උන් දෙන්නම ඉවරයි. මේ හලාවත එකා. මේ හැම එකාම මෙඡ්චාර ගානක් දෙන්නම් කියලා අනිත් උන්ගෙන් සල්ලි අරන් ලොකුවටම කෙලවගත්ත උන්. අද එකෙක් ත්රිවිල් එකක් හයර් කරනවා. ඔන්න ඕකයි ෆොරෙක්ස් කිරිල්ලෙයි බයිනරි ඔප්ෂන් ට්රේඩ් කිරිල්ලෙයි ඇත්තම තත්වේ. උඹලත් මෙව්වා කරනවා නම් තියෙන දේවල් ගැන ආසාව අතැරගෙන කරපලලා. මොකද මෙව්වා සේරම නොලැබෙන සල්ලි.

උබ නිකන් දුක්ගන්නාරාළ උනොත් ඕක හම්බෙන්නෙම නෑ ..........